Thursday, March 31, 2011

මෙන්න සoගා බොනෝ.........වෑඩිද මන්දා....

සාමාන්යෙන් දකින්න නොලැබෙන දුර්ලබ අවස්තාවක් තමයි මම මේ දාන්න හදන්නේ.මේක ඔය කාටවත් අපහස කොරන්න  හිතාන දාන එකක්නම් නොවෙයි.කට්ටයටම බලලා පොඩඩක් හිනා වෙන්න දාන්නේ.අපිත් කන බොන අය නොවැයි.වැඩි කතන්න්දර ඔන නැ අපේ ස0ගා,බ්‍රෙට් ලි,එක්ක තව කස්ටියක් සෙටාර් වෙලා බියර් එකක්(එකක් කිවාට එකක්ම නෙව්යි වගේ) ගහන්න.ස0ගට නම් පොඩ්ඩක් විතර වැඩි වගේ.වැඩි වුනාම මොකෝ බොන්නේ වදින්න නොවැ.බ්‍රෙට් ලි නම් ලස්සන ගිටාර් පාරක් ගහනවා....එල කිරි වගේ.මිනිහා පිටියේදි කුකුල් කේන්ති කාරයා වුනාට එලියේදි නම් ආතල් ඩයල් එකක් වගේ.

 

 ක්‍රිකට පිටියේදි දකින ක්‍රිඩකයන් සාමාන්ය ජීවිතයේදි කොච්චර වෙනස්ද....කොච්චර සුන්දරද...???

Friday, March 25, 2011

බොමුද ක්ලොරීන් ටි...........................???

මාත් මේ වගේ තේ එකක් ගෑන ඇහුවමයි.මුල් පාර අහපු ගමන් මාව කරකවලා අතැරියා වගේ.මේ සිද්ද්ඩිය වුනේ මායි මගේ මිතුරෙකුයි ගියා මිතුරාගේ ගෑනු දෑරිවිගේ ගෙදර.මහා දුරක නෙමෙයි ගාල්ලෙම තමයි.ඉතින් ගෙදරට ගොහුන් පොඩි චෑට් එකක් දාගෙන ඉන්න ගමන් කෙල්ල අහනවා අපි දෙන්නගෙන් බොන්නේ මොනවද කියලා මම නම් ඉතින් සොෆ්ට් ඩ්‍රින්ක්ස් කොහොමත් පාවිච්චියක් නෑ නේ......මු කියනවා(මගේ යාලුවා) ඌට ඔනලු ක්ලෝරින් ටි එකක්.හිකිස්ස්ස්ස්ස්ස්ස්....

මොකද්ද මේ ක්ලොරීන් ටි කියන්නේ????????
හරිම ලේ සී...නගර සබා වතුර උනු කරලා නටවලා අපි වෙනදා හදන විදියටම තේ එක හදනවා එතකොට හෑදෙන්නේ ක්ලෝරීන් ටී තමයි.ඔක බොද්දි තේ එකෙන් හීනියට අර දාලා තිබුනු ක්ලෝරීන් රස එනවා සමහරුන්ට ඔක පට්ට ආතල් නිකන් මයිලෝ බොනවා වගේ ලු,මටනම් ඇඇක්කා තමයි.....මහා වහතු රහක් තියෙන්නේ....
කඩවලින් තේ බොද්දි ඉතින් කොහොමත් ඔය ජාතියේ තේ තමා හම්බ වෙන්නේ,මොනවා කොරන්නද, සිගරට් එකක් එක්ක බොද්දි ඔක ඉතින් එච්චර දෑනෙන් නෑ ඔය එක හුස්මට ඇදලා දාන්වා
කොහොමින් කොහොම හරි ඔන්න ක්ලෝරීන් තේත් ගෑහුවා........හිකිස්ස්ස්ස්ස්ස්ස්ස්

ප.ලි. අර දෑරිවිගේ ගෙදර ක්ලෝරින් තේ විතරයි තියෙන්නේ,අකමෑත්තේන් වුනත් මට බොන්න වුනා,මම නම් බොන්න කෑමති දර ලිපේ වතුර උන් කරලා(ලින් වතුර) හදන තේ.දර වලින් එන දුන් සුවද එක්ක කලවම් වෙලා ප්ලේන් ටී යෙත් නියම රසයක් එනවා....

මහින්ද රිච්මන් ආදරවන්තයින්ගේ සටනේ සජීවි රුපරාමු....

දෑන් බිග් මෑච් එකනම් ජයටම යනවා.අද ඉතින් ගොඩක් අයට වෑඩ නොවෑ හෙට තමා මච් එක බලන්න එන්නේ නෑත්තන් ඒ එන්නෙත් නෑ.හොයල හොයල හරි අමාරුවෙන් ලයිව් මෑච් එක ඩෙන තනක් හොයාගත්තා.අපි ඉතින් හෑම දේම බෙදාගෙන කන මිනිස්සු නොවෑ.ඔන්න ඉතින් බ්ලොග් බලන අයට දාන්න කියලා හිතුවා....

මෑචෙක බලන අය මෙත්නින් බලන්න

Thursday, March 24, 2011

අදරවත්යින්ගේ හටන අද ආරම්බ වේ.....සෑමටම ආරාදධනා......

පැවිල්ල ටිකක් අඩු වෙලා පොඩිවැස්සක් ඔන්න ඊයේ රැ වැටෙන්න ගත්තා.පරිසරය පොඩ්ඩක් විතර කුල් වෙලා ගියා.මුලින්ම කියන්න ඔන ඊයේ කස්ටිය දකින්න ඈති කැන්ගරුවෝ බජිරි කනවා.ඒකනම් නියමයි අන්තිමේදි පොන්ටින්ට බජිරි ඉහමොලේ ගොහින් තිබුනේ.ඈත්තටම මට මෙ පොන්ටින් ගොයියාවනම් පේන්න බෑ,මට පේන්න බෑරිවුනා කියන එක එච්චර වෑදගත් නෑ.ඒත් ල0කාවේ ගොඩක් අයට මේ ගොයියාව වහකදුරු වගේ.ඔස්ට්‍රේලියාවේ ඉන්න උන් සමහරකටත් මුව පේන්න බෑරිලු.දන්නවද කවුද කියලා....ල0කාව,ඉන්දියාව වගේ රටවලින් ඉගනගන්න ගියපුගෑන්සියට,කෑන්ගරුවන්ට අමතක නොවන පාඩමක් ඉගෑන්නුවා කියලා මටනම් හිතෙන්නේ.රටවල් දෙකකින් මදි නොකියන්න සෑලකුවනේ.ල0කාවත් එක්ක ගහපු මෑච් එක ගහන්න පුලුවන් වුනානම් ඒකෙදිත් හොද කෑමක් කන්න ඉඩ තිබ්බා.කමක් නෑ දෑන් ඉතින් එයාල කාලා ඉවරයි නොවෑ.තව ඉතින් බ්ලොග් ලියලත් කුජීත කරන එක පව් නොවෑ.මෙහෙම ගියොත් අද ලියන්න ආව දේත් අමතක වෙනවා.


