Friday, August 26, 2011

FB අකවුන්ට් එකේ ඉදලා බෑංකු අකවුන්ට් දක්වා හැක් කරමු......



උදේ පාන්දර මොල්ඩර් මල්ලිගේ මෙන්න මේ ලියමන දෑකලා තමයි මට මේ පෝස්ටුව දාන්න හිතුනේ,ඊට කලින් අපේ බzzzzzzz කලාල සාදයට සුබපතන්න එපෑයි,බොහොම සුන්දර විදියට බස් පෑදුර නම් තිබුනා අපිත් බස් රේඩියෝවෙන් හරිම ආසාවෙන් අහන් හිටියා,අපිටත් එක්වෙන්න තිබුනනම් කියලා ඇත්තටම හිතුනා,ඒතරම් ලස්සනට වෑඩේ ගියා.හෑබෑයි මම නම් 11.30ට වගේ නිදා ගත්තා එතනින් පස්සේ නම් මොකක් වුනාද කියලා නම් දන්නේ නෑ,සංවිදායක මන්ඩලේට පුලුවන් නම් පෑදුර අපට නෑවත වරක් අහන්න දෙන්න,ඇත්තාටම ගොඩක් වටිනවා කියලා මම හිතනවා.


අරි වල් පල් වෑඩක් නෑ වෙඩේට බහිමු,FB අකවුන්ට් එකේ ඉදලා බෑංකු අකවුන්ට් එක දක්වා මම මේ කියලා දෙන විදියෙන් හෑක් කර ගන්න පුලුවන්,මෙක හෑබෑයි ටිකක් අමාරු ක්‍රමයක් ,මේක අමාරු වුනාට ගොඩක්ම ප්‍රායොගිකයි,දෑනට රටවල් ගනනාවකම මේ ක්‍රමය යොදාගන්නවා ඔය හෑකින් වෑඩ වලට



හරි දෑන් බලමු කොහොමද වෑඩේ කොරන්නේ කියලා,මුලින්ම ඔබට හෑක් කිරීමට අවශය අකවුන්ට් එක තියන පුද්ගලයාගේ ඈඩ්‍රස් එක ඔන වෙනවා,මෙතනදී අවශ්ය වන්නේ ඊ මේල් ඇඩ්‍රස් නෙමෙයි ගෙදර ඇඩ්‍රස් එක(ඔබ හෑක් කරන්න යන එකා ඇඩ්‍රස් නෑති ඩයලයක් නම් ඉතින් සොරිම තමයි),ඊට් අමතරව පහතින් කියන උපකරන ටික් වෑදගත් වෙනවා,
සුදුපාට ඩෙලිකා වෑන් 01යි,
හොකී ස්ටික් 01යි,
සෙල්ලම් පිස්තෝල 01යි,
කලු ලේන්සු අවශ්ය ප්‍රමානයට,
හොද කොහු ලනු කෑරලි 2ක් පමන,
ලොකු බාල්දි 01ය.


අපි දෑන් බලමු කොහොමද කියලා හෑකින් වඩේ කොර ගන්නේ,හෑක් කොරන්න තියන අකවුන්ට් එක තියන පුද්ගලයාගේ ගේ මුලින්ම හොයාගන්න ඕන, මේ වෑඩේට තව කීප දෙනෙක් සහබාගී කර ගන්නත් අවශය වෙනවා,පෙර සූදානමක් ඇතිව,කර සූදානම් කොර ගත්තු කලු රෙදි වලින් මුන හෙම වහන්,අදාල පුද්ගලයා හවස් ජාමේක එලියට බහින වෙලාවක් අල්ලා කුදලන් වෑන් එකට දාන් එන්නයි තියෙන්නේ,

ඊට පස්සේ මිනිහගේ ඇස්දෙක හෙම බෑදලා,අවශය නම් අර කලින් සුදානම් කර ගත්තු ලනු කෑරලි උපයෝගී කරන් මිනිහව හොදට තදට බදින්න,බොහොවෙලවට ඔය ආකාරයෙන් බෑදලා බොහොම ආදරෙන් අහන්න ඔබ තුමාගේ අහව්ල් අකවුන් එකේ යුසර් නේම් පාස්වඩ් මොනවාද කියලා,ලෑප් එකක් අරන් ගියානම් ඒ මොහොතෙදිම අකවුන්ට් එක හෑක් කොරන්න පුලුවන්,මේ ආකාරයට ATM කාඩ් ඒකේ පින් නොම්බරේ වුනත් හෑක් කොරන්න පුලුවන්න.

