Friday, January 13, 2012

අරක්කු පිලිබද උගත් පාඩම් කොමිසම් වාර්තාව - 01

කවුරු හරි ඇහුවොත් මම කතා කරන්න ආසම මාතෘකාව මොකද්ද කියලා මම නම් කියන්නේ අරක්කු ගැන කියලා,ඇත්තටම ඔය මාතෘකාව ගෑන දොඩවන්න මට නම් පුදුම ආසාවක් තියෙන්නේ,අද කියන්න හිතුනා එකින් එකට ලංකාවේ අරක්කු බ්‍රෑන්ඩ් ගෑන මට හිතෙන  හැටි

රන්දෙනිගල අරක්කු 


මේක නම් නයි විස වගේ ජාතියක් එක පාරක් හොදට බොන්න පුලුවන් 10 දෙනෙක් (කෑම්පස් ඉන්න කාලේ) කුජීත කොරලා දෑම්මා කොටින්ම හොස්ටල් එක එකම හොටෙලයක් බවට පත් වුනා මට නම් මේ බරෙන්ඩ් එක හරියන් නෑ ,දෑන් මේ වගේම තවත් බ්‍රෑන්ඩ් එකක් ඇවිත් තියනවා හිගුරාන අරක්කු,ටිකක පිටිසර පෑති වල සංස්තා බඩු නෑති පෑති වල මෙවා තමයි තියෙන්නේ,බොනවා නම් දෙපාරක් හිතනවා මම නම්, මොකද මේක වෙල් බියර් වලට හපන්.


ගල් අරක්කු 



මේකේ නියම නම නම් අති විශේශ අරක්කු,ඉතින් ඇයි මේකට ගල් අරක්කු කියන්නේ,ඒකට නම් පොඩි ඉතිහාස කතාවක් තියන්වා,බොහොම ඉස්සර මේ අරක්කු ජාතියන පෙරලා ඇවිත් තියෙන්නේ ගල් ඔය ස්තාගරේ ඒ කාලේ මේ බෝතලේ නම් කරලා තියෙන්නේ ගල් ඔය අරක්කු කියලා,ඒක තමයි තාම ඔය ගල් කියලා කට වහරේ තියෙන්නේ,

ලංකාවේ වෑඩියම බොන අරක්කු ජාතිය තමයි ගල්,ඒ වගේම බාර් කාරයෝ වෑඩියම කලවම් කරන ජාතියත් ගල්,කලවම් නෑති ගල් බොතලයක් රහ බලන්න මත් බොහොම කෑමතී,එහෙම ගන්නවා නම් ෆුඩ් සිටියකින් හරි සුපර් මාකට් එකකින් ගන්න ඕන,ගල් වලට ගොඩක් අය සෑන්ඩි වලට කෝක් පාවිච්චි කරන්වා,මම නම් සෝඩා හරි කුල් වතුර හරි තමයි අනුමත කරන්නේ,ඊටත් හොදයි අයිස් කෑටයක් දාලා ගහන්න තියනම්.

ඕල්ඩ් ඇරෑක්(සංස්තා)


වර්තමානයේ මම වෑඩියම බොන බීම තමයි මේක,තියන ස්මුත් රහත් එක්ක අයිස් කෑටයක් දාගත්තා නම් හොදටම ඇති,අනික පොල්ලෙන් ගැහුවා වගේ වදින ගතියකුත් නෑ ගානට වදින එකත් වදින්නේ,මම දන්න ගොඩක් යාලුවොන්ගෙත් ට්‍රෙන්ඩ් එක තමයි මේක අනික විශෙශම කරනාව කියලා මම හිතන්නේ මේකේ මිලත් සාපේක්ශව අඩු වීම,


පරන අරක්කු වල තව කැටගරි එකක් තියන්වා රොක්ලන්ඩ්ලගේ ඕල්ඩ් ඇරෑක් එක, ඒකත් බැලැක් ලේබල්,රෙඩ් ලේබල් කියලා කෑටගරි 2කකට බෙදෙනවා.


 රොක්ලන්ඩ් ඔල්ඩ් බ්ලෑක් එකේ සෑර ටිකක් විතර අඩුයි මට මතක ඒදියට 28% වගේ තමයි තියෙන්නේ,රෙඩ් එකේ නම් තිස් ගානක් සෑර තිබුනා,මේකත් හොද බ්‍රෑන්ඩ් එකක් කිසිම අමාරුවක් නෑතිව බොන්න පුලුවන්,ඒවගේම පහුවෙනිදට අවුලක් නෑති බීමක්,

සංස්තා වයිට් ලේබල්


මේකත් එච්චරම අව්ලක් නෑති බ්‍රෑන්ඩ් එකක් මම නම් පුද්ගලිකව පාවිච්චි කරන්වා අඩුයි මොකද කීවොත් සුදු අරක්කු වලට මගේ එච්චරම කෑමෑත්තක් නම් නෑ,අනික මෙකේ තියන චාටර්ම සීන් එක පට්ටම විදියට ඇග වේලනවා,
හෑබෑයි බ්‍රෑන්ඩ් එක ගෑන කතා කරොත්, දෙහි සුවදක් එක්ක තියන බොහොම ප්‍රියජනක පානයක්,අයිස් කෑටයක් හෙම දාලා හොදට කලවම් කරලා පදමට දෙහි චුට්ටක් දාලා ගත්තනම් නියම ටේස්ට් එකක් තියෙන්නේ,අනික මේකේ තියන සිරාම සීන් එක ගද අඩුයි,කොහොමත් බොහොමයක් සුදු අරක්කු හා ජින් වොඩ්කා වගේ බිම වල ගද ගොඩක් අඩුයි,නිකන් ඔඩිකොලෝන් බීවා වගේ ගතියක් තියෙන්නේ,IDL එකෙන් මේකට දාපු බ්‍රෑන්ඩ් එක තමයි වයිට් ඩයමන්ඩ් නමුත් මේ දෙක ගෑනම මට ලොකු කියන්න තරම් අද්දෑකීම් නෑ මොකද මම මේ දෙකම වෑඩිය පාවිච්චි කරලා නෑති නිසා. 

සංස්තා පොල් අරක්කු
ඔය උඩ රුපේ දාලා නම් තියෙන්නේ කාලේ බෝතලයක්,මේක මම ජීවිතේටම දෙපාරයි බීලා තියෙන්නේ කියන්න තරම් නම් වරදක් නෑ,මෑතක බීවා දෙනියායේ යාලුවෙක් ගෙදර ගියපු වෙලාවක,මේක මෑත අතිතයේ ඒ බීවමයි,පුරුදු විදියට සෝඩා එක්ක තමයි මම නම් බිවේ,මේකේ ටේස්ට් එක නම් මට එච්චර අල්ලා ගියේ නෑ,පොඩි අව්ලකට තියෙන්නේ ටිකක් සෙම අවුසන ගතියක් තියන්වා,වැඩි බාවිතයේ නැති අරක්කු ජාතියක්,හෑබෑයි මට නම් ටිකක් හිතට අල්ලා ගිය අරක්කු ජාතියක්.

දෙවරක් පෙරන ලද අරක්කු (DD)




DD කීවාම හෑමෝම දන්නවා,මෙකත් මරු බාන්ඩේ සෝඩා හරි කෝක් එක්ක හරි බොන්න හොදයි,ටෙස්ට් එකත් නියමයි,අනික නයා වගේ පාරින් දෙකෙන් වදිනවා,ඕල්ඩ්,ගල්,ගාවට මගේ තේරීම තමයි ඩි.ඩි.මේකත් පහුවෙනිදාට වද නොදෙන බ්‍රෑන්ඩ් ගනයට වෑටෙන්නේ,හෑබෑයි අනික් පොල් අරක්කු වගේම සෙම වඩන ගතියක් නම් තියන්වා,මේ වගේ බීමක් එක්ක බයිට් එකක් දාද්දි ටිකක් උශ්න කෑමක් දාගත්තානම්, ඔය සෙම සීන් එකත් එන් නෑ...

දෑන් නම් ඇති වගේ ඉතිරි ටික ඊලග ලිපියට අරක්කු පෑටව් ගහනවනේ,තව තියන්වා VX,සිලෝන් ඇරැක්,ඕල්ඩ් රිසව්,VSOA......


ප.ලී :   කෙල්ලන් ඇදුම් ගන්න ගියා වගේ තමයි කොල්ලෝ බාර් එකට ගියාම,පෑය ගානක්   තෝරන්වා.....මට නම් ඔය සීන් එක ඕන තරම් වෙලා තියන්වා.... 

ප.ප ලි. මුහුනු පොතේ අපේ අහිංසක හා මම ආසම ගෘප් එක තමයි අරක්කු ඔන්න ඔකේ යනවා අරක්කු ගෑන බොහොම ගෑඹුරු සංවාද.ඔබ බොන කෙනෙක් නම් මේ ඔනටයි ආරාදනා මුහුනු පොතේ අරක්කු ගෘප් එකට.... 




 

37 comments:

  1. ඩී ඩී තමයි තිත් දෙකයි ඩී

    ReplyDelete
  2. ඈක්කා.... තුහ්....

    ඉක්මනටම මේවාත් ටැස් කරලා බලන්න ඕනේ...

    ReplyDelete
  3. මේපැත්තෙ ආවෙත් අදද කොහෙද. කොහොම උනත් පෝස්ටුව කියෙව්වම මට දැනුනෙ "මගේ ජාතියෙ" එකෙක් මේක ලියල තියනව කියල. මගෙත් රුචිකත්වය ඔයිට බොහොම සමානයි. ඩී.සී.එස්.එල් අරක්කු තමයි 90% අයගෙ ෆේවරීට්.

    ReplyDelete
  4. පොඩිමෑන් - මචන් උඹට ඩි ඩි වලින් අරියාදුවක් වත් වුනාද????

    prasanna86k - අනිවා ටෙස් කොරලා බලන්න ඒත් අර උඩින්ම තියන එක නම් ටෙස් කොරන්න හිතන්න එපා....

    ReplyDelete
  5. රාජ් - අනිවා මචන් ඩී.සී.එස්.ල් නෑතිනම් සංස්තා අරක්කු තමයි හොද.වෑඩිය ඕන නෑ හරි කොලිටියට තියනවා නම් ගල වුනත් මරු බන්.

    ReplyDelete
  6. වැදගත් ලිපියකි ...

    ReplyDelete
  7. අමිල චතුරන්ග - අනිවා මචන්....

    ReplyDelete
  8. කොයි තරම් ඉස්තරම් ජාති වලින් පටන් ගත්තත් අන්තිමට මදි හරියට සෙට් වෙන්නේ ගල් නේ. ඒ හින්දා ගල් වලින්ම පටන් ගන්නවා. කොලිටිම ගල් පෝයට හොයන්න බැරි හින්දා අපිනම් "ඇතිදා ධනසිරි නැතිදා ධර්මසිරි"

    ReplyDelete
  9. මටත් හෑමදාම කොච්චර බීවත් අන්තිමට පොඩ්ඩක් මදි වෙනවා බන්,අන්තිමට මදිවෙන බාගේ තමයි ඒ,ඒක තමයි පුදුම වදයක් දෙන්නේ,පෝයට නම් බඩු තියන්වා හෑබෑයි 1000 අන්න ඒකයි අව්ල...

    ReplyDelete
  10. ආයිස් අප්පා..... ගත සිත කිලි පොලා ගියා.....අනේ අපි කවදාක පීනමුද ඔය ගඟේ.......මගේ මුල් තැන D.D ගලුත් අමතක කරන්නෑ මංගල පානය නිසා.... ඒත් ඉතිං ඔය සුර සැප ගන්න ලංකාවට එනකං ඉන්න එපැයි..... මේහේ ලොකුවට තියෙන මොන ලබ්බ ගැහුවත් D.D වගේ තියේයැ... සිරිලක දේ සිරි සැප දේ......

    X-Porter

    ReplyDelete
  11. ගොඩක් කල් ඔය බ්‍රෑන්ඩ් ගැහුව. ඒත් දැන් නම් ඔය වගෙ ඒවට සෙට් වෙන්නෙ කලාතුරකින්.... මොකද මම දැන් බොන්නෙ නෑ නෙ!!!

    :D :D :D

    ReplyDelete
  12. රන්දෙනිගල... : කසිප්පුද මන්ද... ලඟින් යන්නවත් ආස නැත.

    ගල් : වැඩි මනාපයක් නැතත් චොයිස් එකක් නැති උනාම වරදක් නෑ...

    ඕල්ඩ් : ශේප්...

    සුදු : කාලයක් බිව්වෙම ඔව්වා... උදේට චූ කරද්දිත් ගඳයි අප්පා... මාර ඩ්‍රයි

    ඔල්ඩ් රිසර්ව් තමා ඕල් ටයිම් ෆේවරිට්. කෝ බන් ගෲප් එකට ලින්ක්

    ReplyDelete
  13. පිස්සා - අනිවා උඹ කිවා වගේ සුදු අරක්කු වල අර සීන් එක නම් තියේ.
    මචන් මුනු පොතේ අරක්කු කියලා හොයපන් බඩු එනව....මම ලින්ක් එකත් දානම්.ඒක ඇත්තටම අමතක වෙලා

    ReplyDelete
  14. http://www.facebook.com/#!/groups/98654872343/

    ReplyDelete
  15. හෙව්වා... හෙව්වා.. මේක මට මිස් වෙලා නෙව.

    ReplyDelete
  16. පිස්සා - එල මචන් මම දෑක්කා උබ ඇඩ්වෙලා ඉන්නවා.....එල එල

    ReplyDelete
  17. මේ කොමිසන් වාර්තාව මුද්‍රණයට නිර්දේශ කරමි.

    ReplyDelete
  18. raigamaya - අනිවා ඊලග එකත් ලගම එනවා.....

    ReplyDelete
  19. ඔක්කොම හරි මේකට දාපු හෙඩින් එකනේ මරු...

    දැන් එතකොට මේ කොමිසන් වාර්ථාවේ නිගමන මොනවද?

    ReplyDelete
  20. Dinesh - මේහේ හෑදෙන කොමිසම් වාර්තා වගේ තමයි ඔවාගේ අවසායට කිසිම නිගමනයක් නෑ..ඒත් බොන එකෙකුට තමන් කෑමති දෙයක් ගෑන කුරුටු ගාන්න ඉඩ දීලා තියන්ව ඔච්චරයි

    ReplyDelete
  21. දිගටම ලියපන්කෝ බලන්න‍...අපි අරක්කු බොන් නැති එකේ තියන ගුණාංග වර්ග මොනවද කියලාවත් දැන ගන්න....

    ReplyDelete
  22. ඇඩෝව්!! දන්න එකෙක් දාපන් මාවත් ඔය ගුරුපියට!

    අඩේ මලයා එල නෙ ඈ!
    පුලුවන්නන් ලංකාවට ටෙකීලා ගැනත් කියලා දියන් ;)

    ReplyDelete
  23. අපේ තේරීම ගල තමයි.බොන්න පුරුදු වුනෙත් ගල වලින්.එත් දැන් බොන්න වෙන්නෙම නැහැ.

    ReplyDelete
  24. අඩේ මේක කොහොමද බන් මගෙන් මිස් උනේ මන් මේක දැක්කට බැලුවේ නැහැ උඹ මේ දාලා තියෙන මාතෘකාව නිසා. මන් හිතුවේ අරක්කු තහනම් කරන්න පනතක්වත් ගේනන් හදනවා කියලා

    මොනාද බන් රන්දෙනිගල අරක්කු කියන්නේ?? අහලත් නැහැ දැක්කෙත් අදයි

    හිඟුරාන - බීලා නම් නැහැ ඒ උනාට ජරාවක් කියලා කිලා අහලා තියෙන නිසා බීලා නැහැ. ලඟ පාත බාර් වල තියෙනෙන ඔය ජරාව තමයි.

    අති විෂේශ නොහොත් ගල් - මේකට තමා මන් ආසම. ගානත් අඩුයි පහුවදාට අවුලකුත් නැහැ සෝඩා ටිකක් දාලා වඩේ කෑල්ලක් එක්ක කරදරයක් නැතුව බොන්න පුළුවන්

    ඕල්ඩ් එකත් අවුලක් නැහැ ඉස්සර නම් බොනවා දැන් ගනන් වැඩි නිසා ගල් වලට මාරු උනා. වයිට් ඇරැක් එක කාලෙකින් බීව්වේ නැහැ බීලා බලන්න ඕනේ. සංස්තා පොල් අරක්කු එක බීලා නැහැ ඩබල් ඩිස්ටිල් කාලයක් එක දිගටම බිව්වා . ඒකත් අවුලක් නැහැ. රොක්ලන්ඩ් රෙඩ් ලේබල් එක බිව්ව ඒක සිරා

    ReplyDelete
  25. haha maxa...Old Arrack thama ithin elama kiri, DD ekath maru...:D kauruth wadiya Mendis walata bara naa ney??

    ReplyDelete
  26. මා - රන්දෙනිගල කියලා තියනවා ඔය හිගුරාන වගේම බාන්ඩයක් පට්ට චා බන් ගහන්න නම් එපා......වයිට් ලේබලුත් වෑඩි අව්ලක් නෑ බන්හෑබෑයි වෑඩි වුනොත් පහුවෙනිදට අග වේලනවා ඉන්න හිටීන බෑ....

    realskullzero - මෙන්ඩිස් ගෑන වෑඩි දෑනුමක් නෑ මචන්...

    Dar[K] - ගල් තමයි....

    ReplyDelete
  27. @Asanka - eka thama, Mendis 12 year old eka sira machan maara smooth, kiwwath wagey Pol Arrakku eka ekenma sema awssanawa, habai mata Mt.Lavinia bar ekey kiyapuwidiyata ekatama set wechchi cult set ekak innawa... :D

    ReplyDelete
  28. ගල් එකයි සුදු එකයි කලු එකයි විතරයි බීල තියෙන්නෙ.. තාම පොඩි එකා විච්චි ඔඔවා හොද නෑ නේ.. ;) හැබෑ මටනම් සුදු එක තමයි හිතට ඇල්ලුවෙ.. සුදු වතුර මොකො සුදු අරක්කු මොකො.. නැද්ද මං අහන්නේ...

    ReplyDelete
  29. චී චී චී.. අපි මතට තිත තියලා මේ වෙලාවේ වැඩ.. මේක කියවලා මගේ සිල්පදේ බිඳුණද මන්දා. ඔය කටට රහට බයිටක් තිබ්බොත් මිසක්.. එකත් ඉතින් යාලුවෙක් සෙට් උනොත්නේ..

    ReplyDelete
  30. මේකෙ 2වෙනි කොටසත් ඉක්මනට දාන්ඩෝ

    ReplyDelete
  31. ayya mata email ekak danawada sameeradiss@gmail.com
    math mora

    ReplyDelete
  32. මම මහරගම ...Arpico ගල් තමයි බඩු....විස්කි වගේ...

    ReplyDelete
  33. මම ලොකල් ගන්නෙ ඔල්ඩ් අරක්කු විතරමයි, මම ආස වොඩ්කා වලට විතරයි.... අනිත්වා ආස නැහැ, බියර්නම් චාටර්

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. මමත් ඔය සියලුම ජාති භාවිතා කරල තියනව.
    රන්දෙණිගල වලට අමතරව පොල්ගහවෙල එකකුත් තිබ්බ . නම් වැඩි පුර පාට ජාති කැමති නෑ. Rockland white Rum තමයි ලෝකල් බ්‍රෑන්ඩ් වලින් කැමති.

    ReplyDelete