Showing posts with label ගාල්ල. Show all posts
Showing posts with label ගාල්ල. Show all posts

Sunday, June 3, 2012

ආලෝකයේ වේගයෙන් මාතර යමු....




දැන් මාතරට යන කෝච්චි පට්ට වේගෙන් යයි,එයාලා කීව වගේම පෑය 2න් මාතර යති ,මෙය නම් මහත් වු ආශ්චර්යකි,පුදුම වේගයකි,සමහරුන්ගේ බොරු කොන්ඩා(මුහුද පෑත්තේ ජනෙල්ලේ අසල සිටියොත්) සුලගට හසුව පාවී යයි,ඒ තරම් වේගයක්,විරුද්ද වාදීන් කිවා මෙන ඩබල් ලයින් කලා නම් අපරාදේය,තිබුනු එක ගලවලා ඒ පීලී ටික රට පටවලා බාල ජම්බුද්වීප යකඩ දාලා හදපු මේ තනි ලයිම පට්ටය,යකඩ යකා දුවන්නේ හරකාගේ පුකට(අදෝ මුකයට) පෙට්‍රල් ගෑහුවා සේ ය,
සුරියප්පෙරුම උත්තමයා තාම මෙ කෝච්චියේ ගොස් නෑති බවයි පේන්න තියෙන්නේ,ගියා නම හසන්ත මහත්තයට පික්ශු ටෝක් ටිකක් ශුවර්මය( අර අලුත් අවුරුදු උදාවට දුන්නා සේ).
ඉංදියාවේ රේල් පාරත් එක්ක තව තෑගිද අපිට ලෑබිනි(තෑගි කිවට සල්ලි දිලා ගත්තුවා අපිනේ පරන හොද යකඩ උන්ට තෑගි දුන්නේ) ඒ තමයි අලුත්ම කිරි ටොයිස් කොච්චි,මේ කොච්චියේ මොක නැතත් යන තැනයි එන තැනයි පොල් අකුරෙන් එන්ජිමේ වැටෙයි,අනික් ඒවාද එලෙසමය,එය දුටු විට බත් නොකන බල්ලෝද බත් කයි,වෙන වාහන ලෙඩ දෙන්නේ ටික කලක් පෑද්දාමය, මේවා පදින්න කලින්ම ලෙඩය. චීනෙන් ආපු යකඩ යකා එක්ක බලද්දි මේක නම් සිරාවටම යකෙකි,යකා තරුන වුනාට පොරගේ අනික් ඔක්කොම නාකිය,අනිවා තව ටික දොහකින් සෙට්ට පෝච්චි ශුවර් ය,කමක් නෑතිය ඉක්මන් කොටයි කියා කතාවක් අසා තිබුනි සමහර විට එය කියා ඇත්තේ මේ වගේ බුලට් කෝච්චි වල ආයුස ගෑන වෙන්ට ඇති කියා පස්සේ මට සිතුනි.
මේක හදාපු අයියලාට කොච්චියේ යන දුප්පත් මගීන් වන අපි සෑලකුවා මදිද මන්දා කියා සිතුනි,අපිට කොඹල යන්න තනි ලයිමේ සිරා රෙල් පාරක් සෑදීම ජාති ජාතිත් පින් අයිතිවන වෑඩකි,මගේ නම් හිත කියන්නේම ඒ උත්තමයෝන්ට අපි තව කීයක් හරි එකතු කර දිය යුතු බවයි........

