වෑහි මන්දාරම උදෙ ඉදන්ම,බොන්න නියම කාලගුනේ,අනික මේ දවස් වල එන්ගලන්තේ ගියා වගේ සිතල පිස්සු හෑදෙනවා.මම නෑවට යනකන් ගෙදරනේ,හවස් ජාමෙ ගියා ගාල්ලේ කොටුවට.අතිතමතකයන් අතර තනි වෙන්න්න මිටවඩා තෑනක් නම් මට ගාල්ලේ නෑ.ජිවිතේ දුක සතුට බුක්ති විදින්න අන්තිමට එන්නෙ මෙතනට තමා.පහුගිය අවුරුදු කිහිපය මගේ ජිවිතය සම්පුර්නයෙන් වෙනස් කරපු කාලයක්.මටවත් නොදෑනෙන විදියට.
ඒ කතාවට පෙරවදනක් මෙවිදියට සටහන් කරන්න හිතුවේ,ගාල්ලේ කොටුව කියන්නෙ මගේ ආදර අන්දරයේ අමතක නොවන තෑනක්,තව කිහිප තෑනක් තියන්වා,ඒදවස් වල තිබුනු 2.10 කොලබ කොච්චිය,කෑම්පස් 1ක,කොටුවේ ස්ටෙසම.....අම්මෝ කියන්න ගියොත් අන්තිමට 100/101 බස් 1ක ගෑනත් කියන්න වෙනවා.ඒවාගෑන පස්සෙ කියමුකෝ.
ගාල්ලේ කොටුවේ පරදීපාගරය පහලට ගියාම එයාගේ ගෙදර කෙලින්ම කෙටි මුහුදු තිරය අනික් පෑත්තෙන් පාරට සමාන්තරව දිවෙන නිවෙස් පෙලිය අතරින් පෙනවා.හවසට ඔතන්ට ගොහින් පෝන් එකෙන් පොඩ් චෑට් 1ක් දාගෙන ඉන්න 1ක තමා කොරන්නේ.අද කොටුවට අපුවෙලේ මට ඔය මතකය නෑවත අලුත් වුනා.අපි වේන් වෙලා දෑන් අවු 2 ක් පමන වෙනවා.නමුත් මාගේ ජීවිතේ සුන්දරම අවු 5 ක් ඇය සමග ගෙවා දමපු හෑටි මතක් වෙද්දි අමුතුම හෑගිමක් මගේ හිතට එනවා එක වචන වලින් කියන්න බෑරි තරම් සුන්දර හෑගීමක්.
මෙය නව පටන් ගෑනිමක් නමුත් පරන කතාවක්.නමුත් මෙය තුල මගේ ඒ ගාලු ඉදන් කොලඹ දුවපු කතාව සම්පුර්නයෙන් ලියන්න බලා පොරොත්තු වෙනවා.මෙකේ දුක හිතෙන සීන් නම් අඩුයි,එත් හෑම ආදර කතවක්ම දුක හිතෙන්න ඔනද කියලත් මට හිතෙනවා.කමක් නෑ සමාර විට ඒ කතාවේ දුක හිතෙන ටික මම දෑන් ඇත්තට විදිනවද කියලත් මට හිතෙනවා.....
ප.ලි - මට කියන්න අමතක වුනානේ එයා දෑන් බදලා ලගදිම අම්මා කෙනෙක් වේන්න යනවා කියලත් ආරන්චි,ඔක දෑනගත්තාම නම් මට පොඩි පහේ දුකක් ඈති වුනා...එක පොඩි පහෙ දුකක් කියන්නත් බෑ මොකද සති කිහිපයක් බොතල් හිස් කරමින් හිටියා,නමුත් ආදරේ කියන්නෙ ඔක තමයි.ඒ දුක සතුට හෑමදෙම අකුරු කරන්නම් ආවාටයේ.....
** මගේ කතාවේ පලවෙනි කොටස ඉලග පොස්ට් 1කෙන් **
මචං .... උඹේ කතාවට ගොඩක් දුරට සමාන කතාවක් කොල්ලටත් තියෙනව. අද තමයි උඹේ පරණ පෝස්ට් ටික බලන්ඩ පටන් ගත්තෙ.
ReplyDelete