Friday, March 25, 2011

බොමුද ක්ලොරීන් ටි...........................???

මාත් මේ වගේ තේ එකක් ගෑන ඇහුවමයි.මුල් පාර අහපු ගමන් මාව කරකවලා අතැරියා වගේ.මේ සිද්ද්ඩිය වුනේ මායි මගේ මිතුරෙකුයි ගියා මිතුරාගේ ගෑනු දෑරිවිගේ ගෙදර.මහා දුරක නෙමෙයි ගාල්ලෙම තමයි.ඉතින් ගෙදරට ගොහුන් පොඩි චෑට් එකක් දාගෙන ඉන්න ගමන් කෙල්ල අහනවා අපි දෙන්නගෙන් බොන්නේ මොනවද කියලා මම නම් ඉතින් සොෆ්ට් ඩ්‍රින්ක්ස් කොහොමත් පාවිච්චියක් නෑ නේ......මු කියනවා(මගේ යාලුවා) ඌට ඔනලු ක්ලෝරින් ටි එකක්.හිකිස්ස්ස්ස්ස්ස්ස්....

මොකද්ද මේ ක්ලොරීන් ටි කියන්නේ????????
හරිම ලේ සී...නගර සබා වතුර උනු කරලා නටවලා අපි වෙනදා හදන විදියටම තේ එක හදනවා එතකොට හෑදෙන්නේ ක්ලෝරීන් ටී තමයි.ඔක බොද්දි තේ එකෙන් හීනියට අර දාලා තිබුනු ක්ලෝරීන් රස එනවා සමහරුන්ට ඔක පට්ට ආතල් නිකන් මයිලෝ බොනවා වගේ ලු,මටනම් ඇඇක්කා තමයි.....මහා වහතු රහක් තියෙන්නේ....
කඩවලින් තේ බොද්දි ඉතින් කොහොමත් ඔය ජාතියේ තේ තමා හම්බ වෙන්නේ,මොනවා කොරන්නද, සිගරට් එකක් එක්ක බොද්දි ඔක ඉතින් එච්චර දෑනෙන් නෑ ඔය එක හුස්මට ඇදලා දාන්වා
කොහොමින් කොහොම හරි ඔන්න ක්ලෝරීන් තේත් ගෑහුවා........හිකිස්ස්ස්ස්ස්ස්ස්ස්

ප.ලි. අර දෑරිවිගේ ගෙදර ක්ලෝරින් තේ විතරයි තියෙන්නේ,අකමෑත්තේන් වුනත් මට බොන්න වුනා,මම නම් බොන්න කෑමති දර ලිපේ වතුර උන් කරලා(ලින් වතුර) හදන තේ.දර වලින් එන දුන් සුවද එක්ක කලවම් වෙලා ප්ලේන් ටී යෙත් නියම රසයක් එනවා....

9 comments:

  1. ඇඇක්කා තමයි.....මහා වහතු රහක් තියෙන්නේ.... lolzz

    ReplyDelete
  2. ක්ලෝරීන් තේ හික්z...අපිටනම් ගානක් නෑ ක්ලෝරීන් වතුර බීලම.ඒත් නෑදෑයෝ ආවමනම් බොන්න අදිමදි කරනවා,අපෝ...වතුර ක්ලෝරීන් රහයි බොන්න බෑනේ කියල.අපිට ළිදක් නෑ :(

    ReplyDelete
  3. අපේ ගෙදර ලිඳක් තිබිලත් අපි දැන් ක්ලෝරීන් තේ වලට පුරුදු වෙලා. ලිඳේ වතුර උණු කරලා තේ හැදුවොත් බොන්නත් අමාරු ගානයි.
    ඔහොම තමයි එක එක්කෙනාගෙ රසේ. දැන් මේ ටැප් වතුර බොන අපි අනුරාධපුර පොලොන්නරුව පැත්තට ගිහින් එහේ වතුර බොන්න ගියොත් සෑහෙන්න අමාරුයි. වැඩිය ඕනෙ නෑ මම ගමේ ගියාම එහෙදි වතුර බොන්නෙ හරි අමාරුවෙන්.

    ReplyDelete
  4. ලොල්ය... වහතුරහ මොකද්ද බන්.. සික තියෙද්දි? ඔක්කොම රහ යටපත්වෙනවනෙ හික් ය. :D තේකතාවනම් මම දන්නෙ නෑ. ගෝඩ්ලීෆ් වල වහතුරහ යවන්න හැක්ස් 1ක් කටේතියාගෙන ගහපන්.. මාර ෆට්ට බන්.. :D අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... අත්දෑකීමෙන් කියන්නෙ.. :D

    ReplyDelete
  5. @sankalpana.info > :)))))

    @ nadi > ක්ලොරින් ටී එක අරුගේ ආසමලු.....ඌට මයිලෝ නෙස්ටමොල්ට් බොනවා වගේ ගතියක් තියන්වාලු කොලෝරින් ටී එකේ.

    @Pravin > ප්‍රාදේශියව ල0කාවේ කොහොමත් වතුර වල වෙනස්කම් තියන්වා.සමහර පෑතිවල වතුර කිව්ලයි කටේ තියන්න බෑ.එත් නගරසබා වතුරවල තියන එක සමාන කම අඩුවෑඩි වශයෙන් තියන ක්ලෝරීන් රස...
    @සුළඟිල්ල >වහතු රස පිලිබදව මම වෙනම පොස්ට් එකක් දාන්නම්.උබේ ගෝලීෆ් ට්‍රික් එක නම් මාත් කොරලා තියන්වා මමත් එකගයි ඔන්න :D

    ReplyDelete
  6. ඔව් බං, අපේ ගෙදර එන උන් අනිවා තේ එක ක්ලොරීන් රහයි කියලයි යන්නේ............ අපෙ වත්තේ ලිං හදන්න බෑලු. නළ ලිදක්වත් හදාගන්න ඕනේ............

    ReplyDelete
  7. නගර බද පැතිවල ඉතින් දැන් බලනකොට ගොඩක් හැදෙන්නෙ ක්ලොරින් තේ තමයි..

    ReplyDelete
  8. ක්ලෝරීන් තේක සාමාන්‍ය ගානමද නැත්නම් ගානින් වැඩිද ? රසින් වැඩියි නම් අනිවා ගුනයෙනුත් අනූන ඇති . මාත් අම්මට කියලා ඔය විදිහේ තේ හදාගෙන බොන්න ඕන ..

    ReplyDelete
  9. අපෝ ඔව් බං මෙලෝ රහක් නැහැ ඒ තෙකෙනම් කහට රසයත් විකුර්ති වෙලා දැනෙන්නේ.. ඈක්කා... ඕක් ඕක්...............

    ReplyDelete