Tuesday, April 24, 2012

ලසිත් මාලිංග - ලංකාවේ ක්‍රිකට්


කලින් ලිපියේ කතා කරපු ටොපික් එක පොඩ්ඩක් විතර ඇදගෙන යන්න හිතුනා,මොකද මාලිංග ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරිමේ කොන්ට්‍රෑක් එක සයින් කරන්න එක ප්‍රතික්ශේප කරලා.මේ ගෑන පොඩ්ඩක් විතර මගේ අදහස දක්වන්න හිතුවා.ගොඩක් සයිට් වල මේ නිවුස් එකට දක්වලා තිබුනු කොමෙන්ට් වලින් මාලිංගව පතුරු ගහලා තිබුනා,හෑබෑයි මම මේ සිද්දිය දකින්නේ මීට වෙනස් ආකාරයකට.
ක්‍රිකට් කියන්නේ වෘර්තියක්,ඒ ගෑන කිසිම තර්කයක් නෑ,මෙම තත්වය ලංකාවේ විතරක් නොවෙයි,අනික් ටෙස්ට් ක්‍රීඩාකරන රටවලටද පොදුයි.ඔබ වෙන රටවල(ඔස්ට්‍රේලියාව,එන්ගලන්තය,දකුනු අප්‍රිකාව,නවසීලන්තය) වගේ වෘර්තීය රගර් ක්‍රීඩකයන් ඉන්න රටවල රගර් ක්‍රීඩකයන් ගෑන බෑලුවොත් ඒ අයට වෙනම කලමනාකාරිතවයක් සමග වෙනම ස්ටාෆ් එකක් තියන් ඉන්නේ,මේ තත්වය මෙතරම් නෑතත්,වර්තමාන ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයින් 100% වුර්තීය ක්‍රීඩකයින්,
ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජාතික මට්ටමේ ක්‍රිඩකයෙක් වෙන්න පුද්ගලිකව විශාල කෑප කිරීමක් කරන්න ඕන,ඉංජිනේරුවෙක්,දොස්තරකෙනෙක් වෙන්න ඒ අය කෑම්පස් ගිහින් විදින දුකට සමාන දුකක් හෝ වෑඩි කෑපකීරීමක් කරන්න අවශ්‍යයි.වුර්තීය ඉංජිනේරුවෙක් රෑකියාවකට යද්දි ප්‍රාදාන වශයෙන් තමා බාලාපොරොත්තු වන වේතනය සදහන් කරන්වා.ප්‍රධාන වශයෙන් ප්‍රොෆෙශනල් පොරක්ව ගන්න සෑහෙන්න ගානක් වියදම් කරන්න ඕන කියන එක හෑමෝම දන්න දෙයක්.පුද්ගලිකව මම ඒකේ වෑරෑද්දක් දකින් නෑ.
හරි අපි දෑන් බලමු අපේ ක්‍රීඩකය ගෑන,ලසිත් මාලිංග,වයස 28යි,ලෝකේ වර්තමාන වේගපන්දු යවන්නගේ ඉහලම රෑදෙන නමක්.දෑනට ලංකාවේ ඉන්න අංක 1කේ වේගපන්දු යවන්න කීව්වොත් නිවෑරදී.මුරලිගේන් පස්සේ ආපු මෑච් එකක් දිනවන්න පුලුවන් ක්‍රීඩකයෙක්,බාහිරයට පෙන්නුම් කල ප්‍රශ්නය නම් කොන්තරාත් මුදලින් 40% ක් පමනක් ගෙවීම නිසා මෙය අත්සන් නොකිරීමයි.මාලිංගගේ පෑත්තෙන් බෑලුවාම මේ තීරනය සාදාරනයි,මාලිංග විතරක් නෙමෙයි සංගා ,මහේල ,දිල්ශාන් වගේ කෙනෙකුට මේදේ වෙලා මේ තීරනය ගත්තන් මම නම් කියන්නේ මේ තීරනය සාදාරනයි කියලා.

ඔහු මේ හඩ නගන්නේ පිනට සල්ලි ඉල්ලා නෙමෙයි,තමන් ක්‍රිකට් බෝඩ් එකට හම්බකරලා දෙන සල්ලි වලින් සාදාරන කොටසක් ඉල්ලලා,ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න කාලකන්නි නිරපරාදේ කෝටි ගනන් මුදල් නාස්ති කරද්දි,අඩුම ගානේ තමන් වෙනුවෙන් වත් පෙනී සිටීමට මාලිංගට කොන්ද හයිය තිබුනු එක ගෑන පුද්ගලිකව මම සතුටු වෙනවා.

දෑන් කට්ටියක් කියයි IPL නිසා මේ දේ වුනා කියලා,ඔව් IPL නිසා එක දෙයක් වුනා ලංකාවේ ක්‍රිකට් වලට විතරක් කොටු වෙලා හිටපු ගොඩක් ක්‍රීඩකයන්ගේ නියම වටිනාකම එයාලම දෑනගත්තා,IPL වල ගෙවන ගෙවිල්ල ලංකාව වගේ දුප්පත් රටකට ගෙවන්න බෑ නමුත් අඩුම ගානේ ගෙවිය යුතු සාදාරන ගානවත් ගෙවනවා නම් කොච්චර හොදද.

අනික් විශේශම දේ මාලිංග හරහා එලියට එන්නේ ක්‍රිකට් පාලක මන්ඩලයේ අපි නොදුටු පෑත්තක් විය හෑක,ක්‍රිකට් ක්‍රීඩකයන්ට පඩි පවා ගේවීමට නොහෑකි තත්වයකට ක්‍රිකට් ආයතනය පත්වුවේ එහි වු දුර්වල පරිපාලනය නිසා බව පෑහෑදිලී,කලයුතුව තිබුනේ දුර්වල පරිපාලකයන් එලවා දමා සුදුසු පාලකයන් පත්කොට,ක්‍රීඩකයන්ට අගතියක් නොවන ආකාරයේ ක්‍රියා පටි පාටියක් සෑදිමයි.නමුත් දිගින් දිගටම සිදුවන්නේ සිදුනොවිය යුතු දුශිත පරිපාලනය වෑජබීමයි.

ඔන්න කවුරු හරි කියයි රට වෙනුවෙන් ක්‍රීඩා කල යුතුයි කියලා නෑත්තන් දේශද්ද්‍රෝහියො කියලා,මට කියන්න තියෙන්නේ රට වෙනුවෙන් ක්‍රිඩා කරන හෙන සෙට් එකක් පාර්ලිමේන්තුවේ ඉදිද්දි තව අය මොටද????

Saturday, September 3, 2011

මාර පරාජය නොහොත් ගාල්ලේ ටෙස් මෑච් එක.....

