Tuesday, May 10, 2011

බොන උන් ගෑන, නොබොන උන්ට , ඇයි මෙච්චර, කෑසිල්ල....


බොන උන් ගෑන,
නොබොන උන්ට ,
ඇයි මෙච්චර,
කෑසිල්ල....

බොන්නේ අපිය....
බොන්නට සෙට් වෙන්නේද අපිය....
බීලා වැටෙන්නේද අපිය....
කන්නේද අපිය....
කන්නට සෙට් වන්නේද අපිය....
කාලා නන්නත්තාර වන්නේද අපිය..
ඉරිසියා කරන්නේ උඹලාය..



උඩ පේලි තුන හෑර යට කොටස උපුටා ගෑනීමකි.උපුටාගෑනීම ඔය තියෙන්නේ.......  http://setweem.blogspot.com/ 
ඇත්තටම බොන උන් ගෑන නොබොන උන්ට ඔච්චර අමාරු මොකද......මොකද උනේ සල්ලිවලින් බොනවද නෑනේ.....


16 comments:

  1. බීල බීල මොකක් හරි ලෙඩක් හදාගත්තොත් ලග ඉන්න අයටනෙ කරදරේ,ඒක නිසා වෙන්න ඇති.

    ReplyDelete
  2. වෙන්න ඇති එහෙමවත් කියලා හිතමු....

    ReplyDelete
  3. ලඟ ඉන්න අයට නෙමේනෙ අමාරුව හැදෙන්නෙ, ඒක හින්ද ලෙඩක් හදාගත්තොත් කියන පරාර්තකාමෙ නෙමේ.

    බොන්න එපා කියල බණ දෙන එකත් නස්තාර් වෙන්න බොන එක වගේම ලෙඩක්, දෙකම කරේ නැතොත් වෙවුලනවා :)

    ReplyDelete
  4. බොන අයට බොන්න එපා කියන්න ඕනත් නැහැ ....... නොබොන අයට බොන්න කතා කරන්න ඕනත් නැහැ .........

    ReplyDelete
  5. ඇත්ත සමහර බොන අයට නොබොන කෙනෙක් අවවාදයක් කලාම කේන්ති යනවා.. ඒ වගේම නොබොන අයට බොන්න කතා කලාම කේන්ති යනවා.. මෙතනදි හැමවේලේම කෙනෙක් වැරදියි කෙනෙක් නිවැරදියි.. එයාලා හිතන විදිහට..

    ReplyDelete
  6. අරින්නෙපා අසංකයෝ. ඔය සමහර දෝස්මුර කාරයින්ට තියෙන්නෙ පොඩි ඉරිසියාවක් එක්කම ආත්මානුකම්පාවක් මොකද උන් දන්නෙ නැහැනෙ ඒකෙ ආතල් එක මොකක්ද කියලා. හැබැයි බොන එකත් එච්චරම හොඳ දෙයක් නෙමෙයි ..හිකිස්...

    ReplyDelete
  7. අනුමතයි... :D :D බොන්නේ අපිය.. කසන්නෙ උන්ය.. ලොල්ය. ලොලේ ලොල්ය... :D :D

    ReplyDelete
  8. බොන එක උනත් දැනගෙන කලහම හරි (නාන්නේ නැතුව)....හික්

    ReplyDelete
  9. Gayan Kalhara - අනිවා....

    කල්හාර දිසානායක - මොනවා කියනවද බන්...බොන එකා බොන්නේ උගේ කෑමෑත්තට..නොබොන එකා නොබොන්නේ උගේ කෑමෑත්තට....

    Dinesh - තරමක් දුරට එකගයි....

    අළුත් කොල්ලා - පිස්සුද කොලුවෝ අපි අතාරී ගේම...හික්zzz

    සුළඟිල්ල - අපි බොනවා දෑක නෑවත සෙට් වෙන්නේද උන්ය.....මොනවා කියනවාද බන්

    චතූ - අනිවා කතාවටනම් සම්පුර්නයෙන් එකගයි.....

    ReplyDelete
  10. එහෙම බෑ අසංක.සමාජයේ අප සමගම ජීවත්වෙන අපේ සහෝදරයෙක්, සිතාමතා හෝ නොදැනුවත්වම කරන ක්‍රියාවක් නිසා ඔහු (හා සමහරවිට ඔහුගේ ඥාතීන්/හිතවතුන්) අනතුරට/දුකට පත්වෙනවා නම් ඒක පෙන්නල දෙනඑක අපේ යුතුකම නේද? "ජිවිතයට වඩා අපේ ඇත්තන්ට වටින පුකට සෑප දීම......" කියන post එක ඔබ ලීවෙත් ඒකනේ!(ඒක පිළිගැනීම/නොගැනීම ඒ අයගේ වැඩක්)

    "අනාරක්ෂිතව දුම්රියේ යන උන් ගැන, එහෙම නොයන උන්ට , ඇයි මෙච්චර කැසිල්ල..." කියල ඔය තර්කයම දාන්න පුලුවන්නේ දුම්රියේ වාඩිවෙලා යන්න හදිස්සිවෙලා අනතුරුවලට ලක්වෙන අයටත්.ඔබ එසේ නොකරන්නේ නම්,එසේ කොට මියයන්නේ/ආබාධිත වන්නේ අප නොවේ (ඒක අපට අදාල නෑ කියා) කියා ඒගැන ඔබට නොලියා හිටියේ නැහැ නේද?

