Friday, May 6, 2011

හෑරගිය මිතුරාවෙත................ඔබට සුබ ගමන්................

සදාකාලික වු කිසිම දෙයක් නොමෑතිය යන පරම වු සත්ය මම තදින් අදහමි,ඒසේම පෘතක්ජන පුද්ගලයේකු ලෙස මාහටද වෙන්වීමේ සිත්තෑව්ල හොදින් දෑනේ,මෙම සිද්දිය දෑනට සති කීපයකට කලින් සිදු වුවකි,උසස් පෙලින් පසුව මාගේ ඉන්ජිනේරු ඩිප්ලෝමාව හදාරන සමයේ සිටි මගේ හොදම ගජයා මොහුය.අතිශයින්ම සුන්දර වු මතකයක් ඒ අතීතය තුල දෑවටී ඇතෑයි මට සිතේ.හොස්ටල් ජීවිත්ය,එක්සෑම්,පාටි,ගිටාර් ඒක.....මේ ආකාරයේ අනෙක විදි මතකයන් දහස්ගානක් මේ මිතුරා හා බෑදී තිබේ.
නමුත් වර්තමානය අතිතයෙන් මදක් අපගමනය වී ඇතයි මට හිතේ,වෙනස් වීම මනුශය ස්බාවයයි,එයට මුහුන දිය නොහෑකි සත්වයින් නිරායාසයෙන්ම සමාජයෙන් තුරන් වී යයි,එම නිසා මාහටද එම නීතියට එකග වීමට සිදුවී ඇත,හෑම දෙයක්ම මුදල් වලින් මෑනෙන වර්තමානයේ ඔහුට ඔහුතරම් පොහොසත් නොවු මාගේ මිතුදම එතරම් නොවටිනා බව මම දනිමි.
යන අයට යන්න දීම මාගේ ක්‍රමයයි.ඒ ගෑන පසු තෑවීමක්ද නෑතිය.
අවසාන වශයෙන් මම උබට සුබ පතනවා ජීවිතේ සියලු ඉලක්ක වලට සාරතකව ගමන් කිරීමට ශක්තිය දහිරිය ලෑබේවා කියලා.....

16 comments:

  1. ගණන් ගන්ඩ එපා බන්...... හරි යාලුවොනම් සල්ලිවත් වෙන වාසියක්වත් බලාගෙන නෙමෙයිනෙ බන් ආශ්‍රය කරන්නෙ. ඔන්න කොල්ල ආසම වැකියක් යාලුවො ගැන කියවෙන.

    Real friends are the ones stay beside when you have nothing to share...................

    ReplyDelete
  2. අනිවා මචන්....Real friends are the ones stay beside when you have nothing to share...කියන කතාව නම් හරියට හරි .......

    ReplyDelete
  3. යාලුවෝ වැඩි වෙලත් බෑ...යලුවෝ අඩු වෙලත් බෑ...
    හැබෑ යාලුවෝ වැඩි වෙන තරමට ජීවිතේ ශතුටින් ඉන්න පුලුවන්..ඒ වගේමයි අනිත් පැත්ත...

    ReplyDelete
  4. සැලෙන්න එපා ....... හැමෝටම තමන්ට කරන්න පුලුවන් විදියට උදව් කරගෙන ඉන්න ......වරදින්නෙ නැහැ ........

    ReplyDelete
  5. නාස්ති විද්‍යා සමඃ මිත්‍රං
    උගත් ශාස්ත්‍රයට සමාන වෙනත් මිත්‍රයෙක් නැත.

    ReplyDelete
  6. මොනවා ලියන්නද කියල හිතා ගන්න බෑ....ඇත්තට්ම මම මේ සිද්දියෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා.

    ReplyDelete
  7. ලියහංකො ටිකක් දිග පෝස්ට් එකක් නම් ගම් සඳහන් නොකර අපිට දැනගන්ඩත් එක්ක සීන් එක.....

    ReplyDelete
  8. මචං මෙන්න මේක පාවිච්චි කරපන් සිංහල ටයිප් කරන්ඩ. හරිම ලේසියි වගේම වරඩ්දි වෙනවත් අඩුයි

    http://singreesi.vndv.com/download.htm

    ReplyDelete
  9. ඕනෙම කෙනෙක් ඕනවට වඩා දැඩිව අල්ලගන්න යන්න එපා,දැඩි බැදීම තමයි ඒ කෙනාගෙ පොඩි වෙනස්වීමක් වුනත් දරාගන්න බැරි කරන්නෙ අපිට.ඔව්ව ඔහොම තමා!... හැමෝම හැමදාම එක විදියට ඉන්නෙ නැ,වෙනස් වෙනව,ඒක තේරුම් අරන් ඉන්න,දුක් වෙන්න එපා.

    ReplyDelete
  10. අළුත් කොල්ලා - තෑන්කු කොලුවෝ......බලමු පොඩ්ඩක් ට්‍රයි කොරලා....

    නදී.- අනිවා...වෙනස් වීම පමනක් වෙනස් නොවනු ඇත....

    ReplyDelete
  11. බැදීම් වැඩි උනහම දුක වැඩී අයියේ....ඇතිවෙනව නැතිවෙනව..ලෝක ස්වභාවය....

    ReplyDelete
  12. තටු සිඳුනු සමනළියක් - පෘතක්ජන මිනිස්සු විදියට අපේ හිත හෑම වේලෙම යම් දෙයක් අල්ලා ගන්නයි උත්සහ කරන්නේ......ඔකනේ කේස් එක නංගි..

    ReplyDelete
  13. සල්ලි වලින් යාළුවො මනින්න බැහැ යාළුවා.. දුක් වෙන්න එපා..

    ReplyDelete
  14. ඕන කෙනෙක් එක්ක අතේ දුරින් හිටපන් මචං .. මමනම් එක යාළුවෙක් ගෙන් ජීවිත කාලෙටම අමතක නොවෙන දෙයක් ඉල්ලගෙන කා ගත්තා ..ඒදා ඉඳන් ඕනෑවට වඩා එක යාළුවෙක්වවත් කරට ගන්නේ නෑ

    ReplyDelete
  15. Dinesh - අනිවා මචන්, සල්ලි වලින් නම් කිසිම වෙලාවක කිසිම බෑදිමක් මනින එක මම කරන් නෑ.එත් ඉතින් හෑමොම එහෙම නෑනේ මචන්.....

    හිස් අහස - මම දෑක්ක මචන් ඒ සීන් එක "යකඩ බජාර්"කේස් එක නේද....මොන දේ වුනත් වෙන්නේ හොදට කියලා හිතාගත්තාම හරි බන්.......

    ReplyDelete
  16. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete