Thursday, December 15, 2011

නෑවුම් පලතුරු හා එලවලු ප්‍රවාහනයේ ඇති තාක්ශනික පසුබිම




ලවලු ප්‍රවාහනය ගෑන වර්තමානයේ වෑඩි කතාබහක ලක්වුයේ ආන්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අලුත් නීති පද්දතිය නිසා,මෙය හොද හෝ නරකයි කියලා අදහස් ප්‍රකාශ කිරීමක් මම මෙම ලිපියේදී බලාපොරොත්තු නොවෙමි,මෙහිදී මා බලාපොරොත්තු වන්නේ නෑවුම් පලතුරු හා එලවලු ප්‍රවාහනයේ ඇති තාක්ශනික පසුබිම පෑහෑදිලි කිරිමයි,එම කරුනු මනා අද්යනයකින් පසුව අපට වඩාත්ම සුදුසු එලවලු ප්‍රවාහන මාද්ය තෝරා ගත හෑකිවේ,
ප්‍රතමයෙන් අපි වෙලදපොලෙන් නෑතිනම් එලවලු ප්‍රවාහනය නෑමතික්‍රියාධාමයේ අවසාන පරතිපලය බලමු,
එනම් 1.භාන්ඩයේ මිල
          2.භාන්ඩයේ ගුනාත්මක බාවය.


එලවලු ප්‍රවාහනය කියන සාදකය පෑහෑදිලිවම ඉහත කරනා දෙකට සෑලකිය යුතු බලපෑමක් කරන බව පෑහෑදිලිය,සාමානය දක්ත අනුව දුරුවල එලවලු ප්‍රවාහනය නිසා 20%-40% අතර ප්‍රමානයක් අපතේ යන බව කියයි,මෙය බොහොදුරට දක්නට ඇත්තේ 
ලංකාව,අප්‍රිකාව,ඉන්දියාව වෑනි දියුනුවෙමින් පවතින රටවලය,මෙම රටවල බොහෝ විට පාවිච්චි කරනුයේ ව්වුර්ත (open truck) ප්‍රවාහන මාද්යයි,නමුත් දියුනු රටවල ඔවුන් පාවිච්චියට ගනු ලබන්නේ ශීතකරන සහිත ට්‍රක් රතයි,නමුත් දුප්පත් රටවල පතින ආර්තික මට්ටමත් එක්ක ඒවෑනි මිල අදික ප්‍රවාහන මාද්යක් බාවිතා කිරීම ප්‍රායේගික නොමෑත.
අප මෙහිදි යම් ක්‍රමයක් යෝජනා කිරීමේදී එය යම් යම් කරුනු මත ප්‍රදාන වශ්යෙන් රදාපවතී.
1.එලවලු හා පලතුරු වල අවසාන මිල හා තත්වය
2.ප්‍රවාහනයට බහුතරයක් බාවිතා කරන ක්‍රමය
3.පවතින වෙලදපොල හා ඒහා සම්බන්ද අය(ගොවීන් හා අතරමෑදි වෙළදුන්)
මෙවන් කරුනු ගෑන ප්‍රදාන වශයෙන් අපගේ අවදානය යොමු කලයුතුය.


ඊලග කාරනය මම මුලිනුත් සදහන් කලා වගේ නියමිත සුදුසු ප්‍රවාහන ක්‍රියාවලියක් සිදුවුන් නෑත්තන්(බෝග නෙලීමෙන් පසු වෙලදපොලට පෑමිනෙන තෙක්) බෝගවලින් 20-40 % අතර ප්‍රමානයක් අපතේ යෑමක් සිදුවිය හෑක,මෙම අපතේ යෑම නෑත්තන් එලවලු හෝ පලතුරු ප්‍රොයෝජනයට ගත නොහෑකි තත්වයට පත් වීමට සාදක කිහිපයක් බලපානවා
1.එලවලු ප්‍රවාහනයට නොසුදුසු මට්ටමේ පවතින ලොරි / ට්‍රක් රත පාවිච්චිය
2.ප්‍රමානයට වඩා (Overloading) එලවලු ලොරි රථවලට පෑටවීම.
3.එලවලු හෝ පලතරු ප්‍රවාහනයට නුසුදුසු රිය දහවනය
4.ලොරිය තුල එලවලු හෝ පලතුරු අසුරා ඇති අන්දම(එයට ආදාරක වශයෙන් යොදා ඇති ද්‍රවව්ය)
5. රලු මාර්ග භාවිතය
6.පරිසරයේ උනුසුම,හිරු රෑස් තිව්‍රතාවය,ප්‍රවාහනය කරන එලවලු වලට ලෑබෙන වාතස්‍රය
7.බෝග නෙලීමෙන් පසු වෙලද මද්යස්තාන වලට ලෑබීමේදී සිදුවන ප්‍රමාදය.

මෙවන් කරුනු විශාල ප්‍රමානයක් මෙම ක්‍රියාදාමයේදී අප විසින් සලකා බෑලිය යුතුය.


ඉහත කරුනු සලකා බෑලීමේදී එක කරුනක් ඉවත් කිරිමෙන් මෙම සිදුවන එලවලු අපතේ යෑම නවතා ගත නොහෑක,උදාහරනයක් ලෙස දෑනට යෝජිත කුඩ ක්‍රමය තුල ගෝනියක අසුරන එලවලු අඩුම ගානේ කුඩ දෙකක ඇසිරිය යුතුය නමුත් ගොවියා මෙම බාවිතා කරන කුඩ ප්‍රමානය අඩු කර ගෑනීමට කුඩයකට ප්‍රමානයට වඩා එලවලු පෑටෙව්වොත් මොකද වෙන්නේ????

අනික් ප්‍රදානම කරනා කිහිපය ලංකාව තුල අප සලකා බෑලිය යුතුය,එනම් පවතින වෙලදපොල හා ඒහා සම්බන්ද අයයි,යෝජිත ක්‍රමය ඔවුන් හට සුදුසු දෑයි කියා සොයා බෑලිය යුතුය,  මක් නිසාදයත් යෝජිත ක්‍රමය නිසා එලවලු අපතේ යෑමට වඩා වෑඩි පාඩුවක් සිදුවේ නම් කබලෙන් ලිපට වෑටෙන්නේ පාරිබෝගිකයායි,
උදාහරනයක් ලෙස කූඩ සදහා ලොකු විදමක් හා ප්‍රවාහන විදමක් දෑරීමට සිදුවීම.මේ හෙතුවෙන් එලවලු මිල වෑඩි නොවේ යෑයි සහතික විය හෑකිද,
අනික් කරනාව වෙලද පොලට එන එලවලු හා පලතුරු සියල්ල කුඩවලට පටවා ප්‍රවාහනය සුදුසු නොවේ,ඒ සදහා වෙන් වෙන් වු ක්‍රම පවතී.
අවසාන වශයෙන් මට සිතෙන දේ නම්,එලවලු ප්‍රවාහනයට සුදුසු ක්‍රමවේදයක් අප සකසා ගත යුතුයි,නමුත් එය සීතල කාඹර වල සිට කල නොහෑක්කකි.අවන්කවම මෙයට අවශ්යතාවයක් තිබේ නම් ගොවිපොලට ,වෙලදපොලට ගොස් ඒ ගෑන මනා අදයනයකින් පසු කලයුත්තකි.ගහෙන් ගෙඩී එන්න වගේ මේ වෑනි වෑඩ කිරීමෙන් නෑවතත් තෑලෙන්නේ පාරිබෝගිකයායි.





4 comments:

  1. ඉතාමත්ම වැදගත් තොරතුරු ලීවාට ස්තූතියි

    ReplyDelete
  2. සජීව - බොහෝ තෑන් වල මේ ගෑන කතා කරලා තිබුනට මෙහි තාක්ශනික පසුබිම ගෑන කිසිම සදහන් කිරිමක් කරල තිබුන් නෑ,ඒ හේතුව නිසයි ඇත්තටම මම මේ ලිපිය ලියන්න අදහස් කලේ.

    ReplyDelete
  3. සහතික ඇත්ත, සම්පූර්ණයෙන් එකඟයි ....

    ReplyDelete
  4. පන්සල් හංදිය - අපේ ගොඩක් අය ගොඩ ඉදන් තමයි පීනනේ,හරිම ලේසී,ඒත් ඇත්තටම පීනන්න ගියාම තමයි ප්‍රායෝගික ගෑටලු එන්නේ,එතන්දි බලදරයි පිලිතුරහිතව ගොලු වෙනවා,
    නියමිත ආකාරයෙන් මුල සිට අගට ප්‍රශ්නය ගෑන පරික්ශාවක් කොට මේ පිලිඹදව සිටින උගතුන් සම්බන්ද කරන් පිලියමක් සෙව්වානම් මීට වඩා ගොඩක් සාර්තක ක්‍රමයක් යෝජනා කරන්න හෑකියාවක් තිබුනා.

    ReplyDelete