Friday, February 18, 2011

තනමල්විල ආතල්......හෆොයි..........2


අම්පාර ගමනේ හොදම ආතල් කොටහ තමයි තමයි දැන් කියන්න යන්නේ.තනමල්විලින් පිටත්වුනු විදිය මම ඉස්සෙල්ලා පොස්ට් එකෙන් කිවනේ.ඔන්න බලපු නති අය මෙතනින් ගොහින් බලන්නකෝ.ඔන්න ඉතින් අපි එනවා හිනියට සින්දුවකුත් අහගෙන ටික වෙලාවක් යද්දි මටනම් නින්ද ගියා,රත්නෙයි ,ලාල්යුයි ගියේ කැබ් එකේ පස්සේ සිට් එකේ.
හොදම කතාව මට කිවේ ශාන්ත පහුවෙනිදා උදේ,මොකද ඌ තමයිනේ හොදසිහියෙන් හිටපු එකා,මටත් මතකයි අම්පාර ගමනේදි වාහනේ විදලා ආවේ.ඔය පාරේ තැනින් තැන පාර ටිකක් ඉස්සිලා තිබුනලු.ඔයතන්වලින් යද්දි වාහනේ ටිකක් විතර උඩ විසිවෙනවා.මම නිදි නිසා මේ සිඉන් එක මට මතක නැ.
ටික වෙලාවක් ඔහොම එනකොට අපේ ලාල් කොලුවා එක තක් ඔලුවට තියන් අනික් අත නිකටට තියන් බොහොම ඔනැකමින් පාර දිහා බලන් ඉන්නවලු,ශාන්ත මෙ පිස්සු කේස් එක දැකලා මොකද කියල අහලා ඔහොම ඉන්නේ.ලාල්ගෙන් සද්දයක් නැතිලු,මු දෙවනි පාරටත් අහලා මොකද බන් ඔය කියලා,(ශාන්තයත් බය වෙලා මු ගන්ජා ගහල පිස්සු වත් හැදිලද කියලා)ටික වේලාවක් ඉදල මු කියන්වාලු  මාරම කතාවක්.
මු ඉදල තියෙන්නේ කන පාත්වෙන්න වැදිලා ආයි ඈඩ්ඩ්‍රසත් නැති වෙන්නම කුජීත වේලා,මු වාහනේට නැගල ටික වෙලාවක් යද්දි මුට මුගේ යටි හක්ක පට්ට බරයි වගේ දැනුනලු.ඉටපස්සේ දබක් ගාලා නිකම්ම කට ඈරෙනවලු,ඉටපස්සේ හෙන ගේමක් දිලා කට වහගන්නවලු.මේ සයිකල් එක දෙතුන් පාරක් වුනාලු මුගේ යටි හක්ක එන්න එන්නම බර වැඩි වෙනවාලු.බැරිම තැන තමයි නිකට යටින් අත තියන් ඉදලා තියෙන්නේ.
මෙහෙම ටික දුරක් යනකොට මුට තව කේස් එකක් ෆයිල් වෙලා.මම කිවනේ මුලින් ගියපු පාර ගැන.මුත් අවකාශබුතවෙලානේ හිටියේ.අර වාවහනේ උඩයන අවස්තාවල මුගේ ඔලුව වාහනේ ව්හලේ වදින්න ඔන්න මෙන්න උඩයනවා වගේ මුට දැනිලා.මේ සින් එකට බය වෙලා තමයි අනිත් අත ඔලුවට තියාගෙන ඉදලා තියෙන්නේ.මිනිහා ඈත්තටම හම්බානේක බය වේලා ඉදලා තියේන්නේ.
හැබයි පහුවෙනිදා කොල්ලා අපට ඔය වෙලාවේ කල්පනා කරපුව කියන්න ගත්තා,මිනිහට මාර ගැටලුවක් ඈවිත්
“පොලව මතදි එක වස්තුවකට ගුරුත්වකර්ශනය දෙවිදියකට බලපානේ කොහොමද කියලා”ඔය කාතාවෙන් පස්සෙ හෆොයි………ලාල්ට වුනු දෙයක්……මුට එවෙලෙ කොච්චර වැදිලා හිටියද කියලා හිතාගන්න පුලුවන් නේද්…..

15 comments:

  1. හැමදේමකට වැඩිය බේබදු කමයි තවත් බේබද්දෙකුගේ දිරිමත් කරවීමයි තව තවත් ඔබව දිරිමත් කර ඇත. ඔබගේ දුවා දරුවන්ද කසිප්පු ගහන ගංජා ගහන බඩු ගහන එමෙන නැත්නම් දුවෙක් නම් ඒවත් එක්කම වේ කමේ යන කෙනෙකු වෙලා ආතල් පෝස්ට් දැම්මොත් ඔබ කැමති ඇතැයි සිතමි.

    ඔබගේ සිත සමග කල සටනින් පසුව "ඇයි මම එක එකා කියන පලියට හැරෙන්නේ.... මට ඕනේ දේයි මම කරන්නේ කියා" සිතා ජයග්‍රහණය කර ඇත. ජාතිය සංස්කෟතිය අම්මා අප්පා ආගම දහම අනාගත දුවා දරුවන්ට ආදර්ශයක් වීම ඔය හැම දේටම වඩා ඔබගේ ගෞරවය බ්ලොග් හිටිස් ඔබට වැදගත් වේ එබැවින් සුභපැතුම්..

    ReplyDelete
  2. මේක ටිකක් දෙපැත්තම කැපෙන කඩුවක් වගේ මාතෘකාවක්.

    ලියන්නාත් සංයමයකින් ලියන්න ඕනෑ. බලන අපිටත් ඒක අදාලයි.

    කියවන අය මෝඩයෝ නං ඉතිං කරන්න දෙයක් නෑ නේද? මත්ද්‍රව්‍යවලට යොමුවෙන්නේ යාළුවෝ ආශ්‍රය නිසා මිස බ්ලොග්, පොත් බලලා නෙමේ. හැබැයි ඒ ඉස්සර. සයිබර් යුගයේ තත්වය වෙන්නත් ඉඩ තියෙනවා.

    REMOVE word verification, please!

    ReplyDelete
  3. ඔයාගෙ බ්ලොග් එකේ ලිපිගැන පසුගිය දිනවල පලවූ විස්තර සියල්ල මා දුටුවා.කියවූවා.එවැනි තැන්වල කොමෙන්ටු දමන්න ගියේ නැත්තේ ඒක මෝඩ වැඩක් කියල හිතුණු නිසා.ඔය මත්ද්‍රව්‍ය ගැනීම් ගැන මතක විස්තර ලියනවට වඩා අත්දැකීම් ගැන කොපමණ වටිනා දේවල් ලියන්න පුළුවන්ද? ඔයාගෙ බ්ලොග් එකේ මුල් ලිපි ටික ඔයා කොච්චර ගාම්භීර විදියට ලියල තියෙනවද?අක්‍ෂර වින්‍යාස(මේකනම් ඉතින් ඔයාගෙ වරදක් නෙවෙයි) ව්‍යාකරණ වල යම් යම් දෝෂ ඇතත් ඔයා ලියන ශෛලියේ අමුතු ගතියක් තියෙනවා. අර කඩියන ඇල්ල,කන්නෙලිය රක්‍ෂිතය විස්තරය එතකොට ඔයාගෙ අර නැවක වැඩට යන්න තිබිච්ච ආසාව ගැන ලියල තිබුණු විස්තරය වගේ දේවල් හරි ආසාවෙන් කියවන්න පුළුවන්.දැන් මේක දැකල කවුරු හරි කියන්න පුළුවන් "අනේ උබ බණ කියන්නැතිව හිටපන් එයාට ඕන විදියට එයා ලියාවි,කාටවත් ඕන විදියටද බ්ලොග් ලියන්න ඕන කියලා.".මල්ලි ඔයා බ්ලොග් අවකාශයට නුසුදුසු කෙනෙක් නෙවෙයි.හැබැයි ලියන විදිය නම් ටිකක් වෙනස් කරන්න.මත්ද්‍රව්‍ය ගැනීම් ගැන මතක විස්තර නොලියන තරමට හොදයි.අනික කවුරු කොහොම කිව්වත් ඒ වගේ ලිපි කියවන පාසැල් සිසුන් වැනි අයට වැරදි වැටහීම් ඇති වෙන්න පුළුවන්.(ඒ වගෙ අඩු මානසිකත්වයේ අය බ්ලොග් අවකාශයෙ නැහැයි කියල තර්ක කලාට ඒක ඔප්පු කරන්න පුළුවන්ද?).අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයාගෙ ලිපියක් ගැන විස්තර ලියපු කෙනා කරපු වැඩේ වැරදියි.එයාට තිබුනේ ඒ වගේ ලිපි ලිවීම හොද මදි කියලා ඔයාගෙ බ්ලොග් එකට ඇවිත් කමෙන්ට් කරන්න.ඊට පස්සෙත් ඔයා වෙනස් වුනේ නැත්නම් ඒ වගේ වැඩක් කරන්න.හැබැයි ඉතින් ඔයා ඉස්සරහටත් ඒ විදියට ලියන්න ගියොත් මටත් කියන්න තියෙන්නේ ඒ කරපු ක්‍රමේ තමයි නියම ක්‍රමේ කියල තමයි.හැබැයි ජෝන් බාස්ගෙ ලිපියෙනුත් බ්ලොග් අවකාශයට හොද අවවාදයක් දෙනවා.ඒක තමයි බ්ලොග් අවකාශයේ ඇති සෙට්(කල්ලි) වලින් ඇතිවන අයහපත් බලපෑම.ඔයා ඊට පස්සෙත් එවැනිම(මත් ද්‍රව්‍ය ගැනීමේ ආතල්) ලිපි ලියන එකෙන් පාඩු ඔයාටමයි.දැන් ඔය දෙවන කොටසකුත් ලියල තියෙන්නේ

    ReplyDelete
  4. වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්න.

    ReplyDelete
  5. @ Miss,Mrs or Ms Avani,

    ඔබ මෙම බ්ලොග් කරුවා සමඟ හෝ අදහස් පල කරණ අප සමඟ කිසියම් පුද්ගලික අමනාපයක් ඇති අයෙක්ද?මක් නිසාද යත් මෙය මත් ද්‍රව්‍ය පාවිච්චියක් පිළිබදව ලියවුනු එකම වාරකය නොවන නිසාවෙන් සහ අන් කිසිදු ස්ථානයකදී ඔබගේ අදහසක් පල කර තිබුනු නොදු‍ටු නිසාවෙනි.සිංඩිය තුල පහලට ගමන් කලොත් ඔබ සඳහන් කල පරිදි "බේබදු" කතා විශාල ප්‍රමාණයක් දැක ගැනීමට පිලිවෙන.නමුත් බොහෝ සහෘදයන් පිරිසක් ඒවායෙහි තම අදහස් පලකර තිබෙනු දැක ගත හැක.නමුත් ඔබ මෙන් ලියන්නා හෝ අදහස් ඉදිරිපත් කරන්නන් මෙලෙස පහත් ලෙස හෑල්ලුවට ලක් කිරීමක් සිදු වී නොමැත.බොහෝ විට ඒ සමාජය සම්මත යැයි පිලිගත් පානයන් නිසා විය හැක.බොහෝ විට මෙම බ්ලොග්කරුවාද BMW රථයක ඩිකිය ඇරගෙන හෝ මිතුරන් පිරිසක් සමඟ සුපිරි අවන්හලක "වොඩ්කා" පානය කරමින් "මැල්බරෝ" දුම් වැටියක් උරණ අයුරු ලියූවේ වීනම් ඔබ මෙවැනි අදහසක් පල නොකරණවා සේම බොහෝ දෙනෙකු හුරේ දමනවාද ඒකාන්තය.නමුත් ගමේ "හොර පොට් "එකක "කසිප්පු" වීදුරුවක් හිස් කරනු හෝ නො එසේනම් ත්‍රීවීලරයක "ගංජා" උගුරක රස බලන සටහනක් දු‍ටු විගස සියළු දෙනාම ඊට එරෙහිව ඌ නොමනා තුඡ්ච එකෙකු ලෙස හංවඩු ගසයි.අවාසනාවට මෙය අප ලාංකික සමාජයේ පමණක් නොව ලෝකයේ සෑම තන්හිදීම එය ඒසේමයැ.

    ඔබ සඳහන් කල අනෙක් කරුණ වන "බඩු ගැසීමක්" ගැන මෙහි කිසිදු හෝ ස්ථානයක සඳහන් වී නොමැති නිසා ඒ සම්බන්ධයෙන් කිසිවක් කීමට ඉදිරිපත් නොවෙමි.

    තවද මෙය හුදෙක් වින්දනීයත්වය අරබයා මිස කිසිවකු "ගංජා පානයට" ඇබ්බැහි කරවීමට ලියවුනු සටහනක් නොවන බව මා විශ්වාස කරමි. ලංකාවේ ප්‍රසිද්ධ ගායක කණ්ඩායම් වල ගී පට වලද තවත් නොයෙකුත් මාධ්‍ය වලද මොහුගේ සටහන් වලට සමාන විනෝද කතා ඇතුලත්ය.එසේනම් "මහින්දගේ ආගිය කතා" ලියන මහතාද "සුපර් ෆ්‍රෙන්ඩ්ස්" ගායක කණ්ඩායමද ඔබ ඉහත සඳහන් කල වර්ගයේ අයවලුන්ද?

    අවසාන වශයෙන් ඔබගේ අදහසට ගරු කරමි.නමුත් මේ වින්දනීයත්වය සඳහා පමණක්මයැ.

    මචං මේ ලියන උඹට කියන්නෙ,මීට කලින් එකෙක් දෙමව්පියන් මතක් කරල තියනව දැක්කා.මහත් ආයාසයෙන් ඉවසා දරා සිටියෙමි.ආයෙ ලියනකොට ටිකක් විතර සැර බාල කරල ලියපන්.

    ReplyDelete
  6. වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන ආකරය පොඩ්ඩක් පහෑදිලි කරන්වද,මම උත්සහ කරා නමුත් මට හොයාගන්න බෑරිවුනා....

    ReplyDelete
  7. dinesh > මචෝ උබ මුල ඉදලම මත් එක්ක හිටියා ඉදිරියටත් ඉන්නවා කියලා මම දන්නවා,මම මචන් මතක විදියට දෙමව්පියෝ මතක් කරල නම් පිලිතුරු දුන් නෑ.කොහොමත් මචො අපි නිවිලානේ,
    මට ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ "යතුරු හිලෙන් රින්ගන්නන් අය්යා වදනම් දෙන්න එපා කියලා තමා"අනිවාර්යේන් උබේ අදහස් ගොඩක් අගය කරන්වා

    ReplyDelete
  8. setting -->comments -->show word verification for comments -->select "no"

    ReplyDelete
  9. JHOTHISHALANKA > බොහොම ස්තුති ඔබ තුමාට,ඔන්න එහෙනම් අයින් කරා.......

    ReplyDelete
  10. අනේ මල්ලියේ ඔය "ඔබතුමා" කෑල්ල දාල මාව අමතන්න එපා.අද ඉදල මමත් ඔයාගෙ යාළු සහෝදරයෙක්

    ReplyDelete
  11. මම කමෙන්ට් එකක් විදිහට නැතුව ලිපිය වෙනම ලිව්වේ මේ බ්ලොග් එකේ විතරක් නෙවි තවත් ඒවයේ මෙවැනි දෑ දුටුව නිසාත් කමෙන්ට් එකක් බ්ලොග් එක ලියන කෙනාට පහසුවෙන් මකා දැමීමට හැකි නිසාත්ය. මොහු ක්‍රියා කර ඇති ආකාරය දෙස බලන විට පෙනෙන්නෙ මම කල දේ හරි කියාය. මන්ද යත් ඔහු මැකූ ලිපියද නැවත පළ කර ඇති නිසා මම කමෙන්ටුවක් යොමු කලා නම් එය මැකීමට ඇති සම්භාවිතාව වැඩි බව පෙනේ.

    කෙසේ වුවද මම කලේ කාරුණික ඉල්ලීමක් බව එය කියවුවෙකුට වැටහිය යුතුය. එසේ නැතිව වෛරයෙන් ක්‍රෝධයෙන් ලියූවක් නොවෙයි එය.

    ReplyDelete
  12. කුම්භකර්ණයා > මම ඔය පොස්ට් එක මුලින් මෑකුවා එත් ඔබම අබේ බ්ලොග් එකේ ඔබ අතිමට දමා ඇති කොමේන්ට් එක බලන්න.ඉතින් තවදුරටත් එය ඉවත් කර තෑබිම අනවශ්යයි.කේසේ වෙතත් මින් ඉදිරියට කිසිම ලිපියක් කිසිම හෙතුවක් නිසා ඉවත් නොවන බව සලකන්න.ඉදිරියටත් මෙම බ්ලොගය ලියවෙන්නේ,මා ඇසු පිරු තෑන් හා මාගේ අද්දෑකීම්ය.

    ReplyDelete
  13. ayya mama ada tama mae blog eka pathe awe patta blog eka

    ReplyDelete
  14. මෝල්ඩර් ෆයිල්ස්> තෑන්කු මල්ලි...උබ ඔහොම කීවට මම හම්බානෙක බෑනුම් අහල ඉන්නේ.පෙනවනේ.මම මේ බලොග් එක නිසා පට්ට අපරාදයක් ලු කරන්නේ.ලමාපරපුර නතිබන්ගස්තාන කරන්වලු,.......මන්දා...ඉතින්.....මම ඉතින්...ඔය වලි වලට නෑ නොවෑ....

    ReplyDelete
  15. මල්ලි මිනිස්සුන්ට ආචාර ධර්ම කියල ජාතියක් තියනව. අපේ ජනමාධ්‍ය කාරයෝ මස් කැලි විසිරිච්ච ප්‍රේමදාස ජනාධිපති ගේත් ජෙරාඩ්ගේත් සිරුරු පෙන්නුවාට. ඇමැරිකාවේ වෙච්ච 9/11 ප්‍රහාරයේ මිනිවල ලේ අපිට පෙන්නුවේ නැ. බොලොග් කියන්නේ පාසල් ලමයි ගොඩක් කියවන එකක්. ඔයා ලියනවට වඩා ආතල් අපි අරගෙන තියන විවිධ ක්‍රම වලට හැබැයි අපිත් එක්ක හිටපු ගොඩක් අය නාස්තිවුනා තාම වුන් වලේ අපිට ආය ගොඩදාන්න බැ. ඒ අපි ප්‍රචාරය නොදී රහසෙන් කරලා. මේව ලියනකොට හිට්ස් වැඩිවෙනව ඒතකොට තව එක්කෙනෙක් ලියන්න ගනියි කොහොමද ජෙල් මත්වෙන්න ගන්නේ, ඩිස්ප්‍රින් වලින් කුඩු හදන්නේ,බැටරි කුරෙන් කුඩු හදන්නේ, ගංජා වෙනුවට තියනව කැලැකොල ඔනි තරම නම කිව්වොත් දන්නේ නැති අය දැන ගන්නව , දන්නවද ඇපල් ගෙඩි දහයකින් මිනිහෙක් මරන්න පුලුවන් විෂ හදන්න පුලුවන්. මේ දැනුම හැමොටම දෙන්න යන්න එපා. තමාගේ බොලොග් එකේ ඔනිදෙයක් ලියන්න පුලුවන් නිසා හෙට තවකෙනෙක් දායි බස් වල ජැක් ආතල් ගත්තේ මෙහෙමයි කියල

    ReplyDelete