Showing posts with label මම. Show all posts
Showing posts with label මම. Show all posts

Thursday, April 26, 2012

කන්නත් නෑ,බොන්නත් නෑ,සනීපත් නෑ,අතේ සල්ලිත් නෑ... ලග හිටපු යාලුවොත් නෑ...!!!



ඉස්සර අපි හිටියේ තුන් වෙනි පන්තියේ,
ඒකාලේ......
දෑන් වගේ ආර්ථිකේ දියුනුත් නෑ,
මේච්චර ඒක පුද්ගල ආදායමකුත් නෑ,
නෙලුම් පොකුනු නෙලුම් කුලුනුත් නෑ,
හයිවේත් නෑ,
වේගෙන් යන කෝච්චිත් නෑ,
ලොකු ලොකු වරායලුත් නෑ,
අපිට ජොබුත් නෑ.......


ඒත් දෑන්.......
මේ හෑම දේම තිබිලත් අපි තුන්වෙනි පන්තියෙන් හතරට වෑටිලා......
දෑන් කටේ දතුත් නෑ

(පාන් කියා ගන්නත් බෑරි තෑන කුරුටු ගෑවෙමි)

Friday, December 16, 2011

යමුද නෑවෙන් ලෝකේ වටේ........

වෑඩි අවදානය යොමු නොවුනු විදේශවිනිමය ඉපෑයිය හෑකි ක්ශේතත්‍රක් තමයි වෙලද නෑව් වල රෑකියා කිරිම කියන්නේ.අනික් රෑකියා ක්ශේත්‍ර ගෑන සමාජයේ තියන උනන්දුව මෙම ක්ශේත්‍රයට ලෑබී නෑති බව නම් පෑහෑදිලිය,එයට සමහර විට ගතානුගතික ලාංකික සමාජයේ මෙම රෑකියාව ගෑන මෑවී ඇති චිත්ත රුපය සමහර විට බලපා ඇත,මක් නිසාද යත් මේ ගෑන හරි හෑදෑරීමක් කිරීමට පෙර මා තුලද පෑවතියේ එවන් හෑගීමකි.
නාවික ක්ශේත‍්රය යනු අනිකුත් රෑකියාවක් මෙන්ම වර්තමානයේ වෘර්තියම සම්මතයකට පත්ව ඇති අතර ලංකාවේ අඩු වුවද අද්යාපන ආයතනද පවති.දෑනට NDES,NDT ඩිප්ලොමා ආයතන මගින් නාවික ඉන්ජිනේරු ඩිප්ලෝමාවක් ලබාගත හෑක,ව්ශේශත්වය නම් මෙම ඩිප්ලෝමා දෙකම රජය මගින් නොමිලේ ලබා දෙන පුර්න කාලින ඩිප්ලෝමා දෙකකි,මින් ඉදියට වෘතීය අද්දෑකීම් සමග ඉදියට අද්යන කටයුතු කරන්නේ නම් CENEC ආයතනය තුලින් කලයුතු වේ,නමුත් බොහෝ විට දෙවෑනි ඉන්ජිනේරු විබාගයේ සිට විදෙශ රට කට ගොස් අද්යනය කටයුතු කිරීමට බොහෝ නාවික ඉන්ජිනේරුවන් කෑමති වන්නේ එම සහතිකයේ ඇති පිලි ගෑනීම නිසයි.


මෙම ක්ශේත‍්රයට යාන්ත්‍රික හා විදුලි ඉන්ජිනේරු අන්ශයෙන් අදයන කටයුතු හමාර කල අයට එක් විය හෑකියවේතය පෑත්තේන් බෑලුවාම නම් ලංකාව තුල රෑකියාවක් කොට කිසිසේත් සිහිනෙකින් වත් ඉපෑයිය නොහෑකි මුදලක් මෙමගින් ඉපෑයිමට හෑකිය,මාගේ දෑනුමේ හෑටියට මෑදපෙරදිගදී ලෑබෙන පඩියට වඩා ලොකු පඩියක් නාවික රෑකියාවේදී ලබා ගත හෑකිය.දෑනුවත් කිරිමේ ඇති අඩු පාඩු නිසා මෙම වෘතියට එලබෙන ප්‍රමානය අඩුවක් ඇත.හෑබෑයි එලඹෙන ඕනෑම කෙනෙකුට තම සුදුසුකම් වලට සාපේක්ශව ඉතා ඉහල වේතන මට්ටම් වලට යා හෑකිය,ඊට අමතරව ඉතාවෑදගත් වරප්‍රසාද ගොන්නක්ම මේ සමග ලෑබෙනු ඈත(එව්වා පස්සේ කියමු).....




Friday, August 19, 2011

මොනවද බොලවු කඩ වලින් අපි මේ කන කෑම.......තු නොදකින්...

මේ ප්‍රශ්නේ එන්නේ ගොඩක් වෙලාවට කොලඹ නෑවතිලා රස්සාවල් කරන ඉගන ගන්න අයට තමයි,වෑඩිය කතා බහ නොකලත් මේක නම් ඇත්තටම පජාතම කේස් එකක් ,කෑම පුරශ්නය,දාඩිය මහන්සියෙන් කීයක් හරි හම්බ කරලා අඩුම ගානේ කටට රහට කෑම වේලක් කන්න නෑත්තන් මොකටද.


රහ පෑත්තකින් තියමු,අඩුම ගානේ අප්පිරියාවක් නෑතුව කන්න තියෙන්නේ කීයෙන් කී තෑනකද????? 


පිටකොටුවේ කෑම නම් ඕන නෑ.ඔය කඩවලට ගියාම ලංකාවේ පී.එච්.අයි මහත්වරු ඉන්නවද කියල්ල ප්‍රශ්නයක් ඇතිවෙනවා.මොකද උන්ට පඩි ගෙවන්නේත් අපි ගෙවන බදු වලින්නේ.පඩියක් ගන්නවනම් තමන්ගේ ජොබ් එක හරියට කරන්න බෑරි ඇයි කියලත් ප්‍රශ්නයක් ඇති වෙනවා,


ඔන්න දෑන් අපේ පොශ්(නෑත්තන් කොස්) ජනයා කියයි ඇයි ඕවට ය්න්නේ යමුකෝ k.f.c. හරි මෑක් හරි කියලා.ඕකෙන් ඉතින් තුන් වේල කන්න හතරමහා නිදානේ පහත්වෙන්න ඕන,මොකද මටනම් කන එක පෑලෙන්න කන්න ඕන,අනික හෑමදාම කුකුල් මස් ගිලින්න පුලුවන්ද.


