Friday, June 17, 2011

පොලීසියට අපි බය විය යුතුද????

ඇත්තටම අපි පොලීසියට බය වෙන්නෙ ඔනද,නිති ගරුක මිනිසුන් පොලීසියට බය විය යුතුද??? 
මම නම් හිතන්නේ නෑ..නමුත් දෑන් තියන තත්වය අනුව නම් අනිවා බය වෙන්න ඔන්න,ඇත්තටම මේ වගේ ත්තවයට පොලීසිය පෑමිනියේ අපිම මිනිසුන්ගේ වෑරෑද්දෙන් කියලා මටනම් හිතෙන්නේ,අපි මේ කරුනු පිලිවලින් අරන් බලමු,
දෑනට පොලීසියේ සේවය කරන SI රෑන්ක් එකට අඩු අය ඉතාම අඩු අදයාපනයක් ඇති අය,ඉතින් ඔය දාගත්තු යුනිෆෝම් එකත් එක්ක ලෑබුනු බලය අනිසි ලෙස බාවිතා කිරීම ස්බාවිකයි,කාලයක් තිස්සේ පෑවතින හදිසි නීතිය නිසා තව තවත් මේ අය බලයෙන් සාන්ද්‍රනයවිය,දෑනුමේන් අදබාල වු බලයෙන් හිස උදුම්මා ගත් මේ අයට T56 වෑනි ආයුද දීමෙන් මෙය ත්තවත් බරපතල විය.

මා කලින් දමන ලද ලිපියේ කතා කරන්න උත්සහ කරේ ඇත්තටම පෑහෑදිලි නෑති නීතියක් ගෑනයි,තවදුරටත් කියනව නම් වේගයේන් පදවන වාහන නෑවෑත්වීමට යොදාගන්නා ක්‍රමයද එතරම් සාර්තක නෑත,මෙවන් පෑහෑදිලි නෑති නීති ගෙන ඒමෙන නීති ගරුක සාමානය සිවිල් ජනයා පෝලීසියේ අතවරයට ලක් වීමේ සම්භාවිතාව වෑඩිකරයි.

හයි ස්පීඩ් අල්ලන ක්‍රමයේ තියන වෑරෑදි කෙටියෙන් සදහන් කරොත්
 
1.පෙර වාහනය ලබා ගන්නා ලද වේග සටහන වෙන වාහනයකට පෙන්වා දඩ ගෑසීමට ඇති හෑකියාව.

2.වේගමානය පොලිසිය පාවිච්චි කරන ක්‍රමයේ ඇති වෑරෑද්ද,වේගමානය වාහනයට එල්ල කරද්දි අත ඉදිරියට ගෙන එන වේගයද යන්ත්‍රය තුල සටහන් වන වේගයට බලපෑම,නිවරදි ක්‍රමය නම් ට්‍රයි පොඩ් එකක ස්තාවරව යන්‍රය සවිකර ඉන් පසු මෙම වෙග සටහන් ලබා ගනීම,ඇත්තටම මේවගේ නීති නිසා පොලීසියෙන් සමානය ජනයාට විදින්න වන අතවරනම් එමටයි.

අනික් ප්‍රදානම කරනාව මිනිස්සු පොලීසියට බයවෙන්න අපි නීතිය ගෑන තියන අඩු දෑනුම,ඉතින් මිනිස්සු පොලීසියත් එක්ක කතා කරන්න බයයි,හදීසියෙවත් එහෙම කතා කරොත් උඹේ කට වැඩී කියල කුදලන් ගිහින් නෙලනවා,නමුත් හරියට ලෝපොයින්ට් දාලා කතා කරා නම් බොහෝ විට වෑඩේ දුර දිග ඇදෙන එක නවතිනවා.

අපේ කට වෑඩිද නෑද්ද යන්න තීරනය කිරීමට පොලීසියට ඇති අයිතිය කුමක්ද කියලත් ප්‍රශ්නයක් තියන්වා,පොලීසියේ ඇත්තම ජොබ් එක වන්නේ සාමාන්ය නීති ගරුක ජනයා ගේ ශරීරයේ අඩු වෑඩි තෑන් බෑලීම නොමෙයි,සාමානය නීතිගරුක සිවිල් ජනයාට ආරක්ශාව සෑපයීමයි,නමුත් බහුතරයක් පොලිස් නිලදරයන් ගෙන් ඇත්තටම ඔවුන්ගේ රාජකාරිය ඉටුවනවාද කියා ප්‍රශ්නයක් නම් තියන්වා.මොකද ඔවුන්ට පඩි ගෙවන්නෙත් අපේ බදු මුදල් වලින්  නිසා....

Wednesday, June 15, 2011

ලංකාවේ සිගරට් බොන්න පුලුවන් තෑන් මොනවද????

ආන්ඩුවෙන් ප්‍රසිද්ද ස්තාන වල දුම් බීම තහනම් කරා පුද්ගලිකව මම ඒකට කෑමති,නමුත් පොඩි අව්ලක් තියන්වා ඔය ප්‍රසිද්ද ස්තාන මොනවාද කියලා හරියට විස්තර කරලා නෑ,පොලීසිය එයාලට හිතුමතේ මිනිස්සුන්ව අතඩන්ගුවට ගන්නවා.සමහර වෙලාවට කඩේක පිටිපස්සේ කුස්සියට ගිහින් සිගරට් එකක් ගෑහුවත් ඒකත් වෑරදි.

මේ පිලිබදව හරියටම නීතිය දන්න කෙනේක් ඉන්නවානම් පොඩි දෑනුවත් කිරීමක් කරන්න.

Saturday, June 11, 2011

ජීවිතය පඩයකි ගියොත් ගියාමයි........................

ජීවිතය පඩයකි ගියොත් ගියාමයි,මේ කතාව මම කොහෙහරි බ්ලොග් එකක තමා දෑක්කේ,හරියටම තෑන මතක නම් නෑ,ඒත් කතාවනම් ඇත්තයි කියල මට හිතුනා මොකද වර්තමානයත් අතීතයත් අරන් බලද්දි අපි,අපේ ජීවිතය,අපේ බලාපොරොත්තු එකින් එක අරන් බලද්දි අපි යන්න ගියේ කොහෙද ඒත් දෑන් ඉන්නේ කොහෙද,ඔන්න ඕවා ගෑන හිත්ටද්දි,කොයි වෙලාවේ ඔය පඩය යයිද කියලා මට හිතෙනවා,

ඔකද අපි ගන්න පොඩි තීරනයකින් ජීවිටේ ගොඩක් ලොකු වෙනසක් වෙන්න පුලුවන්,මගේ ජීවිතේ ගෑන බෑලුවත් එහෙමයි,යන්න හිතන් හිටපු තෑනට වඩා ලොවෙත් වෙනස් තෑනක මම ඉන්නේ,මීට අවෘදු 2කට කලින් හිතන් හිටපු විදියට වෑඩ වුනා නම් මම දෑන් ලංකාවේ කොම්පෑනියක ජොබක් කරගෙන කසාද බෑදලා,සමහර විට දෑන් පොඩීකෙකුත් හුරතල් කරන්වා,ඒත් මේ අවෘදු 2ක තුල මගේ ජීවිතේ උඩු යටිකුරු වුනා ලංකාවේ ජීවත් වෙන්න හිතන් හිටපු මම දෑන් නෑවක ජොබ් එකක් කරන්න යන්වා,කසාද බදින්න හිතන් හිටපු මට කසාදයක් ගෑන දෑන් තුන් හිතකවත් නෑ,මම මගේ ආදරය නෑතිවුනු වෙලාවේ හිතුවේ මුලු ලොකෙම ඉවරයි කියලා ,ඒත් මට දෑන් හිතෙනවාඑහෙම නෙමෙයි කියලා,කොටින්ම කීවොත් මම එවෙලේ හිතුවේ ජීවිතය කියන පඩය ගියා කියලා,ඒත් දෑන් මට තේරෙනව ඒක වුනේ මගේම හොදට කියලා,පොඩි පොඩි තීරන වලින් අපේ ජීවිතේ ලොකු ලොකු වෙනස් කම් වෙනවා කියලා මම ලිවේ ඒකයි,
කොහොමින් කොහොමින් හරි දෑනට මම මෙතන නෑවතිලා ඉන්නවා ඒත් ඉදිරිය ගෑන් නම් පෑහෑදිලි චිත්‍රයක් නම් නෑ,මම දෑන් කොහොමත් ඉදිරිය ගෑන ලොකු ලොකු දේවල් හිතන්න යන් නෑ, මොකද ඕවා හිතේ තියන් ජීවත් වෙන්න ගියාම ජීවිතේ මාරම බරයි ,අද දවස ගෑන විතයි මම දෑන්නම් හිතන්නේ,කොහොමත් බොහොම ඉක්මනට ලංකාව,දෙමවුපියන් යාලුවන් හෑර දාමා පාවෙන ජීවිතයට යාමට සිදුවනු ඇත,
ඉතින් බලමු අපි ඉදිරිය කුමක් වේද කියා............................

Friday, June 10, 2011

වතුරටත් වඩා මුත්‍රා මිල ඉහල නගි................



බොන වතුර බෝතලයක මිල(500 මි.ලි) 30 රු,
එතකොට වතුර 100 මි.ලි මිල 6රු,
වරකට පුද්ගලයෙක් මුත්‍රා කිරිමේදී 100 මි.ලි මුත්‍රා කරයි නම්.....
පිටකොටුවේ මුත්‍රා 100 මි.ලි ක මිල 10 රු වනු ඇත
එතකොට මුත්‍රා ලීටරයක මිල 100 රු වන අතර වතුර ලීටරයක් 60රු වේ.........හිකිස්ය..

Monday, June 6, 2011

යනවනම් මෙන්න කොම්පෑනිය ෆොලිස්(Folice)



මා ජීවත් වන්නේ මාරම රටකය,ඒ රට පට්ටම සිරාය,මට සිරාම යාලුවෙකුත් ඔය රටේ හිටියා කියමුකෝ මිනිහගේ නම සමන්,මිනිහයි මායි බොහොම හොද යාලුවෝ,ඔන්න ඉතින් අපි දෙන්න ඉස්කෝලේ යන ඒජ් එකට අවාම අපි දෙන්නම ගමේ තිබුනු ඉස්කෝලෙට ගියා,මිනිහා පට්ටම මීටරේ,ෆුල් ස්පෝටි ඩයල් එක මිනිහා කෙලින්ම මල්ටි මීටරයක්,මිනිහගේ මීටරේ කොහොමද කීවොත් මිනිහා හරිම අමාරුවෙන් තමයි 8 පාස් කර ගත්තේ,මම ඉතින් මෝඩයා මගේ මීටරේ ෆුල්ම ලොස් මට ඉතින් දිගටම ඉගනගන්න වුනා අරු මීටරේ නිසා ඌ ඉගනීම 8න් නෑවෑත්තුවා,
මිනිහා ඉතින් නිසි වයසට අවාම ඔය පට්ට මිටර් වලටම වෙන් වුනු සිරාම කොම්පෑනියක් තිබුනා ඒකේ නම ෆොල්ස් මිනිහා ඒකට ජොයින් වුනා,මම ඒත් ඉගන ගන්නවා,මම ඉතින් පට්ටම මෑට්ටේක් කියලා ඉස්කෝලෙන් පස්සේ කෑම්පස් කියලා ස්පොට් එකටත් යෑව්වා,මේ වෙද්දි අරු මගේ ෆ්‍රේන්තා මාසෙකට හොද ගානක් ගන්නවා අර කොම්පෑනියේ වෑඩ කරලා මිනිහ මීටරේ දෑන් සමාජෙත් මිනිහට පට්ටම තෑනක් තියෙන්නේ.
ඔන්න ඔය අතරේ අපිටත් උගන්නල වෑඩක් නෑ කියලා අර කෑම්පස් කියන කොලිජියෙනුත් අපිව ඒලියට දෑම්මා,යන්තන් චාටර් කාලා කාලා පොඩි ඉංජිනේරු ජොබක් සෙට් කර ගත්තා,වෑඩක් නෑ අපි උපන්ගෙයි මොඩයො නිසා අපිට ෆොලිස් වගේ කොම්පෑනි වලට යන්න බෑ,දෑන් බලන්න එපෑයි  සමන්ගේ වෑඩ තට්ටු දෙකට පත ගෙයක් හදලා පිස්සු හෑදෙනවා ලගදි බදිනවා කියන්නේ,මිනිහට සමාජෙත් මාරම පිලි ගෑනීමක් තියෙන්නේ අනික කාටවත් බයත් නෑ නේ,මොනවද ඉතින් රජාවගේ ඉන්නේ....

මොනවා කරන්නද අපි ඉතින් උපන් ගෙයි මෝඩයොනේ.....අපිට කොහෙද පුසෝ මාලු කීවලු..!!!!!!!!!!!!!

නන්නත්තාර වු අපේ ජීවිත.............

ලියන්න නම් ගොඩක් දේවල් තියනවා ඔවා ලියුවොත් ඉත්න් අපිටත් ගොක්කොල තමයි,ඒ මෑ සති කීපයේ රටේ මේ වෙන දේවල් නම් තීරනාත්මකයි කියලා මට නම් හිතෙන්නේ,අපි ඇත්තටම පොඩි මිනිස්සු,දුක් මහන්සියෙන් ඉගන ගෙන ජීවිතේ ගෑට ගහගන්න හදන,හරි මම මේ කතා කරන්න හදනේ පුද්ගලික අන්සයේ විශ්‍රාම වෑටුප් කේස් එක ගෑන,මට නම් හිතේන්නේ ඇත්තටම ආන්ඩුවෙන් කරන්න හෑදුවේ පන්සලේ පින් කෑටේ කඩනවා වගේ මහ කෑත වෑඩක්,මොකදඇත්තටම පුද්ගලික අන්ශයේ ගොහෝ සේවකයන්ට රාජ්ය අන්ශයේ වගේ ගොඩක් පහසුකම් නෑ,අනික ඔය කියන තරම් මහා ලොකු පඩි ලෑබෙන්නෑත් නෑ,ඇත්තටම 55න් පස්සේ ඒ මිනිස්සුන්ට ඉතිරිවෙන්නේ ඔය EPF,ETF දෙක විතරයි,හුදේක් බලව්තුන්ගේ සුක විහරනයට දුප්පත් මනුස්සයාගේ බත් පත්තත් උදුරා ගන්න හදන එක ඇත්තටම මහ පව් කාර වෑඩක්,

මේ කාරනාව ගෑන ගොඩක් මේ දවස් වල කතා වෙනවා නේ කොහොමින් කොහොමින් හරි අපි හෑමොටම හොදක් වෙන දේයක් වෙනවා නම් හොදයි,මේ සිදුවීම ගෑන පොඩ්ඩක් පුලුල්ව බෑලුවොත් යම් ම්නිසුන්ගේ ඉවසීම පුපුරා ගිය අවස්තාවක් කියලා තමයි මට නම් හිතෙන්නේ,මොකද යුද්දය අවසන් වීමත් සමග ඇති වු පරිසරය තුල මිනිස්සු ගොඩක් ඉවසීමේ න් හිටියා කියලා තමයි මට නම් හිතෙන්නේ,මොකද ජීවන වියදම ඉහල ගිය ආකාරයට ඇත්තටම මිනිස්සුන්ට ගොඩක් අමාරු ත්තවයක් උද්ගත වී තිබුනත් ඒ සියල්ල ඉවසා දරා ගත්තා.නමුත් මෙවන් අසාදාරනයක් මිනිස්සුන්ට දරා ගෑනීමට හෑකියාවක් තිබුන් නෑ කියලයි මට නම් හිතේන්නේ,දෑන් ඉතින් වෙන්න ඕන දේවල් ගොඩක් වෙලා ඉවරයි, වටිනා ජීවිතයක් අපිට අවසානයේ අහිමි වුනා,
අවසාන වශයෙන් එකම එක දෙයක් මම කීමට කෑමෑත්තේමි.තමාට ඉහල නගින්න උපකාරිවු ඉනිමග විනාශ කර නොදමන්න,මක් නිසාද යත් බලදරන් දෑන් කිරීමට සෑරසෙන්නේ එය බෑවිනි.

Friday, June 3, 2011

ශ්‍රී ලංකාවේ සාමාන්ය ජනතාවට බල පවත්වන සිවිල් නීතිය අඩංගු පොතක් ????

පොඩි පහේ උදව්වක් මට ඕන වෙලා තියනවා දෑනට ලංකාව තුල බල පවත්වන සිවිල් නීතිය අඩංගු පොතක් සොයාගෑනීමට අවශය වෙලා තියනවා,ඇත්තටම මට සිවිල් නීතිය ගෑන පොඩ්ඩක් සොයන්න හිතුනේ ඔය කටුනායක කේස් එක දෑක්කාම,ඇත්තටම පොලීසියට එහෙම ගහන්න පුලුවන්ද,ඔන්න ඔය ප්‍රශ්නය තමයි මුලින්ම ඔලුවට ආවේ.අනික මානව හිමිකම්(ලංකාව තුල බල පවත්වන) රෙගුලාසි පිලිඹදව ලියවුනු පොතකුත් අවශය වෙලා තියනවා,මට නම් හිතෙන්නේ මේ යන විදියට සාමන්ය පෙල විශය නිර්දේශයට මේ සිවිල් නීතිය ඇතුල් කරානම් හොදයි.මොකද ඇත්තටම අපට නීතිය ගෑන තියන දෑනුම බොහොම අල්පයි මේ නිසා පොලීසියෙන් අපට විදින්න වන බලපෑම්ද වෑඩී,එයාල මොක කීවත් ඒක නීතිය මොකද අපි දන් නෑති නිසා,
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මේ ගෑන ,කොමෙන්ට් එකකින් පොත ලබා ගන්න පුලුවන් ආකාරය දෙන්න...