කම්මෑලි කමට ඊයේ හවස මම ගියා ගාල්ලේ කොටුව පෑත්තේ,ගල්ලේ කොටුව කියන්නේ ඇත්තටම මාරම තෑනක්,කොච්චර ගියත් මට තාම එපාවෙලා නෑ,මුහුද දිහා බලන් පොඩි මනෝ පාරක් ගහන්න කියාපු තෑන,ටිකක් රිලක්ස් වෙන්නත් මරු,හවස් ජාමේ පොඩි අඩියක් ගහන්න එහෙමත් මරු,

මට ඉතින් ඔය ගියපු වෙලේ පිනාචන්ස් එකකුත් සෙට් වුනා මාර පරාජය බලන්න,කවුරෞත් දන්නවා මම මොකද කියන්නේ කියලා,කෑන්ගරුවන්ගේන් අපේ කොල්ලො ටික නොසෑහෙන්න කනවා,ඔකත් ඉතින් පයක් හමාරක් කම්මෑලි නෑතුව කොටු තාප්පේ උඩට වෙලා බෑලුවා,දුකේ බෑ,අපේ උන් බෑ එකකුත් අරන් එනවා බෑට් කරන්න කියලා ඒත් ආ පයින්ම අයිත් යන්වා,මෙලෝ රහක් නෑ,

ගොඩ කාලෙකින් කොටුවේ රව්මක් දෑම්මේ නෑති නිසා බියර් කෑන් එකකුත් අරන් කොටුවේ වටේ රව්මකුත් දාලා ලයිට් හව්ස් එක හරියට සෙට් වුනා බියර් එක බොන්න කියලා,ඇත්තටම නියම විව් එක. ඔතනට කොච්චර ආවත් එපාවෙන් නෑ කීවේ එකයි,හෑමදාම දකින්නේ නෑවුම් දසුනක් වගේ,

ඔන්න ඔය ආකාරයට හවස් වරුව කාලා ගෙදර යන්න කියලා පිටත් වුනා,මාරපරාජය ගෑන නම් මාර දුකයි...මොනවා කොරන්නද ක්‍රිකට් බයි චන්ස් කියලා කියනවනේ.අනිත් එක ගාල්ලේ ගහන්නෙම ටෙස් මෑච් මෙලෝ රහක් නෑ වන් ඩේ එකක්වත් ගහනවා නම් මරු,ගොඩක් ඉස්සරනම් වන් ඩේ මෑච් ගෑහුවා ඒත් ඩෑන් නම් ගාල්ලේ ග්‍රවුන් එක ටෙස් ග්‍රවුන්ඩ් එකක් කරලද මන්දා......

Sunday, May 29, 2011

දකුනේ අම්මලගේ ලමයි හම්බවෙන තෑනට කෙලෙව්වේ ඔන්න ඔහොමයි.....



ආරම්බය මේවිදිය සටහන් කරමුකෝ,මම ඊයේ හවස ගියා ගාලේ මහ මෝදර ඉස්පිරිතාලයට,මාගේ මිතුරෙක්ගේ අලුත උපන් දරුවා බලන්න කියලා,කරාපිටියේ ඉස්පිරිතාලයට ගියාට මම මහමෝදර ඉස්පිරිතාලයට ගොහින් තියෙන්නේ දෙපාරක් වගේ(මොකද ඕතන ඉන්නේ ළමයි ලෑබෙන්න ඉන්න අම්මලා නේ),ගාල්ල දිස්ත්‍රික්කය අවට තියන ලොකුම ඔය වර්ගයේ රෝහල තමයි මහ මෝදර රොහල,2004 සුනාමියෙන් මේ රෝහලට විශාල ලෙස හානි වුනා,මොකද මුහුද අයිනෙමයි මේ රෝහල තියෙන්නේ,ගාල්ලේ ඉදලා කොළඹ යද්දි ගාල්ල නගරයේ අවසාන කොන හරියේ ගරාවෑටුනු ගොඩනෑගිලි කීපයක් හමුවෙනවා,අන්න ඒක තමයි මම ඔය කියන ඉස්පිරිතාලේ,

මේකයි කතාව,සුනාමියෙන් පසුව මෙම රෝහලත් කරාපිටියට අරන් යන්න කටයුතු කරා,කොහොමහරි පිටරටක ආදාර මත තමයි ඕක කරන්න පටන්ගත්තේ මට මතක විදියට 2005 අන්තිම හරියේ වගේ ඔය ප්‍රොජෙcට් එක පටන් ගත්තා,කරාපිටිය මහ රෝහල අසලම ඉඩමක තමයි මවු වරුන් සදහාම වෙන් වුනු මේ රෝහල හදන්න ගත්තේ,


බිල්ඩිම ගහන්න කලින් පයිල් ගහන්න ගත්තා(පයිල් කියන්නේ දුර්වල පසක ගොඩනෑගිල්ලක් හදදි බෙඩ් රොක් එකට වෙනකන් ගහන කොන්ක්‍රිට් කොලම්).දෑන් අවුරුදු 6කට ආසන්න කාලයක් වෙනවා ප්‍රොජෙක්ට් එක පටන් ගෙන,තාම පයිල් ටික විතරයි,
 මට දෑනගන්න ලෑබුනු විදියට සාමාන්යෙන් ඔහොම ආදාර වලට කරන ප්‍රොජෙක්ට් වල මුදල් ඔක්කෝම එක පාර දෙන් නෑ,මොකද අපේ උන්දෑලා ගෑන ලෝකෙම දනවානේ.කොටස් වශයෙන් තමා දෙන්නේඑම මුදල් ලෑබුනු පසු එම කොටසට අදාල ප්‍රමානය ඉවර කරන්න ඕන, 

ගොඩක් වෙලාවට මුලු මුදලෙන් 40% වගේ මුලින් දෙනවා,කොහොම හරි මදීපු සල්ලි වලින් කරලා තියෙන්නෙ පයි ගහපු එක විතරයි
මේ බිල්ඩිම හද්දන්න ඉදලා තියෙන්නේ ප්‍රීකාස්ට් තාක්ශනය උපයෝගීකරන,ඒකට අදාල ප්‍රීකාස්ටට් කොටස් සෑදීමට වෙනම කම්මලකුත් හෑදුවා ගාලු කොලඹ පාරේ සුනාමි බුදුපිලිමේ පාස්කරලා ගාල්ල පෑත්තට එද්දි නිල්පාට විශාල ෆෑක්ට්‍රියක් හා ක්‍රේන් සවි කරපු ඉඩමක් හම්බ වෙනවා අන්න ඔතන තමයි ප්‍රීකාසට් ගොඩනෑගිලි කොටස් හදන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ.

කොහොම කොහොම හරි අපේ වගකිවයුතු උන්දලා ගසාකාපු කෑම කියන්නේ තට්ටු තුනේ බිල්ඩිම හදන්න යන සල්ලි වලින් හරියට පයිල් ටික වත් ගහ ගන්න බෑරි වුනා,අන්තිමට දුප්පත් මනුස්සයට වුනේ අර සුනාමියට ගියපු රෝහලටම ගොඩ වදින්න,දෑන් පරන රෝහල තිබුනු තැනම අලුත් හොඩනෑගිලි කීපයක් අලුතෙන් හදලා තියනවා,ඒත් හදන්න හිටපු රෝහලත් දෑන් තියන එකත් බෑලුවාම අහසට පොලව වගේ.
කොහොමින් කොහොමින් හරි දකුනේ අම්මලගේ ලමයි හම්බවෙන තෑනට කෙලෙව්වේ ඔන්න ඔහොමයි.....


Saturday, May 28, 2011

ගාල්ලට සෙට් වෙලා ෆන් එකක් ගන්න පුලුවන් තැන්..........

හෑමදාම වෙන වෙන බයිලා ගෑන කතා කරන්වා ඒත් අපි අපේ ආතල් ගෑන කතා කරනවා අඩුයි නේ,අද ඔන්න කතා කරමු අපේ ආතල් ගෑන,මේක ලියන්න හිතුනේ කාලෙකට පස්සේ ගියසතියේ හොදට සෙට් වුනා.මම ඉතින් ගාල්ලෙනේ ෆන් එකක් ගන්න සෙට් වෙන්න නම් තෑන් ඕන තරන්,ගොඩක් වෙලාවට අල්ලනේ කොටුවට නෑත්තන් වෑල්ලට,ගාල්ල පෑත්තේ එන්න හිතන් ඉන්නවනම් ආතල් එකක්, ෆන් එකක් දාන්න පුලුවන් තෑන් ගෑන පොඩ්ඩක් කතා කරන්න කියලා හිතුවා. මම ගියපු තෑන් ගෑන තමා කියන්නෙ.
මුලින්ම වෑඩිය ප්‍රසිද්ද නෑති තෑන් ගෑන කතා කරමු,




කොට්ටව කෑලේ.....

මෙන්න නියම ස්පොට් එකක් ,තියෙන්නේ ගාල්ල උඩුගම පාරේ,කුරුදුවත්ත හන්දිය පහුකරලා 5 කි.මී වගේ ඇති,බයික් එකක නම් ගාලෙම ඉදලා පෑය බාගෙන් යන්න පුලුවන්,
සිංහරාජේ වගේ පරිසරයක් තියෙන්නේ කෑලේ ඇතුල්ලේ පොකුනක් තියනවා අන්න එතන තමා සෙට්වෙන්නේ,ස්බාවිකව ඇතිවුනු පොකුනක්,දන්නම් නිකන් පුල් එක වගේ හදලා තියෙන්නේ අනික වටේ එන අයට සෙට් වෙන්න හට් එහෙමත් ගහලා තියව්නා ඒවගේ ස්බාවික පරිසරයක සින්දුවක් කියලා අඩියක් ගහන්න තියේ කියන්නේ මොන සෑපක්ද,අනික් විශේශම කරුන අරන් යන්න ඔන දෑවල් ඔක්කොම මගින් අරන් යන්න මොකද කෑලේ ඇතුලේ මොනවත් ගන්න තෑනක් නෑ.ඔතන නඩතුවට පොඩි ගානක් අයකරන්වා මට මතක විදියට රු 60 වගේ,දෑන් නම් වඩි කරලද දන් නෑ.යනවනම් නිස්කලන්කව දවල් වරුවක ආතල් එකක් දාල එන්න නියම තෑන,


කන්නෙලිය රක්ශිතය.


ගාල්ල උඩුගම පාරෙම උඩුගම පහුකරලා කි.මී 8 ක් වගේ එන්න ඔන,නියම එක් දින ට්‍රිප් එකක්,හෑබෑයි රක්ශිතේ ඇතුලට නම් ඉටිකොල බෑග් එකක් වත් ගෙනියන්න දෙන් නෑ පරසරයට සමීපව හොද ෆන් එකක් දාන්න පුලුවන්,දෑන් ඉතින් අහයි බොන් නෑතිව මොන ෆන්ද කියලා,එකට විසදුමක් තියන්වා.කෑලේට ඇතුල් වෙන තෑනම තියව්නා තරමක ගගක් ඔන්න නියම තෑන ගග දිගේ පොඩ්ඩක් විතර උඩට ගියාම නියම පරිසරය.තනිකර කෑලෑව,මෙතනත් ඉස්සෙල්ලා වගේම අරන් යන්න තියන ඔක්කොම මගින් අරන් එන්න,අනික මම නම් කියන්නේ අරක්කු හෙම ගන්නවනම් ගාල්ලෙන් ගන්න මොකද උඩුගම තියන අරක්කු නම් අන්තිමයි,ගු චාටර්.කන්නෙලිය ගෑන සම්පුර්න විස්තරයක් බලනවා නම් මෙතනින් බලන්න.


ගාල්ල කොටුව...

හෑමෝම දන්නවනේ ඉතින් ස්පොට් එක,දවල් දවසේ සෙට් වෙනවා නම් ලයිට් හවුස් එක පහල මුහුදු තීරයනම් නියමයි,මුහුදෑඉ නාලා පොඩි ෆන් එකක් ගන්නත් පුලුවන්,පීනන්න බෑරි වුනත් බයක් නෑතිව බුහුදට බහින්න පුලුවන් තෑනක් තමයි මේ.මොකද ලොකු රලපාරක් එන්නේ නෑ,කොටුව්ට ඉස්සරහින් තියන වෑලි පරයක් නිසා එන රල පාර කෑඩෙනවා,
රෑකට සෙට්වෙනවානම් රෑම්පාට් හොටෙලේ ඉස්සරහ කොටුතාප්පේ උඩ,නියම හුලන් පාරක් එක්ක නියම විවු එකකුත් තියනවා.


රූමස්සල....

රුමස්සල සෙටාර් වෙන්න නියමම තෑනක් තමයි.ගාල්ල මාතර පාරේ සිමෙන්ති ෆෑක්ට්‍රිය ඉස්සරහින් තියන පාරෙන් තමයි යන්න තියෙන්නේ,ගොඩක් අයදන්නවා සුදුවෑල්ල කීවම පාරදිගේ ටික දුරක් ඇවිත් වෑල්ලට බහින්න තියෙන්නේ. හෑබෑයි ඔන්න පීනන්න පුලුවන් වුනත් ඔතන ටිකක් බායනකයි නාන්න.රෑල්ල ටිකක් සෑරයි,වෑඩිය ඇතට යන් නෑතිව නාන්න කිසිම අව්ලක් නෑ.හෑබෑයි පරිසරයේ ලස්සන නම් උපරිමයි.
රූමස්සල තව නියම තෑනක් තියනවා ඔය මම මුලින් කියපු පාර දිගේ දිගටම ආවාම සාම චයිත්ය හමුවෙනවා ඔන්න ඔතනින් පහලට පාරක් තියනවා එතන සුදුවෑල්ලට වඩා එල ස්පොට් එක නාන්නත් අව්ලක් නෑ.

උනවටුන...


මමනම් සෙට් වෙන්න කෑමතිම තෑන,හවස් ජාමෙට වගේ වෑල්ලට සෙට් වුනානම් නියම ෆුන් එකක් ගන්න පුලුවන්,ගාල්ල මාතර පාරේ කෙලින්ම ඇවිත් වෑල්ල දේවාලයට යන පාරෙන් තමයි ඔය නාන්න තියන තනට යන්න ඕන,ඔය වෑල්ල දේවාල පාර අන්තිම කොනටම එන්න වාහන පාක් කරන්න ඔක්කොම පහසුකම් තියව්නා,අනික සෙට් වෙනවනම් හොදම තෑන කොනේම තියන බීච් කෑල්ලත් එක්ක තියන කොටස.ඒ හරියේ  තියන පොඩි රෙස්ටොරන්ට් එකකට සෙට් වුනානම් එලම තමයි,හෑබයි මම පුද්ගලිකව ආසම කරන තෑනක් තියනවා සබ්මෑරීන් ඩයිවින් සෙන්ටර් එක,මම හිතන්නේ ලස්සනම විවු එක තියෙන්නේ එතන,අනික බෝට් රයිඩ් එකක දානවන්ම් ඒකත් ලේසි,කොහොම වුනත් දවල් දවසේ සෙට් වෙනවා නම් ඔතන තමයි නියම තෑන.මුහුදේ නාලා හොද වතුරෙන් වොශ් එකක් හෙම දාගන්නත් පහසුක තියන්වා.
රෑට සෙට් වෙනවානම් ඔතන්ට වඩා හොදයි ඉට ටිකක් මෙහා තියන හොටෙල් සෙට් එකම(හාඩ් රොක් එක හරියේ).කෑම එහෙමත් මහ ලොකු ගානක් වෙන් නෑ,අනික මුහුද ආසන්නයටම වෙනකන් හොටෙලේ හදලා තියන නිසා නියම ෆීලින් එකේ අඩියක් ගහන්න පුලුවන්....අමතක වුනා කියන්න ඔය හරියේ නාද්දි පරිස්සමට ඉකිලියෝ ඉන්නවා කකුල් වල ඇනෙන්න පුලුවන්.


