Saturday, May 28, 2011

දකුනේ අම්මලගේ ලමයි හම්බවෙන තෑනට කෙලෙව්වේ ඔන්න ඔහොමයි.....



ආරම්බය මේවිදිය සටහන් කරමුකෝ,මම ඊයේ හවස ගියා ගාලේ මහ මෝදර ඉස්පිරිතාලයට,මාගේ මිතුරෙක්ගේ අලුත උපන් දරුවා බලන්න කියලා,කරාපිටියේ ඉස්පිරිතාලයට ගියාට මම මහමෝදර ඉස්පිරිතාලයට ගොහින් තියෙන්නේ දෙපාරක් වගේ(මොකද ඕතන ඉන්නේ ළමයි ලෑබෙන්න ඉන්න අම්මලා නේ),ගාල්ල දිස්ත්‍රික්කය අවට තියන ලොකුම ඔය වර්ගයේ රෝහල තමයි මහ මෝදර රොහල,2004 සුනාමියෙන් මේ රෝහලට විශාල ලෙස හානි වුනා,මොකද මුහුද අයිනෙමයි මේ රෝහල තියෙන්නේ,ගාල්ලේ ඉදලා කොළඹ යද්දි ගාල්ල නගරයේ අවසාන කොන හරියේ ගරාවෑටුනු ගොඩනෑගිලි කීපයක් හමුවෙනවා,අන්න ඒක තමයි මම ඔය කියන ඉස්පිරිතාලේ,

මේකයි කතාව,සුනාමියෙන් පසුව මෙම රෝහලත් කරාපිටියට අරන් යන්න කටයුතු කරා,කොහොමහරි පිටරටක ආදාර මත තමයි ඕක කරන්න පටන්ගත්තේ මට මතක විදියට 2005 අන්තිම හරියේ වගේ ඔය ප්‍රොජෙcට් එක පටන් ගත්තා,කරාපිටිය මහ රෝහල අසලම ඉඩමක තමයි මවු වරුන් සදහාම වෙන් වුනු මේ රෝහල හදන්න ගත්තේ,


බිල්ඩිම ගහන්න කලින් පයිල් ගහන්න ගත්තා(පයිල් කියන්නේ දුර්වල පසක ගොඩනෑගිල්ලක් හදදි බෙඩ් රොක් එකට වෙනකන් ගහන කොන්ක්‍රිට් කොලම්).දෑන් අවුරුදු 6කට ආසන්න කාලයක් වෙනවා ප්‍රොජෙක්ට් එක පටන් ගෙන,තාම පයිල් ටික විතරයි,
 මට දෑනගන්න ලෑබුනු විදියට සාමාන්යෙන් ඔහොම ආදාර වලට කරන ප්‍රොජෙක්ට් වල මුදල් ඔක්කෝම එක පාර දෙන් නෑ,මොකද අපේ උන්දෑලා ගෑන ලෝකෙම දනවානේ.කොටස් වශයෙන් තමා දෙන්නේඑම මුදල් ලෑබුනු පසු එම කොටසට අදාල ප්‍රමානය ඉවර කරන්න ඕන, 

ගොඩක් වෙලාවට මුලු මුදලෙන් 40% වගේ මුලින් දෙනවා,කොහොම හරි මදීපු සල්ලි වලින් කරලා තියෙන්නෙ පයි ගහපු එක විතරයි
මේ බිල්ඩිම හද්දන්න ඉදලා තියෙන්නේ ප්‍රීකාස්ට් තාක්ශනය උපයෝගීකරන,ඒකට අදාල ප්‍රීකාස්ටට් කොටස් සෑදීමට වෙනම කම්මලකුත් හෑදුවා ගාලු කොලඹ පාරේ සුනාමි බුදුපිලිමේ පාස්කරලා ගාල්ල පෑත්තට එද්දි නිල්පාට විශාල ෆෑක්ට්‍රියක් හා ක්‍රේන් සවි කරපු ඉඩමක් හම්බ වෙනවා අන්න ඔතන තමයි ප්‍රීකාසට් ගොඩනෑගිලි කොටස් හදන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ.

