Saturday, June 2, 2012

ආලෝකයේ වේගයෙන් මාතර යමු....




දැන් මාතරට යන කෝච්චි පට්ට වේගෙන් යයි,එයාලා කීව වගේම පෑය 2න් මාතර යති ,මෙය නම් මහත් වු ආශ්චර්යකි,පුදුම වේගයකි,සමහරුන්ගේ බොරු කොන්ඩා(මුහුද පෑත්තේ ජනෙල්ලේ අසල සිටියොත්) සුලගට හසුව පාවී යයි,ඒ තරම් වේගයක්,විරුද්ද වාදීන් කිවා මෙන ඩබල් ලයින් කලා නම් අපරාදේය,තිබුනු එක ගලවලා ඒ පීලී ටික රට පටවලා බාල ජම්බුද්වීප යකඩ දාලා හදපු මේ තනි ලයිම පට්ටය,යකඩ යකා දුවන්නේ හරකාගේ පුකට(අදෝ මුකයට) පෙට්‍රල් ගෑහුවා සේ ය,
සුරියප්පෙරුම උත්තමයා තාම මෙ කෝච්චියේ ගොස් නෑති බවයි පේන්න තියෙන්නේ,ගියා නම හසන්ත මහත්තයට පික්ශු ටෝක් ටිකක් ශුවර්මය( අර අලුත් අවුරුදු උදාවට දුන්නා සේ).
ඉංදියාවේ රේල් පාරත් එක්ක තව තෑගිද අපිට ලෑබිනි(තෑගි කිවට සල්ලි දිලා ගත්තුවා අපිනේ පරන හොද යකඩ උන්ට තෑගි දුන්නේ) ඒ තමයි අලුත්ම කිරි ටොයිස් කොච්චි,මේ කොච්චියේ මොක නැතත් යන තැනයි එන තැනයි පොල් අකුරෙන් එන්ජිමේ වැටෙයි,අනික් ඒවාද එලෙසමය,එය දුටු විට බත් නොකන බල්ලෝද බත් කයි,වෙන වාහන ලෙඩ දෙන්නේ ටික කලක් පෑද්දාමය, මේවා පදින්න කලින්ම ලෙඩය. චීනෙන් ආපු යකඩ යකා එක්ක බලද්දි මේක නම් සිරාවටම යකෙකි,යකා තරුන වුනාට පොරගේ අනික් ඔක්කොම නාකිය,අනිවා තව ටික දොහකින් සෙට්ට පෝච්චි ශුවර් ය,කමක් නෑතිය ඉක්මන් කොටයි කියා කතාවක් අසා තිබුනි සමහර විට එය කියා ඇත්තේ මේ වගේ බුලට් කෝච්චි වල ආයුස ගෑන වෙන්ට ඇති කියා පස්සේ මට සිතුනි.
මේක හදාපු අයියලාට කොච්චියේ යන දුප්පත් මගීන් වන අපි සෑලකුවා මදිද මන්දා කියා සිතුනි,අපිට කොඹල යන්න තනි ලයිමේ සිරා රෙල් පාරක් සෑදීම ජාති ජාතිත් පින් අයිතිවන වෑඩකි,මගේ නම් හිත කියන්නේම ඒ උත්තමයෝන්ට අපි තව කීයක් හරි එකතු කර දිය යුතු බවයි........

Friday, May 4, 2012

මිනී විකුනන් කන කවි ප්‍රවෘත්ති (ලයිව් @ 8)...............



ජනමාද්‍ය නිදහස ගෑන කතා කරන ගොඩක් අයට අමතක වුනු දෙයක් තමයි ජනමාද්‍ය සදාචාරයක් කියලා දෙයක් තියනවා කියන එක,ප්‍රවෘත්ති වාර්තාකරනය කියන්නේ විද්යුත් මාද්‍ය වල ඉතා වෑදගත් කොටසක්,නමුත් ප්‍රොර්ති වාර්තාකරනයේ සදාචාරයක් තියනද කියන එක නෑවත විමසා බෑලිය යුතු කරුනක්,
මම කතා කරන්න හදන්නේ ස්වර්නවාහිනී ආයතනයේ ලයිව් @ 8 ගෑනයි,මියගිය මිනිසුන්,එම මියගිය මිනිසුන් වෙනුවෙන් හඩා වෑලපෙන පවුලේ උදවිය බොහොම සරුවට ලයිව් @8 තුලින් ලෙකයටම විකුනයි,මෙවන් ප්‍රවෘත්ති වාර්තා කරනයේ යම් සදාචාරයක් තිබිය යුතුයි,මිනිසුන්ගේ දුක් කදුලු විකිනීම ස්වර්නවාහිනියේ බංකොලොත් බාවයද කුහක බාවයද කියන එකයි මට තියන ගෑටලුව.