මගේ අද්දෑකීම හෑටියට නම් එක කඩේකින් වෑඩිම වුනොත් සතියක් කයි. ඊටවඩා අදින්න නම් ඉතින් අර රස සන්නාව කියන එක නෑති වෙන්න ඔන.කඩවල පිරිසිදු කම ගෑන කතා කලොත් නම් මගේ මුලින්ම මතකයට එනනේ ගාල්ලේ ඉලේපෙරුම එක.ඒකේ ඉන්න මීයෝ මස්වලට මරන්න පුලුවන්.ඒතරම් සයිස්,අනික දන්නෝ දන්නිති කෑම හදන තෑන ගෑන.

මේවා දෑක දෑකත් බලදාරින් පොට්ටයෝ වගේ ඉන්න එක ගෑනයි දුක,මේක ලංකාවනේ අපිමේවා කතා කලා කියලා මොකෝ වෙනස් වෙන එකක්ද නෑ නේ.

ඒක නිසා මම නම් කලේ උයන්න පටන් ගත්තා,මොකද අඩුම ගානේ බතුයි පරිප්පුයි හරි කටට රසට පිරිසිදුවට කන්න පුලුවන්,ටිකක් මහන්සී තමයි ඒත් ඒකෙත් පොඩි ෆන් එකක් තියන්වා..

Saturday, August 13, 2011

ආවාටය යලි අරඹමි...........

අයිමත් ලියන්න කියලා හිතුවා.... බ්ලොග් එක පෑත්තේ එන්න බෑරිවුනේ යාපනේ පෑත්තේ පොඩි වියාපෘතියකට සෙට් වුනා දෑන් ඒක ඉවරයි ආයිත් පරන විදියටම ජීවිතේ ගලන්නයි හදන්නේ.ඒපෑත්තේ ගොහින් කරපු වෑඩ ගෑන මම පස්සේ කියන්නම්,හෑබෑයි ජීවිතේ ලබන්න පුලුවන් හොදම අද්දෑකීම් ටිකක් ලබන්න මම වාසනාවන්ත වුනා කිව්වොත් හරි.යුද්දේ තිබුනු කාලේ දරුනුවටම යුද්දේ තිබුනු ප්‍රදේශ කීපයකටම මට යන්න වාසනව ලෑබුනා,ඉතින් ඉදිරියේදී ඒ පිලිබද අද්දෑකීම් ගොන්නත් එක්ක හමු වෙමු......

Saturday, May 7, 2011

හෑරගිය මිතුරාවෙත................ඔබට සුබ ගමන්................

සදාකාලික වු කිසිම දෙයක් නොමෑතිය යන පරම වු සත්ය මම තදින් අදහමි,ඒසේම පෘතක්ජන පුද්ගලයේකු ලෙස මාහටද වෙන්වීමේ සිත්තෑව්ල හොදින් දෑනේ,මෙම සිද්දිය දෑනට සති කීපයකට කලින් සිදු වුවකි,උසස් පෙලින් පසුව මාගේ ඉන්ජිනේරු ඩිප්ලෝමාව හදාරන සමයේ සිටි මගේ හොදම ගජයා මොහුය.අතිශයින්ම සුන්දර වු මතකයක් ඒ අතීතය තුල දෑවටී ඇතෑයි මට සිතේ.හොස්ටල් ජීවිත්ය,එක්සෑම්,පාටි,ගිටාර් ඒක.....මේ ආකාරයේ අනෙක විදි මතකයන් දහස්ගානක් මේ මිතුරා හා බෑදී තිබේ.
නමුත් වර්තමානය අතිතයෙන් මදක් අපගමනය වී ඇතයි මට හිතේ,වෙනස් වීම මනුශය ස්බාවයයි,එයට මුහුන දිය නොහෑකි සත්වයින් නිරායාසයෙන්ම සමාජයෙන් තුරන් වී යයි,එම නිසා මාහටද එම නීතියට එකග වීමට සිදුවී ඇත,හෑම දෙයක්ම මුදල් වලින් මෑනෙන වර්තමානයේ ඔහුට ඔහුතරම් පොහොසත් නොවු මාගේ මිතුදම එතරම් නොවටිනා බව මම දනිමි.
යන අයට යන්න දීම මාගේ ක්‍රමයයි.ඒ ගෑන පසු තෑවීමක්ද නෑතිය.
අවසාන වශයෙන් මම උබට සුබ පතනවා ජීවිතේ සියලු ඉලක්ක වලට සාරතකව ගමන් කිරීමට ශක්තිය දහිරිය ලෑබේවා කියලා.....

Thursday, April 14, 2011

බාර් වෑසිමට මගේ දෑඩි විරෝදය................

ඔන්න කිරිබත් හෙම කාලා අලුත් අවුරුද්දේ වෑඩ අල්ලන්න කියලා බ්ලොග් එක පෑත්තේ අවා.අනික් විශේශත්වය මගේ මේ 50 වෙනි පොස්ට් එක එක දිගට වඩක් කොරාමද මන්දා හිතාගන්නත් අමරුයි මෙච්චර දුරක් අවා කීවාම.මේ බ්ලොග් එක නිසා මට ගොඩක් අමුතුම ආකාරයේ අද්දෑකීම්වලට මුහුන දෙන්න පුලුවන් වුනා මුලින්ම මම ගන්ජාකාරායා කියල අති දෑවෑන්ත කාඩ් එකක් වෑදුනා ඒ කත් එක්කම මට අලුත් යාලුවො ගොඩක් ලබුනා, හෑමදේකින්ම මට අන්තිමට ලෑබුනු වටිනම දෙය තමයි ඒක.

හරි එහෙනම් මාතෘකාවට බහිමු ,අලුත් අවුරුද්දේ ඔන්න මම මුල්ම බේබද්දා වෙන්න යන්නේ.මේකයි කාරනය අවුරුද්ද,නත්තල්,ජනවාරි පලවෙනිදා, වගේ විශේශයි කියන දින වලට බාර් වහන එකට මම නම් සම්පුර්න විරුද්දයි මොකද එක මහ තේරුමක් නති බොරු වෑඩක් කියලා තමයි මටනම් හිතේන්නේ.මොකද බොන මිනිහා(මම වගේ අය) කලින් තමන්ට අවශය ප්‍රමානයට බෝතල් අරන් තියා ගන්නවා ඉතින් බාර් වෑහුවා කියලා බොන එක නවත්තන්න නම් බෑ ඔන්න.
අනික් හේතුව තමයි හොර පොට් වලින් බෝතල් ඔන පදමට ගන්නතියන්වා.මට ඊයේ වුනෙත්, අද තව ටිකකින් වෙන්නෙත් මෙක තමයි මොකද බොතලයක් ගහන්න සෙට් වුනාම ඔක 2ක,3න, 4,........n දක්වා යනවා.ඉතින් කලින් ගත්තු බොතල් ඉවරවුනාම මොකද වෙන්නේ කෙලින්ම වෑඩි මිලට බෝතල් ගෙනවා.ගොඩක් වෙලාවට ඔය තෑන් වල අරක්කු නියම ප්‍රමිතියට නෑ මොකද කියලනම් මම දන් නෑ(වතුර කලම් කොරනවාද දන් නෑ).කොහොම හරි ඔය විදියට වැඩිපුර දිලා ගන්න බොතලෙන් රජයට කිසිම වාසියක්  වෙන්නේත් නෑ.බොන එක අඩු කොරන්න කියලා අන්ඩුවෙන් බාර් වෑහුවට මොකද වෙනදට වඩා අපි බීලා,ඒකෙන් ආන්ඩුවට ලාබෙකුත් නෑ,පාරිබොගිකයට ලාබෙකුත් නෑ ඒත් හොර අරක්කු විකුනන අතර මෑදියටනම් ජයටම අවුරුදු.ඔන්න ඔකයි ලංකාවේ වෙන්නේ.ඉතින් මමනම් හිතන්නේ බාර් ඇරලා තිබුනොත් මොකද වෙන්නේ තමන් බොන ප්‍රමානය සදාරන මිලට බොන්න පුලුවන් වගේම මුදලට සරිලන තත්වයක හොද සෙවාවකුත් පාරිබොගිකයාට සෑපයෙනවා.

අනේ මන්දා ඔන්න ඔහොමතමයි මටනම් හිතෙන්නේ.මගේ ජීවිතේ ගොඩක්ම අමාරු කාලයක් ඒ වගේම තිරනාත්මක කාලයක් මේ ගෙවිගෙන යන්නේ පහුගිය කාලේ ජීවත් වුනා කියලා හිතනකොටත් පිස්සු වගේ.......හරි ඔන්න මම එහෙනම් ගියා ......ජය වේවා......

Saturday, March 26, 2011

බොමුද ක්ලොරීන් ටි...........................???

මාත් මේ වගේ තේ එකක් ගෑන ඇහුවමයි.මුල් පාර අහපු ගමන් මාව කරකවලා අතැරියා වගේ.මේ සිද්ද්ඩිය වුනේ මායි මගේ මිතුරෙකුයි ගියා මිතුරාගේ ගෑනු දෑරිවිගේ ගෙදර.මහා දුරක නෙමෙයි ගාල්ලෙම තමයි.ඉතින් ගෙදරට ගොහුන් පොඩි චෑට් එකක් දාගෙන ඉන්න ගමන් කෙල්ල අහනවා අපි දෙන්නගෙන් බොන්නේ මොනවද කියලා මම නම් ඉතින් සොෆ්ට් ඩ්‍රින්ක්ස් කොහොමත් පාවිච්චියක් නෑ නේ......මු කියනවා(මගේ යාලුවා) ඌට ඔනලු ක්ලෝරින් ටි එකක්.හිකිස්ස්ස්ස්ස්ස්ස්....

මොකද්ද මේ ක්ලොරීන් ටි කියන්නේ????????
හරිම ලේ සී...නගර සබා වතුර උනු කරලා නටවලා අපි වෙනදා හදන විදියටම තේ එක හදනවා එතකොට හෑදෙන්නේ ක්ලෝරීන් ටී තමයි.ඔක බොද්දි තේ එකෙන් හීනියට අර දාලා තිබුනු ක්ලෝරීන් රස එනවා සමහරුන්ට ඔක පට්ට ආතල් නිකන් මයිලෝ බොනවා වගේ ලු,මටනම් ඇඇක්කා තමයි.....මහා වහතු රහක් තියෙන්නේ....
කඩවලින් තේ බොද්දි ඉතින් කොහොමත් ඔය ජාතියේ තේ තමා හම්බ වෙන්නේ,මොනවා කොරන්නද, සිගරට් එකක් එක්ක බොද්දි ඔක ඉතින් එච්චර දෑනෙන් නෑ ඔය එක හුස්මට ඇදලා දාන්වා
කොහොමින් කොහොම හරි ඔන්න ක්ලෝරීන් තේත් ගෑහුවා........හිකිස්ස්ස්ස්ස්ස්ස්ස්

ප.ලි. අර දෑරිවිගේ ගෙදර ක්ලෝරින් තේ විතරයි තියෙන්නේ,අකමෑත්තේන් වුනත් මට බොන්න වුනා,මම නම් බොන්න කෑමති දර ලිපේ වතුර උන් කරලා(ලින් වතුර) හදන තේ.දර වලින් එන දුන් සුවද එක්ක කලවම් වෙලා ප්ලේන් ටී යෙත් නියම රසයක් එනවා....

Friday, March 25, 2011

මහින්ද රිච්මන් ආදරවන්තයින්ගේ සටනේ සජීවි රුපරාමු....

දෑන් බිග් මෑච් එකනම් ජයටම යනවා.අද ඉතින් ගොඩක් අයට වෑඩ නොවෑ හෙට තමා මච් එක බලන්න එන්නේ නෑත්තන් ඒ එන්නෙත් නෑ.හොයල හොයල හරි අමාරුවෙන් ලයිව් මෑච් එක ඩෙන තනක් හොයාගත්තා.අපි ඉතින් හෑම දේම බෙදාගෙන කන මිනිස්සු නොවෑ.ඔන්න ඉතින් බ්ලොග් බලන අයට දාන්න කියලා හිතුවා....

මෑචෙක බලන අය මෙත්නින් බලන්න

අදරවත්යින්ගේ හටන අද ආරම්බ වේ.....සෑමටම ආරාදධනා......

පැවිල්ල ටිකක් අඩු වෙලා පොඩිවැස්සක් ඔන්න ඊයේ රැ වැටෙන්න ගත්තා.පරිසරය පොඩ්ඩක් විතර කුල් වෙලා ගියා.මුලින්ම කියන්න ඔන ඊයේ කස්ටිය දකින්න ඈති කැන්ගරුවෝ බජිරි කනවා.ඒකනම් නියමයි අන්තිමේදි පොන්ටින්ට බජිරි ඉහමොලේ ගොහින් තිබුනේ.ඈත්තටම මට මෙ පොන්ටින් ගොයියාවනම් පේන්න බෑ,මට පේන්න බෑරිවුනා කියන එක එච්චර වෑදගත් නෑ.ඒත් ල0කාවේ ගොඩක් අයට මේ ගොයියාව වහකදුරු වගේ.ඔස්ට්‍රේලියාවේ ඉන්න උන් සමහරකටත් මුව පේන්න බෑරිලු.දන්නවද කවුද කියලා....ල0කාව,ඉන්දියාව වගේ රටවලින් ඉගනගන්න ගියපුගෑන්සියට,කෑන්ගරුවන්ට අමතක නොවන පාඩමක් ඉගෑන්නුවා කියලා මටනම් හිතෙන්නේ.රටවල් දෙකකින් මදි නොකියන්න සෑලකුවනේ.ල0කාවත් එක්ක ගහපු මෑච් එක ගහන්න පුලුවන් වුනානම් ඒකෙදිත් හොද කෑමක් කන්න ඉඩ තිබ්බා.කමක් නෑ දෑන් ඉතින් එයාල කාලා ඉවරයි නොවෑ.තව ඉතින් බ්ලොග් ලියලත් කුජීත කරන එක පව් නොවෑ.මෙහෙම ගියොත් අද ලියන්න ආව දේත් අමතක වෙනවා.


