මා ජීවත් වන්නේ මාරම රටකය,ඒ රට පට්ටම සිරාය,මට සිරාම යාලුවෙකුත් ඔය රටේ හිටියා කියමුකෝ මිනිහගේ නම සමන්,මිනිහයි මායි බොහොම හොද යාලුවෝ,ඔන්න ඉතින් අපි දෙන්න ඉස්කෝලේ යන ඒජ් එකට අවාම අපි දෙන්නම ගමේ තිබුනු ඉස්කෝලෙට ගියා,මිනිහා පට්ටම මීටරේ,ෆුල් ස්පෝටි ඩයල් එක මිනිහා කෙලින්ම මල්ටි මීටරයක්,මිනිහගේ මීටරේ කොහොමද කීවොත් මිනිහා හරිම අමාරුවෙන් තමයි 8 පාස් කර ගත්තේ,මම ඉතින් මෝඩයා මගේ මීටරේ ෆුල්ම ලොස් මට ඉතින් දිගටම ඉගනගන්න වුනා අරු මීටරේ නිසා ඌ ඉගනීම 8න් නෑවෑත්තුවා,
මිනිහා ඉතින් නිසි වයසට අවාම ඔය පට්ට මිටර් වලටම වෙන් වුනු සිරාම කොම්පෑනියක් තිබුනා ඒකේ නම ෆොල්ස් මිනිහා ඒකට ජොයින් වුනා,මම ඒත් ඉගන ගන්නවා,මම ඉතින් පට්ටම මෑට්ටේක් කියලා ඉස්කෝලෙන් පස්සේ කෑම්පස් කියලා ස්පොට් එකටත් යෑව්වා,මේ වෙද්දි අරු මගේ ෆ්රේන්තා මාසෙකට හොද ගානක් ගන්නවා අර කොම්පෑනියේ වෑඩ කරලා මිනිහ මීටරේ දෑන් සමාජෙත් මිනිහට පට්ටම තෑනක් තියෙන්නේ.
ඔන්න ඔය අතරේ අපිටත් උගන්නල වෑඩක් නෑ කියලා අර කෑම්පස් කියන කොලිජියෙනුත් අපිව ඒලියට දෑම්මා,යන්තන් චාටර් කාලා කාලා පොඩි ඉංජිනේරු ජොබක් සෙට් කර ගත්තා,වෑඩක් නෑ අපි උපන්ගෙයි මොඩයො නිසා අපිට ෆොලිස් වගේ කොම්පෑනි වලට යන්න බෑ,දෑන් බලන්න එපෑයි සමන්ගේ වෑඩ තට්ටු දෙකට පත ගෙයක් හදලා පිස්සු හෑදෙනවා ලගදි බදිනවා කියන්නේ,මිනිහට සමාජෙත් මාරම පිලි ගෑනීමක් තියෙන්නේ අනික කාටවත් බයත් නෑ නේ,මොනවද ඉතින් රජාවගේ ඉන්නේ....
මොනවා කරන්නද අපි ඉතින් උපන් ගෙයි මෝඩයොනේ.....අපිට කොහෙද පුසෝ මාලු කීවලු..!!!!!!!!!!!!!
එළකිරි....
ReplyDeleteහත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද...
අනික ඌ මක් කොරන්නද...
අම්මපල්ලා...මොනවා කියන්වද????
ReplyDeleteඅපි ඉතින් උපන් ගෙයි මෝඩයො නොවෑ......
නැට්ට කපල තිබුනත් තාම තුවාලෙ තියෙනවා
ReplyDeleteපොඩි මෑන් - මොනවා කියනවද ම්චන්,උබත් වෙලාවක් යමන් මේ ෆන් ආතලංකාවට...
ReplyDeleteමේ මොනවා කියනවද.. අපෙත් සා.පෙ ලියලා හැළුන අය දැන් ඔය හොදට ඉන්නේ.. ඉරිසියාවකට කිව්වා නෙමෙයි..
ReplyDeleteබලාගෙන ගියහම අසංකගේ කතාව අපි හැමෝගෙම කතාවනේ.
ReplyDeleteසමන්ලා දන්නවා අපි උපන් ගෙයි මෝඩයෝ කියල. ඒ විතරක් නෙවෙයි උන් දන්නවා අපි වගේ උපන් ගෙයි මෝඩයින්ට කතා කරන්න ඕන විදියත්.
