Wednesday, February 15, 2012

ලංකාවේ නිවුස් ගෑන නවතම සමාලොචනය....(දියුනු වෙන්න දියුනු වෙන්න වැඩිපුර ණය වීම ලංකාවේ ඇති ආශ්චර්යයි)




අපේ සමහට ටී.වී රේඩියෝ වල යන ප්‍රොර්ති(නිවුස්) බෑලුවාම මාර දේවල් අප්පා හිතෙන්නේ,මට හිතිච්චයින් ටිකක් තමයි ඔය තියෙන්නේ.


  • ලෝක ගෝලයේ බටහිරින් තියන රටවල් වලට තියන එකම වෑඩේ ලංකාවට විරුද්ධව කුමන්ත්‍රන කරන එකයි.(නමුත් ලෝක බෝලයේ බටහිර මොන පෑත්තේ තියනවාද කියන එක ගෑන හරිහමන් අවබෝදයක් නම් නෑතිය)
  • ලෝකයේ ආර්තික වර්දන වේගයෙන් වෑඩිම රට ලංකාවයි.
  • බඩුමිල කොතරම් ගනන් ගියද ලංකාවේ මිනිසුන්ට කිසිම ගානක් නෑත,
  • ලංකාවේ බස් දුවන්නේම පාඩු පිටය,
  • ලංකාවේ මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නෑතිය, තිබෙන එකම ප්‍රශ්නය බටහිර කුමන්ත්‍රනය.
  • ලෝක තෙල් මිල කියා වෑඩි කරන්නේ ලංකාවේ තෙල් මිලය.
  • නෙලුම් කුලුනක් නෑති අඩුපාඩුව ලාංකිකයන්ට පවතින ලද බස් වර්ජනයත්, බස්ගාස්තු වෑඩි වීමත් සමග දෑඩි ලෙස දෑනී තිබේ ,
  •  දියුනු වෙන්න දියුනු වෙන්න වැඩිපුන ණය වීම ලංකාවේ ඇති ආශ්චර්යයි.

Saturday, January 14, 2012

අරක්කු පිලිබද උගත් පාඩම් කොමිසම් වාර්තාව - 01

කවුරු හරි ඇහුවොත් මම කතා කරන්න ආසම මාතෘකාව මොකද්ද කියලා මම නම් කියන්නේ අරක්කු ගැන කියලා,ඇත්තටම ඔය මාතෘකාව ගෑන දොඩවන්න මට නම් පුදුම ආසාවක් තියෙන්නේ,අද කියන්න හිතුනා එකින් එකට ලංකාවේ අරක්කු බ්‍රෑන්ඩ් ගෑන මට හිතෙන  හැටි

රන්දෙනිගල අරක්කු 


මේක නම් නයි විස වගේ ජාතියක් එක පාරක් හොදට බොන්න පුලුවන් 10 දෙනෙක් (කෑම්පස් ඉන්න කාලේ) කුජීත කොරලා දෑම්මා කොටින්ම හොස්ටල් එක එකම හොටෙලයක් බවට පත් වුනා මට නම් මේ බරෙන්ඩ් එක හරියන් නෑ ,දෑන් මේ වගේම තවත් බ්‍රෑන්ඩ් එකක් ඇවිත් තියනවා හිගුරාන අරක්කු,ටිකක පිටිසර පෑති වල සංස්තා බඩු නෑති පෑති වල මෙවා තමයි තියෙන්නේ,බොනවා නම් දෙපාරක් හිතනවා මම නම්, මොකද මේක වෙල් බියර් වලට හපන්.


ගල් අරක්කු 



මේකේ නියම නම නම් අති විශේශ අරක්කු,ඉතින් ඇයි මේකට ගල් අරක්කු කියන්නේ,ඒකට නම් පොඩි ඉතිහාස කතාවක් තියන්වා,බොහොම ඉස්සර මේ අරක්කු ජාතියන පෙරලා ඇවිත් තියෙන්නේ ගල් ඔය ස්තාගරේ ඒ කාලේ මේ බෝතලේ නම් කරලා තියෙන්නේ ගල් ඔය අරක්කු කියලා,ඒක තමයි තාම ඔය ගල් කියලා කට වහරේ තියෙන්නේ,

ලංකාවේ වෑඩියම බොන අරක්කු ජාතිය තමයි ගල්,ඒ වගේම බාර් කාරයෝ වෑඩියම කලවම් කරන ජාතියත් ගල්,කලවම් නෑති ගල් බොතලයක් රහ බලන්න මත් බොහොම කෑමතී,එහෙම ගන්නවා නම් ෆුඩ් සිටියකින් හරි සුපර් මාකට් එකකින් ගන්න ඕන,ගල් වලට ගොඩක් අය සෑන්ඩි වලට කෝක් පාවිච්චි කරන්වා,මම නම් සෝඩා හරි කුල් වතුර හරි තමයි අනුමත කරන්නේ,ඊටත් හොදයි අයිස් කෑටයක් දාලා ගහන්න තියනම්.

ඕල්ඩ් ඇරෑක්(සංස්තා)


වර්තමානයේ මම වෑඩියම බොන බීම තමයි මේක,තියන ස්මුත් රහත් එක්ක අයිස් කෑටයක් දාගත්තා නම් හොදටම ඇති,අනික පොල්ලෙන් ගැහුවා වගේ වදින ගතියකුත් නෑ ගානට වදින එකත් වදින්නේ,මම දන්න ගොඩක් යාලුවොන්ගෙත් ට්‍රෙන්ඩ් එක තමයි මේක අනික විශෙශම කරනාව කියලා මම හිතන්නේ මේකේ මිලත් සාපේක්ශව අඩු වීම,


පරන අරක්කු වල තව කැටගරි එකක් තියන්වා රොක්ලන්ඩ්ලගේ ඕල්ඩ් ඇරෑක් එක, ඒකත් බැලැක් ලේබල්,රෙඩ් ලේබල් කියලා කෑටගරි 2කකට බෙදෙනවා.


 රොක්ලන්ඩ් ඔල්ඩ් බ්ලෑක් එකේ සෑර ටිකක් විතර අඩුයි මට මතක ඒදියට 28% වගේ තමයි තියෙන්නේ,රෙඩ් එකේ නම් තිස් ගානක් සෑර තිබුනා,මේකත් හොද බ්‍රෑන්ඩ් එකක් කිසිම අමාරුවක් නෑතිව බොන්න පුලුවන්,ඒවගේම පහුවෙනිදට අවුලක් නෑති බීමක්,

සංස්තා වයිට් ලේබල්


මේකත් එච්චරම අව්ලක් නෑති බ්‍රෑන්ඩ් එකක් මම නම් පුද්ගලිකව පාවිච්චි කරන්වා අඩුයි මොකද කීවොත් සුදු අරක්කු වලට මගේ එච්චරම කෑමෑත්තක් නම් නෑ,අනික මෙකේ තියන චාටර්ම සීන් එක පට්ටම විදියට ඇග වේලනවා,
හෑබෑයි බ්‍රෑන්ඩ් එක ගෑන කතා කරොත්, දෙහි සුවදක් එක්ක තියන බොහොම ප්‍රියජනක පානයක්,අයිස් කෑටයක් හෙම දාලා හොදට කලවම් කරලා පදමට දෙහි චුට්ටක් දාලා ගත්තනම් නියම ටේස්ට් එකක් තියෙන්නේ,අනික මේකේ තියන සිරාම සීන් එක ගද අඩුයි,කොහොමත් බොහොමයක් සුදු අරක්කු හා ජින් වොඩ්කා වගේ බිම වල ගද ගොඩක් අඩුයි,නිකන් ඔඩිකොලෝන් බීවා වගේ ගතියක් තියෙන්නේ,IDL එකෙන් මේකට දාපු බ්‍රෑන්ඩ් එක තමයි වයිට් ඩයමන්ඩ් නමුත් මේ දෙක ගෑනම මට ලොකු කියන්න තරම් අද්දෑකීම් නෑ මොකද මම මේ දෙකම වෑඩිය පාවිච්චි කරලා නෑති නිසා. 

සංස්තා පොල් අරක්කු
ඔය උඩ රුපේ දාලා නම් තියෙන්නේ කාලේ බෝතලයක්,මේක මම ජීවිතේටම දෙපාරයි බීලා තියෙන්නේ කියන්න තරම් නම් වරදක් නෑ,මෑතක බීවා දෙනියායේ යාලුවෙක් ගෙදර ගියපු වෙලාවක,මේක මෑත අතිතයේ ඒ බීවමයි,පුරුදු විදියට සෝඩා එක්ක තමයි මම නම් බිවේ,මේකේ ටේස්ට් එක නම් මට එච්චර අල්ලා ගියේ නෑ,පොඩි අව්ලකට තියෙන්නේ ටිකක් සෙම අවුසන ගතියක් තියන්වා,වැඩි බාවිතයේ නැති අරක්කු ජාතියක්,හෑබෑයි මට නම් ටිකක් හිතට අල්ලා ගිය අරක්කු ජාතියක්.

දෙවරක් පෙරන ලද අරක්කු (DD)




DD කීවාම හෑමෝම දන්නවා,මෙකත් මරු බාන්ඩේ සෝඩා හරි කෝක් එක්ක හරි බොන්න හොදයි,ටෙස්ට් එකත් නියමයි,අනික නයා වගේ පාරින් දෙකෙන් වදිනවා,ඕල්ඩ්,ගල්,ගාවට මගේ තේරීම තමයි ඩි.ඩි.මේකත් පහුවෙනිදාට වද නොදෙන බ්‍රෑන්ඩ් ගනයට වෑටෙන්නේ,හෑබෑයි අනික් පොල් අරක්කු වගේම සෙම වඩන ගතියක් නම් තියන්වා,මේ වගේ බීමක් එක්ක බයිට් එකක් දාද්දි ටිකක් උශ්න කෑමක් දාගත්තානම්, ඔය සෙම සීන් එකත් එන් නෑ...

දෑන් නම් ඇති වගේ ඉතිරි ටික ඊලග ලිපියට අරක්කු පෑටව් ගහනවනේ,තව තියන්වා VX,සිලෝන් ඇරැක්,ඕල්ඩ් රිසව්,VSOA......


ප.ලී :   කෙල්ලන් ඇදුම් ගන්න ගියා වගේ තමයි කොල්ලෝ බාර් එකට ගියාම,පෑය ගානක්   තෝරන්වා.....මට නම් ඔය සීන් එක ඕන තරම් වෙලා තියන්වා.... 

ප.ප ලි. මුහුනු පොතේ අපේ අහිංසක හා මම ආසම ගෘප් එක තමයි අරක්කු ඔන්න ඔකේ යනවා අරක්කු ගෑන බොහොම ගෑඹුරු සංවාද.ඔබ බොන කෙනෙක් නම් මේ ඔනටයි ආරාදනා මුහුනු පොතේ අරක්කු ගෘප් එකට.... 




 

Friday, January 13, 2012

මානව ඉතිහාසයේ මෑරයන්ගේ සෑකිලි තුල සිදුවු පාරිනාමිය වෙනස......

මනුශය පරිනාමයේ අලුත්ම සොයා ගෑනීම,මේක බොහොම ලගදි කරපු සොයාගෑනීමක්...ඔන්න පහල තියනවා....



Friday, January 6, 2012

2012 වසරේ අප්සට්ම දින

2012 වසරේ අප්සට්ම දින ටික මේ වෙන කොට රජය විසින් තිරනය කරලා තියනවා මම ඉතින් මේ ලෑස්ති වෙන්නේ ඒ දින ටික කස්ටියට ප්‍රසිද්ධ කොරන්නයි,මේ දින ටික ලොකු අකුරෙන් ලියලා තියාගත්තත් අව්ලක් නෑ....අනික් කරනාව හෙට සයිබරයේ ගේට්ටුව රුමස්සලදි ජයටම පෑවෑත්වෙනවා කියලා හෑමෝම දන්නවනේ,සමහරු ඒ කියන්නේ දුර ඉදලා එන අය දෑම්මම පිටත්වෙලා,මම නම් ඉතින් ගාල්ලේ එකා වෙච්චි හෙට 8 වෙද්දි පාලම උඩට එනවා....ඔන්න පහලින් තියන්ව අර දින ටික.....


BAR HOLIDAYS 2012

                                               JANUARY 8,15


                                                FEBRUARY 4,5,7,20


                                                MARCH 7


                                                APRIL 6,12,13


                                                MAY 1,5,6


                                                JUNE 4


                                                JULY 3


                                                AUGUST 1.19,31


                                                SEPTEMBER 29


                                                OCTOBER 26,29


                                                 NOVEMBER 13,27
     
                                                  DECEMBER 25,27

 

Monday, January 2, 2012

අද පාඩම - මෙවුවා කිරීම




මෙවුවා කරනවා කියන්නේ ගණිත ක්‍රමයක්,එකතු කරනවා අඩුකරන්වා වෑඩිකරන්වා බෙදනවා කියන ගණිතයේ මුලික සංකල්ප වලට අලුතෙන්ම එකතුවුනු ගණිත ක්‍රමය තමයි මෙවුවා කරන එක,මේ ගණිත ක්‍රමය හදුන්වා දුන්නේ අපේ රටේ ඒ කියන්නේ ඉන්දියන් සාගරයේ අහවල් එකේ අද්යාපන ලොක්කෙක්,මේක බොහොම අහම්බෙන් හොයාගත්තු ඉතා වටිනා ගණිත ක්‍රමයක්,ඇත්තටම මේක සොයාගෙන තියෙන්නේ ජාමිතික සුත්‍රයකින් අපේ රටේ මෙලෝ වෑදගෑම්මකට නෑති විභාගයක z අගය සොයාගන්න ගොහින්.

හෑබෑයි ඔය මෙවුවා කරන ගණිත ක්‍රමය ගෑන මුලින්ම අනාවෑකි පල කලේ මීට මාස කීපයකට කලින් චුටි මල්ලි කවුරුත් ඒ නමින් දන්නවානේ මම මේ කියන්නේ කා ගෑනද කියලා දනවානේ, ෆෑන් ටෝක්ස් වලදි ඩක්වත් ඇන්ඩ් ලුවිස් ක්‍රමය පෑහෑදිලි කරන්න ලෝකයේ ප්‍රතම වතාවට මෙවුවා කරන ගණිත ක්‍රමය චුටි මල්ලි පොඩ්ඩක් යොදා ගත්තා හෑබෑයි මේ පාර අපේ අද්යාපන ලොක්කා මෙවුවා කරන ගණිත ක්‍රමය දරුනුවටම යොදාගෙන තියන්වා,ඒ ගෑන මටන හරිම ආඩම්බරයි,දෑන් ඉතින් ලොකයේ ගණිතය කියන සබ්ජට් එක උඩුයටිකුරු වෙනවා.සිලබස් වෙනස් වෙනවා හරිම ශෝක්.

මේ ඉහතින් සදහන් කරේ මුහුනු පොතේ පල වුනු විඩියෝ එකක් බලලා මට හිතුනු දේ.

 ප.ලි - ඒ ලෙවල් මෑත්ස් කරන ළමයෙක් ගෙන් පොරක් ඇහුවලු කෝටියට බින්දු කීයද කියලා....අර බුවා කීවලු ඒක අපේ සිලබස් එකේ නෑ කියලා....




Saturday, December 31, 2011

|සෙමි ලක්සරි = නෝමල්| බස්|

නෝමල් හා සෙමි ලක්සරි අතර වෙනස මොක්ද්ද ඇත්තට,මට නම් ඔය දෙකේ වෙනසකට කියලා පේන්නේ සෙමියේ ගාන නෝමල් එකට වඩා වැඩි එකත් අර උඩ අලවලා තියන බෝඩ් ලෑල්ල නිල් පාටින් ගහලා තියන එකත්ය.හෑබෑට ඔය සෙමි ලක්සරි ගොන් මොලේ කාටද දන් නෑ පහල වුනේ,කොලඹ මාතර බස් වලින් 35-40% ක් විතර මේ සොමි ලක්සරි බස්,3-2 සීට් පේලි තියෙන්නේ ඒවායේ වාඩි වෙද්දි කකුල් දෙක ගලවලා පෑත්තකින් තියන්න ඕන,ඊටත් වඩා හොදම ආතල් එක හිටගෙන යන්න සෙට් වුනොත් ,ඩබල් ගෙවලා හිටගෙනත් පලයන්කෝ.


සෙමි ලක්සරි කියලා බස් සේවයක් දෑම්මට කමක් නෑ ඒක නියම ප්‍රමිතියට තියන්වනම්,අඩුම ගානේ ඔය සෙමි වලට මිනිස්සු නග්ග ගනිද්දි මේක සෙමියක් කියලා කියන්ව නම් මම දෑකලා නෑ,බස් එකට නැගලා ටිකට් ගනිද්දි තමයි කියන්නේ මේක සෙමි කියලා, වෑඩි මුදල් අය කරන්වා නම් ඒකට සරිලන සේවයක් තියෙන්න ඕන නමුත් සෙමි ලක්සරි කියන බස් වල කිසිම වෙනසක් නම් තාම මම දෑකලා නෑ,මට තියන එකම ගෑටලුව ඇයි මේවා ගෑන මිනිස්සුවත් කතා කරන් නෑත්තේ කියලා,අමාරුවෙන් හම්බ කරන මුදල් මේ ආකාරයෙන් බස් මුදලාලිලා සුරන් කන එකට කිසිම ප්‍රතිරොධයක් මිනිසුන්ගෙන් වත් එල්ල වෙන් නෑති එක ගෑනයි දුක.

Tuesday, December 27, 2011

ජාමිතියෙන්, Z- ස්කෝ සොයමු......(ගණිතය 5 වසර)

අයින්ස්ටයින් පච වී ඇත,මක් නිසාද යත් අපේ ඇමති තුමා ගණිතය නව මානයකට රෑගෙන ගොස් ඇත.මෙය වර්තමාන ඉතිහාසයේ මහත් වු ආශ්චර්යක් වනු නියතය,මෙම නව සොයා ගෑනීම තුල පරිගණකද පිස්සු කෙලින්න පටන් ගෙන ඇත,මෙය ඇමති තුමාගේ සුත්‍රයේ වරදක් නොව පරිගනක වල අවුලකි,මෙම නව සුත්‍රයට සරිලන විදියට පරිගනක මෘදුකාංග වෙනස් කිරීමට සිදු වනු ඇත,දෑනට බිල් ගේට් මාමා ලහි ලහියේ එම කටයුතුවල යෙදී ඇත,මොකද එම වෙනස් කම් රහිතව උ/පේ ප්‍රතිපල පිට කිරීමට නොහෑකිව ඇත.පිට කරත් නෑවත්තත් පරිගනක පිස්සු කෙලිනු ඇත.


Z - ස්කෝ ජාමිතික සුත්‍රයකින් සොයන බව පිලිඹද ගොසිප් අඩවියක මම ඊයේ දෑක්කා,නොදන්න දේ කරන්න ගොස් හත්පොලේ ගාගන්නවට නරකද දන්න දෙයක් කිරීම, උ/පේ කියන්නේ ලංකාවේ බහුතර සිසුන්ගේ මෙන්ම එම පවුල් වලත් අනාගතය තීරනය කරන විභාගයක්,විභාගයට කොතරම් කෑප කිරීමක් කරනවද කියන එක සමහර විට ඔය ලොකු පුටුවල ඉන්න උදවිය නොදන්නවා විය හෑක මොකද ඔය මිනිස්සු උ/පේ තියා සා/පේ වත් කරාද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා මේ වෑඩ කරන විදිය දෑක්කාම.


මේ කරන්න හදන්නේ නිදහස් අද්යාපනය විනාසකර දමන්න දෑයි කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා,ගමේ දුප්පත් මින්හෙකුගේ දරුවෙකුට ඔලුව උස්සන්න තියන එකම මග නිදහස් අද්යාපනයයි,නමුත් මේ කරන වෑඩ වලින් එයත් නෑති වුනොත් ඔවුනට අත් වන තත්වය කුමක්ද.අවසාන වහයෙන් කිව යුතු දෙයක් ඇත් මේ යන විදියට මේ යන්නේ නිදහස් අද්යාපනයේ අවසාන දශකයද ???? එය එසේ වුවොත් නිසි බලදාරින් එම ලෑබෙන මුද ගෙන තවත් විරාජමානව වෑජබෙනු ඇත නමුත් කරන ලද අපරාද වලට යම් දිනක විදවන්නට වනු ඇත,එය මෑරෙන මොහොතේ හො ඔවුන්ට විදවන්නට වනු ඇත.මෑරෙන් නෑති ම්නිසුන් ලෙස ජීවත් වෙන මෙම මිනිසුන්ට මතක් කර දීමට කෑමෑත්තේමි...