කොහොම කොහොම හරි අපේ වගකිවයුතු උන්දලා ගසාකාපු කෑම කියන්නේ තට්ටු තුනේ බිල්ඩිම හදන්න යන සල්ලි වලින් හරියට පයිල් ටික වත් ගහ ගන්න බෑරි වුනා,අන්තිමට දුප්පත් මනුස්සයට වුනේ අර සුනාමියට ගියපු රෝහලටම ගොඩ වදින්න,දෑන් පරන රෝහල තිබුනු තැනම අලුත් හොඩනෑගිලි කීපයක් අලුතෙන් හදලා තියනවා,ඒත් හදන්න හිටපු රෝහලත් දෑන් තියන එකත් බෑලුවාම අහසට පොලව වගේ.
කොහොමින් කොහොමින් හරි දකුනේ අම්මලගේ ලමයි හම්බවෙන තෑනට කෙලෙව්වේ ඔන්න ඔහොමයි.....


23 comments:

  1. මං බයවුනා කුණුහබ්බයක්ද කියල.. බැලින්නම් කුණුහබ්බයක් නේන්නං..

    කාළකන්නි.. මුන් එක්ක නේ ලොක්ක, ආසියාවේ ආශ්චර්ය කොරන්න යන්නේ...

    ReplyDelete
  2. මාතලන් - කුනුහරුප හොදයි, මේව දකිද්දි ඇත්තටම හීලෙනවා.

    ReplyDelete
  3. අපොයි දකුණෙ අම්මලට ලමයි හම්භුවෙන තැනට ගිය කල

    ReplyDelete
  4. මෙය සම්පූර්ණ සත්‍යයකි.වැඩිදුර විස්තර දන්නා බැවින් ඌන පුරණයක් එක්කරමි.2004 සුනාමි අනතුරින් ගා‍ල්ලේදී පීඩාවට පත්වූ සහ එම අනතුරේ බරපතල බව සියැසින් දුටු ජර්මනියේ හිටපු චාන්සලර් වරයා වන හෙල්මුට් කෝල් මහතා මැදිහත්ව මෙම නව රෝහල් සංකීර්ණය ලබාදෙන බවට පොරොන්දු වී ඇත.එහිදී ඔහු විසින් ඉල්ලා ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය බිමක් පමණි.වසරක් තුළ ශ්‍රමය ඇතුළු සියළු වියදම් දරමින් සියළු උපකරණ සහිතව පරිපූර්ණ මාතෘ හා ළමා ඒකකයක් ලබාදීමට ඔහු පෞද්ගලිකවම පොරොන්දු වී ඇත්තේ එවකට මහමෝදර රෝහලේ නාරි හා ප්‍රසව වේද ඒකකයේ මහාචාර්ය මලික් ගුණවර්ධන මහතාටය.එහෙත් එවකට සිටි සෞඛ්‍ය ඇමතිවරයාගේ හා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ සෘජු දේශපාලන බලපෑම මත සුදුසු භූමියක් ලබාදීම ප්‍රමාද කරන ලදී.තවද මහමෝදර රෝහල එතැනින් ඉවත්කර වෙනත් ස්ථානයක පිහිටුවීමට විරුද්ධව රෝහලෙන් සෘජුව හා වක්‍රව වාසි ලැබූ අවට හෝටල් හිමියන් ඇතුළු ඊනියා ව්‍යාපාරික ප්‍රජාව උද්ඝෝෂණද කළහ.

    ReplyDelete
  5. හපොයි විනාසයි මෙව්වා ගැන කතා කරන්න බැහැ බං කතා කලොත් අපිටත් රෑට රෑට මල් වඩම් සුදු කොඩි හීනෙන් පෙන්න පුළුවන්.......

