Saturday, April 21, 2012

ක්‍රිකට් විවිදාකාරය බෝලය ගෝලාකාරය

ක්‍රිකට් යනු ක්‍රීඩාවකි,අපේ එහා ගෙදර අංකලයට අනුව එය නියම සුදුවකි මටනම් හිතෙන්නේ මේකනියම බිස්නස් එකක් කියාය,ක්‍රිකට් ඉස්සර ගෑහුවේ සුද්දෝය,පස්සේ අපේ උන්දෑලත් ඒ ගහන එව්වා බලන් ඉදලා ඒක පුරුදු වුනෝය.දෑන් අපේ උන් සුද්දට වඩා හොදට එක ගහනවෝය,


ක්‍රිකට් විවිදාකාර ක්‍රීඩාවකි,ටෙස්ට්,වන් ඩේ,T20,IPL කියා එක එක ජාති ඇතිය,ලංකාවේ ජාතික කන්ඩායම මේ හතර වරිගයම සෙල්ලන් කරයි,IPL යනු ක්‍රිකට් වල සිරාම කොටහයි,සාමාන්යෙන් හොදම ටික ලමයින්ට වගේ අපේ ක්‍රීඩකයන් ගෙත් හොදම ටික IPL වලටය,
ඒකත් කමක් නෑතිය උනුත් ලංකාවි ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්නත් එපෑයි,මොකො ලංකාවේ ජාතික කන්ඩායමට ගෑහුවාය කියා අහවල් ඉටි ගෙඩියක් ලෑබෙනවයෑ,එහෙමද IPL,සල්ලි ගොඩයි,6ඒවා ගහද්දි අක්කිලා වටේ ඉදන් බනිස් උඩ දානවා අපේ උන්ටත් එකී මෙකී නොකී සෑපය,
ඒ අස්සේ අර්ජුන මහත්තයා ඔය IPL ගෑහිල්ල හොද නෑ කියලා තිබුනා,ඒ පාර අපේ නායක තුමා ඒ කියන්නේ එම්.ජයවර්දන මහත්තයා කියලා තිබුනා අයියා එහෙමා කියන්න එපා මේ විදියට IPL ගහන එකෙන් අලුත් ක්‍රීඩකයෝ ජාතියන්තර තලයට ගේන්න පුලුවනී කිය,ඒ ක කියවු මට නම් හිතුනේ අහවල් එකය IPL ගහන්නේ අපේ ඉන්න ෆුල්ම සිරා ඩයල් ටිකය උන්ගේ තව උස්සන දෙයක් නෑතිය.ජයවර්දන මහත්ත්යා ඕක කීවේ එයලා නවකයෝ කියලා හිතාගෙනද කියා මට සෑකය.මටනම් හිතෙන්නේ අර්ජුන මහත්තයා කී කතාව හරියට හරිය,ඒ අස්සේ මාලිංග කොලුවා IPL ගහන්න ගොහින් ඉන්ජඩ් ය,ආයි ඉතින් මිනිහා සුව වන්නේ ලබන IPL එකටය.

8 comments:

  1. අර්ජුන කියන්නේ කුහකයෙක් , අයිපීල් වලට විරුද්ධව කැගහන්නේ ඒකයි . අයිපීල් නරකම වුනත් විස්සයි විස්ස ගැන අර්ජුනගේ කථාව මැටි මෝල් අදහසක් . අර්ජුන නෙවෙයි මොකා කිව්වත් තව ටික කාලයකදි ටෙස්ට් ක්‍රිඩාව යටපත් වෙලා යන එක වලක්වන්න බැ , ටෙස්ට් ක්‍රිකට් කියන්නේ දවස් 5 කන කාලකන්නි ක්‍රිඩාවක් , නවසිය බර ගණන්වල එංගලන්තෙ සුද්දන්ට නම් එහෙම නාස්ති කරන්න කාලෙ තිබුනා , දැනට යන්තම් ටෙස්ට් බලන්නේ එංගලන්තේ ඕසි වගේ රටවල මිනිස්සු තමයි , ඒ වුනත් ඒ රටවල එක්තර පිරිසක් විතරයි . බහුතරයගේ කැමැත්ත අලුත් ෆෝමැට් එකට . මහේල දවස් තිස්සේ 200ක් ගහනව බලාඉන්නවට වඩා ගේල් බෝල 40 ට අසූවක් ගහන හැටි , පීටර්සන් බෝල 60ට සීයක් ගහන හැටි බලන්න මම නම් කැමතියි

    ReplyDelete
  2. බුවාගේ සිතුවිලි - මචන් ක්‍රීඩකයන්ගේ මුලු ජවයම දෙන්නේ IPL වලට රට වෙනුවෙන් ක්‍රීඩාකරද්දි ඒ ජවය දෙනවද කියල එක ගෑටලුවක්,හොදම උදාහරනය මාලිංග,මෑතිවුස්.මේ ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයට ආවේ රටේ ක්‍රිකට් නිසා, නෑතුව IPL නිසා නෙමෙයි.20/20 මෑච් ගෑන මට ගෑටලුවක් නෑ ඒත් ක්‍රීඩකයන් දෙන් ක්‍රීඩා කරන්නේ IPL වෙනුවෙන් වගේ කියලා මට නම් හෙතෙන්නේ,

    ප.ලි - කොහොමත් ක්‍රිකට් බෝඩ් එකෙන් පඩෙ ගෙවන් නෑති කොට පාට් ටයිම් ජොබ් එකක් වත් හොයා ගන්න එපෑයි,ඒත් මේ විදියට ගියොත් පාට්ටයිම් ජොබ් එක ෆුල්ටයිම් වෙයි වගේ.

    ReplyDelete
  3. මට නම් හිතෙන්නේ මාලිංග සහ මැතිව්ස් ගෙ දක්ෂතා නියම විදිහට එලියට එන්නේ විස්සයි විස්ස තරඟවලදි කියලා , සමහර විට ඒ නිසා අයිපීල් වලට වැඩි තැනක් දෙනව කියල හිතෙනවා වෙන්න පුලුවන් . ඕක හරියටම බලත හැකි මේ පාර විස්සයි විස්ස ලෝක කුසලානෙදි . අයිපීල් වල නරක පැත්තක් තියන බව මාත් පිලිගන්නවා , නමුත් අර්ජුන ලොක්කා බනින්නේ මුලු විස්සයි විස්ස ෆෝමැට් එකටම අන්න ඒකටයි මම විරුද්ධ

    ReplyDelete
  4. buwa tho wage kalakanni innakan ape rata winasai. yako moka unath danaganna oni IPL yanne rata nisa kiyala. raten train wela IPL salli walata yata wela ratata hariyata play nokara IPL hariyata play karama harida. anika lankawe nawakayanta awasthawak IPL eken labila na example thama chandimaltawath eka match ekak wath labune na. lankawe kee denada IPL gahanne......

    ReplyDelete
  5. @සා - රටට හරියට සෙල්ලම් නොකර අයිපීල් ගහනවා නම් මම ඒක අනුමත කරන්නේ නෑ , හැබැයි එහෙම දෙයක් වෙනවාය කියල මට නම් පේන්න නෑ . මාලිංග ක්‍රිඩා විලාශය විස්සයි විස්ස තරඟවලට වැඩිය සාර්ථක වීම විතරයි ඔතන තියෙන්නේ .

    ReplyDelete
  6. අනේ අපිනං ක්‍රිකට් ගැන දන්නෙ නෑ.ඕක අධිරාජ්‍යවාදීංගෙ සෙල්ලමක්නෙව.අපි ඉතිං විමල් ඇමැතිතුමා කියපු එක අහලා ඔක්කොම ඒවා වර්ජනය කරලා නොවැ ඉන්නෙ.

    ReplyDelete
  7. දවසක ටෙස්ට් යටපත් වෙයි කිවුව කතාවටනම් මමත් එකගයි.. දැන් දැන් එක් දින තරගෙකත් මුල් ටික බලද්දි ටිකක් කම්මැලි වගෙයි..

    ReplyDelete
  8. කවුරු කැමති හෝ අකමැති උනත් වසරකට පවත්වන 20-20 තරග සංඛ්‍යාව එන්න එන්නම වැඩිවෙනව. මොකද මිනිස්සු කැමති එ්වට. ක්‍රීඩාව වෘත්තීය මට්ටමට පත්වෙනකොට ඔයවගේ දේවල් වෙනව. උදාහරණයක් විදියට එතරම් වැදගත් නොවන තරගාවලි වලදී තමන්ගෙ රටට ක්‍රීඩා නොකර ක්‍රීඩා සමාජ වෙනුවෙන් තරගකරන පාපන්දු ක්‍රීඩකයන් ඕන තරම් ඉන්නව. කවුරුහරි කැමතිනම් මුදල් වෙනුවෙන්ම ක්‍රීඩා කරන්න එයා ජාතික කණ්ඩායමෙන් ඉවත්වීම රටට කරන සේවයක්.

    ReplyDelete