අද ගාල්ලේ ආදරවන්තයින්ගේ හටන...නෑත්තන් මහින්ද රිච්මන්ඩ් බිග් මෑච එක ආරම්බ වෙනවා.මේ පාර එතරම් බාදවකින් තොරව පෑරඩ් එකනම් තිබුනා(පෑරඩ් එක කීවට පෑරඩ් දෙකම හොදේ)මොකෝ හෑමපාරම අපේ ගොන් පොලිශ් උන්දෑලා ඔකට උදෑල්ල දානවා.උන්තත් පිස්සු...මම හිතන්නේ මේ ගහන්නේ 106 වෙනි මෑච් එක.දෑනට අවුරුදු දෙකකට විතර කලින් අපි බිග් මෑච් එක දින්න නෑත්තන් ඔක මතක ඇති කාලේ ඉදලා ඩ්‍රෝ තමයි.(අපි කිවේ මහින්දේ හොදේ).ඔය රත්ගමයයි ඉස්කෝලෙයි අපි නොවෑ මෑච් එක ගහන්නේ.ඔතන හෑබෑයි පාසෑල් බේදයක් නම් නෑ.මෑච් එකේදි හෑමොම බොහොම සහෝදරත්වයෙන් සතුට බෙදාගන්නවා මිසක්,ඔය අතරේ මදුවිත තොලගාන අතර අතිත සිදුවීම් වල සුන්දර මතකයන් අතර අතරමන් වෙන්නත් පුලුවන් සමහර අය ඔය අතරමන් වීමත් සමග ඔය 7වසට 8වසර වල බාගෙට නවත්තපු වලි වලට පොඩි කන්ටිනියුව් පාරකුත් දෙනවා.ඒවනම් පට්ටම ආතල් සමහර විට ඔය මෑච් එකේ යන වලි වලට හෙතුව දෑනට අවුරුදු 15කට විතර කලින් වෙච්ච්c මොකක් හරි පොඩි සීන් එකක්.ඔවා ඔහොම වෙද්දි මෑචෙකත් ගලාගෙන යනවා.දෑන් වෙලාව 7.22 උදේ.තව පෑය කීපයකින් බිග් මෑච් එක ආරම්බ වෙනවා..............මහින්ද නයිට් එකට ජිප්සීස්ලා ප්ලේ කොරන්නේ...රිච්මන් නයිට් එකට සන්ෆ්ලවස්ලා....එහෙනම් ඔන්න අපි ගියා....බිග් මෑචෙකට හෑමෝටම ආරාධනා.......


අදරවත්යින්ගේ හටනට ජයවේවා.........

Monday, March 21, 2011

මිහිපිට දෙවිවරු (උලු පට්ටලේ වෙද මහත්තයා)

 අද නෑගිට්ට ගමන් ඔන්න හොද ආරන්චියක් තමා අහන්න ලෑබුනේ,අපිට ඊලග වටයේ මුන ගෑහෙන්නේ එ0ගලන්තය ඒ මැච් එක ගහන්න තියේන්නේ ල0කාවේලු.ඒකනම් හොදයි.මුලින්ම ඉතින් මම ප්‍රාර්තනා කරනවා අපේ කන්ඩායමේ තියන අඩුපාඩු හදාගෙන ජයග්‍රහනය කරා යාමට හෑකියාව ලෑබේවා කියලා.
හරි දෑන් ඉතින් අපි කතාවට බහිමු.අපේ අම්මට වම් පාදයේ ආතරයිටිස් තත්වයක් ආවා.කුලින් යන්තම් ඇවිදින්න පුලුවන්න් වුනත් පසුව ටිකෙන් ටික ඒක් තෑන් වෙන ගානට ආවා.ඇත්තටම මෙය මට දරා ගෑනිමට ගොඩක් ආමරු දෙයක්.මම ල0කාවේ හොදම දොස්තරවරු චෑනල් කරමින් ප්‍රතිකාර කරේ අම්මාට කෙසි හෝ නෑවත් සාමනය අයුරින් ඇවිදිමේ හෑකියාව ලබාදිමයි.නමුත් කිසිම දොස්තර කෙනෙක් ගෙන් සාර්තක පිලිතුරක් ලෑබුන් නෑ.අනිතිමට කාරාපිටියෙන් කීවේ අම්මගේ වයසත් එක්ක ඇතිවුනු රෝග තත්වයක් බවත් මෙය සුවකිරිමේ හෑකියාව අඩු බවත්ය.එය ඈසු මොහොතේ මට ඇත්තටම ඇඩුනා.
මට ඇත්තටම සි0හල බෙහෙත් පිලිබදව එතරම් විස්වාසයක් තිබුන් නෑ,ඇයි කියන්න මමවත් දන් නෑ.කොහොම හරි ඔය අතරේ ගාල්ලෙන් ටිකක් අතුලේ(පහල කීබිය කියන ප්‍රදේශ්යේ) තරමක් ප්‍රසිද්ද සි0හල කෑඩුම් බිදුම් වෙද පරම්පරාවක් ඉන්නවා මේ පිලිබද මම දෑන හිටියත් මම යාමට මෑලිවුනේ ඉ0ග්‍රිසි දොස්තරවරු ගෑන මම අදිතක්සේරුවෙන් සිටි නීසා කියලා මම හිතනවා.
මේ වෙද ගෙදරට කියන්නේ උලුපට්ටලේ වෙදගෙදර කියලා දෑනටනම් වෙදකම් කෙරන්නේ වෙදමහත්යගේ පුතයි දුයි. මම මගේ මෑනියන් සමග කිහිප වතාවක් යන්න ලෑබුනා වෙදගෙදර ඇත්තටම ඈත්තටම ඔවුන් කොතරම් ලොකු පිනක්ද කෙරන්නේ කියලා මට හිතුනා එතනට ඈවිත් හිටපු ගොඩක් අය ඉස්පිරිතාලේ ගිහින් හොදකරගන්න බෑරිවුනු අය.
මගේ මෑනියන්ට දෑන් එම රෝග තත්වය නිට්ටාවටම හොදයි.මාස 3ක් පමන වෙදකන් කරා.දෑන් පෙර අයුරින්ම කිසිම වේදනාවකින් තොරව මෑනියන්ට ඇවිදින්න පුලුවන්.මම වෙද ගෙදර ගියපු දින දෙක තුනට ඇත්තටම කෑඩුම් බිදුම් වෙදකම ගෑන විස්මිත දෙවල් කිහිපයක්ම දුටුවා.

අවසාන වශයෙන් උලුපට්ටලේ වදමහත්තයාට පින් දී අවසන් කල නොහෑක.ඒතරම් මහත් වටිනා උපකාරක් එතුමන් විසින් කරන ලද්දේ.එය අද්දෑකීමට මුහුන දුන් කෙනෙකුට මනාව වෑටහෙනු ඈත.මිහිපිට දෙවිවරු කියා කිව හෑක්කේ ඔබ වෑනි මිනිසුන්ටයි කියා මට සිතේ....

Tuesday, March 1, 2011

කෆිර් අනතුරින් මිය ගිය මා මිතුරා....

 
කොහොම ලියන්නද් කියලා මටම හිතාගන්න බැ ඉස්කොලේ යන කාලේ අපිත් එක්ක එක බත් එක කාගෙන හිටපු එකෙක් එක පාරම අපිව දාල ගියා කිවම හිතා ගන්න බැ,අද උදේ  සිදුවුනු කෆිර් අනතුරින් මා ගේ ඉතාම සමිපම මිතුරෙක් ජීවිත්යෙන් සමු ගත්තා.නමින්  ඔහු මොනාත් පෙරේරා.අපිත් එක්ක වසර 13ක් ගාල්ලේ මහින්දේ තමයි ඉගන ගත්තේ.ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක් විදියට තමයි වැඩ කරේ.දවල් මේ සින් එක දැනගතු ගමන් ඈත්තටම මාව ස්ටක් වුනා.දැන් දවස් කිපයකට කලින් කතා කරලා බිග් මැච් එකට මොකද කෙරන්නේ කියලා පැයක් විතර චට් එකක දාගෙන හිටියා.ඈස් වලින් කදුලු නොආවට හිතේ ලොකු දුකක් තියනවා හොද මිනිස්සු ඈයි අප අතරින් ඉක්මනටම වෙන් වෙන්නේ කියලා.ලියන්න කියලා ගත්තට ලියන්න තරම් හිත නිදහස් නැ.මොනවා කරන්නද ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්........
නුබ අප හෑරදා ගියා කියා තාම සිතා ගත නොහෑක,
රුදුරු ත්‍රස්තගිනිදෑල් මෑද,
මෙ ධර්මද්විපය රෑක ගනිමට,අබිතව සටන් කල නුඹ,
කිසිත් නොකියාම යන්න ගිහින්,
කිසිදාක නොයයෙන්නම යන්න ගිහින්.........
ඉතින් අප කෙසේ දාරාගනිමුද??? 
මොනාත් නුඹ්ට නිවන් සුව පතමු.............

Thursday, February 17, 2011

කන්නේ බොන්නේ නැති ඈම්ඩන්.............


මේ කටාව අපි අපේ ජුන්නොන්ට රැග් කරන ද්වස් වල සිදුවුනු සිදු විමකි,අපේ බජෙක් හිටියා ඈම්ඩ කියලා,දැන් ඇම්ඩා කිවාම නිකන් ඔලුවට එන්නේ ෆුල් ආතල්,කන බොන,නාහෙට අහන් නැති,අමුතු එක්ස්පෙරිමන්ට් කරන සිරා ඩයල් එකක් කියලනේ,එත් මු ලොක පන්ඩිත,මෙලොරහක් නැති,කන බොන තැනක් ලගින්වත් යන් නැති,බැජ් එකේ වෙන්ට පොශ් කැලි එක්ක බ්‍රැකට් වෙන්න සැහෙන්න ගේමක් දෙන කොල්ලෙක්.මිනිහට කනබොන ඩයල් ඈතටම ඈලජික් මුනවත් බලන් නැ.
මේ කතාව කියන්න හිතුනේ මට ඊයේ සිදුවුනු සිද්දියක් නිසා,අපි එක පස්සේ බලමුකො.ඔන්න ජුන්නොන්ගේ රැග් සිසන් එක ආව.අපේ රැග් සීසන් එක මාස 3ක් විතර ඈදෙනවා.මේ කතාව වුනේ රැග් සීසන් එකේ මද හරියේදි වගේ.මු පටන් ගත්තා අමද්යප වියාපරයක් කනබොන උන් හොයලා මුන්ට දසවද දෙනවා,උන් ගෙවල්වල බීව නෙමෙයි ය්න් අරක්කු නැවත් අපිට අව්ලක් නැ එක උන්ගේ කැමැත්ත.නමුත් ඔය වගෙ දේකට වෙන් කරල අරන් චාටර් කරන එක ගැන හිටපු අනික් කොල්ලොන්ට ඈත්තටම මලම පැනලා හිටියේ.මු මේ සේරම කරේ මු පට්ට ඩිසන්ට්,සීරා ඩයල් එක කියල්ල පේන්නන්නනැත් ඉතින් මු කරපු කියපු එඅයින් මු ටිකේන් ටික බැජාල අතර චාටර් වුනු එක තමා වුනේ
මුගේ මේ වැඩේ ගැන එ කියන්නේ බොන ජුන්නෝ අරන් චාටර් කරන එක නවත්තන්න කියලා කිප වතාවක්ම රැග් එක බාරව ඉන්න සහෝදරයන් දැනුවත් කරලා තිබුනා නමුත් ඈම්ඩා නෙමෙයි කනකට ගන්නේ.කොහොම හරි දවසක් උදේ කොමන් රැග් එකේදි මු ගත්තා කොල්ලෙක්ව ඈදලා.උගේ කරුමේට ඌ ඈදලා ගත්තේ හොදම එකා,මුව ඉස්සරහට අරන් නැගුවා පුලුවක් උඩ ඈම්ඩට කටක් අරින්න වුන් නැ ජුන්නා කියපි "මම බිව්වාම උබට පු*ද ඈම්ඩා උත්තමයෝ කියලා".ජුන්නෝ ඔක්කොම ඉස්සරහ නියම ටින්කිරි පාර.වෙන එකේකුට ඔය සීන් 1ක වුනානම් අර ජුන්නා ඉතින් පව්, එත් ඈම්ඩට කටක් අරින්න වුන් නැ අපේ තෙල බෙදපු එක කියාපි ජුන්නට “පලයන් ගිහින් පිටිපස්සෙන් වාඩි වෙයන් කියලා”
අපේ ඈම්ඩා එතනින් පස්සේ පවු …….කුජිතයි…….හෆොයි……..

ප.ලි- අවාටයට ඊයේ හොද පරචාරයක් ලබුනා අපේ සහෝදර බ්ලොග් එකකින්,බොහොම ස්තුති සහෝ…වෙන මොනවා කියන්නද,මොක වුනත් මේ මොහොතේ මත් එක්ක හිටපු සහෝදරයන් කිපපලට ස්තුති කරනවා.
අනික් කාරනාව මේ බ්ලොග් එක කියවලා ටිකක් හිනාවෙන්න..... එතනින් එහාට ඔවා අත්හදා බලන්න කියලා නම් මම කොහේවත් කියලා නැ ඔන්……

මම ගියා…….ජය වේවා.......

බ්ලොග් එක නිසා මම ගන්ජා කාරයේක් විය.......

මෙම බ්ලොග් එක ලියන්න ගත්තයින් පස්සෙ ම ගන්ජා කරයෙකුත් වුනා,කමක් නැ කියමුකෝ මොකද අපි ජිවත් වෙන සමාජයේ තවත් පන්තියක් නේ ඔය,මම මෙම බ්ලොගය තුල ලියන ලද්දේ අපි කැම්පස් කාලය තුල හා ඊට පසුව සිදු වු ඉදුවිම් රැසකි.නමුත් තවත් බ්ලොග් සහොදරයෙක් අතිශයින් දෙවෙශසහගත ලෙස මෙහි ලිපි පිලිබදව ඔහුගේ බ්ලොගය තුල දක්වා තිබිනි, පසුව මම අවසානයට එක් කරන ලද ලිපියම මම අයින් කරන්න තිරනය කරේ එය මෙය මට මහත් වදයක් වු නිසා,මගේ බ්ලොග් එක ලියන්නේ බලන කට්ටියට පොඩි විනොදයක් දෙන්න මිසක් මත්ද්‍රව්ය ව්ලට ප්‍රචරනයක් ලබාදෙන්න නොවේ.


අරක්කු ටිකක් බිමෙන් බේබද්දෙක්ද,ගන්ජා උගුරක් බිමෙන් ගන්ජා කරයෙක් වෙනවනම්,ල0කාවේ ඉන්න සැහෙනන පරමානයක් ඔය කුලක දෙකෙන් එකකට අයිති වන අතර සමහරක් කුලක දෙකේ චේදන කොටසට අයත් වෙයි

Monday, February 14, 2011

අද බලමුද මචො අපෙ ලිමිට් එක.........


කාලෙකට් පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ.ලියන්නෙ මොනවද කියලවත් ඔලුවට එන් නැ,මල් කතා වලට වැඩිය කස්ටිය උනන්දුවක් නැ වගේ මම ඉතින් අද වෙන කතාවක් කියන්නම්.මෙක සිදුවුනේ අපෙ රැග් කාලේ,එ කාලේ ගැනත් හොද හොද මතකයන් සැහෙන්න තියනවා.
රැග් කාලේ බාර් එකක් ගාවදි සින්නෙකුට මාට්ටු වෙනවා කියන්නේ ආයි ඉතින් හොදි ඔන නැ.ඉතින් බෝතලයක් ගේන්න හෙම යන්නේ බොහොම පරිස්සමෙන්.මගේ රුමා හිටියෙ වලහා කියල්ලා කොල්ලෙක්.මු ඈවිත් අයිතිහසික පොරක්.මුගැන පොතක් ලියන්න කතා තියනවා.මොනවා වුනත් අයේ නියම බොක්ක,මුට වලහා කියන්නේ මුගෙ ගම "වලස්මුල්ල" එකයි.
ඔන්න දවසක් හවස් ජාමේ පොඩි අඩියක් ගහන්න කියලා අපි දෙන්නා අපේ පහල බොඩිමට ගියා.අපේ බොඩිමේ බොන්න මම එච්චර කැමත්තක් නැ,මොකද එතන වැඩි නිදහසක් නැ එකයි,පහල බොඩිමේ හොදට අතපය දිගඈරලා ඉන්න ඉඩතියන්වා.
කොහොම හරි එදා බොන්න හිටියෙ මමයි වලහයි,පැගිරා,(පැගිරා කියන්නෙ අපෙ බැජ් එකේ වයසකම ඩයල් එක, මු උ.පෙ විශයන් 4න් කරපු එකෙක් එතකොට හිතාගන්න පුලුවන් නෙ වයස,)ඔන්න ඉතින් ඔය අතරෙ තමයි වලහට කාලකන්නි අදහසක් පහල වුනේ.අද බලමුද මචො අපෙ ලිමිට් එක,ඔන්න ඉතින් තුන් දෙනා ලිමිට් එක බලන්න බොන්න හදන්නේ,
බොතල් 2,1/2 කුත් ගෙනල්ලා අනික් අඩු වැඩියත් ගෙනල්ලා ඔන්න නමො විත්තියෙන් වඩේ පටන් ගත්තා.පැගිරා මුල් බොතලෙන් හැලුනා කෝස් වර්ක් එකක් ගහන්න තියෙයි කියලා,ඔන්න ඉතින් අපි දෙන්නා නොසැලි වැඩේ කරගෙන යනවා.අන්තිම බාගේ මැද හරිය යද්දි මගේ කන සක්කුවෙ.ආයි සුපිරි බඩු.පොඩිපහෙ කබර පාරකුත් දාගෙන මම එහෙම්ම පහල බොඩිම් නිදා ගත්තා,වලහා අර කොටෙත් ඉවර කරලා,අපේ බෝඩිමට ගියා,උදේ නැගිටිද්දි ඔලුව නිකන් කම්මල වගේ ,කට කකුස්සිය වගේ,නගිටලා මමත් හිමිට බොඩිම පැත්තට ඈදුනා පොඩි පහේ නෝන්ඩියකුත් තියනවා.මෝකෝ ලිමිට් බලන්න නේ බිවේ,මම් දන්නවා අනි වාර්යෙන් වලහා මාව සුපිරි බයිට් කිරිල්ලක් කරනවා කියලා,
ඔන්න ඉතින් මම බොඩිමට ගියා අප්පට බොල වලහා මෙ ගිනි පාන්දර නැගිටලා කාඹරේ හෝ ගාලා හොදනවා,
මු කියපි මට” මටත් ගියා ඔයි” මු මම දකිවි කියලා පාන්දර නැගිටලා කාඹරේ හොදනවා.එදා මෙදා තුර අපි දෙන්නා තාම සැට් වෙනවා හැබයි ලිමිට් බලන්නනම් බොන්න ගියේ නැ.

Saturday, February 5, 2011

අයියේ යතුරුහිලෙන් රින්ගන්නම් ආතල් නම් කඩන්න එපා.............


කලින් කාතාවෙ පොරොන්දු වුන යතුරු හිලේ කතාව ඔන්න අද මම කියන්නම්,මෙක ටිකක ප්‍රසිද්ද කතාවක්,දන්න කස්ටිය ඉන්නවා නම් සමාවෙන්න ඔන් ආයිබොවන්ඩ, කතාව අවසානයේ සිනා නොයැම පිලිබදව වගකිඉමක් ගන්න මටනම් අමාර්යි මොකද් මෙක කියවන්න ඔන අවකාශ බුත වෙලා ඉන්න වෙලාවක ඔන්න නැත්තන් මේකෙ හරිම ආතල් එක ගන්නට ටිකාක් විතර අමාරුයි.

කමක් නැ අපි දැන් බලමු කතාව මොකද්ද කියලා,

ඔන්න පිටිසර ගමක ඉන්නවා අයියලා මල්ලිලා තුන්දෙනෙක්,මුන් තුන්දෙනා ඈවිත් අමුතුම තුනක්,ලොකු එකා බොනවා විතරයි,මද්දුමයා අමද්යපයි,පොඩ්ඩා මල් පුජා පමනයි,ඔන්න ඔහොමතමයි පුන්චි පව්ලේ තත්වය.

දවසක් හවස් ජාමේ අය්යා මලෝ සෑට් 1ක යනවා මල ගෙදරක,මලහෙදරක් වුනාම දෑන් ඉතින් හෑම ජාතියෙන්ම ඔන් තියනවා,ඒ කියන්නේ ගල්,මල්,ටොපි…ඔය නානප්‍රකාර ජාති ඔක්කෝම තියනවා.
මද්දුමෙ ඉතින් ඔවට නෑනෙ මිනිහා ඉතින් ඔය කාඩ් අතක් බලාගෙන හිටියා,
ලොක්කා කන පාත් වෙන්න හොදට සප්පායම් වුනා,එතකොට අපේ පොඩි එකා මේ වෙනකොට සෙනසුරුත් පහුකරලා, දෙන්නා හොද ආතල් එකේ,

ඔන්න ඉතින් අයියා මලො තුන්දෙනා ඉතින් හෙදර එන්න පිටත් වුනා(නිකන් තුන් පත් රෑන වගේ)කොහොමින් කොහොමින් හරි ගෙදර ආවා කියමුකො,
හුටා ගෙදර යතුර නැ.කරලා තියෙන්නේ දැන් ඉතින් ආතල් කුඩු.
මද්දුමෙ හොද් සිහියෙන් ඉන්න එකානේ,මු පන දාගෙන යතුර හොයනවා,ලොක්කා කන පාත් වෙන්න ගහලනේ ඉන්නේ,මු ලොවක් නැතිව දොර කඩන්න හදනවා,
අපෙ පොඩි උන්දැ ගේ ඉස්සරහ ඈනතියගෙන නිකටට අත තියාගෙන දොර දිහා බලන් ඉන්නවා,දොර අරින්න ඔන කියල වගක් මිනිහට නෑ,

මෙක දැකපු මදුමෙ ඈවිත් මුට කතා කරා යතුර හොයන්න යමන් කියලා,
පොඩි මල්ලි කියපි අයියේ යතුරුහිලෙන් රින්ගන්නම් ආතල් නම් කඩන්න එපා කියලා……….

ප.ලි - වලි අරක්කු,අහින්සක ග0ජා,මදාවි සිගරට්,නාකි බුලත් විට….මෙන්න මෙහෙම කතාවකුත් මම අහල තියනවා අයිබොවන්න……

Friday, January 28, 2011

මීට ඔයාගේ ආදරනීය, කාලකන්නියා...

මට හිතාගන්න බෑ නoගි ඔයා කොහොමද ඔච්චර ඉක්මනට වෙනස් වුනෙ කියලා,
බලාපොරොතු ගොන්නක් මට දීලා මාව අන්තාසරන කරලා,
ඔයා මට හොයගන්නත් බරි ඉසව්වක හෑන්ගිලා,
මම හොයනවා හෑම තෑනම,
ලොකේ වටෙම,
හෑම ගහක් ගලක් අස්සෙම,
මම කොහොම හරි ඔයාව හොයාගන්නවා,
හොයගෙන ඔයාගේ බොටුව මිරිකනවා,
ඇයි දන්නවාද???????
මම මෙ විදින දුකෙන් අoශු මාත්තර්යක් වත් ඔයාට දෑනෙන්න....

මීට ඔයාගේ ආදරනීය,
කාලකන්නියා...

Friday, January 14, 2011

කනත්තක අතරමන් වෙමු

අනේ ලස්සන කනත්තක්,
යමුද ඈවිදින්න අපි,
බුමදාන වුනු අතිතය අතරින්,
නිමක් නෑති අනාගතයට............



Wednesday, January 12, 2011

ආවාටයේ ආදරය පෙරවදන.....

වෑහි මන්දාරම උදෙ ඉදන්ම,බොන්න නියම කාලගුනේ,අනික මේ දවස් වල එන්ගලන්තේ ගියා වගේ සිතල පිස්සු හෑදෙනවා.මම නෑවට යනකන් ගෙදරනේ,හවස් ජාමෙ ගියා ගාල්ලේ කොටුවට.අතිතමතකයන් අතර තනි වෙන්න්න මිටවඩා තෑනක් නම් මට ගාල්ලේ නෑ.ජිවිතේ දුක සතුට බුක්ති විදින්න අන්තිමට එන්නෙ මෙතනට තමා.පහුගිය අවුරුදු කිහිපය මගේ ජිවිතය සම්පුර්නයෙන් වෙනස් කරපු කාලයක්.මටවත් නොදෑනෙන විදියට.
ඒ කතාවට පෙරවදනක් මෙවිදියට සටහන් කරන්න හිතුවේ,ගාල්ලේ කොටුව කියන්නෙ මගේ ආදර අන්දරයේ අමතක නොවන තෑනක්,තව කිහිප තෑනක් තියන්වා,ඒදවස් වල තිබුනු 2.10 කොලබ කොච්චිය,කෑම්පස් 1ක,කොටුවේ ස්ටෙසම.....අම්මෝ කියන්න ගියොත් අන්තිමට 100/101 බස් 1ක ගෑනත් කියන්න වෙනවා.ඒවාගෑන පස්සෙ කියමුකෝ.
ගාල්ලේ කොටුවේ පරදීපාගරය පහලට ගියාම එයාගේ ගෙදර කෙලින්ම කෙටි මුහුදු තිරය අනික් පෑත්තෙන් පාරට සමාන්තරව දිවෙන නිවෙස් පෙලිය අතරින් පෙනවා.හවසට ඔතන්ට ගොහින් පෝන් එකෙන් පොඩ් චෑට් 1ක් දාගෙන ඉන්න 1ක තමා කොරන්නේ.අද කොටුවට අපුවෙලේ මට ඔය මතකය නෑවත අලුත් වුනා.අපි වේන් වෙලා දෑන් අවු 2 ක් පමන වෙනවා.නමුත් මාගේ ජීවිතේ සුන්දරම අවු 5 ක් ඇය සමග ගෙවා දමපු හෑටි මතක් වෙද්දි අමුතුම හෑගිමක් මගේ හිතට එනවා එක වචන වලින් කියන්න බෑරි තරම් සුන්දර හෑගීමක්.
මෙය නව පටන් ගෑනිමක් නමුත් පරන කතාවක්.නමුත් මෙය තුල මගේ ඒ ගාලු ඉදන් කොලඹ දුවපු කතාව සම්පුර්නයෙන් ලියන්න බලා පොරොත්තු වෙනවා.මෙකේ දුක හිතෙන සීන් නම් අඩුයි,එත් හෑම ආදර කතවක්ම දුක හිතෙන්න ඔනද කියලත් මට හිතෙනවා.කමක් නෑ සමාර විට ඒ කතාවේ දුක හිතෙන ටික මම දෑන් ඇත්තට විදිනවද කියලත් මට හිතෙනවා.....