අමතක වුනානේ මිනිහගේන් ඇහුවට හෑක් වෙන්නේම නෑත්තන් අර බාල්දිය ඔලුවට නමලා හොකී ස්ටික් එකෙන් පොඩ්ඩක් තට්ටු කොලානම් හරි,අත්දුටුයි ප්‍රත්යක්ශයි.....

සමහර විට ගොඩක් සිකියුරිටි වෑඩි අකවුන්ට් නම් මේ විදියට හෑක් වෙන එකක් නෑ.......ඒවනම් සොරි තමයි......හෑබෑයි අනික් ක්‍රම වගේ නම් නෙමෙයි මේක ශුවර් ශොට්.........

29 comments:

  1. හිහ්.... ගුටි කාලා ඉවරයක් කරන්න බැරි ෆට්ට ක්‍රමයක්....

    ReplyDelete
  2. prasanna86k - පිස්සුද මචන් පිටරට වල මේ ක්‍රමේ කොරනවා...මම ඇස්දෙකෙන් දෑකලා තියන්වා....ෆිල්ම් වල පෙන්නනවා....:-)))

    ReplyDelete
  3. iPlus;
    ග්‍රීස් යක්කු ඇවිත් කියලා, ගමේ එවුන්ගෙන් දවල් කෑම කාලම එන්න පුලුවන්. එල එල.

    ReplyDelete
  4. අයියේ මේ වගේ ගොං කතා ලියලා හිට්ස් වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවනම් ඒක ලොකු වැරදීමක්. ටිකක් වැදගත් කතාවක් ලිව්වනම් අපිටත් අයියව ෆලෝ කරලා යන්න හිතෙනවා. දැන්නම් ආයේ පැත්ත පලාතේ එන්න හිතෙන්නේ නෑ.

    චූටි මල්ලි

    ReplyDelete
  5. ano 1 - හිකිස්ස්ස්ස්ස්....මාසෙකට ඇති වෙන්න කන්න පුලුවන්....

    ano 2 - බොහොම ස්තුතී අදහස් වලට....

    ReplyDelete
  6. යකෝ උඹ අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කිව්වෙ ෆිල්ම්වලින් බලලද .........

    ReplyDelete
  7. නියම ක්‍රමයක් මචන්!

    ReplyDelete
  8. හික් හික්!! සමහර කට්ටියට සැඟවුණු උපහාසය තේරෙන්නෙ නෑ වගේ. හොඳ ලිපියක්

    ReplyDelete
  9. පන්සල් හංදිය - හිකිස්ස්ස්ස්...ඔව් ඔව්.....

    ඉන්දික - අනිවා...මොනවා කියනවද මචන්....

    ReplyDelete
  10. blog gadol - අනිවා මචන්,
    මම මේක දාන්න මුලික වුනේ බ්ලොග් අවකාශයේ මගේ හොද මිතුරේක් වන මෝල්ඩර් ෆයිල්ස් මලයා දාලා තිබුනු ලිපියක්,පස්සේ මල්ලි ඒ ලිපිය අයින් කරා,මම මුලින්ම ඒකට මෝල්ඩර් මල්ලිට ස්තුති වෙනවා,හෑකින් කියන එක ඇත්තටම හොද දෙයක් කියලා මම හිතන් නෑ,අපේ දෑනුම කාටහරි හොදක් කරන්න යොදාගන්නවා විනා තව කෙනෙක් අපහස්තාවයට පත් කරන්න යොදාගන්න නරකයි,අනික FB වගේ සමාජයට ගොඩක් කාවෑදුනු අඩවියක අකවුන්ට් එකක් හෑක් කරනවා කියන්නේ ඒ අදාල පුද්ගලයා ගොඩක් අපහසුතාවයට පත් වෙනවා,අනික ඔය දාන ලිපි කියවන්නේ එකම කානසික මට්ටමේ ඉන්න අය නෙමෙයි නේ,කවුරුහරි සයිකෝ කාරයෙක් ඔය දෑනුම අරන් මොන මොන විකාර කරයිද කියලා කවුද දන්නේ.

    ReplyDelete
  11. නියම කතාව අසංක....වෙඩි වගේ.

    ReplyDelete
  12. හොඳ උපහාසාත්මක ලිපියක්...

    අසංකගේ අදහසට මමත් එකඟයි.. අපි අවි පුහුනුව දෙන්න ඕනේ යුද්දෙට යන අයට විතරයි... හැබැයි ගොවි පුහුනුව නම් ඔනෙම කෙනෙක් ට දුන්නට කමක් නෑ..
    හැකින් ක්‍රම ගැන ප්‍රසිද්දියේ ලිපි පල කිරීම මමත් අනුමත් කරන්නේ නෑ...

