Sunday, March 20, 2011

මිහිපිට දෙවිවරු (උලු පට්ටලේ වෙද මහත්තයා)

 අද නෑගිට්ට ගමන් ඔන්න හොද ආරන්චියක් තමා අහන්න ලෑබුනේ,අපිට ඊලග වටයේ මුන ගෑහෙන්නේ එ0ගලන්තය ඒ මැච් එක ගහන්න තියේන්නේ ල0කාවේලු.ඒකනම් හොදයි.මුලින්ම ඉතින් මම ප්‍රාර්තනා කරනවා අපේ කන්ඩායමේ තියන අඩුපාඩු හදාගෙන ජයග්‍රහනය කරා යාමට හෑකියාව ලෑබේවා කියලා.
හරි දෑන් ඉතින් අපි කතාවට බහිමු.අපේ අම්මට වම් පාදයේ ආතරයිටිස් තත්වයක් ආවා.කුලින් යන්තම් ඇවිදින්න පුලුවන්න් වුනත් පසුව ටිකෙන් ටික ඒක් තෑන් වෙන ගානට ආවා.ඇත්තටම මෙය මට දරා ගෑනිමට ගොඩක් ආමරු දෙයක්.මම ල0කාවේ හොදම දොස්තරවරු චෑනල් කරමින් ප්‍රතිකාර කරේ අම්මාට කෙසි හෝ නෑවත් සාමනය අයුරින් ඇවිදිමේ හෑකියාව ලබාදිමයි.නමුත් කිසිම දොස්තර කෙනෙක් ගෙන් සාර්තක පිලිතුරක් ලෑබුන් නෑ.අනිතිමට කාරාපිටියෙන් කීවේ අම්මගේ වයසත් එක්ක ඇතිවුනු රෝග තත්වයක් බවත් මෙය සුවකිරිමේ හෑකියාව අඩු බවත්ය.එය ඈසු මොහොතේ මට ඇත්තටම ඇඩුනා.
මට ඇත්තටම සි0හල බෙහෙත් පිලිබදව එතරම් විස්වාසයක් තිබුන් නෑ,ඇයි කියන්න මමවත් දන් නෑ.කොහොම හරි ඔය අතරේ ගාල්ලෙන් ටිකක් අතුලේ(පහල කීබිය කියන ප්‍රදේශ්යේ) තරමක් ප්‍රසිද්ද සි0හල කෑඩුම් බිදුම් වෙද පරම්පරාවක් ඉන්නවා මේ පිලිබද මම දෑන හිටියත් මම යාමට මෑලිවුනේ ඉ0ග්‍රිසි දොස්තරවරු ගෑන මම අදිතක්සේරුවෙන් සිටි නීසා කියලා මම හිතනවා.
මේ වෙද ගෙදරට කියන්නේ උලුපට්ටලේ වෙදගෙදර කියලා දෑනටනම් වෙදකම් කෙරන්නේ වෙදමහත්යගේ පුතයි දුයි. මම මගේ මෑනියන් සමග කිහිප වතාවක් යන්න ලෑබුනා වෙදගෙදර ඇත්තටම ඈත්තටම ඔවුන් කොතරම් ලොකු පිනක්ද කෙරන්නේ කියලා මට හිතුනා එතනට ඈවිත් හිටපු ගොඩක් අය ඉස්පිරිතාලේ ගිහින් හොදකරගන්න බෑරිවුනු අය.
මගේ මෑනියන්ට දෑන් එම රෝග තත්වය නිට්ටාවටම හොදයි.මාස 3ක් පමන වෙදකන් කරා.දෑන් පෙර අයුරින්ම කිසිම වේදනාවකින් තොරව මෑනියන්ට ඇවිදින්න පුලුවන්.මම වෙද ගෙදර ගියපු දින දෙක තුනට ඇත්තටම කෑඩුම් බිදුම් වෙදකම ගෑන විස්මිත දෙවල් කිහිපයක්ම දුටුවා.

අවසාන වශයෙන් උලුපට්ටලේ වදමහත්තයාට පින් දී අවසන් කල නොහෑක.ඒතරම් මහත් වටිනා උපකාරක් එතුමන් විසින් කරන ලද්දේ.එය අද්දෑකීමට මුහුන දුන් කෙනෙකුට මනාව වෑටහෙනු ඈත.මිහිපිට දෙවිවරු කියා කිව හෑක්කේ ඔබ වෑනි මිනිසුන්ටයි කියා මට සිතේ....

8 comments:

  1. කෘතගුණ සලකන්න හොද ලිපියක්.

    අද ඉන්න සමහර වෛද්‍යවරු කියාගන්න අය අසරණ දුප්පත් මිනිස්සුන්ගෙන් සල්ලි ගසා කනවා. ඩිස්පැන්සරියට පුද්ගලික රෝහල් වල වෛද්‍යවරු ෆාමසි කාරයොත් එක්ක එකතු වෙලා වැඩක් නැති විටමින් පෙති විකුණනවා. රුපියල් 100 බෙහත් තුණ්ඩුව රුපියල් 1000 ක් විතර වෙනකම් බෙහෙත් ලියලා කරලා වංචා කරනවා. (හැබැයි ලෙඩේ උන හෙම්බිරිස්සාවයි) කාට හම්බ කරනවද??

    රටේ සල්ලි වලින් ඉගෙනගෙන උපාධි අරන් මිනිස්සුන්ට සේවය කරන්න කියලා වෛද්‍ය පට්ටම ගත්තාට පස්සේ මිනිසුන්ව ගසා කන මිනිස්සු ඉන්න මේ ලෝකේ මේ වගේ මිනිස් වේශයෙන් ඉන්න දෙවි දේවතාවෝත් තාම ඉන්නවා.

    පාරම්පරික වෙදකම දායාදයක්.. මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසාම බිහිවුන. ඒක කරගෙන අය නිවන් දකින්න පාරමී පුරන අයමයි මට හිතෙන්නේ.

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත...

    ReplyDelete
  2. අපෙ තාත්තත් මෙ වෙදමහත්තයා ගැන දන්නවලු... එ කියන්නෙ අවුරුදු 25කට විතර කලින්ලු..

    ReplyDelete
  3. අපේ සිංහල වෙදකම තවමත් බොහොම හොඳින් ආරක්‍ෂා වෙලා තියන එක අහලා මට පොඩි ආඩම්බරයකුත් දැනුනා .අපේ පලාතෙත් ඉන්නවා හොඳ වෙද මහත්වරු කීප දෙනෙක් . අපිටනම් ඉස්පිරිතාලෙට වැඩිය හිතට ලඟ වෙද ගෙදර තමයි ....

    ReplyDelete
  4. @sankalpana.info > අවන්කවම ල0කාවේ සමහ දොස්තර වරු ගෑන කලකිරෙන තරම්.අනික දෑන් ඉන්න සමහර ආයුරුවේද වෙද මහතුන් ලෙඩ වවන් කන නිසා තමයි සමාජයේන් ආයුරුවේදය ඇත් වෙන්න යන්නේ.....
    @Dinesh > ගාල්ල ප්‍රදේශයෙන් විතරක් නෙමේයි.වලස්මුල්ල,තන්ගල්ල,සුරියවෑව,වගේ ඩුර පෑතිවලින් පවා බෙහෙත් ගන්න ඇවිත් හිටියා.දෑන් ලොකු වෙදමහත්තයා නම් නෑ....
    @හිස් අහස > අත්ත මචෝ...සි0හල වෙදකම කියන්නේ අපේ දේ...එයින් ඇත් විම අපේ නොදෑනුවත් කම නිසා සිදුවුවක් කියලා මටනම් හිතේන්නේ..

    ReplyDelete
  5. මම ගාල්ලෙ ඉන්න කාලෙ ඉස්කෝලෙදි අත කඩාගෙන දෙපාරක් විතර උළුපට්ටලේ ගියා, ඒකාලෙනම් උන්නෙ වෙදමහත්තය තමා. උන්නැහේට හරි විගහට කේන්ති එනව. ඒ වෙලාවට ලෙඩා කියල බලනෙ නෑ. ඒත් කිසිම කෙනක් වෙදමහත්තයගෙ හොඳක් මිසක් නරකක් කියනව මම අහල නෑ. උදේපාන්දරම හරක් එහෙම බැඳල තමා බෙහෙත් කරන්න පටන්ගන්නෙ. මගෙන් පස්සෙ අපේ පුංචිඅම්ම, ආච්චි, නැන්ද වගේ ගොඩක් අය වෙදමහත්තයගෙන් බෙහෙත් අරන් සනීප උනා. කොළඹ ආවට පස්සෙත් එක පාරක් අම්ම බෙහෙත් ගන්න ගියා අතේ උළුක්කුවකට, එතකොටනම් දුවයි පුතායි තමයි වෙදකම් කරන්න. ඒදෙන්නත් තාත්ත වගේම දක්ෂයි කියල අම්ම කියනව මම අහගෙන.

    ReplyDelete
  6. @nawammawatha> දේශිය වෙදකම හරියට කරන මේ වගේ මිනිස්සු මුතු මෑනික් වලට වඩා අපිට වටිනවා.අනික ඒ පරිසරය තුල තාම ඒ ගෑමි ගතිය නොමෑකි තියනවා,මේ මිනිසුන්ගේ ඒ අවියාජ බාවයට ඒ ගෑමි පරිසරයත් සෑහෙන්න බලපානව ඇති.මොකද නගරයේ මුදල් පසුපස හඹා යන හරයක් නොමෑති ජීවිත වලට වඩා ඒ ගෑමිකම අරුත් බරයි කියලා මට හිතෙනවා

    ReplyDelete
  7. උලුපට්ටලේ ගෙදර ගැන මාත් දන්නවා.. දැන් ඉන්නෙ වෙද මහත්තයාගේ පුතා නේද ?

    ReplyDelete
  8. මමත් පහළ කීබියේ. වෙද ගෙදරට සුළු දුරකින්.

    ඊලඟට එන දවසට ඊයක් දාන්ට, උදේම නම දැම්මම පෝලිමේ ඉන්න ඕනා නෑ .

    ReplyDelete