    ReplyDelete
  6. මම අද තමයි දැනගත්තේ අර ෆැක්ට්‍රිය මොකක්ද කියල.
    මේක නම් මහා අපරාධයක් මේවගේ වැඩවලින් වෙන්නෙ අපේ රට තව තවත් පිරිහෙන එක.
    ඔබට බොහොම ස්තුති අපිට මේ විස්තර දැනගන්න සැලැස්වුවාට! මේකට පියවරක් ගන්න පුලුවන්නම් තමයි හොද.

    ReplyDelete
  7. ඕක අපේ රටේ හැටිනේ.. කොයි වැඩක් කරන්න ගත්තත් ලොකු කුට්ටියක් කට්ටියගේ සාක්කු වල.. ඊටපස්සේ ඉතුරු වෙන කීයකින් හරි තමයි වැඩේ කෙරෙන්නේ.. කොහොම උනත් මේ තැන ගැන වගකිවයුත්තෝ බැළුවොත් හොදයි..

    ReplyDelete
  8. මේ රට යන ආකාරය වෙනස් නොවුනහොත් උපදින දරුවා පවා බිලියන ගණනක ණය කරුවකු වීම වැලැක්විය නොහැක .......

    ReplyDelete
  9. JHOTHISHALANKA - අවන්කවම මට ඉයේ අපි ගෑනම මාරම කනගාටුවක් ඇති වුනා අඩුම ගානේ අපි ගෑන දුක හිතිලා පිටරටින් ලෑබුනු දේවත් බුක්ති විදින්නට අපිට අවසරයක් නෑති එක ගෑන.

    emailkavikaari - මොනවා කරන්නද...

    ඇනෝ 1 - බොහොමත්ම සිතුති ලිපිය හරවත් වෙන්න තව හරවත් කරුනු ටිකක් එකතු කරාට.

    අපරාජිතයා - උඹ කීව කතාවනම් හරි වෑරෑද්දට කතා කරන එකා තමයි වෑරදි...ඒත් ඉතින් බෑරිමතෑන සෑර බාල කරල හරි දාන්න හිතුවේ මේ අසදරනය ගෑන හිතට ආපු දුක නිසා.

    ReplyDelete
  10. Kaniskha - අපේ රට මේ විදියට ගියොත් තවත් අගාදයට මිසක් ගොඩ ඒමක් නම් නෑ වගේ සහෝ.........

    Dinesh - මොනවා කරන්නද ඉතින් මචන්,මම නම් හිතන්නේ අපේ උඩම ඉදලා පහලට යනකන් අපේ මිනිස්සුන්ගේ ආකල්පවල ලොකු වෙනසක් වෙන්න ඔනනෑත්තන් ඉතින් හෑමදාම මෙහෙම තමයි.

    කල්හාර - දෑනටත් අපි පට්ටම නය කාරයෝ වෙලානේ බන්,ඇත්තටම ඒ අපි ගනිපු නයද නෑත්තන් වෙන උන් ගත්තු නය අපි ගෙවනවද කියන දේ හරියට පෑහෑදිලි කරගන්න ඕන.

    ReplyDelete
  11. අපේ දේශපාලක කාලකන්නි නිසා රටේ මිනිස්සුන්ට ලැබෙන්ඩ තියෙන දෙයක්වත් ලැබෙන්නෙ නැහැ. රෝහල්වලින් පුදුම හම්බ කරගැනිල්ලක් හම්බ කරගන්නෙ දේශපාලකයන් සහ ඉහළ පුටුවල ඉන්න අය. හුඟක් වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි ඉස්පිරිතාලෙ ගොඩනැගිල්ල හැදෙනවට සාපේක්ෂව වැඩි වේගෙකින් අදාල කොන්ත්‍රාත්කාරයගෙ සහ ඉහළ පුටුවක බලධාරියෙකුට ගෙවල් හැදෙන එක. සමහර වෙලාවට ඒ කොන්ත්‍රාත්කාරයා රෝහල අසළින්ම තට්ටු නිවාස සංකීර්ණ හදන්නත් පටන් ගන්නවා.
    මෙහෙම හොරුත් එක්ක රටක් දියුණු කරන්න පුළුවන්ද? කටෙන් වැක්කෙරෙන්නෙ පන්සිල්. කරන්නෙම වංචාව.