මීට කලිනුත් මේ ගෑන බ්ලොග් එකක ලියවිලා තිබුනා කියලා මතකයි,නමුත් මුදල් ඉදිරියේ සදාචාරය බල්ලට ගොස් ඇති බවයි පෙනෙන්ට ඇත්තේ.සතියකට කිහිප වරක් මෙවන් දේ පෙන්වන ඔවුන් සමහර විට තම සමීපතයා මියයාමේ සෝදුකින් හඩා වෑලපෙන අය ගෑන විවේචන ඉදිරිපත් කිරීමටද පසුබට නොවෙයි.
අනික් කාරනාව දවසේ වැරැද්ද් කියා මහ මග යන අහිංසක මිනිසුන් අපහසුතාවයට පත් කිරීමයි,රට තුල දිනපතා වසරේ වෑරදි සිදුවෙද්දි,මෙවන් දේ පෙන්වීම ගෑන මට නම් ඇතිවෙන්නේ කලකිරීමකි.

හරි කොන්දක් තියන මාද්‍යවේදියෙකුට මෙවන් බංකොලොත් ප්‍රොර්ති රටාවක් අවශ්‍ය නෑත,ලංකාව තුල ප්‍රවෘත්ති හිගයක් නැත,නමුත් නොමැතිව ඇත්තේ ඒවා නියම ආකාරයෙන් මහජනයා අතරට ගෙන ඒමට කොන්දක් ඇති මාද්‍ය ආයතන හා මාද්‍ය කරුවන් ය....

Friday, April 27, 2012

ලොව මවිත කල අපේ විරුවෝ........!!!!


1.බන්දුල ගුණවර්ධන - රු 2500 කින් මාසයක් ජීවත් වීවිය හැකි බව සොයා ගනිමින් ලෙවකන්නා වාදය ලොවට හදුන්වා දීම.
හාල්පිටි කිලෝවකින් ඉඳි ආප්ප 350 ක් නිපදවිය හැකි ක්‍රමයක් හදුන්වා දීම.
2.විමල් වීරවංශ - මහල්ලා සහ මුහුද" ලිව්වේ "ගී ද මෝපසාං" යැයි ගවේෂණාත්මකව සොයා ගැනීම .
බුදුන්ට ගල් පෙරලුවේ අංගුලිමාල බව පුරාවිද්‍යා පරීක්ෂණයකින් සොයා ගැනීම.
3.සුසිල් ප්‍රේමජයන්ත - මුලින්ම හඳට ගියේ යූරි ගගාරින් බව සොයා ගැනීම
4.විජිත් විජිතමුණි - ජේසුස් වහන්සේට ඇන ගැහුවේ අරාබි ජාතිකයින් බව පුරා විද්‍යා පර්යේෂණයක් සිදු කර සොයා ගැනීම.
5.ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න - ගැලිලියෝට වස දීමෙන් මරා දැමුණු බව සොයා ගැනීම.
6.ජැක්සන් ඇන්තනි - ජනපති බුදුන්ගේ ලේ නෑයෙක් බව ගුප්ත DNA පරීක්ෂණයකින් සොයා ගැනීම.
7.මහින්ද යාපා අබේවර්ධන - ගොයම් පැලය පර පරාගනය සිදු කරන බව සොයාගැනීම
8.ලලිත් වීරතුංග - පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණියේ 1905 දී බව සොයාගැනීම (08/04/12 දොරමඩලාව)
9.රත්නසිරි වික්‍රමනායක - සීයා වරුන් (70+) සහ මිණිපිරියන්,මී මිණිපිරියන් (18-)අතර ලිංගික ක්‍රියාකාරකම් ප්‍රතිපලදායක බව වසර ගණනාවක් තිස්සේ තමා විසින්ම පර්යේෂණ කටයුතු වල නියලෙමින් ඔප්පු කර පෙන්වීම.
10.චම්පික රණවක - මාධ්‍ය ඉදිරිපිට ප්‍රසිද්ධියේ තට්ටේ බෑමෙන්,කාන්තා ලිංගික පරපීඩික ක්‍රියා සිදුකරමින්,බේගල් ඇද බෑමෙන් නිවන් යා හැකිදැයි පර්යේෂණ යක් සිදු කිරීම.(ප්‍රතිඵල තාම ලැබී නැත)
11. රංජිත් සියඹලාපිටිය - ජාතික කෞතුකාගාරයේ අඩු ආරක්ෂාව නිසා පුරාවස්තු තමාගේ ගෙදර ගෙන යාමෙන් වඩා හොඳ ආරක්ෂාවක් සැලසිය හැකි බව සොයාගැනීම
12. මර්වින් සිල්වා - කොතෙක් නොපණත්කම් කලද ජනපතිට හතර ගාතයෙන් බිම වැටී වැඳිය හැකිනම් අවුලක් නැතිව තවදුරටත් ජඩකම් කලහැකි බව ඔප්පු කිරීම
13. දුමින්ද සිල්වා - දෙනෝදාහක් ඉදිරිපිට මිනීමැරුවද ඔලුව පසාරු කරගෙන වෙඩි උණ්ඩයක් ගිය බව කියමින් සිංගප්පූරුවට වී ආතල් ගත හැකි බව ඔප්පු කිරීම.
14. ජෝන් සෙනෙවිරත්න - තමාගේ ලේකම් මත්කුඩු වලියකට මිනීමැරූ විට මගේ ලේකම්ලා ගැන මං දන්නෙ කොහොමද කියමින් ශේප් විය හැකි බව ඔප්පු කිරීම 

(උපුටා ගන්නා ලද්දකි)
විමල් වීරවංශ ඇතුලු අප රටෙන් බිහිවු නව සොයාගැනීම් කල ශේෂ්ඨ යන් ගේ ගුණ සැමරීමටත්,ඔවුන් ලෝකය වෙනුවෙන් කල උදාර මෙහෙය ඇගයීමටත් මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා.මොවුව ඇගයීමකට ලක් කර උත්සවයක් පවත්වා සම්මාන ලබාදීමට හැකි කෙනෙක් ඉන්නව කම් ඒක කරන්න.


  පැමිණෙන ජනතාවගේ රස වින්දනය පිණිස 18 වන ව්‍යවස්ථා සංශෝධනය,බලය බෙදීම පිලිබද දේශනයක් සිදු කිරීමට උපේකෂා සවර්ණමාලි මැතිනියට ලබාදෙන්න. 

උපුටා ගෑනීම ගොසිප් ලංකා කොමෙන්ට් එකකින්,ඒ කොමෙන්ට් එකත් උපුටා ගෑනීමක් කියලා තිබුනා ඔරිජිනල් පෝස්ට් එක ගෑන කවුරු හරි දන්නවා නම් කොමෙන්ට් එකකින් දාන්න ගොසිප් එකෙන් උපුටාගෑනීමේ ලින්කුව පහත

Wednesday, April 25, 2012

කන්නත් නෑ,බොන්නත් නෑ,සනීපත් නෑ,අතේ සල්ලිත් නෑ... ලග හිටපු යාලුවොත් නෑ...!!!



ඉස්සර අපි හිටියේ තුන් වෙනි පන්තියේ,
ඒකාලේ......
දෑන් වගේ ආර්ථිකේ දියුනුත් නෑ,
මේච්චර ඒක පුද්ගල ආදායමකුත් නෑ,
නෙලුම් පොකුනු නෙලුම් කුලුනුත් නෑ,
හයිවේත් නෑ,
වේගෙන් යන කෝච්චිත් නෑ,
ලොකු ලොකු වරායලුත් නෑ,
අපිට ජොබුත් නෑ.......


ඒත් දෑන්.......
මේ හෑම දේම තිබිලත් අපි තුන්වෙනි පන්තියෙන් හතරට වෑටිලා......
දෑන් කටේ දතුත් නෑ

(පාන් කියා ගන්නත් බෑරි තෑන කුරුටු ගෑවෙමි)

Monday, April 23, 2012

ලසිත් මාලිංග - ලංකාවේ ක්‍රිකට්


කලින් ලිපියේ කතා කරපු ටොපික් එක පොඩ්ඩක් විතර ඇදගෙන යන්න හිතුනා,මොකද මාලිංග ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරිමේ කොන්ට්‍රෑක් එක සයින් කරන්න එක ප්‍රතික්ශේප කරලා.මේ ගෑන පොඩ්ඩක් විතර මගේ අදහස දක්වන්න හිතුවා.ගොඩක් සයිට් වල මේ නිවුස් එකට දක්වලා තිබුනු කොමෙන්ට් වලින් මාලිංගව පතුරු ගහලා තිබුනා,හෑබෑයි මම මේ සිද්දිය දකින්නේ මීට වෙනස් ආකාරයකට.
ක්‍රිකට් කියන්නේ වෘර්තියක්,ඒ ගෑන කිසිම තර්කයක් නෑ,මෙම තත්වය ලංකාවේ විතරක් නොවෙයි,අනික් ටෙස්ට් ක්‍රීඩාකරන රටවලටද පොදුයි.ඔබ වෙන රටවල(ඔස්ට්‍රේලියාව,එන්ගලන්තය,දකුනු අප්‍රිකාව,නවසීලන්තය) වගේ වෘර්තීය රගර් ක්‍රීඩකයන් ඉන්න රටවල රගර් ක්‍රීඩකයන් ගෑන බෑලුවොත් ඒ අයට වෙනම කලමනාකාරිතවයක් සමග වෙනම ස්ටාෆ් එකක් තියන් ඉන්නේ,මේ තත්වය මෙතරම් නෑතත්,වර්තමාන ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයින් 100% වුර්තීය ක්‍රීඩකයින්,
ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජාතික මට්ටමේ ක්‍රිඩකයෙක් වෙන්න පුද්ගලිකව විශාල කෑප කිරීමක් කරන්න ඕන,ඉංජිනේරුවෙක්,දොස්තරකෙනෙක් වෙන්න ඒ අය කෑම්පස් ගිහින් විදින දුකට සමාන දුකක් හෝ වෑඩි කෑපකීරීමක් කරන්න අවශ්‍යයි.වුර්තීය ඉංජිනේරුවෙක් රෑකියාවකට යද්දි ප්‍රාදාන වශයෙන් තමා බාලාපොරොත්තු වන වේතනය සදහන් කරන්වා.ප්‍රධාන වශයෙන් ප්‍රොෆෙශනල් පොරක්ව ගන්න සෑහෙන්න ගානක් වියදම් කරන්න ඕන කියන එක හෑමෝම දන්න දෙයක්.පුද්ගලිකව මම ඒකේ වෑරෑද්දක් දකින් නෑ.
හරි අපි දෑන් බලමු අපේ ක්‍රීඩකය ගෑන,ලසිත් මාලිංග,වයස 28යි,ලෝකේ වර්තමාන වේගපන්දු යවන්නගේ ඉහලම රෑදෙන නමක්.දෑනට ලංකාවේ ඉන්න අංක 1කේ වේගපන්දු යවන්න කීව්වොත් නිවෑරදී.මුරලිගේන් පස්සේ ආපු මෑච් එකක් දිනවන්න පුලුවන් ක්‍රීඩකයෙක්,බාහිරයට පෙන්නුම් කල ප්‍රශ්නය නම් කොන්තරාත් මුදලින් 40% ක් පමනක් ගෙවීම නිසා මෙය අත්සන් නොකිරීමයි.මාලිංගගේ පෑත්තෙන් බෑලුවාම මේ තීරනය සාදාරනයි,මාලිංග විතරක් නෙමෙයි සංගා ,මහේල ,දිල්ශාන් වගේ කෙනෙකුට මේදේ වෙලා මේ තීරනය ගත්තන් මම නම් කියන්නේ මේ තීරනය සාදාරනයි කියලා.

ඔහු මේ හඩ නගන්නේ පිනට සල්ලි ඉල්ලා නෙමෙයි,තමන් ක්‍රිකට් බෝඩ් එකට හම්බකරලා දෙන සල්ලි වලින් සාදාරන කොටසක් ඉල්ලලා,ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න කාලකන්නි නිරපරාදේ කෝටි ගනන් මුදල් නාස්ති කරද්දි,අඩුම ගානේ තමන් වෙනුවෙන් වත් පෙනී සිටීමට මාලිංගට කොන්ද හයිය තිබුනු එක ගෑන පුද්ගලිකව මම සතුටු වෙනවා.

දෑන් කට්ටියක් කියයි IPL නිසා මේ දේ වුනා කියලා,ඔව් IPL නිසා එක දෙයක් වුනා ලංකාවේ ක්‍රිකට් වලට විතරක් කොටු වෙලා හිටපු ගොඩක් ක්‍රීඩකයන්ගේ නියම වටිනාකම එයාලම දෑනගත්තා,IPL වල ගෙවන ගෙවිල්ල ලංකාව වගේ දුප්පත් රටකට ගෙවන්න බෑ නමුත් අඩුම ගානේ ගෙවිය යුතු සාදාරන ගානවත් ගෙවනවා නම් කොච්චර හොදද.

අනික් විශේශම දේ මාලිංග හරහා එලියට එන්නේ ක්‍රිකට් පාලක මන්ඩලයේ අපි නොදුටු පෑත්තක් විය හෑක,ක්‍රිකට් ක්‍රීඩකයන්ට පඩි පවා ගේවීමට නොහෑකි තත්වයකට ක්‍රිකට් ආයතනය පත්වුවේ එහි වු දුර්වල පරිපාලනය නිසා බව පෑහෑදිලී,කලයුතුව තිබුනේ දුර්වල පරිපාලකයන් එලවා දමා සුදුසු පාලකයන් පත්කොට,ක්‍රීඩකයන්ට අගතියක් නොවන ආකාරයේ ක්‍රියා පටි පාටියක් සෑදිමයි.නමුත් දිගින් දිගටම සිදුවන්නේ සිදුනොවිය යුතු දුශිත පරිපාලනය වෑජබීමයි.

ඔන්න කවුරු හරි කියයි රට වෙනුවෙන් ක්‍රීඩා කල යුතුයි කියලා නෑත්තන් දේශද්ද්‍රෝහියො කියලා,මට කියන්න තියෙන්නේ රට වෙනුවෙන් ක්‍රිඩා කරන හෙන සෙට් එකක් පාර්ලිමේන්තුවේ ඉදිද්දි තව අය මොටද????

Saturday, April 21, 2012

ක්‍රිකට් විවිදාකාරය බෝලය ගෝලාකාරය

ක්‍රිකට් යනු ක්‍රීඩාවකි,අපේ එහා ගෙදර අංකලයට අනුව එය නියම සුදුවකි මටනම් හිතෙන්නේ මේකනියම බිස්නස් එකක් කියාය,ක්‍රිකට් ඉස්සර ගෑහුවේ සුද්දෝය,පස්සේ අපේ උන්දෑලත් ඒ ගහන එව්වා බලන් ඉදලා ඒක පුරුදු වුනෝය.දෑන් අපේ උන් සුද්දට වඩා හොදට එක ගහනවෝය,


ක්‍රිකට් විවිදාකාර ක්‍රීඩාවකි,ටෙස්ට්,වන් ඩේ,T20,IPL කියා එක එක ජාති ඇතිය,ලංකාවේ ජාතික කන්ඩායම මේ හතර වරිගයම සෙල්ලන් කරයි,IPL යනු ක්‍රිකට් වල සිරාම කොටහයි,සාමාන්යෙන් හොදම ටික ලමයින්ට වගේ අපේ ක්‍රීඩකයන් ගෙත් හොදම ටික IPL වලටය,
ඒකත් කමක් නෑතිය උනුත් ලංකාවි ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්නත් එපෑයි,මොකො ලංකාවේ ජාතික කන්ඩායමට ගෑහුවාය කියා අහවල් ඉටි ගෙඩියක් ලෑබෙනවයෑ,එහෙමද IPL,සල්ලි ගොඩයි,6ඒවා ගහද්දි අක්කිලා වටේ ඉදන් බනිස් උඩ දානවා අපේ උන්ටත් එකී මෙකී නොකී සෑපය,
ඒ අස්සේ අර්ජුන මහත්තයා ඔය IPL ගෑහිල්ල හොද නෑ කියලා තිබුනා,ඒ පාර අපේ නායක තුමා ඒ කියන්නේ එම්.ජයවර්දන මහත්තයා කියලා තිබුනා අයියා එහෙමා කියන්න එපා මේ විදියට IPL ගහන එකෙන් අලුත් ක්‍රීඩකයෝ ජාතියන්තර තලයට ගේන්න පුලුවනී කිය,ඒ ක කියවු මට නම් හිතුනේ අහවල් එකය IPL ගහන්නේ අපේ ඉන්න ෆුල්ම සිරා ඩයල් ටිකය උන්ගේ තව උස්සන දෙයක් නෑතිය.ජයවර්දන මහත්ත්යා ඕක කීවේ එයලා නවකයෝ කියලා හිතාගෙනද කියා මට සෑකය.මටනම් හිතෙන්නේ අර්ජුන මහත්තයා කී කතාව හරියට හරිය,ඒ අස්සේ මාලිංග කොලුවා IPL ගහන්න ගොහින් ඉන්ජඩ් ය,ආයි ඉතින් මිනිහා සුව වන්නේ ලබන IPL එකටය.

Thursday, March 29, 2012

කුඩු ගහන්න හිතන් ඉන්නවනම් මේකත් පොඩ්ඩක් බලන්න... ක්‍රිස්ටල් මෑත් (crystal meth) ගෑන



මත්ද්‍රව්‍යය ගෑන මේ බ්ලොග් එකේ මම ගොඩක් කතා කලා,අරක්කු,ගන්ජා වගේ දේවල් ගෑන. නමුත් අද මම කතා කරන්න යන්නේ  දිර්ගකාලිනව මත්ද්‍රවය(Class A ඩ්‍රග්) පාවිච්චිය නිසා ඈතිවන ප්‍රතිවිපාක,හෑබෑයි මම මේ කියන්න යන්නේ අරක්කු හෝ ගංජා පාවිචිය ගෑන නම් නෙමෙයි ක්‍රිස්ටල් මෑත් (crystal meth) (හෙරොයින් වලට සමාන බලපෑමක් ඇත) පාවිච්ය නිසා සිදුවන හානිය,මෙය බොහෝ දුරට හෙරොවින් වලට සමාන ඇබ්බෑහිවීමක් ඇතිකරන දෙයක්.
මේ මත්ද්‍රව්‍යය ලංකාවේ තියනවද කියලනම් මම දන්නේ නෑ,

මටත් මේ ගෑන හොයන්න හිතුනේ මම බලපු ටී.වී සීරීස් එකකින් තමයි මේ ගෑන දෑනගන්න ලෑබුනේ, Breaking Bad ඔන්න ඕක තමයි කතාව,මේ සම්පුර්න කතාවම ගෙතිලා තියෙන්නේ කෙමෙස්ට්‍රි ප්‍රොෆෙස කෙනෙක් වටා.මිනිහට ලන්ග් කෑන්සර් එකක් හෑදෙනවා,මිනිහට ජීවත් වෙන්න තියන කාලය බොහොම අඩුයි,මිනිහ මෑරුනයින් පස්සේ පවුල ජිවත් වෙන්නේ කොහොමද කියන එක ගෑන මිනිහට හෙන අප්සට්, මිනිහා මොකද කොරන්නේ මිනිහගේ පරන ගෝලයෙකුත් හවුල් කරන් ක්‍රිස්ටල් මෑත් හදන්න ගන්නවා,ඔන්න ඔහොම තමයි කතාව ආරම්බ වෙන්නේ,නමුත් මේ පුද්ගලයා ඉක්මනින් මුදල් සෙවීමට ගන්නා උත්සහය තුල ඔහුගේ පව්ල හා ඒහා සම්බන්ද අයගේ ජීවිත වලට වන නරක බලපෑම මේ කතාවතුල හොදින් නිරූපනය කරලා තියනවා


හරි අපි දෑන් බලමු මේ ක්‍රිස්ටල්(crystal methamphetamine) මෑත් කියන්නේ මොනවාද කියලා රසායන විද්‍යාත්මකව විකිපීඩියා වල ගොඩක් කරුනු දාලා තිබුනා,ඇත්තටම මේ මත්ද්‍රව්‍යය කෘතීමව සාදන එකක්,මෙය නිශ්පාදනය කරන්නාට කියන්නේ කුක් කියලා,
මෑත් ගෑන කතා කරද්දි මෙහි තියන විපාක ගෑන කතා කරන්න තමයි මම කල්පනා කලේ,මෙය අතිශයින්ම ඇබ්බෑහිවන ගනයට අයත් මත් ද්‍රව්‍යයක්,ඇමරිකාව තුල 2006 සිට ක්ලාස් A යන ගනයට අයත් කොට මෙම මත්ද්‍රව්‍යය නිවාරනයට නීතිමය කටයුතු කරන්වා,පහත දක්වා ඇත්තේ මෙම මත්ද්‍රව්ය පාවිච්චිය නිසා මිනිසුන් විකුර්ති තාවයට පත් වී ඇති අයුරුයි.










ක්ලාස් A ඩ්‍රග් එකක් කියන්නේ කෙලින්ම හෙරොයින් වගේ බොහොම දරුනු ගනයේ මත්ද්‍රව‍යයක්,ක්‍රිස්ටල් මෑත් වල ඉතිහාසය දෙවන ලෝක යුද්ද කාලය දක්වා විහිදෙනවා,විඩාව,මානසික ආතතිය මෑඩපවත්වා ගන්න මෙය බාවිතා කරලා තියන්වා,පෙත්තක් විදියට ආපු මෙය ජපානය වෑඩි වහයෙන් පාවිච්චි කල බව සදහන් වෙනවා,ඒවගේම ඉන් පසුව බයික් රයිඩස් ලා හා ට්‍රක් රියදුරන් එක දිගට ඩ්‍රයිව් කිරීමෙදී නින්දයාම වලක්වා ගෑනීමට ක්‍රිස්ටල් මෑත් බාවිතා කරලා තියනව.හෑබෑයි මෙහි තියන දරුනුම අවස්තාව ඔවර් ඩෝස් අවස්තාවකදි කෝමා තත්වයක් හෝ මරනය හෝ සිදුවිය හෑක,

නමුත් 1960 දි අතිශයින් දරුනු මත්ද්‍රව‍යයක් විදියට මෙය නම් කරනු ලෑබුවා,නමුත් වර්තමානයේ මෙක්සිකෝව මුලික කරගත්තු සෑපයුම් ජාලයක් ක්‍රියාත්මවෙන බව සදහන් වෙනවා,ඔය ඉහලින් දාලා තියෙන්නේ ක්‍රිස්ටක් මෑත් වල සෑබෑ චායාරුපයක්,අන්තර්ජාලයේ සදාන අකරයට හෙරොයින් තරම්ම දරුනු ප්‍රතිවිපාක ගෙන දෙන මත්ද්‍රව‍යයක්,ඇබ්බෑහිවීම නෑත්තන් ඇඩික් වීම හෙරොයින් වලට වඩා බොහොම වේගයෙන් සිදුවන බවයි සදහන් වෙන්නේ,දිර්ගකාලීන බාවිතය නිසා සිදුවන හානිය ගෑන ඔබට මනාව පෑහෑදිලි වන්න ඇත,බොහෝ විට එක් වරක් බාවිතා කලා යනු දිර්ග කාලීන පාවිච්චිය ඇරඹුවා කියන එකම තමයි,අවසාන වශයෙන් මේවෑනි දරුනු මත්ද්‍රව‍ය වල ආදිනව පෑහෑදිලි කිරීමට ගත් උත්සහයකි මේ.....