    ReplyDelete
  11. @ ජය ශ්‍රි - ඇත්තටම ඔබ කියන ආකාරයේ සෑබෑ අනුකන්පාවක් නිසාද නෑත්තන් ඉරිසියාව නිසාද මේ කෑසිල්ල කියා නෑවත සිටිය යුතුයි.ඒ පෑන්නලා දෙන ක්‍රමය,ආමන්තර්නය කරන වචන එක්ක බලද්දි මටනම් හිතෙන්නේ පෑහෑදිලිවම වෙන හේතුවක් නිසා කියලා.අනික ඔබ කියන පරිදි මම ලියු
    "අනාරක්ෂිතව දුම්රියේ යන උන් ගැන" ලියපු පොස්ට් එකයි අතරනම් ලොකු වෙනසක් තියන්වා..

    ReplyDelete
  12. අසංක,

    A සහ B නම් සම වයසේ කුඩා ළමෝ දෙනෙක් අසල්වැසි නිවෙස් දෙකක ජීවත්වේ.A ගේ දෙමාපියන් පොහොසත්ය.B ගේ දුප්පත්ය. A ඉල්ලන ඉල්ලන සෑම දේම දෙමාපියන් ඔහුට ලබා දෙන නිසා ඔහු (සාපේක්ෂව) සුඛෝපභෝගී දිවියක් ගතකරයි.B ගේ දෙමාපියන් ඔහුට තුන් වේල සරිකරදෙන්නේ ද මහත් අපහසුවකිනි.A ගත කරන ජීවිතය බදු දිවියක් තමාට ලබාගැනීම Bට සිහිනයක් ම පමණි.මෙවන් විටක B තුල A පිලිබදව "මට නෑ එයාට තියෙනවා" යන හැගීම ඇතිවීම ස්වාභාවිකය.අප ඉරිසියාව යනුවෙන් හදුන්වන්නේ මෙම හැගීමයි.

    නොබොන කෙනෙකුට බොන කෙනෙකු පිලිබදව මෙවන් හැගීමක් ඇතිවේද? බොන කෙනෙකු නෙබොන කෙනෙකුට වඩා හොද දිවියක් ගතකරනවද?(බොන මෙහොතේ හෝ නොබී සිටින වෙලාවක).හොදයි අප මදකට සිතමු එවන් දිවියක් ඔවුන් ගතකරනවා මයි කියල.එසේ නම් ඒ දිවිය තමන්ට ද (අවශ්‍යයි නම්) ලබාගැනීමට නොබොන කෙනෙකුට කිසිදු අපහසුවක් නෑනේද? ඉහත උදාහරණයේ ළමයාට බදු කිසිසේත් ම බිදහෙලිය නොහැකි ආකාරයේ කිසිදු භාදාවක් ඔහුට නෑ නේද?යම් මුදලක් වියදම් කිරීම හොදටම ප්‍රමාණවත් නේද?

    නමුත් බොන කෙනෙකුට නොබොන කෙනෙකු බවට පත්වීමට නම් (ඉහත උදාහරණයේ Bට තිබුණා බදු) බිදහෙලීමට අපහසු භාදාවක් තියෙනවා.ඒ තමයි මත්ද්‍රව්‍යවල ආවේණික ලක්ෂණයක් වන ඇබ්බැහිය (addiction) කියන එක.සමහරු මේ භාදකය බිදලන්න වෛද්‍ය ප්‍රතිකාර වලට පවා යොමු වෙනවා.

    ReplyDelete
  13. ජයශ්‍රී - ඊර්සියාව ගෑන ඔබේ පෑහෑදිලි කිරිමට මම එකගයි,නම්ත් මට ඇති ප්‍රස්නය සමහර නොබොන උන් පට්ටම ඔරොප්පුවෙන් හෝ නෑත්තන් කෙලින්ම අපහස කරන අකාරෙයෙන් බොන උන් ගෑන කතා කිරිම,බොන එකා බොන්නේ උගෙ සල්ලි වලින්,ඌ බීවා කියලා නොබොන එකාට මල පනින්න දෙයක් නෑ නේ.අනික ඌ බොන් නෑත්තම් ඌ බොන් නෑ එතනින් එහාට ඌට බොන එක ගෑන ගනු දෙනුවක් නෑ නේ,වෑදගත්ම දේ ඔබ කියු පරිදි ඔවුන් කරන ආකාරයේ අදහස් දෑක්වීම් තුලි බොන එකාගේ බීම නෑවෑත්වීම කේසේ වෙත්ත,නොබොන එකාට දෙක තුනක් අනින්න තමයි හිතෙන්නේ.අනික මම මෙතන කතා කරන්නේ 365ස් දවසෙම බොන උන් ගෑන් නෙමෙයි...

    ReplyDelete
  14. beela hospital yanne ape salli walin ne !!

    ReplyDelete
  15. Anonymous -උඹට ශුවර් ද???? බිලා ලෙඩවෙන්න බොන එකෙක් බීපු කාලය පුරා ආන්ඩුවට එකතු කරලා දීපු සල්ලි හොඩටම ඈති උට බෙහෙත් කරන්න.අනික මෙතන මම කතා කරෑ 365 දවසෙම බොන උන් ගෑන නෙමෙයි.

    ReplyDelete
  16. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete