Friday, December 30, 2011

|සෙමි ලක්සරි = නෝමල්| බස්|

නෝමල් හා සෙමි ලක්සරි අතර වෙනස මොක්ද්ද ඇත්තට,මට නම් ඔය දෙකේ වෙනසකට කියලා පේන්නේ සෙමියේ ගාන නෝමල් එකට වඩා වැඩි එකත් අර උඩ අලවලා තියන බෝඩ් ලෑල්ල නිල් පාටින් ගහලා තියන එකත්ය.හෑබෑට ඔය සෙමි ලක්සරි ගොන් මොලේ කාටද දන් නෑ පහල වුනේ,කොලඹ මාතර බස් වලින් 35-40% ක් විතර මේ සොමි ලක්සරි බස්,3-2 සීට් පේලි තියෙන්නේ ඒවායේ වාඩි වෙද්දි කකුල් දෙක ගලවලා පෑත්තකින් තියන්න ඕන,ඊටත් වඩා හොදම ආතල් එක හිටගෙන යන්න සෙට් වුනොත් ,ඩබල් ගෙවලා හිටගෙනත් පලයන්කෝ.


සෙමි ලක්සරි කියලා බස් සේවයක් දෑම්මට කමක් නෑ ඒක නියම ප්‍රමිතියට තියන්වනම්,අඩුම ගානේ ඔය සෙමි වලට මිනිස්සු නග්ග ගනිද්දි මේක සෙමියක් කියලා කියන්ව නම් මම දෑකලා නෑ,බස් එකට නැගලා ටිකට් ගනිද්දි තමයි කියන්නේ මේක සෙමි කියලා, වෑඩි මුදල් අය කරන්වා නම් ඒකට සරිලන සේවයක් තියෙන්න ඕන නමුත් සෙමි ලක්සරි කියන බස් වල කිසිම වෙනසක් නම් තාම මම දෑකලා නෑ,මට තියන එකම ගෑටලුව ඇයි මේවා ගෑන මිනිස්සුවත් කතා කරන් නෑත්තේ කියලා,අමාරුවෙන් හම්බ කරන මුදල් මේ ආකාරයෙන් බස් මුදලාලිලා සුරන් කන එකට කිසිම ප්‍රතිරොධයක් මිනිසුන්ගෙන් වත් එල්ල වෙන් නෑති එක ගෑනයි දුක.

8 comments:

  1. ඔය සෙමි ලක්සරි එව්වා නෝමල් එව්වාට වඩා අඩු හෝල්ට් ගානක නවත්තන්නේ අනිත් එක වේගෙන් යනවා. එහෙම නේද? මං දන්න හැටියටනම් එච්චරයි වෙනස... මම නම් වැඩිය ඕවයේ යැවෙන්නේ නෑ.

    ReplyDelete
  2. එහෙමට කියලා ලොකු වෙනසක් නම් මම දෑක්කේ නෑ,කොහොමත් දුර දුවන බස් වල ඔය ගුනාංග දෙකම තියනවා....

    ReplyDelete
  3. මම ඇතුලු පිරිසක් කෙලියා කොන්දට දවසක්... වැඩියෙන් සල්ලි ඉල්ලලා...

    ReplyDelete
  4. මටමම් ඔය දෙකේ වෙනසකට තියෙන්නෙ සෙමියෙ ගාන විතරයි...

    ReplyDelete
  5. පොඩි මෑන් - සිරාවට උවාම උපරිම මල තමයි.....


    Chiran - අනිවා බස් ගාස්තුවේ වෙනස විතරයි මටනම් පේන්න තියෙන්නේ.

    ReplyDelete
  6. මට නම ඕකේ කිසිම වෙනසක් පේන්නේ නෑ.. තියෙනවනම් වෙනසක් ඒ සාමාන්‍ය බස් වලින් මේ දෙක වෙනස්...

    ReplyDelete
  7. 'සෙමි' නෙමේ 'සෙම' ලක්ශරි වෙන්නැති, හෙහ්...හෙහ්...

    ReplyDelete
  8. සෙමියෙ ජනෙල් රෙදි දාල තියෙනවා නෝමල් එකේ නෑ.

    ReplyDelete