Sunday, February 13, 2011

අද බලමුද මචො අපෙ ලිමිට් එක.........


කාලෙකට් පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ.ලියන්නෙ මොනවද කියලවත් ඔලුවට එන් නැ,මල් කතා වලට වැඩිය කස්ටිය උනන්දුවක් නැ වගේ මම ඉතින් අද වෙන කතාවක් කියන්නම්.මෙක සිදුවුනේ අපෙ රැග් කාලේ,එ කාලේ ගැනත් හොද හොද මතකයන් සැහෙන්න තියනවා.
රැග් කාලේ බාර් එකක් ගාවදි සින්නෙකුට මාට්ටු වෙනවා කියන්නේ ආයි ඉතින් හොදි ඔන නැ.ඉතින් බෝතලයක් ගේන්න හෙම යන්නේ බොහොම පරිස්සමෙන්.මගේ රුමා හිටියෙ වලහා කියල්ලා කොල්ලෙක්.මු ඈවිත් අයිතිහසික පොරක්.මුගැන පොතක් ලියන්න කතා තියනවා.මොනවා වුනත් අයේ නියම බොක්ක,මුට වලහා කියන්නේ මුගෙ ගම "වලස්මුල්ල" එකයි.
ඔන්න දවසක් හවස් ජාමේ පොඩි අඩියක් ගහන්න කියලා අපි දෙන්නා අපේ පහල බොඩිමට ගියා.අපේ බොඩිමේ බොන්න මම එච්චර කැමත්තක් නැ,මොකද එතන වැඩි නිදහසක් නැ එකයි,පහල බොඩිමේ හොදට අතපය දිගඈරලා ඉන්න ඉඩතියන්වා.
කොහොම හරි එදා බොන්න හිටියෙ මමයි වලහයි,පැගිරා,(පැගිරා කියන්නෙ අපෙ බැජ් එකේ වයසකම ඩයල් එක, මු උ.පෙ විශයන් 4න් කරපු එකෙක් එතකොට හිතාගන්න පුලුවන් නෙ වයස,)ඔන්න ඉතින් ඔය අතරෙ තමයි වලහට කාලකන්නි අදහසක් පහල වුනේ.අද බලමුද මචො අපෙ ලිමිට් එක,ඔන්න ඉතින් තුන් දෙනා ලිමිට් එක බලන්න බොන්න හදන්නේ,
බොතල් 2,1/2 කුත් ගෙනල්ලා අනික් අඩු වැඩියත් ගෙනල්ලා ඔන්න නමො විත්තියෙන් වඩේ පටන් ගත්තා.පැගිරා මුල් බොතලෙන් හැලුනා කෝස් වර්ක් එකක් ගහන්න තියෙයි කියලා,ඔන්න ඉතින් අපි දෙන්නා නොසැලි වැඩේ කරගෙන යනවා.අන්තිම බාගේ මැද හරිය යද්දි මගේ කන සක්කුවෙ.ආයි සුපිරි බඩු.පොඩිපහෙ කබර පාරකුත් දාගෙන මම එහෙම්ම පහල බොඩිම් නිදා ගත්තා,වලහා අර කොටෙත් ඉවර කරලා,අපේ බෝඩිමට ගියා,උදේ නැගිටිද්දි ඔලුව නිකන් කම්මල වගේ ,කට කකුස්සිය වගේ,නගිටලා මමත් හිමිට බොඩිම පැත්තට ඈදුනා පොඩි පහේ නෝන්ඩියකුත් තියනවා.මෝකෝ ලිමිට් බලන්න නේ බිවේ,මම් දන්නවා අනි වාර්යෙන් වලහා මාව සුපිරි බයිට් කිරිල්ලක් කරනවා කියලා,
ඔන්න ඉතින් මම බොඩිමට ගියා අප්පට බොල වලහා මෙ ගිනි පාන්දර නැගිටලා කාඹරේ හෝ ගාලා හොදනවා,
මු කියපි මට” මටත් ගියා ඔයි” මු මම දකිවි කියලා පාන්දර නැගිටලා කාඹරේ හොදනවා.එදා මෙදා තුර අපි දෙන්නා තාම සැට් වෙනවා හැබයි ලිමිට් බලන්නනම් බොන්න ගියේ නැ.

2 comments:

  1. හික්....හික්....ලිමිට්..මටනම් ඔය මධ්‍යසාරය හරියන්නෙම නෑ බං.එපා වෙන්නෙ කබරය දැමිල්ලෙදි තමා.මලනම් දෙයියා.අතුරු ආබාධ මුකුත් නෑ.

    ඒ දවස් වල බඩු කෑල්ලක් එක්ක ‍ෆිල්ම් එකක් එහෙම බලන්න යනකොටත් පාරවල් හත අටක් ඇදගෙන තමා යන්නෙ.ආයෙ ආතල් ගැන කියන්න ඕනෙ නෑනෙ ඉතිං.

    ReplyDelete
  2. තම සීමාව නිර්ණය කරගෙනම set‍ වෙන එක කෝකටත් හොදයි.

    ReplyDelete