Friday, June 17, 2011

පොලීසියට අපි බය විය යුතුද????

ඇත්තටම අපි පොලීසියට බය වෙන්නෙ ඔනද,නිති ගරුක මිනිසුන් පොලීසියට බය විය යුතුද??? 
මම නම් හිතන්නේ නෑ..නමුත් දෑන් තියන තත්වය අනුව නම් අනිවා බය වෙන්න ඔන්න,ඇත්තටම මේ වගේ ත්තවයට පොලීසිය පෑමිනියේ අපිම මිනිසුන්ගේ වෑරෑද්දෙන් කියලා මටනම් හිතෙන්නේ,අපි මේ කරුනු පිලිවලින් අරන් බලමු,
දෑනට පොලීසියේ සේවය කරන SI රෑන්ක් එකට අඩු අය ඉතාම අඩු අදයාපනයක් ඇති අය,ඉතින් ඔය දාගත්තු යුනිෆෝම් එකත් එක්ක ලෑබුනු බලය අනිසි ලෙස බාවිතා කිරීම ස්බාවිකයි,කාලයක් තිස්සේ පෑවතින හදිසි නීතිය නිසා තව තවත් මේ අය බලයෙන් සාන්ද්‍රනයවිය,දෑනුමේන් අදබාල වු බලයෙන් හිස උදුම්මා ගත් මේ අයට T56 වෑනි ආයුද දීමෙන් මෙය ත්තවත් බරපතල විය.

මා කලින් දමන ලද ලිපියේ කතා කරන්න උත්සහ කරේ ඇත්තටම පෑහෑදිලි නෑති නීතියක් ගෑනයි,තවදුරටත් කියනව නම් වේගයේන් පදවන වාහන නෑවෑත්වීමට යොදාගන්නා ක්‍රමයද එතරම් සාර්තක නෑත,මෙවන් පෑහෑදිලි නෑති නීති ගෙන ඒමෙන නීති ගරුක සාමානය සිවිල් ජනයා පෝලීසියේ අතවරයට ලක් වීමේ සම්භාවිතාව වෑඩිකරයි.

හයි ස්පීඩ් අල්ලන ක්‍රමයේ තියන වෑරෑදි කෙටියෙන් සදහන් කරොත්
 
1.පෙර වාහනය ලබා ගන්නා ලද වේග සටහන වෙන වාහනයකට පෙන්වා දඩ ගෑසීමට ඇති හෑකියාව.

2.වේගමානය පොලිසිය පාවිච්චි කරන ක්‍රමයේ ඇති වෑරෑද්ද,වේගමානය වාහනයට එල්ල කරද්දි අත ඉදිරියට ගෙන එන වේගයද යන්ත්‍රය තුල සටහන් වන වේගයට බලපෑම,නිවරදි ක්‍රමය නම් ට්‍රයි පොඩ් එකක ස්තාවරව යන්‍රය සවිකර ඉන් පසු මෙම වෙග සටහන් ලබා ගනීම,ඇත්තටම මේවගේ නීති නිසා පොලීසියෙන් සමානය ජනයාට විදින්න වන අතවරනම් එමටයි.

අනික් ප්‍රදානම කරනාව මිනිස්සු පොලීසියට බයවෙන්න අපි නීතිය ගෑන තියන අඩු දෑනුම,ඉතින් මිනිස්සු පොලීසියත් එක්ක කතා කරන්න බයයි,හදීසියෙවත් එහෙම කතා කරොත් උඹේ කට වැඩී කියල කුදලන් ගිහින් නෙලනවා,නමුත් හරියට ලෝපොයින්ට් දාලා කතා කරා නම් බොහෝ විට වෑඩේ දුර දිග ඇදෙන එක නවතිනවා.

අපේ කට වෑඩිද නෑද්ද යන්න තීරනය කිරීමට පොලීසියට ඇති අයිතිය කුමක්ද කියලත් ප්‍රශ්නයක් තියන්වා,පොලීසියේ ඇත්තම ජොබ් එක වන්නේ සාමාන්ය නීති ගරුක ජනයා ගේ ශරීරයේ අඩු වෑඩි තෑන් බෑලීම නොමෙයි,සාමානය නීතිගරුක සිවිල් ජනයාට ආරක්ශාව සෑපයීමයි,නමුත් බහුතරයක් පොලිස් නිලදරයන් ගෙන් ඇත්තටම ඔවුන්ගේ රාජකාරිය ඉටුවනවාද කියා ප්‍රශ්නයක් නම් තියන්වා.මොකද ඔවුන්ට පඩි ගෙවන්නෙත් අපේ බදු මුදල් වලින්  නිසා....

19 comments:

  1. සහෝදරයා ආරම්භයක් ලබා දීලා තියෙනවා...කීපදෙනෙක් ඉන්නවනම් සෙට් වෙලා බ්ලොග් එකක් හදන්න ඇති වෙන්න තොරතුරැ මං ලඟ තියෙනවා... අපිට පුළුවන් නම් සමාජය මේවා සම්බන්ධයෙන් දැනුවත් කරන්න... මේ ප්‍රශ්ණ ගොඩක් දුරට අඩුකරගන්න පුළුවන්..

    ReplyDelete
  2. පොලිසියෙ/හමුදාවෙ අයට තුවක්කු අතේ තියන් පාරවල් අයිනෙ ඉන්න දෙන එකත් වැරදියි කියලා තමයි මට හිතෙන්නෙ. තුවක්කු තියෙන්නෙ වෙඩිතියන්න විතරයි. එතකොට පාර අයිනට වෙලා තුවක්කුවක් අතේ තියන් ඉන්නෙ කාට හරි වෙඩි තියන අරමුණින් නෙ.

    ReplyDelete
  3. මම නම් හිතන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ පවතින අවිධිමත් භාවය තමයි.. අපේ රටේ පවතින දුර්වල පැවැත්මට හේතුවෙලා තියෙන්නේ කියලා.මේ ක්‍රමයේ වෙනසක් දකින්නට නම් 1 පන්තියේ ඉදලම අධ්‍යාපන රටාව ප්‍රායෝගිකව වෙනස් විය යුතුයි. හොද මානසික හැදියාකින් යුත් දරු පරපුරක් සමගයි අපට රටේ හොද වෙනසක් සිදු කරන්න හැකි වන්නේ.

    ReplyDelete
  4. බස්සා - අනිවාර්යෙන් අපි ඉදිරියේදි එවන් දෙයක් අරඹමු.....

    radicaladahas - ඔය තුවක්කු නම් පොලීසියට දුන්නේ හදිසිනීතිය යටතේ නමුත් ත්‍රස්තවාදීන්ට වඩා පොලීසියේ තුවක්කුවෙන් දුක් වින්දේ සාමාන්ය මිනිස්සු,සාමාන්ය නිතිය අනුව පොලිසියට දෑන්නේ බෑටන් පොල්ල විතරයි,මොකද සිවිල් ජනතාවට ආරක්ශාව සපයන්න ඔය බෑටන් පොල්ල වෑඩ්ත් එකක්..

    - නිල් අහස - පෑහෑදිලිවම අදයාපන ක්‍රමයේ නම් පෑහදිලි වෙනසක් අවශයි,මොකද සිවිල් නීතිය අනිවාර්යෙන්ම සෑම කෙනෙක්ම දෑන සිටිය යුතු දෙයක්,ඒවාගෑම ඔබ කීවා වාගේ ලමයින්ගේ ආකාල්ප වල විශාල වෙනසක් සිදුවිය යුතුව ඈත..

    ReplyDelete
  5. most policemans are educated people.but they cant there duty because the politicions

    ReplyDelete
  6. අපූරුවාJune 17, 2011 at 10:51 PM

    //දෑනට පොලීසියේ සේවය කරන SI රෑන්ක් එකට අඩු අය ඉතාම අඩු අදයාපනයක් ඇති අය,ඉතින් ඔය දාගත්තු යුනිෆෝම් එකත් එක්ක ලෑබුනු බලය අනිසි ලෙස බාවිතා කිරීම ස්බාවිකයි,කාලයක් තිස්සේ පෑවතින හදිසි නීතිය නිසා තව තවත් මේ අය බලයෙන් සාන්ද්‍රනයවිය,දෑනුමේන් අදබාල වු බලයෙන් හිස උදුම්මා ගත් මේ අයට T56 වෑනි ආයුද දීමෙන් මෙය ත්තවත් බරපතල විය.//

    මේ කතාව හමුදාව (විශේෂයෙන්ම යුධ හමුදාව, අනික් දෙකත් මෙච්චරම නරක නොවුනාට දෙවනි නෑ) අරභයා කියනවා නම් මේජර් ජෙනරාල් ලා පවා හිතන්නේ පොලිසියේ රාළහාමිලා හිතන තාලෙටමයි. ඒ ඔවුන් නූගත් නිසා ම නොවෙයි. ඔවුන්ට පහල නිලවල අය දක්වන අප්‍රමාණ භය පක්ෂපාත කම නිසා. ඔවුන්ට හමුදාවට බැඳීමෙන් පසුව ලැබෙන යුධ ශිල්ප හා කළමනාකරණ දැනුම හැර වෙනත් ශාස්ත්‍රාලීය දැනුමෙනුත් අඩු නිසා වෙන්න ඇති ඒ. එහෙම බලද්දි ඔබ කියන SI රෑන්ක් එකට අඩු පොලිස් කාරයන්ගේ වැඩ ටිකක් හෙඳයි (සාපේක්ෂව) මොකද අන්ට තියනවානේ සිවිල් නීතිය ක්‍රියාත්මක කරන්න යම් හරි බලයක්..

    මම මේක දැම්මේ පොලීසියේ උන් හොඳයි කියන්නට නම් නෙවෙයි. යුධ්දයක් තිබුනු නිසා අ‍පේ සමාජය ගරු කරන අනෙකුත් නිලඇඳුම් කාරයන්ගේ සැබෑ තත්වය කියන්න.

    ReplyDelete
  7. Ano1- සිංහලෙන් දෑම්මනම් තමා වටින්නේ නමුත් ඔබ ඔය ඉදිරිපත් කරන තර්කයට මම එක් පසකින් එකග වන අතර එක පසකින් විරුද්දය,දේශපාලන අතදෑමීම් කියන දේ තුල මම ඔබත් සමග එකගයි නමුත් අනික් කාරනාව තුල නම් මට ඔබ සමග එකග විය නොහෑක.

    අපූරුවා - ඔබ දීරග විස්තරයක් කරලා තියන්වා,නමුත් මෙතන තියන ප්‍රශ්නය හමුදාව සිවිල් ජනයා සමග වෑඩි ගෑටීමක් නෑ,(නමුත් හදිසි නීතිය නිසා එය දෑනට මෙහි වෙනස්) නමුත් ඇත්ත තත්වය ලංකාව තුල පොලීසිය ගෑන සිවිල් ජනයාට ඇත්තටම පිලිකුලක් තියෙන්නේ,නමුත් හමුදාව සමග ඊට වඩා සුහද බෑදීමක් තියන්වා,ඔබ දෑන් කියයි පොලීසිය නිතරම සිවිල් ජනයා සමග ගෑටෙන නිසා මේ දේ වුනාය කියලා නමුත් ඊට වදා දෑයක් මෙතන තියව්නා අඩුම ගානෙ මිනිහෙකුට හරියට කතා කරන්න බහුතරයක් පොලිස් නිලදාරින් දන් නැ,ඉතින් සිවිල් ජනතාව සමග කොහොම සමිප සම්බන්දයක් ඈති කරගන්නද

    ReplyDelete
  8. එක අතකට ඉතාලි කාරයෝ පාරවල් වල පොලිසියත් එක්ක රන්ඩු වෙනවා දැක්කම හිතෙනවා හොද වෙලාවට මේ ලංකාව නොවුනේ කියලා.. නැත්නම් ඒ මිනිහා හොයාගන්නවත් බැරි වෙනවා ඊට පස්සේ..

    ReplyDelete
  9. "නමුත් හරියට ලෝපොයින්ට් දාලා කතා කරා නම් බොහෝ විට වෑඩේ දුර දිග ඇදෙන එක නවතිනවා"
    සිරා කතාව හැබැයි පොඩි අවුලකට තියෙන්නේ ලංකාවෙ බහුතරයකට නීතිය (මම කිව්වේ ලෝපොයින්ට්ස් ගැන)ඒ හැටි දැනුමක් නොතිබීම හා අයියා කිව්ව විදිහට පොලීසියත් එක්ක කියවන්න යාමට ඇති බය තමා... ඔය අතරේ නීතිය රිකින නිලදාරීනුත් නැතුවම නෙවෙයි... ඒත් එකෙක් දෙන්නෙක්ගෙ හොද වැඩ නිසා බහුතරයක් පොලීසියේ කියන නමේ හදපු කලු පැල්ලම් මැකෙන්නෙ නෑ නෙ..

    ReplyDelete
  10. පොලීසියත් නීතිය නොදන්නකොට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද?

    ReplyDelete
  11. දණ්ඩ නීති සංග්‍රහය පාඩම් කලා නම් හරි :P

    ReplyDelete
  12. වැදගත් මාතෘකාවක් ඕවට උත්තර දෙන්න නම් ලංකාවේ සාමාන්‍ය ජනතාව එකා වගේ ඉන්න ඕන, එතකොට පොලිසියට ඕන ඕන විදියට නටන්න බැහැ .........

    බය වෙලා හිටියොත් හැමදාම බයේ තමයි ......

    ReplyDelete
  13. @බස්සා,
    කරනවා නම් එල වැඩේ .......

    ReplyDelete
  14. මිනිස්සුන්ට නිතිය ගැන දැනුමක් නැති එක නම් එත්ත තමයි.
    වෙලාවකට හිතෙනවා මිනිස්සු ඕනවට වඩා දන්නවා කියල. මොකද අපේ ගෙවල් ගව ඉස්කෝලේ ටීචර් කෙනෙක් ළමයෙකුට ගැහුවා කියල පොලිසියේ Entry එකකුත් දාලා, ළමා අයිතිවාසිකම් උල්ලංඝනය උනා කියල මොකද්ද කොමිසමකට පැමිණිලි කරලලු. LOL

    ReplyDelete
  15. මම නම් ඕන් ඕවට බය නෑ...........!!!

    ReplyDelete
  16. මේකේ තියන "ඔබේ දැනුමට අපෙන් අත්වැලක්" කියන එක හැමෝම කියවන්න...
    http://www.dinamina.lk/epaper/?id=08&tday=2011/06/10

    ReplyDelete
  17. කතා කරලා වැඩක් නැහැ මචෝ... ඔය රෑට පොලිසිය ඩියුටි හිටියොත් ඉන්නේ ජොබ නිසා නෙමෙයි පොඩි පෝගා පාරක් ගහලා පොකට් එක ලොකු කොරගන්න තමයි.....

    ReplyDelete
  18. @ බස්සා... වැඩේ න්සස්ම් නියමයි... වැඩක් පටන්ගන්නවනම් මාත් කැමතියි සපෝට් එක දෙන්න... රාජකාරිය අකුරටම කරන අය ඉන්නෙ බොහොම සුලු ප්‍රමාණයයි.. අනිත් පොලිස් කාරයො ඔක්කොම බලන්නෙ තමන්ගෙ බලේ පෙන්නන්න... මොලේ නැති එවුන්ට බලේ ලැබුනාම ඔහොම තමයි..

    ReplyDelete
  19. ඒයි කොහෙද උඹ මොකෑ සද්දයක් නැත්තේ...???

    ReplyDelete