අතිශයින්ම වදගත් : මම ඔය උඩින් දාපු හෑම තෑනක්ම දෑනටමත් අපේ උන්දෑලගේ බලු කම නිසා සම්පුර්නයෙන්ම පරිසර දුශනයට බදුන් වෙලා තියෙන්නේ.


ඒක නිසා මම ඔය තෑන් වල යන්න හිතන් ඉන්න අයගෙන් පොඩි ඉල්ලීමක් ඉල්ලන්න කෑමති ඔය තෑන් වලට යන්න,විනෝද වෙන්න,කන්න ,බොන්න,ඒත් පාසටහන් හෑර වෙන කිසිම දෙයක් ඉතිරි කර එන්න එපා.එහෙම වුනොත් අනාගතේ අපිට මෙහෙම අභිමානයෙන් කතා කරන්න දෙයක් ඉතිරි වෙන එකක් නෑ.... 

Friday, March 25, 2011

මහින්ද රිච්මන් ආදරවන්තයින්ගේ සටනේ සජීවි රුපරාමු....

දෑන් බිග් මෑච් එකනම් ජයටම යනවා.අද ඉතින් ගොඩක් අයට වෑඩ නොවෑ හෙට තමා මච් එක බලන්න එන්නේ නෑත්තන් ඒ එන්නෙත් නෑ.හොයල හොයල හරි අමාරුවෙන් ලයිව් මෑච් එක ඩෙන තනක් හොයාගත්තා.අපි ඉතින් හෑම දේම බෙදාගෙන කන මිනිස්සු නොවෑ.ඔන්න ඉතින් බ්ලොග් බලන අයට දාන්න කියලා හිතුවා....

මෑචෙක බලන අය මෙත්නින් බලන්න

අදරවත්යින්ගේ හටන අද ආරම්බ වේ.....සෑමටම ආරාදධනා......

පැවිල්ල ටිකක් අඩු වෙලා පොඩිවැස්සක් ඔන්න ඊයේ රැ වැටෙන්න ගත්තා.පරිසරය පොඩ්ඩක් විතර කුල් වෙලා ගියා.මුලින්ම කියන්න ඔන ඊයේ කස්ටිය දකින්න ඈති කැන්ගරුවෝ බජිරි කනවා.ඒකනම් නියමයි අන්තිමේදි පොන්ටින්ට බජිරි ඉහමොලේ ගොහින් තිබුනේ.ඈත්තටම මට මෙ පොන්ටින් ගොයියාවනම් පේන්න බෑ,මට පේන්න බෑරිවුනා කියන එක එච්චර වෑදගත් නෑ.ඒත් ල0කාවේ ගොඩක් අයට මේ ගොයියාව වහකදුරු වගේ.ඔස්ට්‍රේලියාවේ ඉන්න උන් සමහරකටත් මුව පේන්න බෑරිලු.දන්නවද කවුද කියලා....ල0කාව,ඉන්දියාව වගේ රටවලින් ඉගනගන්න ගියපුගෑන්සියට,කෑන්ගරුවන්ට අමතක නොවන පාඩමක් ඉගෑන්නුවා කියලා මටනම් හිතෙන්නේ.රටවල් දෙකකින් මදි නොකියන්න සෑලකුවනේ.ල0කාවත් එක්ක ගහපු මෑච් එක ගහන්න පුලුවන් වුනානම් ඒකෙදිත් හොද කෑමක් කන්න ඉඩ තිබ්බා.කමක් නෑ දෑන් ඉතින් එයාල කාලා ඉවරයි නොවෑ.තව ඉතින් බ්ලොග් ලියලත් කුජීත කරන එක පව් නොවෑ.මෙහෙම ගියොත් අද ලියන්න ආව දේත් අමතක වෙනවා.


අද ගාල්ලේ ආදරවන්තයින්ගේ හටන...නෑත්තන් මහින්ද රිච්මන්ඩ් බිග් මෑච එක ආරම්බ වෙනවා.මේ පාර එතරම් බාදවකින් තොරව පෑරඩ් එකනම් තිබුනා(පෑරඩ් එක කීවට පෑරඩ් දෙකම හොදේ)මොකෝ හෑමපාරම අපේ ගොන් පොලිශ් උන්දෑලා ඔකට උදෑල්ල දානවා.උන්තත් පිස්සු...මම හිතන්නේ මේ ගහන්නේ 106 වෙනි මෑච් එක.දෑනට අවුරුදු දෙකකට විතර කලින් අපි බිග් මෑච් එක දින්න නෑත්තන් ඔක මතක ඇති කාලේ ඉදලා ඩ්‍රෝ තමයි.(අපි කිවේ මහින්දේ හොදේ).ඔය රත්ගමයයි ඉස්කෝලෙයි අපි නොවෑ මෑච් එක ගහන්නේ.ඔතන හෑබෑයි පාසෑල් බේදයක් නම් නෑ.මෑච් එකේදි හෑමොම බොහොම සහෝදරත්වයෙන් සතුට බෙදාගන්නවා මිසක්,ඔය අතරේ මදුවිත තොලගාන අතර අතිත සිදුවීම් වල සුන්දර මතකයන් අතර අතරමන් වෙන්නත් පුලුවන් සමහර අය ඔය අතරමන් වීමත් සමග ඔය 7වසට 8වසර වල බාගෙට නවත්තපු වලි වලට පොඩි කන්ටිනියුව් පාරකුත් දෙනවා.ඒවනම් පට්ටම ආතල් සමහර විට ඔය මෑච් එකේ යන වලි වලට හෙතුව දෑනට අවුරුදු 15කට විතර කලින් වෙච්ච්c මොකක් හරි පොඩි සීන් එකක්.ඔවා ඔහොම වෙද්දි මෑචෙකත් ගලාගෙන යනවා.දෑන් වෙලාව 7.22 උදේ.තව පෑය කීපයකින් බිග් මෑච් එක ආරම්බ වෙනවා..............මහින්ද නයිට් එකට ජිප්සීස්ලා ප්ලේ කොරන්නේ...රිච්මන් නයිට් එකට සන්ෆ්ලවස්ලා....එහෙනම් ඔන්න අපි ගියා....බිග් මෑචෙකට හෑමෝටම ආරාධනා.......


අදරවත්යින්ගේ හටනට ජයවේවා.........

Monday, March 21, 2011

මිහිපිට දෙවිවරු (උලු පට්ටලේ වෙද මහත්තයා)

 අද නෑගිට්ට ගමන් ඔන්න හොද ආරන්චියක් තමා අහන්න ලෑබුනේ,අපිට ඊලග වටයේ මුන ගෑහෙන්නේ එ0ගලන්තය ඒ මැච් එක ගහන්න තියේන්නේ ල0කාවේලු.ඒකනම් හොදයි.මුලින්ම ඉතින් මම ප්‍රාර්තනා කරනවා අපේ කන්ඩායමේ තියන අඩුපාඩු හදාගෙන ජයග්‍රහනය කරා යාමට හෑකියාව ලෑබේවා කියලා.
හරි දෑන් ඉතින් අපි කතාවට බහිමු.අපේ අම්මට වම් පාදයේ ආතරයිටිස් තත්වයක් ආවා.කුලින් යන්තම් ඇවිදින්න පුලුවන්න් වුනත් පසුව ටිකෙන් ටික ඒක් තෑන් වෙන ගානට ආවා.ඇත්තටම මෙය මට දරා ගෑනිමට ගොඩක් ආමරු දෙයක්.මම ල0කාවේ හොදම දොස්තරවරු චෑනල් කරමින් ප්‍රතිකාර කරේ අම්මාට කෙසි හෝ නෑවත් සාමනය අයුරින් ඇවිදිමේ හෑකියාව ලබාදිමයි.නමුත් කිසිම දොස්තර කෙනෙක් ගෙන් සාර්තක පිලිතුරක් ලෑබුන් නෑ.අනිතිමට කාරාපිටියෙන් කීවේ අම්මගේ වයසත් එක්ක ඇතිවුනු රෝග තත්වයක් බවත් මෙය සුවකිරිමේ හෑකියාව අඩු බවත්ය.එය ඈසු මොහොතේ මට ඇත්තටම ඇඩුනා.
මට ඇත්තටම සි0හල බෙහෙත් පිලිබදව එතරම් විස්වාසයක් තිබුන් නෑ,ඇයි කියන්න මමවත් දන් නෑ.කොහොම හරි ඔය අතරේ ගාල්ලෙන් ටිකක් අතුලේ(පහල කීබිය කියන ප්‍රදේශ්යේ) තරමක් ප්‍රසිද්ද සි0හල කෑඩුම් බිදුම් වෙද පරම්පරාවක් ඉන්නවා මේ පිලිබද මම දෑන හිටියත් මම යාමට මෑලිවුනේ ඉ0ග්‍රිසි දොස්තරවරු ගෑන මම අදිතක්සේරුවෙන් සිටි නීසා කියලා මම හිතනවා.
මේ වෙද ගෙදරට කියන්නේ උලුපට්ටලේ වෙදගෙදර කියලා දෑනටනම් වෙදකම් කෙරන්නේ වෙදමහත්යගේ පුතයි දුයි. මම මගේ මෑනියන් සමග කිහිප වතාවක් යන්න ලෑබුනා වෙදගෙදර ඇත්තටම ඈත්තටම ඔවුන් කොතරම් ලොකු පිනක්ද කෙරන්නේ කියලා මට හිතුනා එතනට ඈවිත් හිටපු ගොඩක් අය ඉස්පිරිතාලේ ගිහින් හොදකරගන්න බෑරිවුනු අය.
මගේ මෑනියන්ට දෑන් එම රෝග තත්වය නිට්ටාවටම හොදයි.මාස 3ක් පමන වෙදකන් කරා.දෑන් පෙර අයුරින්ම කිසිම වේදනාවකින් තොරව මෑනියන්ට ඇවිදින්න පුලුවන්.මම වෙද ගෙදර ගියපු දින දෙක තුනට ඇත්තටම කෑඩුම් බිදුම් වෙදකම ගෑන විස්මිත දෙවල් කිහිපයක්ම දුටුවා.

අවසාන වශයෙන් උලුපට්ටලේ වදමහත්තයාට පින් දී අවසන් කල නොහෑක.ඒතරම් මහත් වටිනා උපකාරක් එතුමන් විසින් කරන ලද්දේ.එය අද්දෑකීමට මුහුන දුන් කෙනෙකුට මනාව වෑටහෙනු ඈත.මිහිපිට දෙවිවරු කියා කිව හෑක්කේ ඔබ වෑනි මිනිසුන්ටයි කියා මට සිතේ....

Saturday, January 8, 2011

කන්නෙලිය රක්ෂිතය


කන්නෙලිය රක්ෂිතය ....දකුණු පලාතේ ඈති සදාහරිත වනාන්තර වලින් තවත් එකක් වේ.ගාල්ල නගරයේ සිට උඩුගමට පෑමින උඩුගම සිට නෙලුව මාර්ගයේ ටික දුරක්(කි.මි 5 පමන) පමිනිතෑන මෙම රක්ශිතය හමුවේ.ගාල්ලේ සිට ආසන්න වශයෙන් කි.මි 35 ක පමන දුරක් පවති.ල0කාවට අවෙනික සතුන් හා ශාක විශාල පරමානයක් කන්නෙලිය රක්ශිතය සතුව පවතී.

ඉහත පෙන්වා ඈති ඇල්ල අනගිමලේ ඇල්ලයි,මීට අමතරව නාර0ගස් ඇල්ල කන්නෙලිය රක්ශිතය සතුව පවතී.මීට අමතරව මෙහිනරබීමට ඇති විශෙශ ස්තාන වනුයේ වවුල් ගුහාව,යෝධ පුස් වෑල,කම්බලේ කන්ද,යෝධ නවද ගහ මේ අතර වේ. සාධාහරිත වෑසි වානාන්තරයක් වන කන්නෙලිය මුහුදුමට්ටමේ සිට මි 425 ක් උසින් පවතී.සාමන්ය උෂ් 27 c පමන වේ.වාර්ශික වර්ශාපතනය 3750 mm පමන වේ
කන්නෙලිය රක්ශිතය තුල නවාතෑන් පහසුකම් ඇති අතර එය වෙන් කර ගෑනීමට වන අඩවි කාර්යාලයෙන් හෑකිය දු අ . 0112866631.

පරිසරය සුන්දරයි....ඔබ මෙහි පෑමියහොත්...පරිසරය විදින්න...වනය තුල පාසටහන් හා මතකය පමනක් තබා එන්න.....මෙය අප සතු සම්පතකි,පරිසරයට හෑකිතාක් සමිප වන්න, පරිසරයට ආදරය කරන්න...

Tuesday, January 4, 2011

කොල්ලන්ට කොට කලිසන් ඈදිම තහනම්, සරම කෑහිපට ගෑහිම හා අමුඩය ගෑසිම තහනම් වේ.....

කොල්ලන්ට කොට කලිසන් ඈදිම තහනම්,තවදුරටත් පවසන අන්දමට සරම කෑහිපට ගෑහිම හා අමුඩය ගෑසිම තහනම් වේ.....
 මේ පුවතත් අපට ඈහෙන්න වෑඩි කලක් යනකක් නෑ වගේ.අලුත් අවුරුද්දේ දෙවන පොස්ට් එකත් මෙලොරහක් නති නිතියක් පිලිබදවයි.ගෑනු ලමයින්ට මිනි ස්කට් අදින්න තහනම් කරන්නයනවලු.අනේ මන්දා ආශ්චයමත් ල0කාවේ සියලු සෑපසම්පත් විදින අපිව පුදුම කරන්න අපේ ලොකු අත්තෝ හරිම ආසයි.ඈත්තටම මම පොඩ්ඩක් අරන්චි කරල බෑලුවා මොකද්ද හෙතුව කියලා මේ ආකරයේ අමුතු කලාත්මක නිතියක් දාන්න හෙතුව.මෙන්න මෙකනේ හේතුව
සමක ආස්‍රිත රටක්නේ ල0කාව කියන්නේ,එ කියන්නේ හිරු රෑස් තදින් වෑටෙන රටක්,අපේ බවලත් උදවිය ඔය කොට සායවල් ඈදන් ගියාම අර සායෙන් පහල ලස්සනට තියන කකුල් දෙක කලු වෙනවා.ඔන්න ඔයදේ ගෑන හිතලා තමයි මේ නිතිය ගේන්න හදන්නේ.ඈතටම හොද අදහසක්...

ල0කාව වගේ දියුනු රටක පාලකයින්ට කතාකරන්න දෙයක් නෑතුව ඈති මෙවගේ සෞන්දරාත්මක මතෘකා සාකචාවට ගන්නේ.තවත් ආරන්චියක් තියනවා ගාල්ලේ ටවුන් 1කේ සෙරෙප්පු නෑතිව යන්න බෑ කියලා.මෙක තාම අරචියක් විතරයි.නමුත් පොඩ්ඩක් හොයල බලන්න වටින කතවක්.

දෑන් ඔය හෑම දෙම අපිට බරිනම් අපිට කරන්න පුලුවන් මොකද්ද?????????????