Thursday, March 10, 2011

කප් එක නිකන් ලක් එකට උස්සලා වැඩක් නැ....(ක්‍රිකට් ගැන)

හරියටම දවස් දහයකට පස්සේ තමා මේ පැත්තේ එන්න ලැබුනේ.මොනාත් ම්තුරාගේ අවමන්ගලයට නොසිතු ජන ගගක් ආවා කිව්වොත් නිවැරදි.මාත් මේ ටිකේ ගෙදර නිසා මලගෙදරට ෆුල් ට්යිම් සහබාගිවුනා.මහින්දේ 2001 කන්ඩායමේ බහුතරයක් මෙම අවස්තාවට සහබාගි වුනා කිවොත් නිවැරදි.මේ වැඩකටයුත් නිසාත්,ලියන්න තරම් හිතේ නිදහසක් නොතිබුනු නිසාත් බ්ලොග් එක පැත්තේ ආවට මොනවත් කුරුටුගාන්න හිතුන් නැ.
අද ලියන්න කියලා අවෙ අපේ ක්‍රිකට් ටීම් එක ගැන.ඔන්න අපේ සැට් එක ඉයේ සිම්බාබෙට පට්ටම ගැහිල්ලක් ගැහුවා.එත් අපිට ටීම් එක ගැන සතුටු වෙන්න පුලුවන්ද?


ආරම්බක සම්බන්දය 282 එත් 327 ට විකට් 6යි,එක කමක් නැ කියමු ගහන්න ගොහින් අව්ට් වුනා කියමු.එත් පන්දු රැකිමනම් පට්ටම චවු.ආයි එක ගැන නම් කියන්න දෙයක් නැ.සමස්තයක් විදියට ගත්තාම වෙන හොද ක්‍රිකට් කන්ඩායමක් එක්ක ඉයේ මැච් එක ගැහුවනම් අපි කනවා ලොවෙත් නැති වෙන්න. 
අපි මින් ඉදිරි වට වලදි තග ජයක් ගැන හිතනවනම් මම හිතන්නේ අපිට හදාගන්න ගොඩක් අඩුපාඩු තියන්වා,පහුගිය තරග එකිනෙක අරන් බලද්දි පැහැදිලිව ඔය කාරනා පේන්න තියන්වා,මොකොද ඉදිරි වට වලදි අපිට මුන ගැහෙන්නේ මුලින් ගැහුව වගේ චවු ටීම් නම් නෙවෙයි.ක්‍රිකට් වලින් හොදට පත්තියන් වෙච්ච කන්ඩායම්,
අපේ බලාපොරොත්තුවත් ල0කාව කප් එක උස්සයි කියලා නමුත් එක නිකන් ලක් එකට උස්සලා වැඩක් නැ කප් එක ගන්න ඔන 96 ගත්තා වගේ ෆුල් ග්‍රෙට් පිට.ඉතින් අපි ප්‍රාර්තනා කරමු අපේ ටීම් එකට තියන අඩුපාඩු හදාගෙන දිගටම ඉදිරියට යාමට හැකි වේවා කියලා.....

ජය ශ්‍රි ල0කා......

7 comments:

  1. බලමු ඉස්සරහට වෙන්නෙ මොකද කියල නෙ , ඔහොම කතන්දර වෙන එක ක්‍රිකට් වල හැටි මචෝ , සාමාන්‍යයෙන් පන්දු රැකීම හොඳ කණ්ඩායමක් කියල ප්‍රචලිත උනත් අපේ අයගේ පන්දු රැකීම ඊයේ චා.. ඒ වගේම මේ පාර හොඳම පිතිකරු ලයිස්තුව ඉන්න ඉන්දියාව , අයර්ලන්තෙ හා නෙදර්ලන්තෙ පුංචි ලකුනු ගාන ඇල්ලුවෙ පිතිකරුවො 7 දෙනාම පිට්ටනියට බැහැල , ඔහොම තමා ක්‍රිකට් වල හැටි

    ReplyDelete
  2. @බුවා> එක ඇත්ත බන්,අපේ උන් චා..වෙද්දි හෙන අව්ල් මචන්,පකිස්තාන් මෑච් එකත් අපිට ගහන්න තිබුනු මෑච් එකක්..අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
  3. සංගාගේ නායකත්වයේ දුර්වලතාව ගොඩාක් පේනවා...

    ලකුණු 30-40 වත් වදිද්දී ‍පන්දු යවන්නන් මාරු කරන්නේ නෑ. තුන් ඉරියව් ක්‍රීඩකයන් පන්දු යවන්න අවස්ථාව දෙන්නේ නෑ.

    බන්ගලාදේහයවත් අඩුම තරමේ මුල් පන්දු වාරය යවන්න දඟ පන්දු යවන්නෙක් දැම්මා ඒ පිතිකරුවන්ගේ මානසිකත්වය බිදින්න.

    aus වලට කණ්ඩායම තෝ‍රද්දී මාලිංග විතරයි හිටියේ වේග පන්දු යවන්න. අජන්තව ගත්තේ පොල් ගාන්නද? aus වල ගහපු තිසරව අයින් කරලා.

    අරවින්ද හොඳ උප නා‍යකයෙක් උනාට. පරිපාලයනය දුර්වලයි!!! දුර්වලයි!!! ඒ අතින් අර්ජුන ගොඩාක් හොඳයි කියල හිතෙනවා මේ තනතුරට.

    අරවින්දට රේගුවේ හරි AMW TOYATA එකේ හරි හොඳ පෝස්ට් එකක් දීලා පැන්නුවනම් හරි. කොහොමත් කාර් පෙරේතයාලුනේ...

    කවුරුත් නැත්නම් අසන්ත ද මෙල් හරි සුමතිපාල වත් හිටියනම් මීට වඩා හොඳයි වගේ!

    ReplyDelete
  4. @dimesh > කොචර අපේ ටිම් එක හොදයි කීවත් මටනම් අඩුපාඩු ගොඩක් පේනවා.කොහේ හෝ ලොකු අඩුපාඩුවක් තියන්වා.සමස්තයක් විදියට කන්ඩායමේ ක්‍රිඩාකිරිම ගත්තොත් ඊයේ වුනත් ගොඩක් සතුටු වෙන්න බෑ.මොකද දිල්ශාන්,උපුල් තරන්ග ඇරුනාම අනිත් අයගෙන් ලොකු ක්‍රිඩාශීලිබවක් දකින්න ලෑබුන් නෑ...

    ReplyDelete
  5. ඊයේ මැච් එකේදී මම බය වුන තරමක් . මම හිතුවෙම සිම්බාබ්වේ කාරයෝ වනලා දමයි කියලා . ..

    ReplyDelete
  6. මාත් ඔන්න ගියා බලන්න. පට්ට බයෙ හිටියේ. කතා ටිකනම් ඇත්ත.

    ReplyDelete
  7. ඒක නම් ඇත්ත....... ගහනවා නම් ගේමක් ඇතුව ගහන්න ඕන....

    ReplyDelete