ReplyDeleteඇයි අවේ ?
.................................
අතනින් වාඩිවෙලා ඉන්නවා කතාකරනකම් , මෙතන අපි වැඩක් පෙන්නේ නැද්ද?
..........
ආවනම් වැඩේ කියනවා , තැන් තැන් වල වාඩි වෙලා ඉන්නේ ....
මොනවා කරන්නද අපි ඉතින් උපන් ගෙයි මෝඩයොනේ.....
ඇත්තමයි..මටත් ඕකම හිතිලා තියෙනවා.
ReplyDeleteමොන මගුලකට 12 පන්තියකට යනකම් ගියාද..කියලා.
අඩුම ගානේ 8 දි වත් ජොබකට ගියා නම් ..මීට වඩා තැනක ඉන්න තිබුනා.
උඹලා ඒ මදිවට කැම්පස්නුත් ගිහින් නොවැ..හීක්..හික්.
Dinesh - මට ඇත්තටම මෙතන හුවා දක්වන්න ඕන වුනේ දෑනුමේන් අද්යාපනයෙන් අඩු කෙනෙකුට අසීමිත බලයක් ගියයින් පස්සේ එම බලය යොදා ගන්නා අකාරය,ඒත් එක හරියටම එලියට ඇවිත් නෑ කියලා මට දෑන් හිතෙනවා...
ReplyDeleteජයශ්‍රී - මොනවා කියනවද ශ්‍රී....ඔක වෙනස් වුන් නෑත්තන් අපේ ලමයින්ටත් ඕකම තමයි..
SAMEERA - පෑහෑදිලිවම සහෝ...මේවා ගෑන කල්පනා කරාම ඇත්තටම අපිට අපි ගෑනම දුක හිතෙනවා
- නිල් අහස - යකෝ කෑම්පස් යවන්නේ ඉස්කෝලේ උගන්නලා මොලේ පෑදුනු නෑති මෑටි හරක් ,එකනේ බන් අපිට ඒකටත් යන්න වුනේ,හෑබෑයි ඉතින් ෆොලීසියට යන්න තිබුනනම් හවසට නිකන් බාගයක් ගහල,කඩේකින් නිකන් හොද රයිස් එකකුත් දාගෙන ත්‍රී වීල් එකකින් සල්ලි නොදී ගෙදරටම යන්න තිබුනා....කොහොමද ඒ ආතල් එක...
ReplyDeleteඑයා ගාව වාසනාව. ඔයා(අපි) ගාව ඉරිසියාව.
ReplyDeleteනෑ නෑ මේක ඉරිසියාව නෙවෙයි.උගත් කමට අපේ රටේ ඇති තැන ගැන තියෙන කලකිරීම.
අන්න මිනිස්සු, උඹලට අපිට බැරිඋනානෙව ඌ වගේ හරි හමං මනුස්සයෙක් වෙන්න. කරුමේ කරුමේ......
ReplyDeleteමචන් මේකයි කතාව ඔය වැඩෙට උඹට මැට්ට කියලවත් අරූට වැඩ්ඩ කියල්වත් බැනල වැඩන් නැ.අපේ රටේ තියන සිස්ටම් එක හදපු උන්ගෙ ආදරනීය දෙමවුපියන්ට කිමුහුන් යන්න බනින්න ඔනේ
ReplyDeleteකතන්දරේ ඇත්ත පුළුවන් නම් මේකත් බලන්නකෝ..
ReplyDeleteසමීරගේ කතාව සහතික ඇත්ත .......
ReplyDeleteඅධ්‍යාපනයක් නැති උන් ඔය ජොබ් එකට ගියාම වැඩක් නැහැ කතා කරලා .......
මට කවදා හරි දෙයක් කරන්න පුලුවන් උනොත් මුලින්ම කරන්නෙ ඔය ෆොල්ස් කියන කම්පැණි එක වහලා දාන එක .......
ඔය ලන්කාවේ අධ්‍යාපන ක්රමයේ තියෙන දුර්වල කම බං.......
ReplyDeleteකට්ටිය මොකද හිතන්නේ ඔය කොම්පැනියට නායකත්ව පුහුණුවක් දෙන එක ගැන
ReplyDelete