    ReplyDelete
  13. නියමයි අසංක අයියා අර ඇනෝට කියන්න තියෙන්නෙ උඹ එන්නෙ නැත්නම් එන්නෙ නැතුව හිටපං කියල විතරයි... උඹල තාමත් සයිබරයෙත් හනමිටි අදහස්වල එල්ලිල ඉන්න උන්.... රැඩිකල් කමක් ගෑවිලාවත් නෑ....

    ReplyDelete
  14. - නිල් අහස - තෑන්කූ කීවා මචන්....

    මෝල්ඩර් ෆයිල්ස් - උඹ තමයි මල්ලි මේ ලිපිය ලියන්න අද පාන්දරම කමටහන් දුන්නේ..ඒකට මම උඹට ස්තුති කොරන්න ඕන...

    නදුන් උයන - අනිවා මචන්.සයිබර් ත්‍රස්තවාදයද ඔය මොකද්දෝ කියලා එකකුත් තියන්වාලු නේද..අනේ මන්දා බන්...

    පොඩි මෑන් - අනිවා මචන්...අපි සෑලෙයි ඕවට....

    ReplyDelete
  15. මම නම් ලිපිය දැක්කට පස්සෙ ෆලෝ කලා...මීට කලින් මම මේකෙ කමෙන්ට් දාල නෑ මම හිතන්නෙ

    ReplyDelete
  16. නියම වැඩේ... අද ඔය හැකින් ගැනත් පොස්ට් පිරිලා තියන එකේ හිතන්න පුලුවන් විදිහේ පොස්ට් එකක්....

    නියම දෙයක් ඔයා කියලා තියෙන්නේ

    ජය වේවා

    ReplyDelete
  17. මේක නම් ගොඩක් සාර්ථක ක්‍රමයක් වගේ! :)

    ReplyDelete
  18. දේවා - අනිවා මචන්...

    Kasun - අති සාර්තකයි...බලපන් මම ලගාදිම එහා ගෙදර ගුනේ අයියාගේ FB හෑක් කොරන්වා.....:)

    ReplyDelete
  19. අකවුන්ට් එක තියන පුද්ගලයා උස්සාගෙන ගිහිං අහවල් එක ලාච්චුවක දාලා ප්‍රශ්න කරා නම් .. ආයේ පාස් වර්ඩ් යූසර් නේම් එයි පාවි පාවි ..

    ෆේස් බුක් එකේ අයිතිකාරයා ඉස්සුවනම් ගොඩ ම තමයි ..

    ReplyDelete
  20. ගොඩක් ලංකාවේ හැක් වුනා කියන අයට ඒ දේ වෙන්නෙ තමන්ගේම මෝඩකම නිසා... මම දන්න ගොඩක් හැක් සිද්ධි වෙලා තියෙන්නෙ සයිබර් කැෆේ වල key logger software දලා තිබුණ මැශින් වලින් facebook/email ලොග් වෙලා. තව එකක් වුනා ඒකෙදි නම් අදාළ පුද්ගලයා තම්න්ගේ ඊමේල් එකට ආපු confirmation code එක හැකර්ට ඊමේල් කරලා

    ReplyDelete
  21. අපොයි...මරු හැකින් පාර ඒකනම්...ලොල්...:D

    ReplyDelete
  22. යකෝ ඔෆිස් එකේ කියවන්ඩ එපා කියලා උඩින් දාපං හිනා ගිහින් ලොක්කට මාටු. පට්ටයි

    ReplyDelete
  23. හි හි!!! මම අද දෙන්නෙක්ව හැක් කොලා!!

    ReplyDelete
  24. Uvindu - මචන් ඒ වෑඩේ නම් මම අනුමත කොරන් නෑ,උඹ කෙනෙක් හෑක් කොලා කියන්නේ උබට සබ්ජට් එක ගෑන හොද දෑනුමක් තියන්වා ඒත් උඹ වරදි විදියටයි ඒක පාවිච්චි කොරේ,තමන්ගේ දෑනුම හොද දෙයකට යොදවපන් උඹට වරදින් නෑ...

    ReplyDelete
  25. ෂා නියමයි!කරලම බලමු!!!!!!

    ReplyDelete
  26. මේක හරියටම හරියයිද කොහෙන්ද මේ ක්‍රමය හොයාගත්තෙ මම හිතන්නෙ wikipedia එකෙන් වෙන්න අති :)

    ReplyDelete
  27. මම ඕක කරල බැලුව. වැඩේ හරි. තැන්කු කොල්ල

    ReplyDelete