අද ගාල්ලේ ආදරවන්තයින්ගේ හටන...නෑත්තන් මහින්ද රිච්මන්ඩ් බිග් මෑච එක ආරම්බ වෙනවා.මේ පාර එතරම් බාදවකින් තොරව පෑරඩ් එකනම් තිබුනා(පෑරඩ් එක කීවට පෑරඩ් දෙකම හොදේ)මොකෝ හෑමපාරම අපේ ගොන් පොලිශ් උන්දෑලා ඔකට උදෑල්ල දානවා.උන්තත් පිස්සු...මම හිතන්නේ මේ ගහන්නේ 106 වෙනි මෑච් එක.දෑනට අවුරුදු දෙකකට විතර කලින් අපි බිග් මෑච් එක දින්න නෑත්තන් ඔක මතක ඇති කාලේ ඉදලා ඩ්‍රෝ තමයි.(අපි කිවේ මහින්දේ හොදේ).ඔය රත්ගමයයි ඉස්කෝලෙයි අපි නොවෑ මෑච් එක ගහන්නේ.ඔතන හෑබෑයි පාසෑල් බේදයක් නම් නෑ.මෑච් එකේදි හෑමොම බොහොම සහෝදරත්වයෙන් සතුට බෙදාගන්නවා මිසක්,ඔය අතරේ මදුවිත තොලගාන අතර අතිත සිදුවීම් වල සුන්දර මතකයන් අතර අතරමන් වෙන්නත් පුලුවන් සමහර අය ඔය අතරමන් වීමත් සමග ඔය 7වසට 8වසර වල බාගෙට නවත්තපු වලි වලට පොඩි කන්ටිනියුව් පාරකුත් දෙනවා.ඒවනම් පට්ටම ආතල් සමහර විට ඔය මෑච් එකේ යන වලි වලට හෙතුව දෑනට අවුරුදු 15කට විතර කලින් වෙච්ච්c මොකක් හරි පොඩි සීන් එකක්.ඔවා ඔහොම වෙද්දි මෑචෙකත් ගලාගෙන යනවා.දෑන් වෙලාව 7.22 උදේ.තව පෑය කීපයකින් බිග් මෑච් එක ආරම්බ වෙනවා..............මහින්ද නයිට් එකට ජිප්සීස්ලා ප්ලේ කොරන්නේ...රිච්මන් නයිට් එකට සන්ෆ්ලවස්ලා....එහෙනම් ඔන්න අපි ගියා....බිග් මෑචෙකට හෑමෝටම ආරාධනා.......


අදරවත්යින්ගේ හටනට ජයවේවා.........

Sunday, March 20, 2011

මිහිපිට දෙවිවරු (උලු පට්ටලේ වෙද මහත්තයා)

 අද නෑගිට්ට ගමන් ඔන්න හොද ආරන්චියක් තමා අහන්න ලෑබුනේ,අපිට ඊලග වටයේ මුන ගෑහෙන්නේ එ0ගලන්තය ඒ මැච් එක ගහන්න තියේන්නේ ල0කාවේලු.ඒකනම් හොදයි.මුලින්ම ඉතින් මම ප්‍රාර්තනා කරනවා අපේ කන්ඩායමේ තියන අඩුපාඩු හදාගෙන ජයග්‍රහනය කරා යාමට හෑකියාව ලෑබේවා කියලා.
හරි දෑන් ඉතින් අපි කතාවට බහිමු.අපේ අම්මට වම් පාදයේ ආතරයිටිස් තත්වයක් ආවා.කුලින් යන්තම් ඇවිදින්න පුලුවන්න් වුනත් පසුව ටිකෙන් ටික ඒක් තෑන් වෙන ගානට ආවා.ඇත්තටම මෙය මට දරා ගෑනිමට ගොඩක් ආමරු දෙයක්.මම ල0කාවේ හොදම දොස්තරවරු චෑනල් කරමින් ප්‍රතිකාර කරේ අම්මාට කෙසි හෝ නෑවත් සාමනය අයුරින් ඇවිදිමේ හෑකියාව ලබාදිමයි.නමුත් කිසිම දොස්තර කෙනෙක් ගෙන් සාර්තක පිලිතුරක් ලෑබුන් නෑ.අනිතිමට කාරාපිටියෙන් කීවේ අම්මගේ වයසත් එක්ක ඇතිවුනු රෝග තත්වයක් බවත් මෙය සුවකිරිමේ හෑකියාව අඩු බවත්ය.එය ඈසු මොහොතේ මට ඇත්තටම ඇඩුනා.
මට ඇත්තටම සි0හල බෙහෙත් පිලිබදව එතරම් විස්වාසයක් තිබුන් නෑ,ඇයි කියන්න මමවත් දන් නෑ.කොහොම හරි ඔය අතරේ ගාල්ලෙන් ටිකක් අතුලේ(පහල කීබිය කියන ප්‍රදේශ්යේ) තරමක් ප්‍රසිද්ද සි0හල කෑඩුම් බිදුම් වෙද පරම්පරාවක් ඉන්නවා මේ පිලිබද මම දෑන හිටියත් මම යාමට මෑලිවුනේ ඉ0ග්‍රිසි දොස්තරවරු ගෑන මම අදිතක්සේරුවෙන් සිටි නීසා කියලා මම හිතනවා.
මේ වෙද ගෙදරට කියන්නේ උලුපට්ටලේ වෙදගෙදර කියලා දෑනටනම් වෙදකම් කෙරන්නේ වෙදමහත්යගේ පුතයි දුයි. මම මගේ මෑනියන් සමග කිහිප වතාවක් යන්න ලෑබුනා වෙදගෙදර ඇත්තටම ඈත්තටම ඔවුන් කොතරම් ලොකු පිනක්ද කෙරන්නේ කියලා මට හිතුනා එතනට ඈවිත් හිටපු ගොඩක් අය ඉස්පිරිතාලේ ගිහින් හොදකරගන්න බෑරිවුනු අය.
මගේ මෑනියන්ට දෑන් එම රෝග තත්වය නිට්ටාවටම හොදයි.මාස 3ක් පමන වෙදකන් කරා.දෑන් පෙර අයුරින්ම කිසිම වේදනාවකින් තොරව මෑනියන්ට ඇවිදින්න පුලුවන්.මම වෙද ගෙදර ගියපු දින දෙක තුනට ඇත්තටම කෑඩුම් බිදුම් වෙදකම ගෑන විස්මිත දෙවල් කිහිපයක්ම දුටුවා.

අවසාන වශයෙන් උලුපට්ටලේ වදමහත්තයාට පින් දී අවසන් කල නොහෑක.ඒතරම් මහත් වටිනා උපකාරක් එතුමන් විසින් කරන ලද්දේ.එය අද්දෑකීමට මුහුන දුන් කෙනෙකුට මනාව වෑටහෙනු ඈත.මිහිපිට දෙවිවරු කියා කිව හෑක්කේ ඔබ වෑනි මිනිසුන්ටයි කියා මට සිතේ....

Wednesday, March 16, 2011

ජෝජ් බුශ් ගන්ජා ගහනවා දෑකල නෑත්තන් ඔන්න බලාගන්න.........

මෙන්න පට්ටම කේස් එකක්.නිකන් ඔය ජන්ජාලේ කෑරකි කෑරකි ඉන්නකොට තමා මෙක ලෑබුනේ.ඉතින් කස්ටියත් එක්ක බෙදාගන්න හිතුවා.ෆිල්ම් එකේ නම හෑරල්ඩ් අන්ඩ් කුමාර්.පට්ටම කොමඩියක්.මෙකේ කතාව පටන් ගන්නේ මුන් දෙන්නා ප්ලෙන් එකක් ඇතුලෙ ජොයිට් එකක් ගහන් ගොහින් මුන් මාට්ටු වෙලා ත්‍රස්තවදියෝ කියලා උන් දෙන්නව දාන්වා ජි- බේ කියලා හිරෙකට මුන් එකේන් පැයක් යන්න කලින් පනිනවා.
අමතක වුනානේ මුන් දෙන්නා ප්ලේ එකේ යන්න හදන්නේ ඇම්ස්ටඩෑම්(ගන්ජා නිති ගත රටක්).කුමර් ගෙ තියන හදිස්සිය කියන්නේ ගන්ජා ගහන්න තියන මු අමුතු ගෑජමන්ට් එකක් හදලා ජොයින්ට් එකේ දුම එලියට එන් නෑති වෙන්න ඔක දැකපු ප්ලේන් එකේ උන් හිතන්නේ බෝම්බයක් කියලා.මුන් දෙන්නා ගෑන කිව්වොත් කුමාර් ඉන‍්දියන් ජතිකයෙක්.හෑරල් කොරියන්.මුන් දෙන්නා මල් ගහන්න පට්ට පෙරේතයි.පෑය එකහාමාරක් පුරා මුන්ට වෙන දෙවල් දෑක්කම පිස්සු පීකුදු.නියම කොමඩියක්,

මේකේ මම ආසම කෑල්ල මුන් දෙන්නා පැරිශුට් එකකින් වෑරදිලා බහින්නේ ජොජ් බුශ් ගේ කෑලෑ බන්ගලාවකට.ඉට පස්සෙ වෙන සීන් එකනම් බොහොම දුක්කිතයි.ජෝජ් ලොක්කත් පට්ට මල් පප්පා මෙ කතාවේ හෑටියට.ඉතින් තකට තක.මෙන්න තුන් කට්ටුව ගහපි ගන්ජා.......


ටේලරේ බලනවානම් මෙතනින් බලන්න

ජෝජ් බුශ් ගන්ජා ගහනවා බලනව නම් මෙතනින් බලන්න

 ෆිල්මෙක මෙතනින් බලන්න හෑබයි මම මෙතන දාල තියෙන්නෙ මොබයිල් වශන් එකක්.කිසිම අව්ලක් නෑ PC එකේ බලන්න පුලුවන්.කෑපෑසිටිය 125 Mb වගෙ තියෙන්නේ මම මොබයිල් වශන් බලන්නේ ඉක්මනට බාගන්න පුලුවන් නිසා.

කාගාවහරි මේකේ ටොරන්ට් එක තියනවානම් දාන්න.......එහෙනම් ඔන්න අපි ගියා...

Monday, March 14, 2011

හෑම මගුලට ස්ට්‍රියික් කරන අපේ උන්දලට බෑරි වුනානේ මේ ගොන්පාට් චන්දයක් ස්ට්‍රියික් කරන්න.....

ඉයේ හවස කොලඹ ඉදල එන ගමන චන්ද සරසිලි නම් අඩු පාඩුවක් නෑතුව දෑක්කා.කොහොමත් චන්දයක් කියන්නේ පරිසර දුශනය,ශබ්ද දුශනයෑතනින් ගියාම සමහර විට ස්ත්‍රි දුශන සමග චන්ද දුශන වලින්නේ ඉවර වෙන්නේ.ඔවා අඩු පාඩුවක් නෑතිව හෑම චන්දෙකටම සිදුවුනා.
මම ඉයෙ එන ගමන කල්පනා කෙරේ මෙච්චර මේ මිනිස්සු දත කන්නේ ජනතා නියොජිතයන් ලෙස පත්වෙලා අපිට සෙවය කරන්නනේ.ඇත්තටම එ උතුමන්ලා කොච්චර හොදද නේද...කොටි ගනක් විදම් කරන්වා චන්දෙට කලින් අපිට වෑඩ කරන්න පත්වෙන්න.එ අස්සේ තමාට විරුද්ද පාර්ශවයන් මරා දමනවා.ඊට පස්සේ රෙද්දකුත් ඇදන් ඇවිත් අපෙන් චන්දෙත් ඉල්ලනවා...නොදකින් මුන් නම්.මේ තරම් දත කන්නේ අපිට වෑඩ කරන්නද???
මොලේ කලදක් හරි තියන්ව මනුස්සයෙකුට තෙරෙන්වා මුන් මොන තරම් පහත්ද කියලා.අනික චන්දෙ ඉල්ලන්නේ වෑඩිපුරම කොහෙන් හරි පාත් වෙච්ච පිස්සු පජාත ඩයල් එකක් අඩු ගානේ O/L පාස් නෑති උන්.මුන් ඇවිත් රට පාලනය කෙරන්වා කියන්නේ අපිටත් දෙය්යන්ගෙම පිහිටයි.මේවා ගෑන හිතද්දි ඇත්තටම පුදුම කලකිරීමක් ඇති වෙනවා.
ඔය චන්ද ප්‍රචාරක කටයුතු වලට නිකන් නිස්කාරනේ නාස්ති කරන සල්ලි වලින් ගමට රටට වදගත් දෙයක් කරා නම් ඇත්තටම කොච්චර වටිනවද............
අනික් දේ මේ උත්ත්ට්මයෝ චන්ද රෑස්වීම වල කියන බහු බුත... එවා නියමයි ඇගෙ ලේ පිරිසිදු වෙන්න.ඇයි අප්පා තනිකර සිනහා සාගරයක්.කිසිම කෙනෙකුට හරිහමන් දර්ශනයක් නෑ,කොහෙන් හරි ඇහිදගතු වචන ටිකක් ඔහේ කියාගෙන යන්වා.කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් දෙන්නේ කිසිම ගෑලපිමක් නති උත්තර....

හෑම මගුලට ස්ට්‍රියික් කරන අපේ උන්දලට බෑරි වුනානේ මේ ගොන්පාට් චන්දයක් ස්ට්‍රියික් කරන්න.....
ඇත්තටම මට හිතෙන්නේ මෙ වගෙ මිනිස්සුන්ට චන්දය දෙනවට වඩා හොදයි චන්දය කුරුටු ගාල දාන එක කියලා...................

Sunday, March 13, 2011

අරුම පුදුම..මේ පාර world cup මැච්..

මේ පාර world cup මැච් ටිකනම් පට්ට.ඉයේ කාලෙකට අරුම පුදුම වැඩ ගොඩක් වෙනවා හැබැයි මේ ඔක්කොම වෙන්නේ B කාන්ඩයේ ටිම් වල තමයි.මැච් පාලක දෙය්යන්ට පිස්සු හැදිලද මන්දා.ඔහොම බලද්දි අයර්ලන්තෙටත් කප් එක උස්සන්න චාන්ස් වදින්න ඉඩ තියන්වා,හැබයි සමහට ටෙස් රටවල් වලට වඩා අයර්ලන්ත ටිම් එක හොදයි කියලා මට හිතෙනවා.
තව මරුම සින් එකක් වුනා නේ....Aus vs Sri මැච් එක බලන්න නියම ගානාට වඩා වැඩි ගනන් වලට ටිකට් අරන් ගියපු අයට පට්ට චාටර් එක.මැච් එක ගැහුවෙත් නැ..අන්තිමට සල්ලිත් නැ.හැබැයි එ මැච් එක ගහුවනම් අපිට දිනන්න හොද අවස්තාවක් තිබුනා කියලා මට හිතෙන්නේ.
මා සිත් ගත් හොදම තරග තික කිව්වොත්....
  • Eng Vs Ire
  • Eng Vs Ban
  • Ind Vs SA
  • Ind Vs Eng
ඔන්න ඔය ටික නම් පාට්ටම මැච් ටික.ල0කාවෙ අය ඉන්දියන් ටිම් එකට වඩිය කමති නැත්තේ මොකද මන්දා.මටනම් ඉන්දියාවයි,පක්කොයි දෙගොල්ලොම පෙන්න බැ.විශේශයෙන් අෆ්ෆ්‍රෙඩි වනම් පේන්න බැ.හැබැයි ඉන්දියාවයි පකිස්තානයයි මැච් එකක් තිබුනොත් මම කැමති ඉන්දියාවට.
ලියන්න කියලා අවට ලියන්න තරම් දෙයක් ඔලුවට ආවේත් නැ....ඉතින් ආයි පාරක් ක්‍රිකට් ගන කුරුටු ගැවා.

Thursday, March 10, 2011

කප් එක නිකන් ලක් එකට උස්සලා වැඩක් නැ....(ක්‍රිකට් ගැන)

හරියටම දවස් දහයකට පස්සේ තමා මේ පැත්තේ එන්න ලැබුනේ.මොනාත් ම්තුරාගේ අවමන්ගලයට නොසිතු ජන ගගක් ආවා කිව්වොත් නිවැරදි.මාත් මේ ටිකේ ගෙදර නිසා මලගෙදරට ෆුල් ට්යිම් සහබාගිවුනා.මහින්දේ 2001 කන්ඩායමේ බහුතරයක් මෙම අවස්තාවට සහබාගි වුනා කිවොත් නිවැරදි.මේ වැඩකටයුත් නිසාත්,ලියන්න තරම් හිතේ නිදහසක් නොතිබුනු නිසාත් බ්ලොග් එක පැත්තේ ආවට මොනවත් කුරුටුගාන්න හිතුන් නැ.
අද ලියන්න කියලා අවෙ අපේ ක්‍රිකට් ටීම් එක ගැන.ඔන්න අපේ සැට් එක ඉයේ සිම්බාබෙට පට්ටම ගැහිල්ලක් ගැහුවා.එත් අපිට ටීම් එක ගැන සතුටු වෙන්න පුලුවන්ද?


ආරම්බක සම්බන්දය 282 එත් 327 ට විකට් 6යි,එක කමක් නැ කියමු ගහන්න ගොහින් අව්ට් වුනා කියමු.එත් පන්දු රැකිමනම් පට්ටම චවු.ආයි එක ගැන නම් කියන්න දෙයක් නැ.සමස්තයක් විදියට ගත්තාම වෙන හොද ක්‍රිකට් කන්ඩායමක් එක්ක ඉයේ මැච් එක ගැහුවනම් අපි කනවා ලොවෙත් නැති වෙන්න. 
අපි මින් ඉදිරි වට වලදි තග ජයක් ගැන හිතනවනම් මම හිතන්නේ අපිට හදාගන්න ගොඩක් අඩුපාඩු තියන්වා,පහුගිය තරග එකිනෙක අරන් බලද්දි පැහැදිලිව ඔය කාරනා පේන්න තියන්වා,මොකොද ඉදිරි වට වලදි අපිට මුන ගැහෙන්නේ මුලින් ගැහුව වගේ චවු ටීම් නම් නෙවෙයි.ක්‍රිකට් වලින් හොදට පත්තියන් වෙච්ච කන්ඩායම්,
අපේ බලාපොරොත්තුවත් ල0කාව කප් එක උස්සයි කියලා නමුත් එක නිකන් ලක් එකට උස්සලා වැඩක් නැ කප් එක ගන්න ඔන 96 ගත්තා වගේ ෆුල් ග්‍රෙට් පිට.ඉතින් අපි ප්‍රාර්තනා කරමු අපේ ටීම් එකට තියන අඩුපාඩු හදාගෙන දිගටම ඉදිරියට යාමට හැකි වේවා කියලා.....

ජය ශ්‍රි ල0කා......

Tuesday, March 1, 2011

කෆිර් අනතුරින් මිය ගිය මා මිතුරා....

 
කොහොම ලියන්නද් කියලා මටම හිතාගන්න බැ ඉස්කොලේ යන කාලේ අපිත් එක්ක එක බත් එක කාගෙන හිටපු එකෙක් එක පාරම අපිව දාල ගියා කිවම හිතා ගන්න බැ,අද උදේ  සිදුවුනු කෆිර් අනතුරින් මා ගේ ඉතාම සමිපම මිතුරෙක් ජීවිත්යෙන් සමු ගත්තා.නමින්  ඔහු මොනාත් පෙරේරා.අපිත් එක්ක වසර 13ක් ගාල්ලේ මහින්දේ තමයි ඉගන ගත්තේ.ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක් විදියට තමයි වැඩ කරේ.දවල් මේ සින් එක දැනගතු ගමන් ඈත්තටම මාව ස්ටක් වුනා.දැන් දවස් කිපයකට කලින් කතා කරලා බිග් මැච් එකට මොකද කෙරන්නේ කියලා පැයක් විතර චට් එකක දාගෙන හිටියා.ඈස් වලින් කදුලු නොආවට හිතේ ලොකු දුකක් තියනවා හොද මිනිස්සු ඈයි අප අතරින් ඉක්මනටම වෙන් වෙන්නේ කියලා.ලියන්න කියලා ගත්තට ලියන්න තරම් හිත නිදහස් නැ.මොනවා කරන්නද ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්........
නුබ අප හෑරදා ගියා කියා තාම සිතා ගත නොහෑක,
රුදුරු ත්‍රස්තගිනිදෑල් මෑද,
මෙ ධර්මද්විපය රෑක ගනිමට,අබිතව සටන් කල නුඹ,
කිසිත් නොකියාම යන්න ගිහින්,
කිසිදාක නොයයෙන්නම යන්න ගිහින්.........
ඉතින් අප කෙසේ දාරාගනිමුද??? 
මොනාත් නුඹ්ට නිවන් සුව පතමු.............