Wednesday, May 18, 2011

වෙසක් උත්සවය හා පෘරවිඩ ලාංකියන්ගේ ජෝගි නෑටිම

ඊයේ සවස් යාමයේ දුටු සිත කල කිරවන දර්ශන පෝලිමක් නිසා මට මෙම ලිපිය ලියන්න හිතුනේ. ඉන් අනතුරුව බ්ලොග් අවකාශයේද මේ ගෑන ලිපියක් මම දුටුවා, දෑන් දෑන් වෙසක් උත්සවයද පොශි වී ඇතයි මට සිතේ,ඉයේ දුටු වෙසක් බලන්න යන උදවිය දුටු විට කෙලින්ම මට මතක් වුයේ,අපි බිග් මෑච් එක බෑලු අකාරයයි.බොහෝ දන්සල් අසල බොදු ගී වෙනුවට තිබුනේ මහා හඩින් කරන කුනුහරුප ලතෝනියකි.දන්සලක් කිරිම යනු දානයක් දීමකි,දානයක් දිමේදි සිතේ තිබිය යුතු ගුනාංග කිසිවක් වර්තමාන දන්සල් වලට සහබාගිවන පුද්ගලයන් තුලනම් දක්නට නෑත.
වෙසක් බලන්න යන අය ඊට එහාය,බෞද්ධ දර්ශනය තුල ඇති වාචික හා මනසික සංවරය ඔවුන් තුලින් ඉහින් කනින් බේරේ. වෙසක් දවස තුලවත් සංවර ඇදුමකින් සෑරසි කය-වචනය පාලනය කරගෙන දර්මය අසුරු කිරීම වෙනුවට විදි බෑස ජෝගිනෑටිම තුලින් සෑබෑ බුද්ධ ජයන්තියක් අර්ත ගෑන්වෙදෑයි නෑවත සිතිය යුතුය.
නමුත් සෑබෑතත්වය මෙයයි,සමාජය වෙසක් කියා ඉල්ලන්නේ මෙයයි,කෙසේ නමුත් අනාගතයේදි අපි අතිතයේ දුටු ආකාරයේ බොහොම සිත් පහන් කරවන,වෙසක් උත්සවයක් නම් දකින්නට නොලෑබෙනු ඇත.ඒ වෙනුවට මුදල් මත පදනම් වු විදි බෑස ජෝගි නටන අමුතුම සංස්කෘතික හා ආගමික (ආගමික දැයි නැවත සිතීමට කාලය එලඹ ඈත) උතසවයක් වනු ඇත.

5 comments:

  1. කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙද්දි තමන්ගේ ආගම පවා මිනිස්සුන්ට අමතක වෙනවා යාළුවා.. ඒකයි මෙතන තියෙන ප්‍රශ්ණය..

    ReplyDelete
  2. Dinesh - අනිවාර්යෙන්ම...නමුත් තමන් කරන්නේ මොකද්ද කියල වත් මේ මිනිස්සු හිතනව නම්
    කොච්චර හොදද...මේක ආගමික උත්සවයක් නේ අඩුම ගානේ ඒක ගෑනවත් හිතලා..

    ReplyDelete
  3. තව කාලයක් යනකොට වෙසක් එක කියලා දෙයක් නැති වෙනවා ........

    ReplyDelete
  4. කල්හාර - තව වෑඩි කාලයක් යන්න වෙන් එකක් නෑ බන් දෑන් අපේ මිනිස්සු වෙසක් සමරන ආකාරය බෑලුවම හිඩතාගන්න පිලිවන්නේ ඉතින්....

    ReplyDelete
  5. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete