Thursday, April 14, 2011

බාර් වෑසිමට මගේ දෑඩි විරෝදය................

ඔන්න කිරිබත් හෙම කාලා අලුත් අවුරුද්දේ වෑඩ අල්ලන්න කියලා බ්ලොග් එක පෑත්තේ අවා.අනික් විශේශත්වය මගේ මේ 50 වෙනි පොස්ට් එක එක දිගට වඩක් කොරාමද මන්දා හිතාගන්නත් අමරුයි මෙච්චර දුරක් අවා කීවාම.මේ බ්ලොග් එක නිසා මට ගොඩක් අමුතුම ආකාරයේ අද්දෑකීම්වලට මුහුන දෙන්න පුලුවන් වුනා මුලින්ම මම ගන්ජාකාරායා කියල අති දෑවෑන්ත කාඩ් එකක් වෑදුනා ඒ කත් එක්කම මට අලුත් යාලුවො ගොඩක් ලබුනා, හෑමදේකින්ම මට අන්තිමට ලෑබුනු වටිනම දෙය තමයි ඒක.

හරි එහෙනම් මාතෘකාවට බහිමු ,අලුත් අවුරුද්දේ ඔන්න මම මුල්ම බේබද්දා වෙන්න යන්නේ.මේකයි කාරනය අවුරුද්ද,නත්තල්,ජනවාරි පලවෙනිදා, වගේ විශේශයි කියන දින වලට බාර් වහන එකට මම නම් සම්පුර්න විරුද්දයි මොකද එක මහ තේරුමක් නති බොරු වෑඩක් කියලා තමයි මටනම් හිතේන්නේ.මොකද බොන මිනිහා(මම වගේ අය) කලින් තමන්ට අවශය ප්‍රමානයට බෝතල් අරන් තියා ගන්නවා ඉතින් බාර් වෑහුවා කියලා බොන එක නවත්තන්න නම් බෑ ඔන්න.
අනික් හේතුව තමයි හොර පොට් වලින් බෝතල් ඔන පදමට ගන්නතියන්වා.මට ඊයේ වුනෙත්, අද තව ටිකකින් වෙන්නෙත් මෙක තමයි මොකද බොතලයක් ගහන්න සෙට් වුනාම ඔක 2ක,3න, 4,........n දක්වා යනවා.ඉතින් කලින් ගත්තු බොතල් ඉවරවුනාම මොකද වෙන්නේ කෙලින්ම වෑඩි මිලට බෝතල් ගෙනවා.ගොඩක් වෙලාවට ඔය තෑන් වල අරක්කු නියම ප්‍රමිතියට නෑ මොකද කියලනම් මම දන් නෑ(වතුර කලම් කොරනවාද දන් නෑ).කොහොම හරි ඔය විදියට වැඩිපුර දිලා ගන්න බොතලෙන් රජයට කිසිම වාසියක්  වෙන්නේත් නෑ.බොන එක අඩු කොරන්න කියලා අන්ඩුවෙන් බාර් වෑහුවට මොකද වෙනදට වඩා අපි බීලා,ඒකෙන් ආන්ඩුවට ලාබෙකුත් නෑ,පාරිබොගිකයට ලාබෙකුත් නෑ ඒත් හොර අරක්කු විකුනන අතර මෑදියටනම් ජයටම අවුරුදු.ඔන්න ඔකයි ලංකාවේ වෙන්නේ.ඉතින් මමනම් හිතන්නේ බාර් ඇරලා තිබුනොත් මොකද වෙන්නේ තමන් බොන ප්‍රමානය සදාරන මිලට බොන්න පුලුවන් වගේම මුදලට සරිලන තත්වයක හොද සෙවාවකුත් පාරිබොගිකයාට සෑපයෙනවා.

අනේ මන්දා ඔන්න ඔහොමතමයි මටනම් හිතෙන්නේ.මගේ ජීවිතේ ගොඩක්ම අමාරු කාලයක් ඒ වගේම තිරනාත්මක කාලයක් මේ ගෙවිගෙන යන්නේ පහුගිය කාලේ ජීවත් වුනා කියලා හිතනකොටත් පිස්සු වගේ.......හරි ඔන්න මම එහෙනම් ගියා ......ජය වේවා......

17 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කතාවට සම්පූර්න එකඟයි.. ආගමික නිවාඩුවකදිනන් කමක් නෑ කියමු..
    අපිට ඊයෙ ඔය වැඩේ උනා.. අන්තිමට බ්යර් එකක් ගත්තෙ 350 ගානෙ :(
    ඕව ලොක්කොන්ගෙ නමට ලකුනු දාගන්න කරන සෝබන වැඩ.. උන්ගෙ ගෙවල් වල බාර් තියෙන්නෙ සාලෙ.. රට බීම ජාති පුරෝගෙන

    ReplyDelete
  3. කලින්ම ගෙනල්ලා තියාගන්න එපැයි ....මටත් සල්ලි ප්‍රශ්නයක් නිසා මෙදාපාර අවුරුද්දට ගමේ බඩු වලින් සැනසෙන්න උනා ..රට බීම මට නැත !

    ReplyDelete
  4. කල් තියා ලෑස්ති උනානම් ඕක වෙන්නේ නෑනෙ....

    ReplyDelete
  5. ලොල්ය.. ගිය පාර ශොට් එක දාගෙන උන්චිල්ලාවක් බැදල මම ම එකින් ඇදගෙන වැටුනු නිසා ගිය පාර අවුරුදු කවෙ බැන්ඩේජ් පුරෝගෙන. ඒක නිසා මේ අවුරුද්දෙ ගෙදරින් එලියට බහින්න දුන්නෙ නෑ. :/ කරිම කේද නීයයි.
    ඒත් මට නැතත් අනික් උන් පන් එක අරන් නොවැ. . එල එල මචෝ.. මේවා ඉතින් මහ උන්ට තේරෙන්නෙ නෑ.. උන් ගන්නෙ ඩිවුටි ප්‍රී එකෙන් නෙ. ඉතින් මචෝ බාර් ගානෙ රස්තියාදු නොවී නරකද දේශීය දෑ අගේ කොරොත්..?? දුප්පතාගෙ හිතවතා සුදු වතුර පට්ටනෙ..

    ReplyDelete
  6. @ සදමාල්- 13,14 දේකේදිම ඔය වෑඩේ වුනා මොනවා කොරන්නද අපි ඉන්නේ ලංකාවේනේ අපේ චන්දවලින් අලොකු තෑන් වලට යන උන් අපේ සල්ලි වලින්ම වෑජබේනවා.

    @හිස් අහස- මම ගාව 2 කලින් ගෙනත් තියා ගත්තා පිලිවලට දවස් දෙකට 1ක ගානේ මේ පාර වුනේ ගෝස්තිය වෑඩිවුනා ඒකියන්නේ යාලුවෝ ප්‍රමානය.උන් ගේනාපු එවත් තිබුනා කොහොමින් කොහොමින් හරි අන්තිමට බඩු මදි වුනා,දුක තමයි ඉට පස්සි ඉතින් බ්ලෑක් මර්කට් තමයි.

    @දිනේශ්- ඔව් මචන් මේකනේ කලින් බොතල් කීපයක් අරන් තියනවා කියන්නේත් පොකෑට් එකට දරුනුවට දෑනේන වෑඩක් නේ බන්.අනේ මන්දා වෙලාවකට කල්පනා වෙනවා බොන්න තියන උනන්දුව පඩම් කොරන්න තිබුනනම් කියලා....හිකිස්ස්ස්

    @සුලෑගිල්ල-මම කියෙව්වා උබට ගියපාර අවෘද්දට වුනු සන්තෑසිය හිකිස්.....යකෝ උඹ හොද මාතෘකාවක් දෑම්මා දේශියත්තවය ගෑන, අපි වෙනුවෙන් ගුනේ,එහෙමත් නෑත්තන් වෙල් බියර් නොයෙකුත් නම් වලින් කියන ගමේ දුප්පතාගේ ශොපින් බෑගෙකේ හිතවතා.ඔක ගෑන වෙනව පොස්ට් එකක් දන්න හිතුනා බන්.මොකෝ අපේ එකෙක් කරපු අලුගුත්තේරු වෑඩක් මතක් වුනා..... :)))

    ReplyDelete
  7. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  8. කරන කරන දේ නිරතුරු සිදු වේවා
    යනෙන යනෙන තැන නිති ජය අත්වේවා
    සිතන පතන හැම හොඳ දේ ඉටු වේවා
    ලැබුවා වූ නව වසරම සුබ වේවා.......!!

    විශේෂයෙන්ම උඹට තොටනම් බොන්න තියා බෝතලයක් අහලකින්වත් දකින්නවත් නොලැබේවා............

    ReplyDelete
  9. @කතන්දර- බොහොම ස්තුතී අයියා.ඔබ තුමාටත් චිරාත් කාලයක් නානාවිදි කතන්දර සමග අපි සමග බොහොම ලෙන්ගතුකමින් එක්වෙන්න ලෑබේවායි මම ප්‍රාර්තනා කරනවා...

    ReplyDelete
  10. @අපරාජිතයා :::: Aparajithaya - බොහොම ස්තුති මචන්.ඒ වගේම මමත් පරාර්තනා කරනවා ඔබ තුමාටත් කිරියෙන් පෑනියෙන් සපිරුනු ඉසුරුමත් නව වසරක්....උඹේ අන්තිම ප්‍රර්තනාව තමයි පොඩි අව්ලකට තියෙන්නේ...හිකිස්ස්ස්ස්ස්ස්ස්....

    ReplyDelete
  11. සම්පූර්න එකඟයි..

    ReplyDelete
  12. ඔව්වා ඇරල තිබ්බනන් අපේ උන් මුලු අවුරුද්දම කකුල් හතරෙන් යයි.. මේකනේ වැඩි ගානට ගන්න ගියාම තුට්‍ටු දෙක ඉවර උනාම කට පිහදාල වැඩේ නවත්තනවනේ.. එහෙම නොවුනනම් බාර් වහන්න වෙන්නෙ බඩු ඉවර වෙලා..

    ReplyDelete
  13. ( මුදලට සරිලන තත්වයක හොද සේවාවකුත් පාරිබොගිකයාට සෑපයෙනවා )

    :p

    ලෙඩ කරන එකද සේවාව....සුදර්ශනට එකගයි

    ReplyDelete
  14. (තරහ වෙන්න එපා මෙහෙම කියනවට) මත්පැන් බීමෙන් මොකක්ද බං ලැබෙන fun එක? අතේ තියෙන තුට්ටු දෙකටත් කෙලවෙලා,හොද සිහියත් නැතිකරගෙන,වලි වලටත් පැටලිල, අන්තිමට සිරෝසීස් හැදිල විදවන්නවෙන එකනේ වෙන්නේ.

    ReplyDelete
  15. meeghaya,Reshan Chathuranga,සුදර්ශන - fun එක කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා,අනික මම මෙතන කතාකරලා තියෙන්නේ 365 දවසෙම බිගෙන චාටර් වෙන ඩයල් ගෑන නෙමේයි.බොන් නෑති කෙනේකුට බොන එක මහා විකාරයක් වගේ පේනවා අති නමුත් බොන මනුස්සයා දකින්නේ එක වෙනස් විදියට බොනවා කියානේ හෙන සිරා වෑඩක් කියලා මම කොතනවත් කියන්නේ නෑ.නමුත් මම මේ ලිපියේ කතා කරේ අපි වියදම් කරන මුදලට සරිලන සාදාරන සේවයක් ලබාගෑනිමට අපි හෑමොටම තියනවා අන්න ඒ ගෑනයි.
    ලංකාව තුල බොන අය සලකියයුතු විශාල බදු මුදලක් රජයට ගෙවනාවා මම කියන්නේ පාරිබොගිකයන් විදියට ඒ අයත් ආරක්ශා වියයුතුයි, ඒ අයටත් සාදාරනයක් තිබිය යුතුයි.

    ReplyDelete
  16. ලොල්ය.. ඉතින් ලියමුකො බන්ස්... වෙන එකෙක් නෙවේ අපෙ පියා කරපු අසික්කිත වැඩකුත් මට තියෙ ලියන්න.. ;) වරදවා හිතන්න එපා... [අපේ පියා මතට තිත.] කොහොම හරි අර කතාව උබත් ලියහන්කෝ.. :D

    ReplyDelete