    ReplyDelete
  12. නලිනි චන්දිමා - කතාවට සම්පුර්නයෙන් එකගයි,ගොඩක් වෙලාවට රොහල් වල හදන ගොඩනෑගිලි වල තත්වයත් ගොඩක්ම බාලයි,නමුත් එම වියාපෘතිය වෙනුවෙන් වෙන් කල මුදල නම් සම්පුර්නයෙන්ම ඉවරයි....තමාව එම තෑනට යවපු ජනතාව ඔය විදියට රවටනවා කියන්නේ තමන්ගේ අම්මා මරන් කනවා වගේ වෑඩක්......

    ReplyDelete
  13. හක් හක්.. උගකාලෙකින් මේ පැත්තට ආවෙ...


    හ්ම්ම් ක්අතාවනම් සහතික ඇත්ත මචො....

    ReplyDelete
  14. මේවා දකිද්දී ඉතින් උන්ගේ අම්මලාව තමා මතක් වෙන්නේ..!

    ReplyDelete
  15. "සල්ලි වලින් කරලා තියෙන්නෙ පයි ගහපු එක විතරයි"
    කතාව ඇත්ත.

    ReplyDelete
  16. සුනාමි ව්‍යසනයට සමයේ අපිට ලැබුණ ආධාර හේතුවෙන් විදේශ විනිමය අනුපාත පවා විශාල ලෙස වෙනස් වූවේලු.ඒත් විපතට පත් ජනතාවට එයින් ලැබුණේ කෙපමණ සොච්චමක්ද කියන්න ඔබේ මේ පුවත හොදම උදාහරණයක්.

    ReplyDelete
  17. මම නම් ඉපදුන දවසේ ඉදලා ඔය රෝහලට ගිය වාර ගනන කොච්චරද කියන්න බෑ.
    අපේ අම්මා නර්ස් කෙනෙක් හන්දා පුංචි හෙම්බිරිසාවටත් අපි මහමෝදර රෝහලට තමයි දුවන්නේ.
    පොඩි කාලේ අපට එතන ගෙදර වගේ.
    ඒත් සුනාමියෙන් රෝහලට උන විනාශය නිසා අද එතනට ගියාම ලොකු දුකක් දැනෙනවා.
    ඒක නගා සිටුවන්න ලැබුනු සල්ලි පිල්ලි ගහපු ඈයෝ අද රජ සැප විදිනවා ඇති.
    එහෙම මිනිසුන්ටත් ඉර ..හද... පායනවනේ.

    ReplyDelete
  18. නොදකිං... නොදකිං නොදෝමකිංය... මේ වගේ උන් එක්කනේ මහරජ ආසියාවේ ආෂ්චර්ය කරන්න හදන්නේ...
    කුජීතයි නේද...?

    ReplyDelete
  19. වැඩිය කියන්න දෙයක් නෑ, මගෙ නැන්දම්ම පොඩි ඔපරේෂන් එකකට ඇඩ්මිට් කරල ඉඳිද්දි මමත් මීට අවුරුද්දකට විතර කලින් ගියා බලන්න. ගන්න දෙයක් නෑ, සමහර තැන් කනත්තක් වගේ. සුනාමි කාලෙ දුන්න මොබයිල් වෝර්ඩ්ස්වල තවමත් ලෙඩ්ඩු ඉන්නව.

    ReplyDelete
  20. Batch එක 2003 ද?
    sameera

    ReplyDelete
  21. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete