ජනමාද්‍ය නිදහස ගෑන කතා කරන ගොඩක් අයට අමතක වුනු දෙයක් තමයි ජනමාද්‍ය සදාචාරයක් කියලා දෙයක් තියනවා කියන එක,ප්රවෘත්ති වාර්තාකරනය කියන්නේ විද්‍යුත් මාද්‍ය වල ඉතා වෑදගත් කොටසක්,නමුත් ප්‍රොර්ති වාර්තාකරනයේ සදාචාරයක් තියනද කියන එක නෑවත විමසා බෑලිය යුතු කරුනක්,
මම කතා කරන්න හදන්නේ ස්වර්නවාහිනී ආයතනයේ ලයිව් @ 8 ගෑනයි,මියගිය මිනිසුන්,එම මියගිය මිනිසුන් වෙනුවෙන් හඩා වෑලපෙන පවුලේ උදවිය බොහොම සරුවට ලයිව් @8 තුලින් ලෙකයටම විකුනයි,මෙවන් ප්රවෘත්ති වාර්තා කරනයේ යම් සදාචාරයක් තිබිය යුතුයි,මිනිසුන්ගේ දුක් කදුලු විකිනීම ස්වර්නවාහිනියේ බංකොලොත් බාවයද කුහක බාවයද කියන එකයි මට තියන ගෑටලුව.
මීට කලිනුත් මේ ගෑන බ්ලොග් එකක ලියවිලා තිබුනා කියලා මතකයි,නමුත් මුදල් ඉදිරියේ සදාචාරය බල්ලට ගොස් ඇති බවයි පෙනෙන්ට ඇත්තේ.සතියකට කිහිප වරක් මෙවන් දේ පෙන්වන ඔවුන් සමහර විට තම සමීපතයා මියයාමේ සෝදුකින් හඩා වෑලපෙන අය ගෑන විවේචන ඉදිරිපත් කිරීමටද පසුබට නොවෙයි.
අනික් කාරනාව දවසේ වැරැද්ද් කියා මහ මග යන අහිංසක මිනිසුන් අපහසුතාවයට පත් කිරීමයි,රට තුල දිනපතා වසරේ වෑරදි සිදුවෙද්දි,මෙවන් දේ පෙන්වීම ගෑන මට නම් ඇතිවෙන්නේ කලකිරීමකි.
හරි කොන්දක් තියන මාද්යවේදියෙකුට මෙවන් බංකොලොත් ප්‍රොර්ති රටාවක් අවශ්‍ය නෑත,ලංකාව තුල ප්රවෘත්ති හිගයක් නැත,නමුත් නොමැතිව ඇත්තේ ඒවා නියම ආකාරයෙන් මහජනයා අතරට ගෙන ඒමට කොන්දක් ඇති මාද්‍ය ආයතන හා මාද්‍ය කරුවන් ය....
මන් ටීවි බලන්නේ නැති නිසා ඕක එච්චර දකින්නේ නැහැ ඒත් ඕකම ෆේස් බුක් එකේත් කට්ටිය කරනවා. ඒක ගැන නම් හරිම කේන්තියක් එනවා. ඇක්සිඩන්ට් උන, මැරුන අයගේ ෆෝටෝ වීඩියෝ පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව ඔහේ ෂෙයා කරනවා. ඕවා දකින පවුලේ අයට කොහොම හිත් වේදනාවක් ඇද්ද
ReplyDeleteකියලා වෑඩක් නෑ මචන්,මාත් ටීවී නම් නොබලන තරම් එට් හදිසියෙන් දෑකපු සීන් නිසා තමයි මේක ලියන්න හිතුනේ
Deleteසහතික ඇත්ත, ස්වර්ණවාහිනිය ප්‍රවෘර්ති විකාශය කරනේ ටෙලි නාට්ටයක් පෙන්වනවා වගේ, මිනි පෙන්නන්න පුදුම ආසාවක් තියෙන්නේ,
ReplyDeleteමිනී විතරක් නෙමෙයි,මියගිය අය වෙනුවෙන් අඩන අය පෙන්න්නත් පුදුම අසාවක් තියෙන්නේ,ප්‍රොර්ති වාර්තාකරනය කියන්නේ මිනිස්සුන්ගේ සෑබෑ සජීවී හෑගීම් විකිනීමද?
Deleteස්වර්ණවාහිනි යටයි, අයිටීඑන් එකටයි මිනී රසකර කර කන්න ආසනිසා වෙන්න ඇති ඔය විදිහට රසකර කර දාන්නෙ, අයිටීඑන් එකටත් පාරේ බල්ලෙක් මලත් එක කරන්නෙ ජේවීපි එකයි යුඑන්පී එකයි දෙශද්‍රොහින් නුයි තමයි...... ආන්ඩුවේ නිලධාරීන් හරියට සෝවාන්වෙලා වගෙ කිසිම වැරද්දක් කරන්නෙ නැහැ වගෙ
ReplyDeleteඔවා ගෑන කතා කරන්වා කියන්නේ හිත ගොඩක් රිදෙනවා කියන එකයි,මනිහෙක් මෑරුනාම ඒකත් විකුනන් කන්න තරම් මේ මිනිස්සු කුහකද
Deleteමේගැන මාත් ලිව්ව එකසැරයක්. මේ තත්වය එන්න එන්න වර්ධනය වෙන බවකුත් පේනව. මිනී විතරක් නෙවේ විකුණන්න පුළුවන් නිව්ස් තමයි දැන් වැඩිහරියක් තියෙන්නෙ. දේශපාලන කතාවක උනත් වැදගත් කොටස නෙවේ දාන්නෙ රසවත් වෙන්න ජෝක් එකක් දාන කෑල්ල. මරණයක් උනාම දාන්නෙ ලගම ඥාතීන්ගේ හඩාවැලපීම්වල උච්චතම අවස්ථාව. වර්තමාන සිද්ධීන් මදිවට අකමැති මතක කියල අතීතය නාට්‍යානුසාරයෙන් පෙන්නනව. ඔච්චර අකමැතිනම් දාන්නෙ මොකටද.
ReplyDeleteඇත්ත කතාව මචන්,ඔවා බලද්දි චෑනල් එක ගෑන කලකිරීමක් විතරයි ඇතිවෙන්නේ,මෑතක මට මතක තියුනුම කතාව,මාතර ගෑනුලමයෙක්ව කිබුලෙක් ඇදන් ගිපු වෙලාවේ ඒ ගෑනු ලමයගේ අම්මා අඩන එක මුන් කිසිම හිරිකිතයක් නෑතිව පෙන්නපු එක.
Deleteඅපේ මිනිස්සු අඬන සීන්වලට ආසයි නෙව.ඒකනෙ ඔය මෙගා නාට්‍ය ඔච්චර ජනප්‍රිය උනේ.ඉතිං ප්රවෘත්ති ටික විකුණගන්නත් කඳුළු ඉස්සරහට දාපුවාම ලේසියි.
ReplyDeleteඅඩනවා කීවම මගේ ඔලුවට ආවේ,සුජීව ප්‍රසන්නාඅරච්චි,හප්පේ ඌ අඩන ඇඩිල්ලක්,ඒත් මචන් කතාවක යන රගපෑමයි,සත්‍ය සිදුවීමක සත්‍ය හෑගීම් එක්ක සමාන කරන්න එපා.....
Deleteඑකග වෙමි..
ReplyDeleteලිපියේ අදහස සමග මුලුමනින්ම එකඟයි.ඔය විහින්යේ ප්රවෘත්ති වලට ගැලපෙනම නම දුන්නු බ්ලොග්කරුවා තමයි ඇටමැස්සා.දුන්න නම තමයි @
ReplyDeleteඅසංක, පොඩි වරදක් පෙන්වා දුන්නට අමනාප නොවෙතැයි සිතනවා.සිංහල අක්ෂර වින්‍යාසය ගැන මීට වඩා හිතුවොත් හොදයි නේද? මේ මම අද දැකපු වැරදි කීපයක්,
ප්‍රොර්ති - ප්රවෘත්ති
ජනමාද්‍ය - ජනමාධ්‍ය
විද්‍යුත් - විද්‍යුත්
මාද්යවේදියෙකුට - මාධ්‍යවේදියෙකුට
ඕනෑම කෙනෙක් අතින් මෙවන් අඩුපාඩු සිදුවිය හැකියි.(මේ ලියන මම උනත්) ඒත් මේවා අවම කිරීමට උත්සහ කළ යුතුයි නේද?
බොහොම ස්තුතී ජයශ්‍රී අදහස් වලට,ඇත්තටම මට මේ චෝදනාව මීට කලින් වතාවක් ඇවිත් තියනවා,මින් ඉදිරියට මම මේ ගැන වෑඩි අවදානයක් යිමු කරන්නම්,මට තියන ලොකුම අවුල,මම මේ පාවිච්චි කරන මෘදුකාංගයේ අකුරු සොයා ගෑනීමේ ඇති අවුලයි,qsfox කියලා එකකින් මම මේ සිංහල ටයිප් කරන්නේ නමුත් සමහර අකුරු ලියන විදිය ගෑන මට තාම පෑහෑදිලි නෑ.
Deleteසමාවෙන්න ඉහත ප්‍රතිචාරයේ ඉංග්‍රීසි අකුරු ටයිප් කර නෑ.ඇටමැසුසා දුන් නම තමා Lies@8
ReplyDeleteඇට මෑස්සා නිහඩ වී ඇත,ටෑබු,බියෝන් ද ෆ්‍රේම්,වගෙම ඇටමෑස්සාද විවාදාත්මක අදහස් අප ඉදිරියේ තෑබු බ්ලොගයකි,මෙවන් විකල්ප අදහස් දරන බ්ලොග් නිහඩ වීම බ්ලොග් අවකාශයට අතිවිශාල පාඩුවකි.කෙසේ නමුත් දෑන් එය සිදු වී හමාරය.
Deleteඇත්ත ප්රෝර්ති වෙනුවට ප්රවෘත්ති යනුවෙන් හරිගස්සනවා නම් මැනවි.සිංහල ටයිප් කිරීමට ගූගල් IME එකත් හොදයි ලේසියි.
ReplyDeleteඅපෝ ඔය නිවුස් කියන විදිය ගැනනම් කියලා වැඩක් නැහැ ඊට වඩා හොදයි උන් හිගා කැවනම්...
ReplyDeleteදවසෙන් දවසට වල පල්ලට යන වාහිනියක්. දුප්පත් මිනිසුන්ගේ බඩු උගස් අරං රීරි මශේ උරා බොන ආයතනය මනුස්ස කං අදුනයිද?
ReplyDeleteකතාව ඇත්ත, මටත් ඔය ගැන හිතිල තිබ්බ, හැබැයි දැන් කාලෙ හැම දේම විකිණෙනව. බලන්න සමහරු රාවනා ගැන ලියල රාවනා පොත් පත් කොහොමද විකුණන්නෙ කියල.
ReplyDelete