Saturday, December 31, 2011

|සෙමි ලක්සරි = නෝමල්| බස්|

නෝමල් හා සෙමි ලක්සරි අතර වෙනස මොක්ද්ද ඇත්තට,මට නම් ඔය දෙකේ වෙනසකට කියලා පේන්නේ සෙමියේ ගාන නෝමල් එකට වඩා වැඩි එකත් අර උඩ අලවලා තියන බෝඩ් ලෑල්ල නිල් පාටින් ගහලා තියන එකත්ය.හෑබෑට ඔය සෙමි ලක්සරි ගොන් මොලේ කාටද දන් නෑ පහල වුනේ,කොලඹ මාතර බස් වලින් 35-40% ක් විතර මේ සොමි ලක්සරි බස්,3-2 සීට් පේලි තියෙන්නේ ඒවායේ වාඩි වෙද්දි කකුල් දෙක ගලවලා පෑත්තකින් තියන්න ඕන,ඊටත් වඩා හොදම ආතල් එක හිටගෙන යන්න සෙට් වුනොත් ,ඩබල් ගෙවලා හිටගෙනත් පලයන්කෝ.


සෙමි ලක්සරි කියලා බස් සේවයක් දෑම්මට කමක් නෑ ඒක නියම ප්‍රමිතියට තියන්වනම්,අඩුම ගානේ ඔය සෙමි වලට මිනිස්සු නග්ග ගනිද්දි මේක සෙමියක් කියලා කියන්ව නම් මම දෑකලා නෑ,බස් එකට නැගලා ටිකට් ගනිද්දි තමයි කියන්නේ මේක සෙමි කියලා, වෑඩි මුදල් අය කරන්වා නම් ඒකට සරිලන සේවයක් තියෙන්න ඕන නමුත් සෙමි ලක්සරි කියන බස් වල කිසිම වෙනසක් නම් තාම මම දෑකලා නෑ,මට තියන එකම ගෑටලුව ඇයි මේවා ගෑන මිනිස්සුවත් කතා කරන් නෑත්තේ කියලා,අමාරුවෙන් හම්බ කරන මුදල් මේ ආකාරයෙන් බස් මුදලාලිලා සුරන් කන එකට කිසිම ප්‍රතිරොධයක් මිනිසුන්ගෙන් වත් එල්ල වෙන් නෑති එක ගෑනයි දුක.

Tuesday, December 27, 2011

ජාමිතියෙන්, Z- ස්කෝ සොයමු......(ගණිතය 5 වසර)

අයින්ස්ටයින් පච වී ඇත,මක් නිසාද යත් අපේ ඇමති තුමා ගණිතය නව මානයකට රෑගෙන ගොස් ඇත.මෙය වර්තමාන ඉතිහාසයේ මහත් වු ආශ්චර්යක් වනු නියතය,මෙම නව සොයා ගෑනීම තුල පරිගණකද පිස්සු කෙලින්න පටන් ගෙන ඇත,මෙය ඇමති තුමාගේ සුත්‍රයේ වරදක් නොව පරිගනක වල අවුලකි,මෙම නව සුත්‍රයට සරිලන විදියට පරිගනක මෘදුකාංග වෙනස් කිරීමට සිදු වනු ඇත,දෑනට බිල් ගේට් මාමා ලහි ලහියේ එම කටයුතුවල යෙදී ඇත,මොකද එම වෙනස් කම් රහිතව උ/පේ ප්‍රතිපල පිට කිරීමට නොහෑකිව ඇත.පිට කරත් නෑවත්තත් පරිගනක පිස්සු කෙලිනු ඇත.


Z - ස්කෝ ජාමිතික සුත්‍රයකින් සොයන බව පිලිඹද ගොසිප් අඩවියක මම ඊයේ දෑක්කා,නොදන්න දේ කරන්න ගොස් හත්පොලේ ගාගන්නවට නරකද දන්න දෙයක් කිරීම, උ/පේ කියන්නේ ලංකාවේ බහුතර සිසුන්ගේ මෙන්ම එම පවුල් වලත් අනාගතය තීරනය කරන විභාගයක්,විභාගයට කොතරම් කෑප කිරීමක් කරනවද කියන එක සමහර විට ඔය ලොකු පුටුවල ඉන්න උදවිය නොදන්නවා විය හෑක මොකද ඔය මිනිස්සු උ/පේ තියා සා/පේ වත් කරාද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා මේ වෑඩ කරන විදිය දෑක්කාම.


මේ කරන්න හදන්නේ නිදහස් අද්යාපනය විනාසකර දමන්න දෑයි කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා,ගමේ දුප්පත් මින්හෙකුගේ දරුවෙකුට ඔලුව උස්සන්න තියන එකම මග නිදහස් අද්යාපනයයි,නමුත් මේ කරන වෑඩ වලින් එයත් නෑති වුනොත් ඔවුනට අත් වන තත්වය කුමක්ද.අවසාන වහයෙන් කිව යුතු දෙයක් ඇත් මේ යන විදියට මේ යන්නේ නිදහස් අද්යාපනයේ අවසාන දශකයද ???? එය එසේ වුවොත් නිසි බලදාරින් එම ලෑබෙන මුද ගෙන තවත් විරාජමානව වෑජබෙනු ඇත නමුත් කරන ලද අපරාද වලට යම් දිනක විදවන්නට වනු ඇත,එය මෑරෙන මොහොතේ හො ඔවුන්ට විදවන්නට වනු ඇත.මෑරෙන් නෑති ම්නිසුන් ලෙස ජීවත් වෙන මෙම මිනිසුන්ට මතක් කර දීමට කෑමෑත්තේමි...

Friday, December 16, 2011

යමුද නෑවෙන් ලෝකේ වටේ........

වෑඩි අවදානය යොමු නොවුනු විදේශවිනිමය ඉපෑයිය හෑකි ක්ශේතත්‍රක් තමයි වෙලද නෑව් වල රෑකියා කිරිම කියන්නේ.අනික් රෑකියා ක්ශේත්‍ර ගෑන සමාජයේ තියන උනන්දුව මෙම ක්ශේත්‍රයට ලෑබී නෑති බව නම් පෑහෑදිලිය,එයට සමහර විට ගතානුගතික ලාංකික සමාජයේ මෙම රෑකියාව ගෑන මෑවී ඇති චිත්ත රුපය සමහර විට බලපා ඇත,මක් නිසාද යත් මේ ගෑන හරි හෑදෑරීමක් කිරීමට පෙර මා තුලද පෑවතියේ එවන් හෑගීමකි.
නාවික ක්ශේත‍්රය යනු අනිකුත් රෑකියාවක් මෙන්ම වර්තමානයේ වෘර්තියම සම්මතයකට පත්ව ඇති අතර ලංකාවේ අඩු වුවද අද්යාපන ආයතනද පවති.දෑනට NDES,NDT ඩිප්ලොමා ආයතන මගින් නාවික ඉන්ජිනේරු ඩිප්ලෝමාවක් ලබාගත හෑක,ව්ශේශත්වය නම් මෙම ඩිප්ලෝමා දෙකම රජය මගින් නොමිලේ ලබා දෙන පුර්න කාලින ඩිප්ලෝමා දෙකකි,මින් ඉදියට වෘතීය අද්දෑකීම් සමග ඉදියට අද්යන කටයුතු කරන්නේ නම් CENEC ආයතනය තුලින් කලයුතු වේ,නමුත් බොහෝ විට දෙවෑනි ඉන්ජිනේරු විබාගයේ සිට විදෙශ රට කට ගොස් අද්යනය කටයුතු කිරීමට බොහෝ නාවික ඉන්ජිනේරුවන් කෑමති වන්නේ එම සහතිකයේ ඇති පිලි ගෑනීම නිසයි.


මෙම ක්ශේත‍්රයට යාන්ත්‍රික හා විදුලි ඉන්ජිනේරු අන්ශයෙන් අදයන කටයුතු හමාර කල අයට එක් විය හෑකියවේතය පෑත්තේන් බෑලුවාම නම් ලංකාව තුල රෑකියාවක් කොට කිසිසේත් සිහිනෙකින් වත් ඉපෑයිය නොහෑකි මුදලක් මෙමගින් ඉපෑයිමට හෑකිය,මාගේ දෑනුමේ හෑටියට මෑදපෙරදිගදී ලෑබෙන පඩියට වඩා ලොකු පඩියක් නාවික රෑකියාවේදී ලබා ගත හෑකිය.දෑනුවත් කිරිමේ ඇති අඩු පාඩු නිසා මෙම වෘතියට එලබෙන ප්‍රමානය අඩුවක් ඇත.හෑබෑයි එලඹෙන ඕනෑම කෙනෙකුට තම සුදුසුකම් වලට සාපේක්ශව ඉතා ඉහල වේතන මට්ටම් වලට යා හෑකිය,ඊට අමතරව ඉතාවෑදගත් වරප්‍රසාද ගොන්නක්ම මේ සමග ලෑබෙනු ඈත(එව්වා පස්සේ කියමු).....




Thursday, December 15, 2011

නෑවුම් පලතුරු හා එලවලු ප්‍රවාහනයේ ඇති තාක්ශනික පසුබිම




ලවලු ප්‍රවාහනය ගෑන වර්තමානයේ වෑඩි කතාබහක ලක්වුයේ ආන්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අලුත් නීති පද්දතිය නිසා,මෙය හොද හෝ නරකයි කියලා අදහස් ප්‍රකාශ කිරීමක් මම මෙම ලිපියේදී බලාපොරොත්තු නොවෙමි,මෙහිදී මා බලාපොරොත්තු වන්නේ නෑවුම් පලතුරු හා එලවලු ප්‍රවාහනයේ ඇති තාක්ශනික පසුබිම පෑහෑදිලි කිරිමයි,එම කරුනු මනා අද්යනයකින් පසුව අපට වඩාත්ම සුදුසු එලවලු ප්‍රවාහන මාද්ය තෝරා ගත හෑකිවේ,
ප්‍රතමයෙන් අපි වෙලදපොලෙන් නෑතිනම් එලවලු ප්‍රවාහනය නෑමතික්‍රියාධාමයේ අවසාන පරතිපලය බලමු,
එනම් 1.භාන්ඩයේ මිල
          2.භාන්ඩයේ ගුනාත්මක බාවය.


එලවලු ප්‍රවාහනය කියන සාදකය පෑහෑදිලිවම ඉහත කරනා දෙකට සෑලකිය යුතු බලපෑමක් කරන බව පෑහෑදිලිය,සාමානය දක්ත අනුව දුරුවල එලවලු ප්‍රවාහනය නිසා 20%-40% අතර ප්‍රමානයක් අපතේ යන බව කියයි,මෙය බොහොදුරට දක්නට ඇත්තේ 
ලංකාව,අප්‍රිකාව,ඉන්දියාව වෑනි දියුනුවෙමින් පවතින රටවලය,මෙම රටවල බොහෝ විට පාවිච්චි කරනුයේ ව්වුර්ත (open truck) ප්‍රවාහන මාද්යයි,නමුත් දියුනු රටවල ඔවුන් පාවිච්චියට ගනු ලබන්නේ ශීතකරන සහිත ට්‍රක් රතයි,නමුත් දුප්පත් රටවල පතින ආර්තික මට්ටමත් එක්ක ඒවෑනි මිල අදික ප්‍රවාහන මාද්යක් බාවිතා කිරීම ප්‍රායේගික නොමෑත.
අප මෙහිදි යම් ක්‍රමයක් යෝජනා කිරීමේදී එය යම් යම් කරුනු මත ප්‍රදාන වශ්යෙන් රදාපවතී.
1.එලවලු හා පලතුරු වල අවසාන මිල හා තත්වය
2.ප්‍රවාහනයට බහුතරයක් බාවිතා කරන ක්‍රමය
3.පවතින වෙලදපොල හා ඒහා සම්බන්ද අය(ගොවීන් හා අතරමෑදි වෙළදුන්)
මෙවන් කරුනු ගෑන ප්‍රදාන වශයෙන් අපගේ අවදානය යොමු කලයුතුය.


ඊලග කාරනය මම මුලිනුත් සදහන් කලා වගේ නියමිත සුදුසු ප්‍රවාහන ක්‍රියාවලියක් සිදුවුන් නෑත්තන්(බෝග නෙලීමෙන් පසු වෙලදපොලට පෑමිනෙන තෙක්) බෝගවලින් 20-40 % අතර ප්‍රමානයක් අපතේ යෑමක් සිදුවිය හෑක,මෙම අපතේ යෑම නෑත්තන් එලවලු හෝ පලතුරු ප්‍රොයෝජනයට ගත නොහෑකි තත්වයට පත් වීමට සාදක කිහිපයක් බලපානවා
1.එලවලු ප්‍රවාහනයට නොසුදුසු මට්ටමේ පවතින ලොරි / ට්‍රක් රත පාවිච්චිය
2.ප්‍රමානයට වඩා (Overloading) එලවලු ලොරි රථවලට පෑටවීම.
3.එලවලු හෝ පලතරු ප්‍රවාහනයට නුසුදුසු රිය දහවනය
4.ලොරිය තුල එලවලු හෝ පලතුරු අසුරා ඇති අන්දම(එයට ආදාරක වශයෙන් යොදා ඇති ද්‍රවව්ය)
5. රලු මාර්ග භාවිතය
6.පරිසරයේ උනුසුම,හිරු රෑස් තිව්‍රතාවය,ප්‍රවාහනය කරන එලවලු වලට ලෑබෙන වාතස්‍රය
7.බෝග නෙලීමෙන් පසු වෙලද මද්යස්තාන වලට ලෑබීමේදී සිදුවන ප්‍රමාදය.

මෙවන් කරුනු විශාල ප්‍රමානයක් මෙම ක්‍රියාදාමයේදී අප විසින් සලකා බෑලිය යුතුය.


ඉහත කරුනු සලකා බෑලීමේදී එක කරුනක් ඉවත් කිරිමෙන් මෙම සිදුවන එලවලු අපතේ යෑම නවතා ගත නොහෑක,උදාහරනයක් ලෙස දෑනට යෝජිත කුඩ ක්‍රමය තුල ගෝනියක අසුරන එලවලු අඩුම ගානේ කුඩ දෙකක ඇසිරිය යුතුය නමුත් ගොවියා මෙම බාවිතා කරන කුඩ ප්‍රමානය අඩු කර ගෑනීමට කුඩයකට ප්‍රමානයට වඩා එලවලු පෑටෙව්වොත් මොකද වෙන්නේ????

අනික් ප්‍රදානම කරනා කිහිපය ලංකාව තුල අප සලකා බෑලිය යුතුය,එනම් පවතින වෙලදපොල හා ඒහා සම්බන්ද අයයි,යෝජිත ක්‍රමය ඔවුන් හට සුදුසු දෑයි කියා සොයා බෑලිය යුතුය,  මක් නිසාදයත් යෝජිත ක්‍රමය නිසා එලවලු අපතේ යෑමට වඩා වෑඩි පාඩුවක් සිදුවේ නම් කබලෙන් ලිපට වෑටෙන්නේ පාරිබෝගිකයායි,
උදාහරනයක් ලෙස කූඩ සදහා ලොකු විදමක් හා ප්‍රවාහන විදමක් දෑරීමට සිදුවීම.මේ හෙතුවෙන් එලවලු මිල වෑඩි නොවේ යෑයි සහතික විය හෑකිද,
අනික් කරනාව වෙලද පොලට එන එලවලු හා පලතුරු සියල්ල කුඩවලට පටවා ප්‍රවාහනය සුදුසු නොවේ,ඒ සදහා වෙන් වෙන් වු ක්‍රම පවතී.
අවසාන වශයෙන් මට සිතෙන දේ නම්,එලවලු ප්‍රවාහනයට සුදුසු ක්‍රමවේදයක් අප සකසා ගත යුතුයි,නමුත් එය සීතල කාඹර වල සිට කල නොහෑක්කකි.අවන්කවම මෙයට අවශ්යතාවයක් තිබේ නම් ගොවිපොලට ,වෙලදපොලට ගොස් ඒ ගෑන මනා අදයනයකින් පසු කලයුත්තකි.ගහෙන් ගෙඩී එන්න වගේ මේ වෑනි වෑඩ කිරීමෙන් නෑවතත් තෑලෙන්නේ පාරිබෝගිකයායි.





Thursday, November 17, 2011

වෑල ඇදීම තහනම්......

හප්පේ දෑන් හෑදෙන උන්ගේ මෝල......වෑඩක් නෑ කතාකරලා...

Tuesday, November 15, 2011

අපෙන් ගන්න බදු වලට යන කල.........අපිට පවු නේද????????




කාලෙකට පස්සේ මේ පෑත්තේ අවා ඔන්න,ලියන්න කියලා ලොකු දෙයක් නම් නෑ,සමාජේ දිහා බලන් ඉද්දදි,වෙන දෙවල් දෑක්කාම ඒවා ගෑන කතාකරලා ලේ පුච්ච ගන්නවාට වඩා හොදයි කට පියාන ඉන්න එක කියලා හිතුනා.මේ දාන්න යන්නේ මට ඊ මේල් එකකින් ලෑබුනු කරුනු වගයක්,
ඇත්තටම අපෙන් ගන්න බදු මුදල් වලට වෙන්නේ මොකද්ද කියලා දෑනගන්න අපිට සාදාරන අයිතියක් තියනවා.මෙවර නගර සභා චන්දය අවසානයේ මට නම් හිතුනනේ මේ චන්නේ කියන්නේ අපේ රීරි මාන්සේ උරාබොන්න තව කෙනෙකුට ලයිශන් දෙනවා වගේ වෑඩක් කියලා.කොහොම වුනත් අපිත් දිගටම නොනෑවති එකේක අයට චන්දේ දෙනවා,හෑබෑයි අපිම දන්නවා මේ පත්වෙන මිනිස්සු ගමට නගරයට කලයුතු යුතුකම් ඉටු නොකරන බව,(අවන්කව සීයට සීයක් වෑඩකරපු මනුස්සයෙක් නම් මම තාම දෑකලා නෑ),දුකයි තමයි ඒත් ඉතින් මොනවා කොරන්නද...
ය යටින් දාලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ගේ වරප්‍රසාද,මෙතරම් අදි වරප්‍රශාද ලබා සිටියදීත් ඇයි තවම තුන්වෙනි පන්තියේ අපිවම පගන් මරන් කන්න හදන්නේ ?????? 
(මේක සිංහලයට පරිවර්තනය කලේ නෑත්තේ හෑමෝටම තෙරෙන ඉංග්‍රීසියෙන් තියන නිසා)
 
Politics is not a SERVICE anymore but a PROFESSION!!!
An Important Issue!
Salary & Govt. Concessions for a
Member of Parliament (MP)

Monthly Salary :
Rs. 12,000/-

Expense for Constitution per month :
Rs. 10,000/-

Office expenditure per month :
Rs. 14,000/-

Traveling concession (Rs. 8 per km) :
Rs. 48,000/-
(eg. For a visit from Nuwara eliya & return : 600 km)

Daily DA TA during parliament meets :
Rs. 500/day

Charge for 1 class (A/C) in Train :
Free
(For any number of times)  
(All over sri lanka )
 

Charge for Business Class in Flights :
Free for 40 trips / year
(With wife or P.A.)  

Rent for MP hostel at almost Colombo:
Free.

Electricity
 costs at home :
Free up to 50,000 units.

Local phone call charge :
Free up to 1, 70,000 calls..

TOTAL expense for a MP
[having no qualification]
per year :  Rs.32, 00,000/-
[i.e. 2.66 Lakh A Month]
TOTAL expense for 5 years :  
Rs. 1, 60, 00,000/-
For 534 MPs, the expense
for 5 years :
Rs. 8,54,40,00,000/-
 (Nearly 855 crores)

855 crores could make their lives livable!!
 
Think of the great democracy we have

Wednesday, October 26, 2011

Voca Peole....මිනිස් කටහඩින් සියලුම සංගීත බාන්ඩවල ශබ්ද......

සංගීත බාන්ඩ නෑතිව මිනිස් කටහඩ පමනක් යොදාගෙන දෑනට තියන බොහො සංගීත බාන්ඩවල ශබ්දය ගෙන එමින් ගිතගයන කන්ඩායමක් තමයි මේ වෝකා පීපල් කියන්නේ,මේ අයගේ වීඩියො එකක් මම මුලින්ම දෑක්කේ මුහුනු පොතේ මගේ මිතුරෙක් ශෙයා කරලා තිබුනා,
ඊට පස්සේ තමයි මට මෙයාල ගෑන පොඩ්ඩක් හොයන්න හිතුනේ,මෙයාලා ඇත්තටම ඊශ්‍රයල් කන්ඩායාමක්,මේ කන්ඩායම සම්පුර්නයෙන්ම නටය ශීලි සංගීත ප්‍රදර්දර්ශනයක් තමයි කරන්නේ,මෙයාලයි කතාවේ හෑටියට මෙයාලා ඒලියන් සෙට් එකක්,මෙයාලගේ බෑන්ඩ් එකේ මෝටෝ එක තමයි "Life is music and music is life" .මෙයාලයි යු ටුබ් එකේ දාපු වීඩියෝ එකකට වසරකට මිලියන 15 කට වඩා හිට්ස් ලෑබිලා තියන්වා,ඉතින් හිතා ගන්න පුලුවන්නේ සෙට් එකේ වෑඩ...


වෑඩි කතා ඕන නෑ ඔන්න පහල වීඩියෝ එක තියන්ව බලන්න....