Saturday, June 2, 2012

ආලෝකයේ වේගයෙන් මාතර යමු....




දැන් මාතරට යන කෝච්චි පට්ට වේගෙන් යයි,එයාලා කීව වගේම පෑය 2න් මාතර යති ,මෙය නම් මහත් වු ආශ්චර්යකි,පුදුම වේගයකි,සමහරුන්ගේ බොරු කොන්ඩා(මුහුද පෑත්තේ ජනෙල්ලේ අසල සිටියොත්) සුලගට හසුව පාවී යයි,ඒ තරම් වේගයක්,විරුද්ද වාදීන් කිවා මෙන ඩබල් ලයින් කලා නම් අපරාදේය,තිබුනු එක ගලවලා ඒ පීලී ටික රට පටවලා බාල ජම්බුද්වීප යකඩ දාලා හදපු මේ තනි ලයිම පට්ටය,යකඩ යකා දුවන්නේ හරකාගේ පුකට(අදෝ මුකයට) පෙට්‍රල් ගෑහුවා සේ ය,
සුරියප්පෙරුම උත්තමයා තාම මෙ කෝච්චියේ ගොස් නෑති බවයි පේන්න තියෙන්නේ,ගියා නම හසන්ත මහත්තයට පික්ශු ටෝක් ටිකක් ශුවර්මය( අර අලුත් අවුරුදු උදාවට දුන්නා සේ).
ඉංදියාවේ රේල් පාරත් එක්ක තව තෑගිද අපිට ලෑබිනි(තෑගි කිවට සල්ලි දිලා ගත්තුවා අපිනේ පරන හොද යකඩ උන්ට තෑගි දුන්නේ) ඒ තමයි අලුත්ම කිරි ටොයිස් කොච්චි,මේ කොච්චියේ මොක නැතත් යන තැනයි එන තැනයි පොල් අකුරෙන් එන්ජිමේ වැටෙයි,අනික් ඒවාද එලෙසමය,එය දුටු විට බත් නොකන බල්ලෝද බත් කයි,වෙන වාහන ලෙඩ දෙන්නේ ටික කලක් පෑද්දාමය, මේවා පදින්න කලින්ම ලෙඩය. චීනෙන් ආපු යකඩ යකා එක්ක බලද්දි මේක නම් සිරාවටම යකෙකි,යකා තරුන වුනාට පොරගේ අනික් ඔක්කොම නාකිය,අනිවා තව ටික දොහකින් සෙට්ට පෝච්චි ශුවර් ය,කමක් නෑතිය ඉක්මන් කොටයි කියා කතාවක් අසා තිබුනි සමහර විට එය කියා ඇත්තේ මේ වගේ බුලට් කෝච්චි වල ආයුස ගෑන වෙන්ට ඇති කියා පස්සේ මට සිතුනි.
මේක හදාපු අයියලාට කොච්චියේ යන දුප්පත් මගීන් වන අපි සෑලකුවා මදිද මන්දා කියා සිතුනි,අපිට කොඹල යන්න තනි ලයිමේ සිරා රෙල් පාරක් සෑදීම ජාති ජාතිත් පින් අයිතිවන වෑඩකි,මගේ නම් හිත කියන්නේම ඒ උත්තමයෝන්ට අපි තව කීයක් හරි එකතු කර දිය යුතු බවයි........

Friday, May 4, 2012

මිනී විකුනන් කන කවි ප්‍රවෘත්ති (ලයිව් @ 8)...............



ජනමාද්‍ය නිදහස ගෑන කතා කරන ගොඩක් අයට අමතක වුනු දෙයක් තමයි ජනමාද්‍ය සදාචාරයක් කියලා දෙයක් තියනවා කියන එක,ප්‍රවෘත්ති වාර්තාකරනය කියන්නේ විද්යුත් මාද්‍ය වල ඉතා වෑදගත් කොටසක්,නමුත් ප්‍රොර්ති වාර්තාකරනයේ සදාචාරයක් තියනද කියන එක නෑවත විමසා බෑලිය යුතු කරුනක්,
මම කතා කරන්න හදන්නේ ස්වර්නවාහිනී ආයතනයේ ලයිව් @ 8 ගෑනයි,මියගිය මිනිසුන්,එම මියගිය මිනිසුන් වෙනුවෙන් හඩා වෑලපෙන පවුලේ උදවිය බොහොම සරුවට ලයිව් @8 තුලින් ලෙකයටම විකුනයි,මෙවන් ප්‍රවෘත්ති වාර්තා කරනයේ යම් සදාචාරයක් තිබිය යුතුයි,මිනිසුන්ගේ දුක් කදුලු විකිනීම ස්වර්නවාහිනියේ බංකොලොත් බාවයද කුහක බාවයද කියන එකයි මට තියන ගෑටලුව.

මීට කලිනුත් මේ ගෑන බ්ලොග් එකක ලියවිලා තිබුනා කියලා මතකයි,නමුත් මුදල් ඉදිරියේ සදාචාරය බල්ලට ගොස් ඇති බවයි පෙනෙන්ට ඇත්තේ.සතියකට කිහිප වරක් මෙවන් දේ පෙන්වන ඔවුන් සමහර විට තම සමීපතයා මියයාමේ සෝදුකින් හඩා වෑලපෙන අය ගෑන විවේචන ඉදිරිපත් කිරීමටද පසුබට නොවෙයි.
අනික් කාරනාව දවසේ වැරැද්ද් කියා මහ මග යන අහිංසක මිනිසුන් අපහසුතාවයට පත් කිරීමයි,රට තුල දිනපතා වසරේ වෑරදි සිදුවෙද්දි,මෙවන් දේ පෙන්වීම ගෑන මට නම් ඇතිවෙන්නේ කලකිරීමකි.

හරි කොන්දක් තියන මාද්‍යවේදියෙකුට මෙවන් බංකොලොත් ප්‍රොර්ති රටාවක් අවශ්‍ය නෑත,ලංකාව තුල ප්‍රවෘත්ති හිගයක් නැත,නමුත් නොමැතිව ඇත්තේ ඒවා නියම ආකාරයෙන් මහජනයා අතරට ගෙන ඒමට කොන්දක් ඇති මාද්‍ය ආයතන හා මාද්‍ය කරුවන් ය....

Friday, April 27, 2012

ලොව මවිත කල අපේ විරුවෝ........!!!!


1.බන්දුල ගුණවර්ධන - රු 2500 කින් මාසයක් ජීවත් වීවිය හැකි බව සොයා ගනිමින් ලෙවකන්නා වාදය ලොවට හදුන්වා දීම.
හාල්පිටි කිලෝවකින් ඉඳි ආප්ප 350 ක් නිපදවිය හැකි ක්‍රමයක් හදුන්වා දීම.
2.විමල් වීරවංශ - මහල්ලා සහ මුහුද" ලිව්වේ "ගී ද මෝපසාං" යැයි ගවේෂණාත්මකව සොයා ගැනීම .
බුදුන්ට ගල් පෙරලුවේ අංගුලිමාල බව පුරාවිද්‍යා පරීක්ෂණයකින් සොයා ගැනීම.
3.සුසිල් ප්‍රේමජයන්ත - මුලින්ම හඳට ගියේ යූරි ගගාරින් බව සොයා ගැනීම
4.විජිත් විජිතමුණි - ජේසුස් වහන්සේට ඇන ගැහුවේ අරාබි ජාතිකයින් බව පුරා විද්‍යා පර්යේෂණයක් සිදු කර සොයා ගැනීම.
5.ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න - ගැලිලියෝට වස දීමෙන් මරා දැමුණු බව සොයා ගැනීම.
6.ජැක්සන් ඇන්තනි - ජනපති බුදුන්ගේ ලේ නෑයෙක් බව ගුප්ත DNA පරීක්ෂණයකින් සොයා ගැනීම.
7.මහින්ද යාපා අබේවර්ධන - ගොයම් පැලය පර පරාගනය සිදු කරන බව සොයාගැනීම
8.ලලිත් වීරතුංග - පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණියේ 1905 දී බව සොයාගැනීම (08/04/12 දොරමඩලාව)
9.රත්නසිරි වික්‍රමනායක - සීයා වරුන් (70+) සහ මිණිපිරියන්,මී මිණිපිරියන් (18-)අතර ලිංගික ක්‍රියාකාරකම් ප්‍රතිපලදායක බව වසර ගණනාවක් තිස්සේ තමා විසින්ම පර්යේෂණ කටයුතු වල නියලෙමින් ඔප්පු කර පෙන්වීම.
10.චම්පික රණවක - මාධ්‍ය ඉදිරිපිට ප්‍රසිද්ධියේ තට්ටේ බෑමෙන්,කාන්තා ලිංගික පරපීඩික ක්‍රියා සිදුකරමින්,බේගල් ඇද බෑමෙන් නිවන් යා හැකිදැයි පර්යේෂණ යක් සිදු කිරීම.(ප්‍රතිඵල තාම ලැබී නැත)
11. රංජිත් සියඹලාපිටිය - ජාතික කෞතුකාගාරයේ අඩු ආරක්ෂාව නිසා පුරාවස්තු තමාගේ ගෙදර ගෙන යාමෙන් වඩා හොඳ ආරක්ෂාවක් සැලසිය හැකි බව සොයාගැනීම
12. මර්වින් සිල්වා - කොතෙක් නොපණත්කම් කලද ජනපතිට හතර ගාතයෙන් බිම වැටී වැඳිය හැකිනම් අවුලක් නැතිව තවදුරටත් ජඩකම් කලහැකි බව ඔප්පු කිරීම
13. දුමින්ද සිල්වා - දෙනෝදාහක් ඉදිරිපිට මිනීමැරුවද ඔලුව පසාරු කරගෙන වෙඩි උණ්ඩයක් ගිය බව කියමින් සිංගප්පූරුවට වී ආතල් ගත හැකි බව ඔප්පු කිරීම.
14. ජෝන් සෙනෙවිරත්න - තමාගේ ලේකම් මත්කුඩු වලියකට මිනීමැරූ විට මගේ ලේකම්ලා ගැන මං දන්නෙ කොහොමද කියමින් ශේප් විය හැකි බව ඔප්පු කිරීම 

(උපුටා ගන්නා ලද්දකි)
විමල් වීරවංශ ඇතුලු අප රටෙන් බිහිවු නව සොයාගැනීම් කල ශේෂ්ඨ යන් ගේ ගුණ සැමරීමටත්,ඔවුන් ලෝකය වෙනුවෙන් කල උදාර මෙහෙය ඇගයීමටත් මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා.මොවුව ඇගයීමකට ලක් කර උත්සවයක් පවත්වා සම්මාන ලබාදීමට හැකි කෙනෙක් ඉන්නව කම් ඒක කරන්න.


  පැමිණෙන ජනතාවගේ රස වින්දනය පිණිස 18 වන ව්‍යවස්ථා සංශෝධනය,බලය බෙදීම පිලිබද දේශනයක් සිදු කිරීමට උපේකෂා සවර්ණමාලි මැතිනියට ලබාදෙන්න. 

උපුටා ගෑනීම ගොසිප් ලංකා කොමෙන්ට් එකකින්,ඒ කොමෙන්ට් එකත් උපුටා ගෑනීමක් කියලා තිබුනා ඔරිජිනල් පෝස්ට් එක ගෑන කවුරු හරි දන්නවා නම් කොමෙන්ට් එකකින් දාන්න ගොසිප් එකෙන් උපුටාගෑනීමේ ලින්කුව පහත

Wednesday, April 25, 2012

කන්නත් නෑ,බොන්නත් නෑ,සනීපත් නෑ,අතේ සල්ලිත් නෑ... ලග හිටපු යාලුවොත් නෑ...!!!



ඉස්සර අපි හිටියේ තුන් වෙනි පන්තියේ,
ඒකාලේ......
දෑන් වගේ ආර්ථිකේ දියුනුත් නෑ,
මේච්චර ඒක පුද්ගල ආදායමකුත් නෑ,
නෙලුම් පොකුනු නෙලුම් කුලුනුත් නෑ,
හයිවේත් නෑ,
වේගෙන් යන කෝච්චිත් නෑ,
ලොකු ලොකු වරායලුත් නෑ,
අපිට ජොබුත් නෑ.......


ඒත් දෑන්.......
මේ හෑම දේම තිබිලත් අපි තුන්වෙනි පන්තියෙන් හතරට වෑටිලා......
දෑන් කටේ දතුත් නෑ

(පාන් කියා ගන්නත් බෑරි තෑන කුරුටු ගෑවෙමි)

Monday, April 23, 2012

ලසිත් මාලිංග - ලංකාවේ ක්‍රිකට්


කලින් ලිපියේ කතා කරපු ටොපික් එක පොඩ්ඩක් විතර ඇදගෙන යන්න හිතුනා,මොකද මාලිංග ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරිමේ කොන්ට්‍රෑක් එක සයින් කරන්න එක ප්‍රතික්ශේප කරලා.මේ ගෑන පොඩ්ඩක් විතර මගේ අදහස දක්වන්න හිතුවා.ගොඩක් සයිට් වල මේ නිවුස් එකට දක්වලා තිබුනු කොමෙන්ට් වලින් මාලිංගව පතුරු ගහලා තිබුනා,හෑබෑයි මම මේ සිද්දිය දකින්නේ මීට වෙනස් ආකාරයකට.
ක්‍රිකට් කියන්නේ වෘර්තියක්,ඒ ගෑන කිසිම තර්කයක් නෑ,මෙම තත්වය ලංකාවේ විතරක් නොවෙයි,අනික් ටෙස්ට් ක්‍රීඩාකරන රටවලටද පොදුයි.ඔබ වෙන රටවල(ඔස්ට්‍රේලියාව,එන්ගලන්තය,දකුනු අප්‍රිකාව,නවසීලන්තය) වගේ වෘර්තීය රගර් ක්‍රීඩකයන් ඉන්න රටවල රගර් ක්‍රීඩකයන් ගෑන බෑලුවොත් ඒ අයට වෙනම කලමනාකාරිතවයක් සමග වෙනම ස්ටාෆ් එකක් තියන් ඉන්නේ,මේ තත්වය මෙතරම් නෑතත්,වර්තමාන ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයින් 100% වුර්තීය ක්‍රීඩකයින්,
ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජාතික මට්ටමේ ක්‍රිඩකයෙක් වෙන්න පුද්ගලිකව විශාල කෑප කිරීමක් කරන්න ඕන,ඉංජිනේරුවෙක්,දොස්තරකෙනෙක් වෙන්න ඒ අය කෑම්පස් ගිහින් විදින දුකට සමාන දුකක් හෝ වෑඩි කෑපකීරීමක් කරන්න අවශ්‍යයි.වුර්තීය ඉංජිනේරුවෙක් රෑකියාවකට යද්දි ප්‍රාදාන වශයෙන් තමා බාලාපොරොත්තු වන වේතනය සදහන් කරන්වා.ප්‍රධාන වශයෙන් ප්‍රොෆෙශනල් පොරක්ව ගන්න සෑහෙන්න ගානක් වියදම් කරන්න ඕන කියන එක හෑමෝම දන්න දෙයක්.පුද්ගලිකව මම ඒකේ වෑරෑද්දක් දකින් නෑ.
හරි අපි දෑන් බලමු අපේ ක්‍රීඩකය ගෑන,ලසිත් මාලිංග,වයස 28යි,ලෝකේ වර්තමාන වේගපන්දු යවන්නගේ ඉහලම රෑදෙන නමක්.දෑනට ලංකාවේ ඉන්න අංක 1කේ වේගපන්දු යවන්න කීව්වොත් නිවෑරදී.මුරලිගේන් පස්සේ ආපු මෑච් එකක් දිනවන්න පුලුවන් ක්‍රීඩකයෙක්,බාහිරයට පෙන්නුම් කල ප්‍රශ්නය නම් කොන්තරාත් මුදලින් 40% ක් පමනක් ගෙවීම නිසා මෙය අත්සන් නොකිරීමයි.මාලිංගගේ පෑත්තෙන් බෑලුවාම මේ තීරනය සාදාරනයි,මාලිංග විතරක් නෙමෙයි සංගා ,මහේල ,දිල්ශාන් වගේ කෙනෙකුට මේදේ වෙලා මේ තීරනය ගත්තන් මම නම් කියන්නේ මේ තීරනය සාදාරනයි කියලා.

ඔහු මේ හඩ නගන්නේ පිනට සල්ලි ඉල්ලා නෙමෙයි,තමන් ක්‍රිකට් බෝඩ් එකට හම්බකරලා දෙන සල්ලි වලින් සාදාරන කොටසක් ඉල්ලලා,ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න කාලකන්නි නිරපරාදේ කෝටි ගනන් මුදල් නාස්ති කරද්දි,අඩුම ගානේ තමන් වෙනුවෙන් වත් පෙනී සිටීමට මාලිංගට කොන්ද හයිය තිබුනු එක ගෑන පුද්ගලිකව මම සතුටු වෙනවා.

දෑන් කට්ටියක් කියයි IPL නිසා මේ දේ වුනා කියලා,ඔව් IPL නිසා එක දෙයක් වුනා ලංකාවේ ක්‍රිකට් වලට විතරක් කොටු වෙලා හිටපු ගොඩක් ක්‍රීඩකයන්ගේ නියම වටිනාකම එයාලම දෑනගත්තා,IPL වල ගෙවන ගෙවිල්ල ලංකාව වගේ දුප්පත් රටකට ගෙවන්න බෑ නමුත් අඩුම ගානේ ගෙවිය යුතු සාදාරන ගානවත් ගෙවනවා නම් කොච්චර හොදද.

අනික් විශේශම දේ මාලිංග හරහා එලියට එන්නේ ක්‍රිකට් පාලක මන්ඩලයේ අපි නොදුටු පෑත්තක් විය හෑක,ක්‍රිකට් ක්‍රීඩකයන්ට පඩි පවා ගේවීමට නොහෑකි තත්වයකට ක්‍රිකට් ආයතනය පත්වුවේ එහි වු දුර්වල පරිපාලනය නිසා බව පෑහෑදිලී,කලයුතුව තිබුනේ දුර්වල පරිපාලකයන් එලවා දමා සුදුසු පාලකයන් පත්කොට,ක්‍රීඩකයන්ට අගතියක් නොවන ආකාරයේ ක්‍රියා පටි පාටියක් සෑදිමයි.නමුත් දිගින් දිගටම සිදුවන්නේ සිදුනොවිය යුතු දුශිත පරිපාලනය වෑජබීමයි.

ඔන්න කවුරු හරි කියයි රට වෙනුවෙන් ක්‍රීඩා කල යුතුයි කියලා නෑත්තන් දේශද්ද්‍රෝහියො කියලා,මට කියන්න තියෙන්නේ රට වෙනුවෙන් ක්‍රිඩා කරන හෙන සෙට් එකක් පාර්ලිමේන්තුවේ ඉදිද්දි තව අය මොටද????

Saturday, April 21, 2012

ක්‍රිකට් විවිදාකාරය බෝලය ගෝලාකාරය

ක්‍රිකට් යනු ක්‍රීඩාවකි,අපේ එහා ගෙදර අංකලයට අනුව එය නියම සුදුවකි මටනම් හිතෙන්නේ මේකනියම බිස්නස් එකක් කියාය,ක්‍රිකට් ඉස්සර ගෑහුවේ සුද්දෝය,පස්සේ අපේ උන්දෑලත් ඒ ගහන එව්වා බලන් ඉදලා ඒක පුරුදු වුනෝය.දෑන් අපේ උන් සුද්දට වඩා හොදට එක ගහනවෝය,


ක්‍රිකට් විවිදාකාර ක්‍රීඩාවකි,ටෙස්ට්,වන් ඩේ,T20,IPL කියා එක එක ජාති ඇතිය,ලංකාවේ ජාතික කන්ඩායම මේ හතර වරිගයම සෙල්ලන් කරයි,IPL යනු ක්‍රිකට් වල සිරාම කොටහයි,සාමාන්යෙන් හොදම ටික ලමයින්ට වගේ අපේ ක්‍රීඩකයන් ගෙත් හොදම ටික IPL වලටය,
ඒකත් කමක් නෑතිය උනුත් ලංකාවි ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්නත් එපෑයි,මොකො ලංකාවේ ජාතික කන්ඩායමට ගෑහුවාය කියා අහවල් ඉටි ගෙඩියක් ලෑබෙනවයෑ,එහෙමද IPL,සල්ලි ගොඩයි,6ඒවා ගහද්දි අක්කිලා වටේ ඉදන් බනිස් උඩ දානවා අපේ උන්ටත් එකී මෙකී නොකී සෑපය,
ඒ අස්සේ අර්ජුන මහත්තයා ඔය IPL ගෑහිල්ල හොද නෑ කියලා තිබුනා,ඒ පාර අපේ නායක තුමා ඒ කියන්නේ එම්.ජයවර්දන මහත්තයා කියලා තිබුනා අයියා එහෙමා කියන්න එපා මේ විදියට IPL ගහන එකෙන් අලුත් ක්‍රීඩකයෝ ජාතියන්තර තලයට ගේන්න පුලුවනී කිය,ඒ ක කියවු මට නම් හිතුනේ අහවල් එකය IPL ගහන්නේ අපේ ඉන්න ෆුල්ම සිරා ඩයල් ටිකය උන්ගේ තව උස්සන දෙයක් නෑතිය.ජයවර්දන මහත්ත්යා ඕක කීවේ එයලා නවකයෝ කියලා හිතාගෙනද කියා මට සෑකය.මටනම් හිතෙන්නේ අර්ජුන මහත්තයා කී කතාව හරියට හරිය,ඒ අස්සේ මාලිංග කොලුවා IPL ගහන්න ගොහින් ඉන්ජඩ් ය,ආයි ඉතින් මිනිහා සුව වන්නේ ලබන IPL එකටය.

Thursday, March 29, 2012

කුඩු ගහන්න හිතන් ඉන්නවනම් මේකත් පොඩ්ඩක් බලන්න... ක්‍රිස්ටල් මෑත් (crystal meth) ගෑන



මත්ද්‍රව්‍යය ගෑන මේ බ්ලොග් එකේ මම ගොඩක් කතා කලා,අරක්කු,ගන්ජා වගේ දේවල් ගෑන. නමුත් අද මම කතා කරන්න යන්නේ  දිර්ගකාලිනව මත්ද්‍රවය(Class A ඩ්‍රග්) පාවිච්චිය නිසා ඈතිවන ප්‍රතිවිපාක,හෑබෑයි මම මේ කියන්න යන්නේ අරක්කු හෝ ගංජා පාවිචිය ගෑන නම් නෙමෙයි ක්‍රිස්ටල් මෑත් (crystal meth) (හෙරොයින් වලට සමාන බලපෑමක් ඇත) පාවිච්ය නිසා සිදුවන හානිය,මෙය බොහෝ දුරට හෙරොවින් වලට සමාන ඇබ්බෑහිවීමක් ඇතිකරන දෙයක්.
මේ මත්ද්‍රව්‍යය ලංකාවේ තියනවද කියලනම් මම දන්නේ නෑ,

මටත් මේ ගෑන හොයන්න හිතුනේ මම බලපු ටී.වී සීරීස් එකකින් තමයි මේ ගෑන දෑනගන්න ලෑබුනේ, Breaking Bad ඔන්න ඕක තමයි කතාව,මේ සම්පුර්න කතාවම ගෙතිලා තියෙන්නේ කෙමෙස්ට්‍රි ප්‍රොෆෙස කෙනෙක් වටා.මිනිහට ලන්ග් කෑන්සර් එකක් හෑදෙනවා,මිනිහට ජීවත් වෙන්න තියන කාලය බොහොම අඩුයි,මිනිහ මෑරුනයින් පස්සේ පවුල ජිවත් වෙන්නේ කොහොමද කියන එක ගෑන මිනිහට හෙන අප්සට්, මිනිහා මොකද කොරන්නේ මිනිහගේ පරන ගෝලයෙකුත් හවුල් කරන් ක්‍රිස්ටල් මෑත් හදන්න ගන්නවා,ඔන්න ඔහොම තමයි කතාව ආරම්බ වෙන්නේ,නමුත් මේ පුද්ගලයා ඉක්මනින් මුදල් සෙවීමට ගන්නා උත්සහය තුල ඔහුගේ පව්ල හා ඒහා සම්බන්ද අයගේ ජීවිත වලට වන නරක බලපෑම මේ කතාවතුල හොදින් නිරූපනය කරලා තියනවා


හරි අපි දෑන් බලමු මේ ක්‍රිස්ටල්(crystal methamphetamine) මෑත් කියන්නේ මොනවාද කියලා රසායන විද්‍යාත්මකව විකිපීඩියා වල ගොඩක් කරුනු දාලා තිබුනා,ඇත්තටම මේ මත්ද්‍රව්‍යය කෘතීමව සාදන එකක්,මෙය නිශ්පාදනය කරන්නාට කියන්නේ කුක් කියලා,
මෑත් ගෑන කතා කරද්දි මෙහි තියන විපාක ගෑන කතා කරන්න තමයි මම කල්පනා කලේ,මෙය අතිශයින්ම ඇබ්බෑහිවන ගනයට අයත් මත් ද්‍රව්‍යයක්,ඇමරිකාව තුල 2006 සිට ක්ලාස් A යන ගනයට අයත් කොට මෙම මත්ද්‍රව්‍යය නිවාරනයට නීතිමය කටයුතු කරන්වා,පහත දක්වා ඇත්තේ මෙම මත්ද්‍රව්ය පාවිච්චිය නිසා මිනිසුන් විකුර්ති තාවයට පත් වී ඇති අයුරුයි.










ක්ලාස් A ඩ්‍රග් එකක් කියන්නේ කෙලින්ම හෙරොයින් වගේ බොහොම දරුනු ගනයේ මත්ද්‍රව‍යයක්,ක්‍රිස්ටල් මෑත් වල ඉතිහාසය දෙවන ලෝක යුද්ද කාලය දක්වා විහිදෙනවා,විඩාව,මානසික ආතතිය මෑඩපවත්වා ගන්න මෙය බාවිතා කරලා තියන්වා,පෙත්තක් විදියට ආපු මෙය ජපානය වෑඩි වහයෙන් පාවිච්චි කල බව සදහන් වෙනවා,ඒවගේම ඉන් පසුව බයික් රයිඩස් ලා හා ට්‍රක් රියදුරන් එක දිගට ඩ්‍රයිව් කිරීමෙදී නින්දයාම වලක්වා ගෑනීමට ක්‍රිස්ටල් මෑත් බාවිතා කරලා තියනව.හෑබෑයි මෙහි තියන දරුනුම අවස්තාව ඔවර් ඩෝස් අවස්තාවකදි කෝමා තත්වයක් හෝ මරනය හෝ සිදුවිය හෑක,

නමුත් 1960 දි අතිශයින් දරුනු මත්ද්‍රව‍යයක් විදියට මෙය නම් කරනු ලෑබුවා,නමුත් වර්තමානයේ මෙක්සිකෝව මුලික කරගත්තු සෑපයුම් ජාලයක් ක්‍රියාත්මවෙන බව සදහන් වෙනවා,ඔය ඉහලින් දාලා තියෙන්නේ ක්‍රිස්ටක් මෑත් වල සෑබෑ චායාරුපයක්,අන්තර්ජාලයේ සදාන අකරයට හෙරොයින් තරම්ම දරුනු ප්‍රතිවිපාක ගෙන දෙන මත්ද්‍රව‍යයක්,ඇබ්බෑහිවීම නෑත්තන් ඇඩික් වීම හෙරොයින් වලට වඩා බොහොම වේගයෙන් සිදුවන බවයි සදහන් වෙන්නේ,දිර්ගකාලීන බාවිතය නිසා සිදුවන හානිය ගෑන ඔබට මනාව පෑහෑදිලි වන්න ඇත,බොහෝ විට එක් වරක් බාවිතා කලා යනු දිර්ග කාලීන පාවිච්චිය ඇරඹුවා කියන එකම තමයි,අවසාන වශයෙන් මේවෑනි දරුනු මත්ද්‍රව‍ය වල ආදිනව පෑහෑදිලි කිරීමට ගත් උත්සහයකි මේ.....

Wednesday, March 7, 2012

TNL අද පෝය දවසේ බුදු ධහම විකුර්ති කරයි....



මම මේ කියන්න හදන්නේ අද දවල් TNL රුපවාහිනී සේවයේ ගිය සදහම් යත්‍රා වෑඩසටහන ගෑනයි,මෙහි විකාශය වුවේ ගිහි පුද්ගලයෙක් කරන ලද දේශනයකි,මීට පෙරද මෙම පුදගලයා ගේ දේශනා මෙහි විකාශනය වනවා මා දෑක ඇත නමුත් එය සාවදානයෙන් බෑලීමට මට අවස්තාවක් ලෑබී නෑත,
අද විකාශයවු දේශය තුල බුදුදහම ඉතාම තුච්ච විදියට විකුර්ති කිරීමට ලක්ව තිබුනා,පෑහෑදිලිවම බුද්ද චරිතයේ විශේශ අවස්තා වන ඉපදීම,ගිහිගේ හෑරයාම වෑනි අවස්තා දරුනු ලෙස විකුර්තියකට ලක් කලා.ඒ අයුරින්ම මොහුගේ කතාවට සවන් දීමෙන් පෑහෑදිලිවම අභිදර්මය ගෑන කිසිම දෑනුමක් නෑති බවනම් පෑහෑදිලිය.රුපවාහිනියෙන් දුටු ආකාරයට 100කට වෑඩි පිරිසක් එම දේශනයට සහබාගි වී සිටියා විශේශයෙන් පාසෑල් වයසේ සෑහෙන්න පිරිසක් සිටියා
ඔහු බොරු දේශනා කොට පව් පුරවා ගන්නවා මෙන්ම මෙ අහිංසක දරුවන් නොමග යෑවීම මහා පාපයකි,මෙයට පෑහෑදිලිවම TNL ආයතහයත් වගකිව යුතුය,මෙවන් පහත් වෑඩ හුදෙක් මුදල් තකා කිරීම ඉතා පහත් වෑඩකි,
වෑඩසටහන අවසානයෙ මා දුටු අන්දමට මෙය සංවිදානය කර ඇත්තේ වදුරඹ "කිං සත්‍ය ගවේශි" සෙට් එකයි(පිස්සු අංකල් හා පිරිස),පෑහෑදිලිවම මේවාට විරුද්දව රාජ්‍ය මට්ටමන් යම් පියවරක් ගතයුතුය,මුදල් දුන් පලියට ඕන කුනු හරුපයක් මාද්‍යව වල දාන්න පුලුවන් නම් මාද්‍ය සදාචාරය කියා දෙයක් අවශනොවේ ‍යෑයි මට සිතේ......

Tuesday, March 6, 2012

බඩු මිල උඩ දාන්න නියම චාන්ස් එක....



කාලෙකට පස්සේ ලංකාවේ සිංහයන් නියම ෆෝම් එකට ඇවිත් තියනවා.අන්තිම ෆයිනල් එකට වෙනකන්ම ගේම ඇදිලා තියෙන්නේ,මිට කලින් අන්තිම ෆයිනල් ආපු පාර මතකද මට මතක විදියට නම් ලෝක කුසලානේ,මතක හෑන්දෑවේ අපිට දීපු ෆන් එක,කාලෙකට පස්සේ ඒ වගේ අවස්තාවක් ලෑබිලා තියන්වා ගියපාර වගේම මේ පාරත් ගෑස් ගනන් යයිද වෙන මොනවාහරි යයිද ?????

ඇයි අපටම මෙහෙම ආතල් දෙන්නේ.....

Saturday, March 3, 2012

හලාවත ධීවර ඝාතනයේ ඇසින් දුටු සාක්‌කි කියන නඩු නැති රටක කතාව(උපුටා ගෑනීමක්)

මෙය දිවයින පුවත් පතේ මා දුටු ලිපියකි,මෙය කියවු පසු අප කොතරම් අසරණද කියා මට සිතුනා,අප පත් කල ජන නායකයින් අපට සලකන අයුරු......
අනික් කරනාවනම් සියලු රාජ්‍ය සේවකයින වේතනය ලබාගන්නේ අප විසින් ගෙවනු ලබන බදු වලින්(හා අනියනියම් අකාර වලිනි) මෙය ඔවුන් තමන් හදවතින් ඇසිය යුතු ප්‍රශ්නයකි, තමා ගන්න වේතනයට සදාරන සේවයක් තමන් රටවෙනුවෙන් කරනවාද යන්න.මෙමෙ ලිපිය ලියවී ඇත්තේ හලාවත ධීවර ඝාතනය සම්බන්දයෙනි.අවසානයේ මට හෑගෙන දේ නම් යම් කෙනෙක් සත්‍ය වසන් කරන්නේ නම් එම පුදගලයා යම් වරදක් කර ඇති බවයි......

පහල ඇත්තේ එම ලිපියයි....

එගොඩවැල්ලේ අල බහින්නේ නැත. කාරම සහිත වැල්ල කා ජීවත් වන්නටද හැකි නොවේ. ජීවත් වන්නට උවමනා බැවින් එගොඩවැල්ලේ මිනිස්‌සු මුහුදු ගොස්‌ සිටියහ.

අප දැන් සිටින්නේ එගොඩවැල්ල පල්ලිය අසලය. අප සමග සිටිනා තරුණයා දෑත් ලයේ බැ`දගෙන නිහ`ඩව කුඩා ගෙවල් පේළි අතරින් දිවෙනා පටු මගදෙස බලා හිඳී. මුහුදේ රැය පහන්කර විඩාපත්ව ගොඩබිමට පැමිණෙනා මිනිස්‌සුන් මොහොතකට පල්ලියට ගොඩවී යනු පෙනේ. එක්‌වරම එක්‌ මිනිසෙක්‌ අප සමග සිටිනා තරුණයා අමතයි.

"මේ මහත්තුරු මොකට ආවා කියනවද?"

"පත්තරෙන්ලු" තරුණයා පවසයි

ඔහු සිනාසෙන්නේ ඔලොම්පාවට මෙනි.

"පත්තරෙන් ඇවිත්...." Ñදැන් මහත්තුරු ආවේ අපිත් මැරිලද කියලා බලලා යන්නද?."

අපි නිහ`ඩව අසා සිටියෙමු. එකා දෙන්නා පල්ලිය මිදුලට රැස්‌ වෙමින් සිටිති. තරුණයා අප දෙස හැරී යමක්‌ කියන්නට සැරසෙයි.

"මහත්තයා... අපිට වෙච්චිදේ මොකක්‌ද කියලා එක පත්තරයක්‌වත් ලිව්වෙත් නෑ. එක ටී. වී එකක්‌වත් පෙන්නුවෙත් නෑ. මේ මිනිස්‌සු දැන් ඔය හැමෝම එක්‌ක තරහයි. මහත්තයල දැන් ගියානේද මරලදාපු ඇන්ටනිලගේ ගෙදර."

මම හිස වැනුවෙමි. ධීවර උද්ඝෝෂණයේදී ඩබ්ලියු. ඇන්ටනි ප්‍රනාන්දු මරා දැම්මේ පසුගිය 15 වැනිදාය. සිද්ධිය වාර්තා වූ ආකාරයට අප තුළත් මැවුනේ හලාවත නගරයේ සිද්ධවූ මහා සටනක සිතුවමකි. එය මාර්ග හරස්‌වීම්, පොදු දේපල වලට හානි, උද්ඝෝෂකයන්ගේ ප්‍රකෝපකාරී හැසිරීම් වලින් අනතුරුව එල්ල වන වෙඩි ප්‍රහාර වලින් පසු සිද්ධවන මරණයක්‌ ගැන අදහසකි. එහෙත් වෙඩි තබා තිබුණේ උද්ඝෝෂණයක්‌ සඳහා හලාවත නගරයට යැමට සූදානම් වෙමින් තම ගම් මායිමේ සිටි නිරායුධ ධීවර මිනිස්‌සුන්ට බව වැටහුනේ එගොඩවැල්ල ගමට ගිය පසුවය. ඒ මිනිස්‌සුන්ට ගමෙන් පිටවන්නට ඉඩනොදී මිනියක්‌ද මරා මහා භීෂණයක්‌ ඇතිකර අනතුරුව සිද්ධිය යටපත් කර දමා තිබූ ආකාරය මොහොතකට අපව තිගැස්‌මට පත් කළේය.

තිදෙනෙකුට වෙඩි තබා තිබුණේය. එක උන්ඩයකින් එකෙකුගේ උරහිස සිදුරුවී තිබිණි. අනෙකාටත් වෙඩි වැදී තිබුණේ ඉනෙන් ඉහළටය. හිස කුඩුවන්නට වෙඩිතැබූ පසු ඇන්ටනිගෙන් ගලාගිය රුධිරයේ අවපැහැ ගැනුණු පැල්ලම් ඒවනවිටත් මැකීගොස්‌ තිබුණේ නැත. ඔහු මැරී වැටී සිටිය තැන සුදු කොඩියක්‌ සිටුවා සලකුණු කර තිබිණි.

අප එහි යන මොහොත වනවිටත් මේ මියගිය මිනිසාගේ නිවස හුදකලාවී ගොස්‌ය. නොදරුවන් තවමත් හැ`ඩුම්බරය. ආලින්දයේ මැදිවියේ මිනිසෙක්‌ බලාගත්වනම සිටියේය. බිරි`ද එකම වචනයකුදු නොදොඩන්නීය. මේ දරු පැටවුන් රක්‌ෂා කරන්නටත්, මේ ගැහැණියට රැකවරණය සපයන්නටත් දැන් එකෙක්‌වත් නැත.

"මහත්තයලට පුළුවන්ද අපි කියන කතාව ලියන්න?." මා අසලට පැමිණෙන තරුණයෙක්‌ විමසයි.

"Ñමොකද, මෙහෙම අහන්නෙ අපි මේවා මෙහාට ආපු හැම මධ්‍යයකටම කිව්වා. ඒත් ඒ එකෙක්‌වත් ඇත්ත ලිව්වෙවත් කිව්වෙවත් නෑ. අපිට වෙච්චිදේ එක එකාට කියලා අපිට දැන් ඇතිවෙලා. මහත්තුරු මොකුත් හිතන්න එපා. අපිට දැන් එච්චරම තරහයි. මහත්තයලත් අහගෙන යන්නනම් ආවේ අපි මේවා කියලා වැඩක්‌ නෑනෙ. වෙඩිතියලා දානවා. අහිංසකයො මරනවා. මරලා දාපු හැටි කියාගන්නවත් විදිහක්‌ නෑ. එලිපිට කතා කළොත් සුදුවෑන් වලින් උස්‌සන් යනවා කියලා කටකතා පැතිරෙනවා. අපි මොනවද එතකොට කරන්න ඕන..."

"අපි මේ කතාව ලියනවා. ඒ ගැන සහතිකයක්‌ තියනවා. උනේ මොකක්‌ද කියන්න." නිලන්ත තරුණයාව අමතා කතා කළේය. ඔහු යම් තරමක විශ්වාසයකින් අප සමග කතාවට එළඹෙන්නේ ඉන් අනතුරුවය.

"මම විජය වර්ණකුලසූරිය. එගොඩවැල්ල ධීවර ක්‍රියාකාරිකයෙක්‌ කියලා ලියාගන්න. එදා මහත්තයො දහතුන් වෙනිදා. හෙණ ගහන්නා වගේ ආණ්‌ඩුවෙ අය රුපියල් තිස්‌පහකින් ලාම්පුතෙල් වැඩි කළේ එදා. මේක කාටවත් තේරෙන්නෙ නැති කතාවක්‌. එගොඩවැල්ල මේ ඕලන්ද කලපුවෙන් විතරක්‌ දවසකට පොඩි එක්‌දින යාත්‍රා දෙදාස්‌ පන්සීයක්‌ විතර මුහුදු යනවා. එක යාත්‍රාවකට දවසකට ලීටර පනහක්‌ විතර වියදම් වෙනවා. අපිට ඒ දවස්‌වල මුහුදු ගිහින් එන්න රුපියල් එක්‌දාස්‌ අටසියයක්‌ විතර වියදම් උනා. ඒත් ජීවත් උනේ අමාරුවෙන්. එහෙනම් එකපාර ඒ වියදම රුපියල් දෙදාස්‌ අටසිSයක්‌ තුන්දාහක්‌ වෙනකොට මොකද කරන්නෙ."

"Ñමේ මිල වැඩිවීමට විරුද්ධව උද්ඝෝෂණයක්‌ කරන්න හිතුවෙ බඩගින්නෙ මැරෙන්න බැරි නිසා. ඒ ගැන අපි කතා කළේ මේ පල්ලියෙ එකට එකතුවෙලා. එතන කිසිම දේශපාලනයක්‌ තිබුණෙ නෑ. එකතු වුණේa ගමේ මිනිස්‌සු. තීරණ කළේ ගමේ අය. පල්ලියෙ ස්‌වාමි අපට පොරොන්දු වුණා සටන නිමාවෙනතුරු අපිත් එක්‌ක ඉන්නවා කියලා. අපි අනික්‌ ගම්වල ධීවර සමිතිත් දැනුවත් කරලා 14 වැනිදා හලාවත නගරයෙ උද්ඝෝෂණයක්‌ තිබ්බා. අපි කිව්වෙ මේ අසාධාරණ වැඩිකිරීම කරන්න එපා කියලා. එදා උද්ඝෝෂණය ඉතාම සාමකාමීව සිද්ධ වුණා. කිසිම දේපළකට හානි කළේ නෑ. බස්‌ විකල්ප මාර්ග වලින් ගියා. ඉස්‌කෝලෙ දරුවන්ගෙ වාහන, වෛද්‍යවරුන්ගෙ වාහන, එම්බියුලන්ස්‌ එකක්‌වත් බ්ලොක්‌ කළේ නෑ. හවස අපි විසිර ගියා. අපිට හරි විස`ඳුමක්‌ නැත්නම් හෙටත් මේ විරෝධතා ව්‍යාපාරය කරමු කියලා තීන්දු කළා."

"ඒත් ඒ වෙනකොට ඔයාලට සහනාධාරයක්‌ දෙන්න ආණ්‌ඩුව පොරොන්දු වෙලා හිටියා." මම පැවසීමි.

"කෙහෙල්මල් සහනාධාර මහත්තයා. මහත්තය දන්නවද මේ විදියට ප්‍රශ්නයක්‌ ආවම සහනාධාර දෙන්න තීන්දු අරන් අපේ මිනිස්‌සුන්ව කී පාරක්‌ රැවැට්‌ටුවද කියලා. අපිට මේ කතා අහලම ඇතිවෙලා තිබුණෙ. "

"ධීවරයො ඉන්නෙ හලාවත විතරක්‌ නෙමෙයිනෙ මල්ලි. දකුණෙ, නැගෙනහිර, උතුරෙ ධීවරයො ලක්‌ෂ ගානක්‌ ඉන්නවා. මේ මිනිස්‌සු එක්‌කෙනෙක්‌වත් පාරට බැහැල නෑ. ඔයාලට විතරක්‌ භූමිතෙල් දරන්න බැරි තරම් වැඩිවෙන්නෙ කොහොමද?."

අප විමසූ ආකාරය රළු වැඩිදැයි සිතුනේ ඒ මුහුණු වෙනස්‌වී ගිය ආකාරය දකිනා විටය. මෙතෙක්‌ වෙලා නිහඬව සිටි එක්‌ අයෙක්‌a ආවේගයෙන් හඬ අවදි කළේය.

"මහත්තයා. උතුරෙයි නැගෙනහිරයි මිනිස්‌සු ගැන දන්නෙ නැති දේවල් කතා කරන්න එපා. ඒ මිනිස්‌සුන්ට මුහුදටවත් බහින්න බෑ ඉන්දියන් කාරයො හින්දා. උන් දිහා බලන්න එකෙක්‌ නෑ. අපිටත් වැඩිය ඒ මිනිස්‌සු අසරණයි. දකුණෙ මිනිස්‌සුන්ට පොල්ගහක්‌ හරි තියනවා පොල් ගෙඩියක්‌ විකුණගන්න. අපිට තියෙන්නෙ මුහුද විතරයි. මේ රස්‌සාව කරන්න බැරිවෙනකොට අපි වැලි කන්නද?"

"හරි හරි. විඡේ අයියට කතාව කියන්න දෙන්න." තරුණයෙක්‌ මැදිහත්ව ආවේගශීලී මිනිසා නිහඬ කරවීය. යළිත් විජයගේ කතාව ඇරඹිනි.

"සිද්ධිය වෙච්චි 15 වෙනිදත් ගමේ කට්‌ටිය පල්ලියෙ එකතු වුණා. එකතුවෙලා අද මොකද කරන්නෙ කියලා කතා කරමින් හිටියා. උද්ඝෝෂණයට එදා උඩප්පුවෙ ඉඳලා මේ අවට තියන හැම ධීවර සංවිධානයකම කට්‌ටිය ගෙන්නගන්න ධීවර සමිති මගින් අපි කටයුතු කරලා තිබුණෙ. තොඩුවාවෙන් මෙහා සුදුවැල්ල, 1 කණුව, අඹකඳවල, වැලිහේන, මැදවත්ත, කියන ධීවර ගම්වල මිනිස්‌සු මුහුදු යන්නේ නැතිව ගම් පිටින් අපේ ගමට අල්ලපු රිදීවැල්ලට එකතුවෙමින් හිටියා. එහෙම ගිහින් ලොකු උද්ඝෝෂණයක්‌ තියන්න අපි සැලසුම් කළා. අපේ පල්ලිවල ස්‌වාමිලා මේ ප්‍රශ්නය ඉවරවෙනකම් අපිත් එක්‌ක ඉන්නවා කියලා පොරොන්දු වෙලා තිබුණා. "

"මේ අතරෙ ආරංචි වුණා පොලීසිය රිදීවැල්ලෙ ගෑණුන්ට අල්ලගෙන ගහනවා කියලා. මේක ආරංචි වෙච්චි ගමන් ගමේ කවුරුත් රිදීවැල්ල පැත්තට දුවගෙන ආවා. අපි එනකොට පොලිසිය හැම ගමකටම එන පාරවල් අහුරලා බැරියර් දාලා තිබුණා. අපේ ගම් මණ්‌ඩිය ඉස්‌සරහා බෆල් ගෙනත්දාලා හමුදාවේ පොලීසියේ කට්‌ටිය සිය ගාණක්‌ ආයුධත් අරන් ඇවිත් හිටියා. එච්චර ලොකු හමුදාවක්‌ යුද්දෙකට වගේ ඇවිත් ඉන්නවා දැකලා තිබුණෙ යුද්ධකාලේ ටී. වී එකෙන් විතරයි. අපි රට අල්ලන්න හදනවා වාගෙ. යකෝ අපි ඉල්ලුවෙ ලාම්පුතෙල් ලීටරේ මිල අඩු කරන්න කියලා විතරයි."

"අපි ගමේ මායිමේ. හමුදාවෙ පොලීසියෙ කට්‌ටිය ආයුධ දික්‌කරගෙන මායිමත් එක්‌ක තියෙන පිට්‌ටනිය එහාපැත්තෙ. දකුණු පැත්තෙන් මුහුද. අපියි හමුදාවයි මැද ෆාදර්ලා ඉන්නවා. අපි අපේ ස්‌වාමිලා ළඟට ගියා. ඒ අය අපිව සන්සුන් කරන ගමන් හමුදාවෙ පොලීසියෙ අයත් එක්‌කත් කතා කරමින් හිටියා. එකපාරටම අපේ අය කලබල වුණා වගේ පෙනුනා. අපිට එකපිට එක කඳුළු ගෑස්‌ ගැහුවා. කඳුළු ගෑස්‌ තුනම අපි අරන් අනිත් පැත්තට විසිකළා. ඒ එක්‌කම ආපු කඳුළුගෑස්‌ වගේම ඩප්පියක්‌ අපේ කොල්ලෙක්‌ අතට ගන්නවත් එක්‌ක ඒක පුපුරලා ගියා. ඒ කොල්ලගෙ අතයි බඩ පැත්තයි මස්‌ හූරලා ගියා. අතේ ඉතිරි වුණේ ඇටකටු ටික විතරයි. "

 ඒ කඳුළුගෑස්‌ හතරෙන් පස්‌සෙ මේ මිනිස්‌සු අපිට එක දිගට වෙඩි තිබ්බා. අපි වෙඩි තියන්න එපා කියලා කෑ ගැහුවා. ඒත් එකදිගට වෙඩි තිබ්බා. මිනිස්‌සු කෑ ගහ ගහ දුවන්න ගත්තා. අපේ තුන්දෙනෙක්‌ වෙඩි වැදිලා වැටුණා. මුලින්ම වෙඩි වැදුනෙ ඇන්ටනිගේ ඔළුවට. ඔළුව කුඩුවෙලා ලේ ගලනවා. වෙඩි තියලා දැම්මට පස්‌සේ ඒ කාලකණ්‌නි මේ මනුස්‌සය ගාවට කාටවත් එන්න දුන්නෙ නෑ. මේ අතරේ ඇන්ටනිව ගන්න එයාගෙ අක්‌කගෙ පුතයි, ඥති සහෝදරයෙකුයි තවත් අසල්වැසියෙකුයි දුවගෙන ගියා. යනකොට අපි ඔක්‌කොම ඉස්‌සරහා උන් ඇන්ටනිගේ මිනියට පයින් ගහලා ඒක පාගගෙන මිනිහව උස්‌සගෙන යන්න ආපු කොල්ලො තුන්දෙනාට දිගට හරහට ගහන්න පටන්ගත්තා. ඒත් ඒ අය ගුටි කාගෙන මනුස්‌සයව අරන් මෝටර් බයිසිකලේක තියාගෙන ඉස්‌පිරිතාලෙට ගෙනිච්චා. "

"වෙඩි වැදිච්ච මිනිස්‌සුන්ව ගෙනියන්න විදියක්‌ නෑ. පාර හරස්‌ කරලා. අපි ඒ අයව බෝට්‌ටුවක දාගෙන මුහුදෙන් අරන් ගිහිනුයි ඉස්‌පිරිතාලෙට ඇතුළත් කළේ. ඒ දෙන්නෙක්‌ තවමත් කොළඹ ඉන්නවා. එක්‌කෙනෙක්‌ දැන් හලාවතට ගෙනත්. අපිට හිතෙනවා මහත්තයා මුන්ට අපෙන් එකෙක්‌ මරලා අපිව බයකරන්න ඕනකම තිබුණා. අපි ගාව බෝම්බ තිබුණෙ නෑ. දෙයියම්පල්ල මේ ඇත්ත. ඒත් පොලිසිය අපි ගෙනාව කියල පෙට්‍රල් බෝම්බ හදලා තිබුණා. ඇන්ටනි මැරිලා කිව්වාම මිනිස්‌සු අතට අහුවෙච්චි ගල් වලින් ගැහුව තමයි. නඩුකාර හාමුදුරුවන්ගෙ බංගලාවටත් ගල් ගැහුවා. මේ හැම වැඩක්‌ම සිද්ධ වුණේa පොලිසිය වෙඩි තියලා මිනිස්‌සු මැරුවට පස්‌සෙ. මිනියවත් ගන්න දෙන්නෙ නැතිව හිරකෙරුවට පස්‌සෙ. මේ හැම දෙයක්‌ම වීඩියෝ වෙලා තියනවා. "

"ඒත් මේ උද්ඝෝෂණයෙදි පොලීසිය ප්‍රකෝප කරලා වෙඩි තියන්න වැඩ සැලැස්‌සුවෙ එන්.ජී.ඕ කාරයො ටිකක්‌ කියලා ආණ්‌ඩුව කිව්වා. මේවා පට්‌ටපල් බොරු කියලා අපි කාටද කියන්නෙ. අපි එක්‌ක සටන ඉවරවෙනකම් ඉන්නවා කිව්ව ෆාදර්ලාත් දැන් අසරණයි. කතෝලික සභාවත් වෙඩිතිබ්බ උන් එක්‌ක එකතුවෙලා අපිව අතඇරියාම අපි මොනව කරන්නද?. මේ හැම වචනයක්‌ම ඇත්ත මහත්තය. කැමතිනම් ගිහින් වෙඩි වැදිල ඉන්න කෙනාට කතාකරලා වුණදේ එයාගෙන්ම අහගම්මු."

තරුණයා කතාව හමාර කරයි. අපි නැගී හිඳිමු. වචනයකුදු කතා කරන්නට නොසිතේ. අප ඉන්නෙ නඩුකාර හාමුදුරුවරුන්ගේ බංගලා ඉදිරිපිට අහිංසකයින් වෙඩිතබා මරා දමා උන්ට එරෙහිව බොරු සාක්‌කි ගොනු කරනු ලබනා පොලිසියක්‌ සහිත රටකය. මේ රටේ තවදුරටත් නඩු නැත. නඩු නැති රටක නොවිය හැක්‌කක්‌ද නැත.

අපි කෙළින්ම හලාවත රෝහල වෙත ගමන් කළෙමු. ඇඳක්‌ මත අසීරුවෙන් වැතිරී සිටිනා තරුණයෙක්‌ පෙනේ. ඔහුගේ අතක්‌ තවමත් අක්‍රීයය. තව කොපමණ කලකින් ඔහුට රැකියාව කරගත හැකිදැයි නොවැටහේ.

"කොළඹින් මගෙ ටිකට්‌ කැපුවා. තුවාලෙ ටිකක්‌ හොඳ මදි කියලා ආයෙ මෙහාට ඇතුළත් කළා "හේ පවසයි.

"සිද්ධිය වුණ විදිහ මතකද මල්ලි. "

අපි ඔහුව විමසමු. ඔහුගේ තරුණ බිරිය බියපත් දෑසින් අප දෙස බලා හිඳී. අප සමග පැමිණි තරුණයා දකිනවිට ඇයගේ බිය පහව යන අයුරු දකිමි.

අපි හිටියෙ ගමේ පල්ලියෙ. වෙඩි වැදුන තැනට ගියේ රිදීවැල්ලෙ මිනිස්‌සුන්ට ගහනව කියන ආරංචියට. යනකොට පොලීසිය පිරිලා ඉස්‌සරහින්. ෆාදර්ලා ඒ අතරමැද. අපි හිටියෙ පිටිපස්‌සෙ. එක ෆාදර් කෙනෙක්‌ කිව්වා පොලීසියට "මහත්තයො, අපි කාටවත් කරදර කරන්නෙ නෑ. අපිට මේ සාමකාමී විරෝධතාවය කරන්න ඉඩ දෙන්න" කියලා. එතකොට පොලීසිය ෆාදර්ට හොඳටම බැනලා එයාව තල්ලු කරලා දැම්ම වැටෙන්න. මේක දැකපු ගමන් මිනිස්‌සු කලබල වුණා. මමත් ඒ පැත්තට දිව්වා. මුලින්ම කඳුළු ගෑස්‌ ගැහුවා. ඉන්න බෑ දැවිල්ල. මම ඇස්‌ හෝදගන්න මුහුද පැත්තට ගිහින් ආයෙ ආවා. එතකොට කට්‌ටිය දිගට හරහට අපිට වෙඩි තියන්න ගත්තා. මටත් වෙඩි වැදිලා වැටුණා. අපි වෙඩි තියන්න එපා කියලා කෑ ගැහුවා. ඇහුවෙ නෑ. වැටුණු කිසිකෙනෙක්‌ ගන්න දුන්නෙ නෑ. මාව ගත්තෙත් අමාරුවෙන්. ඉස්‌පිරිතාලෙට යන පාරවල් අහුරලා. කට්‌ටිය කොහොමහරි මාව බෝට්‌ටුවෙන් ගෙනාවා. "

තවත් කීමට දෙයක්‌ ඉතිරිව නැත. මේ අපරාධයෙන් පසු අඩුම තරමින් ආණ්‌ඩුවට කට පියාගෙන ඉන්නට තිබිණි. එහෙත් දින කීපයක්‌ යන්නට මත්තෙන් මේ මරාදැමූ ධීවරයාට හෝ වෙඩි තබා අංගවිකල කළ ධීවරයින්ට වන්දියක්‌ ගෙවන්නට මුදල් නැති තරම් ධීවර අමාත්‍යංශය දුප්පත් බව ධීවර ඇමතිවරයා මාධ්‍ය වලට කීවේය. ධීවරයන් නිසා ඇමතිකම් කරනා මේ ධීවර ඇමති ඇතුළු දේශපාලක හැත්ත බුරුත්ත නඩත්තු කරන්නට වියදම් වන ජාතික ධනයේ ප්‍රමාණය දන්නා මිනිස්‌සුන් ඉදිරිපිට මෙවැනි මොහොතකවත් අමන කතා නොකියා ඉන්නට තරම් විනයක්‌ මේ කෙළතොළු කටවල් වලට තිබිය යුතුව තිබිණි. සැබෑව නම් ධීවර ඇමතිවරයා ධීවරයින් සම්බන්ධව පසුගිය කාලයේදී හැසිරී තිබුණු ආකාරය ඔවුන් වෙත එල්ලවූ වෙඩි පහරවල් වලටත් වඩා ඔවුන්ව රිදවා තිබීමය. මේ සියල්ල හරහා ප්‍රකටවන්නේ මිනිස්‌සුන් පිළිබඳ මේ මහත්තුරුන්ගේ තක්‌සේරුවය. එබැවින්ම මේ වග ලියා තැබිය යුතුයෑයි හැඟේa.

මේ රටේ හැමදෙනාම තණකොල කන හරකුන් නොවේ. සබෑ විරෝධතාවන් වෙඩි උන්ඩයෙන් මර්දනය කර දැමීමට වඩා තම අවශ්‍යතාවයන් අනුව ජාති ආලය කුණුකාණුq පල්ලේ ගලා යන්නට හැර එලෝ මෙලෝ නොදන්නා අසරණයින් ගමන් වියදම් දී වීථි බැස්‌සවීම අපරාධයකි. මේ බව වැටහෙන්නේ බලය යොදවාගෙන සියල්ල ස්‌වකීය අභිමතය මත නිර්මාණය කළ නොහැකි බව දැනෙන දාටය. මේ බිඳීයන්නේ මිනිස්‌සුන්ගේ සිහිනය. මේ බිඳී යන්නේ මිනිස්‌සුන්ගේ හිත්ය. මේ බිඳී යන්නේ මිනිස්‌සුන්ගේ ජීවිත ප්‍රාර්ථනාවන්ය. දැන්වත් මේ මහත්වරුන් විසින් තේරුම් ගතයුත්තක්‌ තිබේ.

සිහින සදාකාලික නොවේ. බඹර හැමදාමත් වැල්ලේ කැරකෙන්නේ නැත.

ජානක ලියනආරච්චි
නිලන්ත මදුරාවල

Tuesday, February 14, 2012

ලංකාවේ නිවුස් ගෑන නවතම සමාලොචනය....(දියුනු වෙන්න දියුනු වෙන්න වැඩිපුර ණය වීම ලංකාවේ ඇති ආශ්චර්යයි)




අපේ සමහට ටී.වී රේඩියෝ වල යන ප්‍රොර්ති(නිවුස්) බෑලුවාම මාර දේවල් අප්පා හිතෙන්නේ,මට හිතිච්චයින් ටිකක් තමයි ඔය තියෙන්නේ.


  • ලෝක ගෝලයේ බටහිරින් තියන රටවල් වලට තියන එකම වෑඩේ ලංකාවට විරුද්ධව කුමන්ත්‍රන කරන එකයි.(නමුත් ලෝක බෝලයේ බටහිර මොන පෑත්තේ තියනවාද කියන එක ගෑන හරිහමන් අවබෝදයක් නම් නෑතිය)
  • ලෝකයේ ආර්තික වර්දන වේගයෙන් වෑඩිම රට ලංකාවයි.
  • බඩුමිල කොතරම් ගනන් ගියද ලංකාවේ මිනිසුන්ට කිසිම ගානක් නෑත,
  • ලංකාවේ බස් දුවන්නේම පාඩු පිටය,
  • ලංකාවේ මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නෑතිය, තිබෙන එකම ප්‍රශ්නය බටහිර කුමන්ත්‍රනය.
  • ලෝක තෙල් මිල කියා වෑඩි කරන්නේ ලංකාවේ තෙල් මිලය.
  • නෙලුම් කුලුනක් නෑති අඩුපාඩුව ලාංකිකයන්ට පවතින ලද බස් වර්ජනයත්, බස්ගාස්තු වෑඩි වීමත් සමග දෑඩි ලෙස දෑනී තිබේ ,
  •  දියුනු වෙන්න දියුනු වෙන්න වැඩිපුන ණය වීම ලංකාවේ ඇති ආශ්චර්යයි.

Friday, January 13, 2012

අරක්කු පිලිබද උගත් පාඩම් කොමිසම් වාර්තාව - 01

කවුරු හරි ඇහුවොත් මම කතා කරන්න ආසම මාතෘකාව මොකද්ද කියලා මම නම් කියන්නේ අරක්කු ගැන කියලා,ඇත්තටම ඔය මාතෘකාව ගෑන දොඩවන්න මට නම් පුදුම ආසාවක් තියෙන්නේ,අද කියන්න හිතුනා එකින් එකට ලංකාවේ අරක්කු බ්‍රෑන්ඩ් ගෑන මට හිතෙන  හැටි

රන්දෙනිගල අරක්කු 


මේක නම් නයි විස වගේ ජාතියක් එක පාරක් හොදට බොන්න පුලුවන් 10 දෙනෙක් (කෑම්පස් ඉන්න කාලේ) කුජීත කොරලා දෑම්මා කොටින්ම හොස්ටල් එක එකම හොටෙලයක් බවට පත් වුනා මට නම් මේ බරෙන්ඩ් එක හරියන් නෑ ,දෑන් මේ වගේම තවත් බ්‍රෑන්ඩ් එකක් ඇවිත් තියනවා හිගුරාන අරක්කු,ටිකක පිටිසර පෑති වල සංස්තා බඩු නෑති පෑති වල මෙවා තමයි තියෙන්නේ,බොනවා නම් දෙපාරක් හිතනවා මම නම්, මොකද මේක වෙල් බියර් වලට හපන්.


ගල් අරක්කු 



මේකේ නියම නම නම් අති විශේශ අරක්කු,ඉතින් ඇයි මේකට ගල් අරක්කු කියන්නේ,ඒකට නම් පොඩි ඉතිහාස කතාවක් තියන්වා,බොහොම ඉස්සර මේ අරක්කු ජාතියන පෙරලා ඇවිත් තියෙන්නේ ගල් ඔය ස්තාගරේ ඒ කාලේ මේ බෝතලේ නම් කරලා තියෙන්නේ ගල් ඔය අරක්කු කියලා,ඒක තමයි තාම ඔය ගල් කියලා කට වහරේ තියෙන්නේ,

ලංකාවේ වෑඩියම බොන අරක්කු ජාතිය තමයි ගල්,ඒ වගේම බාර් කාරයෝ වෑඩියම කලවම් කරන ජාතියත් ගල්,කලවම් නෑති ගල් බොතලයක් රහ බලන්න මත් බොහොම කෑමතී,එහෙම ගන්නවා නම් ෆුඩ් සිටියකින් හරි සුපර් මාකට් එකකින් ගන්න ඕන,ගල් වලට ගොඩක් අය සෑන්ඩි වලට කෝක් පාවිච්චි කරන්වා,මම නම් සෝඩා හරි කුල් වතුර හරි තමයි අනුමත කරන්නේ,ඊටත් හොදයි අයිස් කෑටයක් දාලා ගහන්න තියනම්.

ඕල්ඩ් ඇරෑක්(සංස්තා)


වර්තමානයේ මම වෑඩියම බොන බීම තමයි මේක,තියන ස්මුත් රහත් එක්ක අයිස් කෑටයක් දාගත්තා නම් හොදටම ඇති,අනික පොල්ලෙන් ගැහුවා වගේ වදින ගතියකුත් නෑ ගානට වදින එකත් වදින්නේ,මම දන්න ගොඩක් යාලුවොන්ගෙත් ට්‍රෙන්ඩ් එක තමයි මේක අනික විශෙශම කරනාව කියලා මම හිතන්නේ මේකේ මිලත් සාපේක්ශව අඩු වීම,


පරන අරක්කු වල තව කැටගරි එකක් තියන්වා රොක්ලන්ඩ්ලගේ ඕල්ඩ් ඇරෑක් එක, ඒකත් බැලැක් ලේබල්,රෙඩ් ලේබල් කියලා කෑටගරි 2කකට බෙදෙනවා.


 රොක්ලන්ඩ් ඔල්ඩ් බ්ලෑක් එකේ සෑර ටිකක් විතර අඩුයි මට මතක ඒදියට 28% වගේ තමයි තියෙන්නේ,රෙඩ් එකේ නම් තිස් ගානක් සෑර තිබුනා,මේකත් හොද බ්‍රෑන්ඩ් එකක් කිසිම අමාරුවක් නෑතිව බොන්න පුලුවන්,ඒවගේම පහුවෙනිදට අවුලක් නෑති බීමක්,

සංස්තා වයිට් ලේබල්


මේකත් එච්චරම අව්ලක් නෑති බ්‍රෑන්ඩ් එකක් මම නම් පුද්ගලිකව පාවිච්චි කරන්වා අඩුයි මොකද කීවොත් සුදු අරක්කු වලට මගේ එච්චරම කෑමෑත්තක් නම් නෑ,අනික මෙකේ තියන චාටර්ම සීන් එක පට්ටම විදියට ඇග වේලනවා,
හෑබෑයි බ්‍රෑන්ඩ් එක ගෑන කතා කරොත්, දෙහි සුවදක් එක්ක තියන බොහොම ප්‍රියජනක පානයක්,අයිස් කෑටයක් හෙම දාලා හොදට කලවම් කරලා පදමට දෙහි චුට්ටක් දාලා ගත්තනම් නියම ටේස්ට් එකක් තියෙන්නේ,අනික මේකේ තියන සිරාම සීන් එක ගද අඩුයි,කොහොමත් බොහොමයක් සුදු අරක්කු හා ජින් වොඩ්කා වගේ බිම වල ගද ගොඩක් අඩුයි,නිකන් ඔඩිකොලෝන් බීවා වගේ ගතියක් තියෙන්නේ,IDL එකෙන් මේකට දාපු බ්‍රෑන්ඩ් එක තමයි වයිට් ඩයමන්ඩ් නමුත් මේ දෙක ගෑනම මට ලොකු කියන්න තරම් අද්දෑකීම් නෑ මොකද මම මේ දෙකම වෑඩිය පාවිච්චි කරලා නෑති නිසා. 

සංස්තා පොල් අරක්කු
ඔය උඩ රුපේ දාලා නම් තියෙන්නේ කාලේ බෝතලයක්,මේක මම ජීවිතේටම දෙපාරයි බීලා තියෙන්නේ කියන්න තරම් නම් වරදක් නෑ,මෑතක බීවා දෙනියායේ යාලුවෙක් ගෙදර ගියපු වෙලාවක,මේක මෑත අතිතයේ ඒ බීවමයි,පුරුදු විදියට සෝඩා එක්ක තමයි මම නම් බිවේ,මේකේ ටේස්ට් එක නම් මට එච්චර අල්ලා ගියේ නෑ,පොඩි අව්ලකට තියෙන්නේ ටිකක් සෙම අවුසන ගතියක් තියන්වා,වැඩි බාවිතයේ නැති අරක්කු ජාතියක්,හෑබෑයි මට නම් ටිකක් හිතට අල්ලා ගිය අරක්කු ජාතියක්.

දෙවරක් පෙරන ලද අරක්කු (DD)




DD කීවාම හෑමෝම දන්නවා,මෙකත් මරු බාන්ඩේ සෝඩා හරි කෝක් එක්ක හරි බොන්න හොදයි,ටෙස්ට් එකත් නියමයි,අනික නයා වගේ පාරින් දෙකෙන් වදිනවා,ඕල්ඩ්,ගල්,ගාවට මගේ තේරීම තමයි ඩි.ඩි.මේකත් පහුවෙනිදාට වද නොදෙන බ්‍රෑන්ඩ් ගනයට වෑටෙන්නේ,හෑබෑයි අනික් පොල් අරක්කු වගේම සෙම වඩන ගතියක් නම් තියන්වා,මේ වගේ බීමක් එක්ක බයිට් එකක් දාද්දි ටිකක් උශ්න කෑමක් දාගත්තානම්, ඔය සෙම සීන් එකත් එන් නෑ...

දෑන් නම් ඇති වගේ ඉතිරි ටික ඊලග ලිපියට අරක්කු පෑටව් ගහනවනේ,තව තියන්වා VX,සිලෝන් ඇරැක්,ඕල්ඩ් රිසව්,VSOA......


ප.ලී :   කෙල්ලන් ඇදුම් ගන්න ගියා වගේ තමයි කොල්ලෝ බාර් එකට ගියාම,පෑය ගානක්   තෝරන්වා.....මට නම් ඔය සීන් එක ඕන තරම් වෙලා තියන්වා.... 

ප.ප ලි. මුහුනු පොතේ අපේ අහිංසක හා මම ආසම ගෘප් එක තමයි අරක්කු ඔන්න ඔකේ යනවා අරක්කු ගෑන බොහොම ගෑඹුරු සංවාද.ඔබ බොන කෙනෙක් නම් මේ ඔනටයි ආරාදනා මුහුනු පොතේ අරක්කු ගෘප් එකට.... 




 

මානව ඉතිහාසයේ මෑරයන්ගේ සෑකිලි තුල සිදුවු පාරිනාමිය වෙනස......

මනුශය පරිනාමයේ අලුත්ම සොයා ගෑනීම,මේක බොහොම ලගදි කරපු සොයාගෑනීමක්...ඔන්න පහල තියනවා....



Thursday, January 5, 2012

2012 වසරේ අප්සට්ම දින

2012 වසරේ අප්සට්ම දින ටික මේ වෙන කොට රජය විසින් තිරනය කරලා තියනවා මම ඉතින් මේ ලෑස්ති වෙන්නේ ඒ දින ටික කස්ටියට ප්‍රසිද්ධ කොරන්නයි,මේ දින ටික ලොකු අකුරෙන් ලියලා තියාගත්තත් අව්ලක් නෑ....අනික් කරනාව හෙට සයිබරයේ ගේට්ටුව රුමස්සලදි ජයටම පෑවෑත්වෙනවා කියලා හෑමෝම දන්නවනේ,සමහරු ඒ කියන්නේ දුර ඉදලා එන අය දෑම්මම පිටත්වෙලා,මම නම් ඉතින් ගාල්ලේ එකා වෙච්චි හෙට 8 වෙද්දි පාලම උඩට එනවා....ඔන්න පහලින් තියන්ව අර දින ටික.....


BAR HOLIDAYS 2012

                                               JANUARY 8,15


                                                FEBRUARY 4,5,7,20


                                                MARCH 7


                                                APRIL 6,12,13


                                                MAY 1,5,6


                                                JUNE 4


                                                JULY 3


                                                AUGUST 1.19,31


                                                SEPTEMBER 29


                                                OCTOBER 26,29


                                                 NOVEMBER 13,27
     
                                                  DECEMBER 25,27

 

Monday, January 2, 2012

අද පාඩම - මෙවුවා කිරීම




මෙවුවා කරනවා කියන්නේ ගණිත ක්‍රමයක්,එකතු කරනවා අඩුකරන්වා වෑඩිකරන්වා බෙදනවා කියන ගණිතයේ මුලික සංකල්ප වලට අලුතෙන්ම එකතුවුනු ගණිත ක්‍රමය තමයි මෙවුවා කරන එක,මේ ගණිත ක්‍රමය හදුන්වා දුන්නේ අපේ රටේ ඒ කියන්නේ ඉන්දියන් සාගරයේ අහවල් එකේ අද්යාපන ලොක්කෙක්,මේක බොහොම අහම්බෙන් හොයාගත්තු ඉතා වටිනා ගණිත ක්‍රමයක්,ඇත්තටම මේක සොයාගෙන තියෙන්නේ ජාමිතික සුත්‍රයකින් අපේ රටේ මෙලෝ වෑදගෑම්මකට නෑති විභාගයක z අගය සොයාගන්න ගොහින්.

හෑබෑයි ඔය මෙවුවා කරන ගණිත ක්‍රමය ගෑන මුලින්ම අනාවෑකි පල කලේ මීට මාස කීපයකට කලින් චුටි මල්ලි කවුරුත් ඒ නමින් දන්නවානේ මම මේ කියන්නේ කා ගෑනද කියලා දනවානේ, ෆෑන් ටෝක්ස් වලදි ඩක්වත් ඇන්ඩ් ලුවිස් ක්‍රමය පෑහෑදිලි කරන්න ලෝකයේ ප්‍රතම වතාවට මෙවුවා කරන ගණිත ක්‍රමය චුටි මල්ලි පොඩ්ඩක් යොදා ගත්තා හෑබෑයි මේ පාර අපේ අද්යාපන ලොක්කා මෙවුවා කරන ගණිත ක්‍රමය දරුනුවටම යොදාගෙන තියන්වා,ඒ ගෑන මටන හරිම ආඩම්බරයි,දෑන් ඉතින් ලොකයේ ගණිතය කියන සබ්ජට් එක උඩුයටිකුරු වෙනවා.සිලබස් වෙනස් වෙනවා හරිම ශෝක්.

මේ ඉහතින් සදහන් කරේ මුහුනු පොතේ පල වුනු විඩියෝ එකක් බලලා මට හිතුනු දේ.

 ප.ලි - ඒ ලෙවල් මෑත්ස් කරන ළමයෙක් ගෙන් පොරක් ඇහුවලු කෝටියට බින්දු කීයද කියලා....අර බුවා කීවලු ඒක අපේ සිලබස් එකේ නෑ කියලා....