ප.ලි - මට කියන්න අමතක වුනානේ එයා දෑන් බදලා ලගදිම අම්මා කෙනෙක් වේන්න යනවා කියලත් ආරන්චි,ඔක දෑනගත්තාම නම් මට පොඩි පහේ දුකක් ඈති වුනා...එක පොඩි පහෙ දුකක් කියන්නත් බෑ මොකද සති කිහිපයක් බොතල් හිස් කරමින් හිටියා,නමුත් ආදරේ කියන්නෙ ඔක තමයි.ඒ දුක සතුට හෑමදෙම අකුරු කරන්නම් ආවාටයේ.....


** මගේ කතාවේ පලවෙනි කොටස ඉලග පොස්ට් 1කෙන් **

තනිකම මට නොදෑනෙන්නට

මන්දාරම් අහස,
තව හයියෙන් නුබ වහපන්,
වටෙන කදුලු සගවන්නට වහි පොද අතර,
සගවාගත් කදුලු එක්ක,
තනිවෙන්නට අතිතයෙ,
තවහයියෙන් නුබ වහෑපන්,
තනිකම මට නොදෑනෙන්නට...

Thursday, December 23, 2010

නෑවකට යන්න හින මවන මම

දවස් දෙකකට පස්සෙ තමා මෙ පත්තෙ අවෙ ඔන්න.මම මගේ ජෙවිතේ සන්දිස්තනයකට අවිල්ලා කියලා කියලා මට හිතෙනවා.මොකද මම කෙරන රෑකියාව වෙනස් මාර්ගයකට යොමු කරන්න හදන්නේ.මෙතෙක් කල් කරපු ජොබ් 1ක තමා විදුලි ඉන්ජිනෙරුවෙක් විදියට පුද්ගලික අයතනයක.නමුත් මසෙ අන්තිමට අතට එන ගානෙන් හරියට දවස් 2ක් 3ක් සෙට් වුනොත් ඉටපස්සෙ රිම් 1කෙන් තමා යන්න වෙන්නේ.මම ඉතින් හිතුවා නෑවකට වෑඩකෙරන්නයන්න කියල, ඔන්න ඉතින් එකට අවශ්ය ලියකියවිලි වෑඩටික ඉයේ තමා ඉවරයක් වුනේ.
දන් ඉතින් තියෙන්නෙ නගින්න නෑවක් හොයගන්න තමයි.නව් වල වෑඩකෙරන යන්න කමති අය ඉන්නවනම් මම පොඩ්ඩක් කියන්නම් කොහොමද වෑඩෙ වෙන්නෙ කියල මුලින්ම අපි අදල පටමලවක් සර්තකව ඉවරකරලා තියෙන්නෙ ඔන,මටනම් තිබුනෙ මගෙ ඉන්ජිනෙරු ඩිප්ලොමව තමා,හෑබයි o/l වලින් විතරක් කෙරන්න පුලුවන් පටමාල එහෙමත් තියනවා,මෙ ගෑන වඩිපුර දෑනගන්න කමති කෙනේක් ඉන්නනම් මට කියන්න මම පහදිලි කරල දෙන්නම්,මොකද මමත් මෙ වඩෙට හොද චටර් 1ක් කෑවා,හරි ඔන්නන  දෑන් පාටමලවක් කර කියමුකෝ එට පස්සෙ අපි යන්න ඔන ministry 1කට එක තියෙන්නෙ පිටකොටුවේ බිස්ටල් ව්දියෙ.....
 මට අමතක වුනා අපි මිනිස්ට‍්රයි 1කට යන්නෙ අපි නාවිකයෙක් වෙන්න අපිට අවසරයක් තියෙන්න ඔන.එම අවසරපත්‍රට කියන්නෙ CDC කියල,එකියනේ කන්ටිනුවස් ඩිස්චාජ් සටිෆිකට්.ඔන්න ඔක දෙන්නේ මිනිස්ට‍්රි 1කෙන්.ඔක අපි අපේ සහතිකේ පෙන්නුවම එයලා තිරනය කෙරනවා අපි CDC ගන්න සුඩුසුද නෑද්ද කියලා ඉටපසේ අපිට නවේ ගමන් ගනිනිද්දි අවශය වන පටවලා 5ක් තියන්වා.එවනම් දින 2 කෙ එවා,මට ඔය පටමාලා ටිකට මසයක් විතර ගියා කරන්න.මොකද නිවාඩු හොයාගන්නත් ඔනනෙ කරන ජොබ් 1කෙන්.හරි ඔන්න අපි එ ටිකත් ඉවරයි කියමුකො,ඉටපස්සෙ පොලිස්වාර්තවක් අරගෙන ඔය ඔක්කොම ෆියිල් 1ක  මෙනිස්ට්‍රියට ගිහින් දෙන්න තියෙන්නනේ.
මම දෑනට දන්න විදියට වෙලද නෑව් රෑකියවට පිවිසිම ගෑන,නෑව් රස්සාව කියන්නේ නම් ටිකක් දුශ්කර රකියාවක් නමුත් හොදට ගෙවනවා.මෙම රෑකියාවේ හොද වගෙම නරකත් සමබරව තියනව කියලා මට හිතෙන්නේ.හරි මම ඉලග පොස්ට් 1කෙන් තවටිකක් පහඩිලි කරන්නම්.මෙ පිලිබද දෑනගන්න දෙයක් තියනවනම් දාන්න මම පුලුවන් විදියට ප්ලිතුරක් දෙන්න බලන්නම්